විලිලැජ්ජාවෙ_බෑ!
අද ඔෆිස් එකේ වෙන වැඩක් කරන ගමන් ලංකාව ගැන තිබුන ඩොක්යුමන්ට් එකක් හම්බුන නිසා කියවල බැලුවා. ඒකෙ තියෙන්නෙ මම ඉන්න රටේ ගවන්මන්ට් එකෙන් ලංකාවට යන අයට දීපු උපදෙස් මාලාවක්. මට හිතුනා ෆෝරම් එකේ යාලුවොන්ට කියන්න එයාල ලංකාව ගැන හිතාගන ඉන්නෙ කොහොමද කියල. මම මේකේ දාන්නෙ අපිට හිතරිදෙන විදිහට තිබුන රිනාත්මක දේවල් විතරයි කියලත් මතක තියාගන්න.
සාමාන්‍ය වශයෙන් ප්‍රශ්නයක් නැතුව ලංකාවට ගිහින් එන්න පුළුවන් රටක් උනාට ලිංගික අඩන්තේට්ටම් වලට ලක්වීමේ ඉහල සම්භාවිතාවක් ඇත. පොඩි දරුවන් කියා විශේෂයක් නැත. පොදු ස්ථාන වලදි ඔබ අකමැති උවද ඔබට ජැක් ගැසීමට ඉඩ ඇත (මේක ලියන්න තේරෙන්නෙ නෑ). රෙස්ටුරන්ට් වලදි බීමේදී ස්ත්‍රී පාර්ශවය තමන්ගේ බීම වීදුරුවට අන් අය මත්ද්‍රවය හෝ වැඩිපුර ඇල්කොහොල් මිශ්‍ර කිරීමට ඉඩ ඇති බව වටහා ගන්න. දකුණු ප්‍රදේශයේ දාමරිකයන්ගෙන් පරිස්සම් වන්න. ගැණු අය තනියෙන් යාම ගැන දෙපාරක් සිතිය යුතු අතර වටිනා දේ ඔබ සමග ගෙනියාමෙන් වලකින්න. තරුණියන් කකුල් වැසෙන සේ ඇඳුම් ඇදීමෙන් අනවශ්‍ය ප්‍රශ්න වලක්වා ගත හැක.
මාර්ග අනතුරු බහුල රටක් වන අතර මාර්ග නීති පිළිපැදීම අවම වේ .
මුහුදේ නෑමෙන් පරිස්සම් වීම නුවනට හුරු වන්නේ රට වටා ඇති දියවැල් නිසාය.
ක්‍රෙඩිට් කාඩ් වංචා වලින් පරිස්සම් වීමට මතක තබා ගන්න. ප්‍රධාන බැංකු ශාඛා වල ඇති ATM මැෂින් පමණක් භාවිතය සුදුසු වේ. පුළුවන් හැම අවස්ථාවේම මුදල් පාවිච්චි කරන්න. ඔබට නොපෙනෙන තැනකට කාඩ් එක ගෙන යාමට ඉඩ නොදෙන්න. ඔබගේ වටිනා දේ සහ පාස්පෝට් එක හෝටලයේ දමා නොයන්න.
ආයුධ සන්නද්ධ කල්ලි රට පුරා මංකොල්ල කන අතර පැහැරගැනීම්ද සිදු කරයි. කෙසේ උවත් අප පුරවැසියන් ඉලක්ක කර පැහැරගැනීම් සිදු කරන ආකාරයක් පෙනීමට නැත.
ඩෙංගු උන වැළදීමේ ඉහල ප්‍රවනතාවයක් ඇත.
මිලිටරි ඒරියා සහ හයි සේක්යුරිටි සෝන් මගහැරිය යුතුය.
ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ ඔබව දින නියමයක් නැතුව රිමාන්ඩ් බන්ධනාගාර ගත කල හැක.
දේශපාලන රැලි ඇති ප්‍රදේශ පුළුවන් තරම් මග හැරිය යුතුය. දේශපාලකයින් තමන්ගේ සුඛ විහරණය උදෙසා මිනිසුන්ට බටහිර විරෝධී ආකල්ප අතුල කරන බවක් පෙනෙන්නට ඇත.
බුද්ධ ප්‍රතිමා වලට අගවුරව වන ආකාරයට පින්තූර ගැනීමෙන් වලකින්න. බුදුහාමුදුරුවන්ගේ ටැටූ ඇත්නම් එය වසාගන සිටීම නුවනට හුරු වේ.
හෙළුවෙන් නෑම හෝ අව්ව තැපීම ලාංකිකයන් ඉවසන්නෙ නැත.
මෙහෙම තිබුනම කෙනෙක් අපේ රටට ඒවිද??
මගේ කලින් ත්‍රෙඩ් එකකට ලංකාවේ සහෝදරයෝ කීප දෙනෙක් රෙප් කපල තිබුන. මහන්සිවෙලා ටයිප් කරපු එකටවත් රෙප් පාරක් දීගන යන්න.

jk