විවාහය සහ කාමය

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    විවාහය සහ කාමය

    couple-sleeping-in-bed.jpg

    විවාහකයන්, අවිවාහකයන් සහ කාමජීවිතය පිළිබඳ ව මෙම ලිපියෙන් සාකච්ඡා කෙරේ.
    ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම්

    “විවාහ වීමට වඩා විවාහ නොවී සිටීම නිදහසත්, භාග්‍ය සම්පන්න භාවයත් රැකගැනීමට ඉවහල් නොවන්නේ ද?”

    ළඟදී මෙම ප්‍රශ්නය පිළිබඳ ව කැරුණු ගුවන්විදුලි සාකච්ඡාවකට සහභාගී වීමට මට ඉඩ ලැබිණ. මෙවැනි ගැඹුරු කරුණක් ගැන විනාඩි කිහිපයකදී සතුටුදායක සාකච්ඡාවක් කිරීමට කිසිවකුට පුළුවන්කමක් නැත. එහෙත් මෙම ප්‍රශ්නය නිරාකරණය කරගැනීමට සිත වෙහෙසවන තරුණතරුණියන් සැලකිය යුතු සංඛ්‍යාවක් මෙරට සිටින බැව් අපට නිතර ලැබෙන ලියුම්වලින් පෙනෙන්නට තිබේ. එහෙයින් මේ ගැන විමසීමක් මෙවැනි ලිපියකින් ද කිරීම උචිත යැයි කල්පනා කළෙමි.

    කාමයෙහි යෙදීම සෑම සත්ත්වයකුට ම අයත් ස්වාභාවික ක්‍රියාවක් ය යනු මනුෂ්‍යයා අතර පවත්නා සාමාන්‍ය පිළිගැනීම ය. ඒ පිළිගැනීම කොතරම් දුරට වැරදි ද, කොතරම් දුරට නිවැරදි දැ යි තර්ක කිරීම මෙහිදී අපේ අදහස නො වේ.

    විවාහ වීම වනාහි කාමයෙහි යෙදීමට ඉඩ කඩ චාරිත්‍රානුකූල ව හෝ නීත්‍යනුකූල ව හෝ කරගන්නා ගිවිසුම ය. එම ගිවිසුම ඇති කරගැනීම වුවමනා වන්නේ නම්බුකාර පුරවැසියකු වශයෙන් සමාජයෙහි ජීවත් වීමට ද දේපළ සහ පුද්ගලයන් පිළිබඳ අයිතිය ආරක්ෂා කරගැනීමට ද වේ. විවාහ වී සිටීම හෝ නොසිටීම හෝ කෙනකුගේ චරිතය විදහා පාන සහතිකය නො වේ.

    ඉහත සඳහන් ප්‍රශ්නයෙහි ‘විවාහ වීම’ යනුවෙන් ප්‍රශ්නකරු විසින් අදහස් කරන ලද්දේ චාරිත්‍රානුකූලව හෝ නීත්‍යනුකූලව හෝ ගිවිසුමකට පත් වීම පමණක් නොව, ඊට වඩා පුළුල් දෙයක් යැ යි ද කවර අන්දමකින් හෝ පුරුෂයකු ස්ත්‍රියක පාවාගැනීමත් සත්‍රියක පුරුෂයකු සමඟ වාසයට යෑමත් යැ යි ද සිතේ. ඒ කවර විධියක හෝ විවාහකට පත් වීමට ලොකු කුඩා හේතු රැසක් තිබිය හැකි වුව ද, කාමයෙහි යෙදීමට ඇති කැමැත්ත අනිවාර්ය හේතුවක් වශයෙන් සැලකීමට පුළුවන.

    එහෙයින් “විවාහ වීමට වඩා විවාහ නොවී සිටීම නිදහසත් භාග්‍ය සම්පන්න භාවයත් රැකගැනීමට ඉවහල් නොනවන්නේ ද?” යන ප්‍රශ්නය “කාමයෙහි යෙදීමට වඩා කාමයෙහි නොයෙදී සිටීම නිදහසත් භාග්‍ය සම්පන්න භාවයත් රැකගැනීමට ඉවහල් නොවන්නේ ද?” යන්නට සංශෝධනය කරගැනීම යුක්ති සහගත වන්නේ ය. නිදහස සහ භාග්‍ය සම්පන්න භාවය යැ යි ප්‍රශ්නයෙහි කොටස් දෙකක් ගැනෙතත්, පහසුවෙන් විමසා බැලීම සඳහා ද නිදහස රැකුණොත් භාග්‍ය සම්පන්න භාවයත් ඒ අනුව රැකෙන හෙයින් ද ප්‍රශ්නයෙහි මුල් කොටස, එනම්: “කාමයෙහි යෙදීමට වඩා කාමයෙහි නොයෙදී සිටීම නිදහස රැකගැනීමට ඉවහල් නොවන්නේ ද?” යන්න පමණක් මෙහිදී සාකච්ඡාවට ගනිමු.

    මෙසේ ප්‍රශ්නය සරල කරගත් විට පිළිතුර ද පැහැදිලි වන්නාක් මෙන් පෙනෙයි. එහෙත් මෙහිදී ප්‍රශ්නය දෙස බැලිය යුතු අංශ කිහිපයක් වන්නේ ය. එයින් සමහරක් පහසුවෙන් පෙනෙයි. සමහරක් ඉතා සියුම් ය. ප්‍රකට නිදර්ශන කිහිපයකින් පටන්ගනිමු.

