විල්පත්තුවට මොකද වෙන්නේ?
හරි මේක බලන ඔක්කොම දැන් දන්නවා ඇතිනේ විල්පත්තු විනාශය ගැන. කොච්චර අපි මේක ගැන කතාකරත් රටේ මේක ගැන හොයන්න, මේකට විසඳුමක් දෙන්න පුලුවන් මිනිස්සු සද්ද නැතුව ඉන්නවනේ. පරිසර ඇමති වෙලත් හිටං ඒක ගැන වචනයක් කතා කරන්නේ නෑනේ. ඇයි ඒ? අපි ඉඳලා හිටලා ෆේස්බුක් එකේ විල්පත්තුවේ පොටෝස් ශෙයා කරල රටේ මිනිස්සු දැනුවත් කරලා මේ විනාසය නතර කරන්න බැලුවා. ඒත් තාම ඒක එහෙමමයි.
මේ තියෙන්නේ මේ දැන් google maps වලින් ගත්ත පින්තූර දෙකක්. හොඳට බලන්න පාරවල් වලට කඩල තියන හැටි. මේව ඇතුලේ දැන් කුඩා ගම්මාන හැදිලා ඉවරයි. නියපොත්තෙන් කඩන්න තියන දේවල් පොරවෙන් කපන්න වෙලා තියෙන්නෙ. දැනටමත් ප්රමාද වැඩියි ඒත් දැන්වත් මොකක් හරි කරේ නැත්තම් මේක අපිට නැත්තටම නැතිවෙලා යනවා
මට නිකන් හිතුන දෙයක් තමයි අරගල කරන්නේ නැතුව මේ රටේ කිසි දෙයක් කරගන්න බෑ කියලා. ලොකු අරගල නෙවෙයි පොඩියට පටන් ගමු. අපි ෆේස්බුක් එකේ අනන්මනන් පල් හෑලි ශෙයා කරන එකේ ඒ ඔක්කොම නවත්තලා සතියක් දෙකක් එක දිගට මේ විල්පත්තුව ගැන පෝස්ට් පොටෝස් ශෙයා කරමු රටේ ලොකු උන්වත් ටැග් කරලා, සිංහලෙන් ඉංග්රීසියෙන් දෙකෙන්ම. අඩුමගානෙ පිටරටවල් වල ඔය පරිසර සංවිධාන මේ ගැන හොයල බලයිනෙ. profile pic එක මාරු කරමු. pray for France වලට අපේ රටේ අය පැල්බැඳගෙන මාරු කරේ, අන්න ඒ වගේ, ඇමතිලගේ , ජනාදිපතියගේ pages ඔක්කොම විල්පත්තුවේ විස්තර වලින් පොටෝස් වලින් වහමු. උන්ගේ ඇස් ඇරෙයිනේ එතකොටවත්
සති දෙකක් මේක කරල බලමු එකදිගට. එහෙම බැරි උනොත් අර කැම්පස් උන් වගේ පාරවල් වහගෙන හරි නටන්න බලමු.
අන්තිමට කියන්න තියෙන්නේ මේක අපේ රට අපි ඇස් කන් වහන් ඉඳල හරියන්නෙ නෑ. දේසපාලුවොන්ට මේක කන්න දීලා. ගොඩක් උන් ලැබෙන පලවෙනි අවස්තාවෙන්ම මේ රටෙන් චුත වෙලා යන්න නේ ඉන්නේ. මාත් එහෙමයි. ඒත් ඒ ආත්මාර්තකාමී සිතුවිල්ලෙන් මිදිලා මේ රටේ ඉපදෙන පොඩි උන්ට රටක් ඉතුරු කරන්න අපි වගබලාගමු.
ඔයාලගෙ අදහසුත් කියන්න. ඔය ෆේස්බුක් pages එහෙම කරන අය පොඩ්ඩක් මේක ගැන හිතන්න.
විල්පත්තුව ගැන තියන පොස්ට් , පොටෝස් වල links මේකෙ ශෙයා කරන්න. එතකොට මේකෙ අනිත් අයටත් පුලුවන් මේකට සක්රීයව සම්බන්ධ වෙන්න.
මට මේකට අදහස ආවේ Shawshank Redemption චිත්රපටියේ Andy පුස්තකාලෙට පොත් ගන්න සතිපතා ලියුම් ලියලා අන්තිමට කොහොමහරි අවුරුදු 6කට පස්සේ ඒක සාර්ථක වෙනවා දැකලා.
