විල්පත්තු විනාශය
විල්පත්තු විනාශය ගැන ආයෙත් හැමෝම කතා කරන නිසා මේ ගැන ලියන්න හිතුනා, විල්පත්තුව කියන්නෙ ශ්‍රී ලංකාවේ දැනට තිබෙන විශාලතම ජාතික වනෝද්‍යානයයි, මෙහි අති දුර්ලබ සතුන් මෙන්ම ශ්‍රී ලංකාවට ආවේණික සතුන් බහුල ලෙස වාසය කරනව. ඉතින් අද කියන්නෙ සතුන් ගැන නෙවෙයි මේ වනෝද්‍යාන මායිම් වලට ආසන්නව දැවැන්ත ලෙස කරගෙන යන වන විනාශයන් ගැනයි.
විල්පත්තු වනෝද්‍යානයේ හෝ එහි ආරක්ෂිත කලාපයේ කිසිඳු අනවසර ඉදිකිරීමක් මේ දක්වා නොමැති බව ඉතා විශ්වාසයෙන් මුලින්ම කියවීමට කැමතිය, එහෙත් මෙම වනෝද්‍යාන මායිම් වලට ආසන්නව තිබෙන වනාන්තර වල විශාල ලෙසින් වනාන්තර එලි කිරීම සහ ගෙවල් සෑදීම, කර්මාන්ත සෑදීම ආදී ව්‍යාපෘති ජයටම කෙරීගෙන යයි. මුලින් අදාල බළධාරීන් මේ සඳහා දුන් පිළිතුර වන්නේ කොටි ත්‍රස්ථවාදීන් මෙම විල්පත්තුවට පිවිසීමත් සමග එහි පිට වී ගිය පාරම්පරිකව ජීවත් වූ මිනිසුන් සිටි තැන් වලම ඔවුන්ට යලි නිවාස සාදන බවයි. එහෙත් මා සොයාගත් තොරතුරු අනුව විශාල පවුල් ප්‍රමාණයක් මේ තුළ ජීවත්ව නොමැත. එම ජීවත් වූ පවුල් වලට ගෙවල් සෑදීමේ මුවාවෙන් මොවුන් දැවැන්ත ලෙස පරිසර විනාසය සිදු කරමින් යයි. ගූගල් ආයතනයේ සිතියම් වලට අනුව දකින ඔබටම මෙම විනාශයේ විශාලත්වය තේරුම්ගත හැක.
ශ්‍රී ලංකාවට ආවේණික සතුන් මෙන්ම ඉතා දුර්ලබ ගණයේ සතුන් වනෝද්‍යාන මායිමේ පමණක් වාසය නොකරයි, මෙම ඉදිකිරීම් සහ විනාශයන් සිදු වෙන ප්‍රදේශ තුළත් වටිනා සතුන් වාසය කරන බව ඉතා පැහැදිලිව වගකීමෙන් කිව හැක. මක් නිසාද මා වනෝද්‍යාන මායිමෙන් එපිට වනාන්තර තුළ ඇවිදපු අවස්ථා තුළ ශ්‍රී ලංකාවට අවේණික ශ්‍රී ලංකා කොටියා පවා දැක ඇත.
2016 දෙසැම්බර් මස 30 දින අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පරිසර අමාත්‍යාංශයට අයත් ආයතන ප්‍රධානීන් හමු වේ පැවසුවේ "විල්පත්තුව අභය භූමියට අයත් වන ප්‍රදේශය තදුරටත් පුළුල් කරමින් දැනට වනජීවී දෙපාර්තමේන්තුවට අයත් නොවන ඒ ආශ්‍රිත සියලුම වන බිම්ද ඇතුලත් වන පරිදි වනජීවී කලාපයක් ප්‍රකාශයට පත්කර ගැසට් මගින් ප්‍රසිද්ධ කරන ලෙස අදාළ අංශවලට උපදෙස් දුන්න බවය" උ.ගැ - අද දෙරණ goo.gl/ZfFFbF
ජනාධිපතිවරයා එසේ පැවසීමෙන් පසු මේ වන විනාශය වැළැක්වීම සඳහා මහන්සි වූ සියලු දෙනා සැනසුම් සුසුම් හෙලුවේ යලිත් මෙම විනාශය සිදු වන්නේ නැත යන්න සිතාය. එහෙත් වසර දෙකක් ගත වීමට පෙර යලිත් වන විනාශය දැක්මට ලැබීම කණගාටුවට කරුණකි. ජනාධිපතිතුමා මා දන්නා පරිදි පරිසරයට ඉතා ඇලුම් කරන පුද්ගලයෙක්ය, මෙය ඔහුගේ අනුදැනුම මත සිදු වනවාද නැද්ද කියා මා නොදනී.
කෙසේ වෙතත් අප පිරිසිදු හුස්ම පොදක් ගන්නේ මෙම වනාන්තර වලට පිං සිද්ද වන්නය, රටේ තැනින් තැන වෙන වන විනාශ දිගින් දිගටම සිදු වූවහොත් අනාගත පරපුරට හිමි වන්නේ ඉතා දුක්මුසු ඉරණමකි. එමෙන්ම ජෛව විවිධත්වයටද විශාල ලෙසින් හානි වෙයි.
සතුන්ට අයිති භූමී තුළ ඉදිකිරීම් කර සතුන් ඔවුන්ගේ පුරුදු වාසස්ථාන වලට පැමිණීමෙන් පසු මේ නොමිනිසුන් ඔවුන්වද විනාශ කර දමයි.
ගරු ජනාධිපතිතුමනි ඔබ 2016.12.30 දින දුන් පොරොන්දුව අදාළ බළධාරීන් නිසි පරිදි ක්‍රියාත්මක නොකරයි. මෙය තව දුරටත් වර්ධනය වීමට පෙර ඔබගේ අවධානය යොමු කර මේ විනාශය වැලැක්වීම සඳහා පියවර ගන්න, එයින් අපට අනාගත පරපුර කරන ශාපයෙන් හෝ වැළකිය හැක.
සටහන - තිළිණ කළුතොටගේ (Thilina Kaluthotage)

...අපිට පුළුවන් දෙයක් කරමු බන් මේකට
...පුළුවන් තරම් මේකට මොකක්ම හරි කරන හැම එකාටම පුළුවන් විදිහට සප් එක දුන්න මචෝ
...