විල්පත්තුව රක්ෂිත වනාන්තරය විනාශ කිරීමට අදාලව පරිසරවේදීන් පවරනු ලැබූ නඩුව ඔක්තෝබර් 31 වැනිදා කැඳවුණු අවස්ථාවේදී රජයේ නීතිඥයන් අපූරු යෝජනාවක් කළා. ඔවුන් කීවේ දැනට විල්පත්තුව ආශ්‍රිතව රක්ෂිත නම් කර ඇති ගැසට් සියල්ල අවලංගු කරලා, කැළෑව කපපු ප්‍රදේශයි - ඉස්සරහට කපන්න ඉන්න ප්‍රදේශයි ඉවත් කරලා ඉතුරු ටික විතරක් රක්ෂිත කියලා අළුතින් ගැසට් කරමු කියලා. එතකොට කපපු ඒවා නීතියට අනුව රක්ෂිත නෙවෙයි වෙනවා. මේ කැකිල්ලේ පන්නයේ උත්තරය ඊයේ (නොවැම්බර් 25) අභියාචනාධිකරණය මගින් ස්ථිර කරලා. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වැනි රජයේ ආයතන, රජයේ නීතිඥයන්, අධිකරණය සහ දේශපාලන තන්ත්‍රය පරිසරයට අදාලව ක්‍රියාත්මක වන ප්‍රතිපත්තිය මේකයි. ජාතිවාදය වපුරන්න එදා විල්පත්තුව අල්ලගෙන උඩ පැනපු කවුරුත් රජයේ මේ පිළිවෙත ගැන කතා නෑ. විල්පත්තුව රැක ගැනීමේ ක්‍රියාකාරීත්වය සැබෑ පරිසර ආරක්ෂකයන් වෙන් කර හඳුනා ගන්න ලිට්මස් පරීක්ෂාව වෙයි.
ඇමරිකං සිංහයාට ඡන්දේ දුන්න ජහමනයා පව් නේහ්! ජහ්! ජහ්!


ඇමරිකං සිංහයාට ඡන්දේ දුන්න ජහමනයා පව් නේහ්! ජහ්! ජහ්!