තවදෙයක් කවුරුහරි මේ වගේ දෙයක් කරනකොට මිනිස්සු කියන දෙයක් තමයි අනේ ඕව කරල වැඩක් නෑ කියලා. බලමු අපි උත්සහ කරලා. බැරිවෙන එකක් නෑ.
හරි මේක බලන ඔක්කොම දැන් දන්නවා ඇතිනේ විල්පත්තු විනාශය ගැන. කොච්චර අපි මේක ගැන කතාකරත් රටේ මේක ගැන හොයන්න, මේකට විසඳුමක් දෙන්න පුලුවන් මිනිස්සු සද්ද නැතුව ඉන්නවනේ. පරිසර ඇමති වෙලත් හිටං ඒක ගැන වචනයක් කතා කරන්නේ නෑනේ. ඇයි ඒ? අපි ඉඳලා හිටලා ෆේස්බුක් එකේ විල්පත්තුවේ පොටෝස් ශෙයා කරල රටේ මිනිස්සු දැනුවත් කරලා මේ විනාසය නතර කරන්න බැලුවා. ඒත් තාම ඒක එහෙමමයි.
මේ තියෙන්නේ මේ දැන් google maps වලින් ගත්ත පින්තූර දෙකක්. හොඳට බලන්න පාරවල් වලට කඩල තියන හැටි. මේව ඇතුලේ දැන් කුඩා ගම්මාන හැදිලා ඉවරයි. නියපොත්තෙන් කඩන්න තියන දේවල් පොරවෙන් කපන්න වෙලා තියෙන්නෙ. දැනටමත් ප්රමාද වැඩියි ඒත් දැන්වත් මොකක් හරි කරේ නැත්තම් මේක අපිට නැත්තටම නැතිවෙලා යනවා
මට නිකන් හිතුන දෙයක් තමයි අරගල කරන්නේ නැතුව මේ රටේ කිසි දෙයක් කරගන්න බෑ කියලා. ලොකු අරගල නෙවෙයි පොඩියට පටන් ගමු. අපි ෆේස්බුක් එකේ අනන්මනන් පල් හෑලි ශෙයා කරන එකේ ඒ ඔක්කොම නවත්තලා සතියක් දෙකක් එක දිගට මේ විල්පත්තුව ගැන පෝස්ට් පොටෝස් ශෙයා කරමු රටේ ලොකු උන්වත් ටැග් කරලා, සිංහලෙන් ඉංග්රීසියෙන් දෙකෙන්ම. අඩුමගානෙ පිටරටවල් වල ඔය පරිසර සංවිධාන මේ ගැන හොයල බලයිනෙ. profile pic එක මාරු කරමු. pray for France වලට අපේ රටේ අය පැල්බැඳගෙන මාරු කරේ, අන්න ඒ වගේ, ඇමතිලගේ , ජනාදිපතියගේ pages ඔක්කොම විල්පත්තුවේ විස්තර වලින් පොටෝස් වලින් වහමු. උන්ගේ ඇස් ඇරෙයිනේ එතකොටවත්

සති දෙකක් මේක කරල බලමු එකදිගට. එහෙම බැරි උනොත් අර කැම්පස් උන් වගේ පාරවල් වහගෙන හරි නටන්න බලමු.
අන්තිමට කියන්න තියෙන්නේ මේක අපේ රට අපි ඇස් කන් වහන් ඉඳල හරියන්නෙ නෑ. දේසපාලුවොන්ට මේක කන්න දීලා. ගොඩක් උන් ලැබෙන පලවෙනි අවස්තාවෙන්ම මේ රටෙන් චුත වෙලා යන්න නේ ඉන්නේ. මාත් එහෙමයි. ඒත් ඒ ආත්මාර්තකාමී සිතුවිල්ලෙන් මිදිලා මේ රටේ ඉපදෙන පොඩි උන්ට රටක් ඉතුරු කරන්න අපි වගබලාගමු. ඔයාලගෙ අදහසුත් කියන්න. ඔය ෆේස්බුක් pages එහෙම කරන අය පොඩ්ඩක් මේක ගැන හිතන්න.
විල්පත්තුව ගැන තියන පොස්ට් , පොටෝස් වල links මේකෙ ශෙයා කරන්න. එතකොට මේකෙ අනිත් අයටත් පුලුවන් මේකට සක්රීයව සම්බන්ධ වෙන්න. මට මේකට අදහස ආවේ Shawshank Redemption චිත්රපටියේ Andy පුස්තකාලෙට පොත් ගන්න සතිපතා ලියුම් ලියලා අන්තිමට කොහොමහරි අවුරුදු 6කට පස්සේ ඒක සාර්ථක වෙනවා දැකලා.