විල්ගෙ Shirt එක

RyanGate

Active member
  • Nov 22, 2014
    608
    208
    43
    wimal_12.jpg

    shirt.png


    පසුගිය සැප්තැම්බර් මාසෙ පැරණි හිරු කණ්ඩායමේ සගයෙකු වන කැළුම් කුමාර මොහොට්ටිගේ ‘හිමාලය පාමුල' කවි පොත එළිදැක්වෙන වෙලාවෙ ප්‍රධාන ආරාධිතයා වුනේ ගරු විමල් වීරවංශ ඇමතිතුමා. ඒ කාලෙ විමලසිරි ගම්ලත් නොහොත් විභූති. දශක දෙකක අවෑමෙන් ඒ හිටපු විමලසිරි ගම්ලත් අද විමල් වීරවංශ වෙලා. ගෞරවනීය කැබිනට් ඇමතිවරයෙක්.

    එදා කවිපොත එළිදැක්වෙන වෙලාවෙ දැනට ලංකාවෙ නැති මාධ්‍ය සගයෙක් දෙන්නෙක් හැරුණු කොට සුනිල් මාධව ප්‍රේමතිලක, ඩලස් අලහප්පෙරුම වගේ පැරණි සගයො සියළුම දෙනා උත්සවයට සහභාගි වෙලා හිටියා. ගරු විමල් වීරවංශ ඇමතිතුමා බොක්කටම වදින්න මාර කතාවක් කලා. ඇමතිතුමා අතීතය සිහිපත් කළා.

    ඇමතිතුමයි, කැළුම් කුමාරයි තවත් දැනට රටේ නැති මාධ්‍යවේදීන් දෙදෙනෙකුයි ඒ කාලෙ කොල්ලුපිටිය බෝඩිමක සහෝදරත්වයෙන් ජීවත් වෙච්ච හැටි ඇමතිතුමා මතක් කලේ හැඬුම්බර ස්වරූපයෙන්. ඒ බෝඩිමේ තිබිච්ච ෂර්ට් වලට අයිතිකාරයෙක් ඉදල නෑ. ඒවා පොදු දේපළ. හතරදෙනාට අයිති කමිස ඔවුන් ‘ගජේ ගැහැව්වා'. කැළුම් කුමාර මොහොට්ටිගේ අඩි හයක් විතර උස පුද්ගලයෙක් නිසා අනිත් තුන්දෙනාට කැළුම්ගෙ කලිසම් නම් අදින්ඩ බෑ. නමුත් ෂර්ට් වලට එහෙම ගැටළුවක් තිබුනෙ නෑ.

    මේ ටික සිහියට ආවෙ ගරු විමල් වීරවංශ ඇමතිතුමා පහුගිය නොවැම්බර් 27 වෙනිදා හිරු නාලිකාවේ 'බලය ' විවාද වැඩසටහනට ඇඳගෙන ඇවිත් තිබිච්ච ෂර්ට් එකක් දැකල. ඒ ෂර්ට් එකේ ජාතිය 'Burberry Brit' සාමාන්‍යයෙන් මේ ෂර්ට් එකේ ‘ඔන්ලයින් ෂොපින් මිල' ඇමරිකානු ඩොලර් 344ක්. ඒ කියන්නෙ ලංකාවෙ සල්ලිවලින් රුපියල් 45000කට වැඩියි. කොච්චර වුනත් අපිට විමල් ගැන හරි සන්තෝෂයි. අපිට නැති වුනාට විමල් හරි කාල ඇදල ඉන්නවනෙ. අපිත් රඹුකන සිද්ධාර්ථ හාමුදුරුවො ලියපු ‘අපිත් එක්ක එකට හිටපු අපේ ළමයි නේ - අද කාල බීල ඇදල කරල යහතින් ඉන්නේ- සතුටුවෙයල්ලා - ඉරිසියාව අතහැරපල්ලා' සිංදුව මතක් කර ගන්න පුළුවන්.

    ඒත් තව ටික දවසකින් විමල් ඇමතිතුමා රූපවාහිනියට ඇවිල්ලා කියයිද දන්නෑ ‘මං ඒකාලෙ කැළුම්ල භාෂිල එක්ක ගජේ ගහපු පුරුද්දට දැන් නාමල්ලා යෝෂිතලා රෝහිතලා එක්ක ජනාධිපතිතුමාගෙ හදාගත්ත ලොකුපුතා විදිහට අරලියගහ මන්දිරේ ඇදුම් ගජේ ගහනව. ඉතිං මං පරණ පුරුද්දට අරලියගහ මන්දිරේ කාමරේක තිබිච්ච එකක් එදා බලය වැඩසටහනට ඇදන් ආවා. බැලින්නම් ඒක අයිති අපේ රෝහිත මල්ලිට. රුපියල් හතලිස් පන්දාහක ෂර්ට් එක මොකක්ද? රෝහිත මල්ලියා දාන්නෙ රුපියල් එක්ලක්ෂ පනස් දාහක ‘‘ලුවි විටෝන්'' සපත්තු නෙ' කියල.

    අපිට ඉර හඳ වගේ ෂුවර් අපේ විමල් ඇමතිතුමා ‘ගජේ ගහන පුරුද්ද' තාම අත්ඇරල නෑ කියල. මිනිහ නියම සමාජවාදියෙක්. පොදු දේපල පරිහරණයට මාර කැමැත්තක් තියෙන්නෙ.