    නීත්‍යනුකූලව විවාහ වූ කෙනකු අධික කාමුකයකු වේ නම්, ඔහු නීත්‍යනුකූලව ලබත හැකි කාමයෙන් සහනයට පත් නොවී, පිටතදී ද දුරාචාරයෙහි යෙදෙයි. ඔහු නිතර ම සිටින්නේ අසහනයෙන් ය. එවැන්නකු සම්බන්ධයෙන් නිදහස ගැන කථා කිරීම පවා නිෂ්ඵල ය. ඔහු ඇතුළතින් ද පිටතින් ද දැඩි ලෙස බැමිවලට අසු වී සිටින්නකු බැවිනි.

    තව කෙනෙක් නීත්‍යනුකූලව විවාහ වී නැත. ඔහුට අනියම් භාර්යාවක් සිටී; එසේ නැත් නම් ඔහු තැනින් තැන දුරාචාරයෙහි යෙදෙමින් සිටියි; එසේත් නැත් නම් අස්වාභාවික යැ යි ලෝකයා විසින් සම්මත කර ඇති විවිධ කාම සේවනයන්හි නිරත ව සිටියි. කාමයට වහල් ව සිටින ඔහුගේ ද නිදහස ගැන කීම අනවශ්‍ය ය. ඔහුට ඇත්තේ බාන කඩාගත් හරකකුට ඇති නිදහස ය.

    විවාහයට පත් වන ඇතැමෙක් ඒ විවාහය ඇතුළත ම අධික කාම සේවනය සොයති. ඔවුන්ගේ ඒ හැසිරීම නීත්‍යනුකූල ය; සමාජ සම්මත ය. එහෙත් ඔවුහු ගෘහ සල්ලාලයෝ ය; හෙවත් සිය නිවෙසට සීමා වූ සලෙළුවෝ ය. වර්තමාන ලෝකයෙහි අධික ජනගහනය සහ එයින් හටගන්නා අප්‍රමාණ සංඛ්‍යාවක් ප්‍රශ්න ඇති වී තිබෙන්නේත්, නොයෙකුත් උත්පත්ති පාලන විධි සහ එයින් හටගන්නා අධ්‍යාත්මනාශක ප්‍රතිඵල ඇති වන්නේත් මේ ගෘහ සල්ලාලයින් නිසා ය. ඔවුන් සිටින්නේ නිතර කම්සැප සොයමින් ය; ලත් සැප නැති වෙති යන බියෙන් ය; දරුවන් ඇති වීමෙන් ඇති විය හැකි වගකීම්වලින් බේරෙන මං සොයමින් ය. එහෙයින් ගෘහ සල්ලාලයාට ද රැකගත යුතු නිදහසක් නැත. ඔහුට තිබෙන්නේ කණුවෙහි බැදී ගොනාට ඇති නිදහස ය.

    කාමසේවනය ස්වභාවධර්මයට අනුකූල ක්‍රියාවක් වන්නේ ප්‍රජනනය සඳහා පමණක් එම ක්‍රියාව කැරෙනවා නම් ය. විවාහ වී හෝ නොවී හෝ, විවාහය ඇතුළත හෝ පිටත හෝ, සමලිංගිකයන් අතර හෝ අසමලිංගිකයන් අතර හෝ කැරෙන අන් සෑම කාම සේවනයක් ම ස්වභාවධර්මයෙන් බලාපොරොත්තු නොවන අස්වාභාවික කාමසේවනයකි. එහෙයින් ඒ සෑම එකක ම ඇත්තේ ප්‍රතිරූපක නිදහසක් මිස, හොර කාසියක ඇති පෙනුම වැන්නක් මිස, ස්වාභාවික නිදහසක් නො වේ.

    දරුවකු පතමින් කැරෙන කාම සේවනය ස්වභාවධර්මයට අනුකූල වුණ ද එහි පවා නිදහසක් ඇත්තේ ද?

    ස්ත්‍රියක හෝ පුරුෂයකු හෝ දරුවකු බලාපොරොත්තු වන්නේ කවර හේතුවක් නිසා ද? කොතරම් ලස්සන වචනවලින් වැසීමට උත්සාහ කළත් එහි මූල පරමාර්ථය තමාගේ තනි බව වසාගැනීම හෝ පරම්පරාවේ මාර්ගයෙන් තමා අමරණීය වීම හෝ මහලු වයසෙහිදී තමා බලාකියාගන්ට කෙනකු ඇති කර තැබීම හෝ වන්නේ ය. මේ එකක වත් අනුන් කෙරෙහි හේත්තු වීමේ බලාපොරොත්තුව මිස, ස්වාධීනත්වයක් වත් නිදහසක් වත් නැත. එහෙයින් ඔවුන්ගේ විවාහ වීම ද ඔවුන්ගේ නිදහස පිණිස නොවන්නේ ය.

    ශාරීරික දුර්වලතාවක් නිසා හෝ ආර්ථික හේතු නිසා හෝ ඉටු කර අවසන් කළ නොහැකි වගකීමක් නිසා හෝ එවැනි වෙන යම් හේතුවක් නිසා විවාහ ජීවිතයට ඇතුළත් විය නොහැකි පුද්ගලයෝ ද ලෝකයේ එමට සිටිති. විවාහ වීමේ ආසාව ඇති, විවිධ හේතු නිසා විවාහ විය නොහැකි ඔවුන් සුන් වූ බලාපොරොත්තු ඇත්තවුන් බැව් පැහැදිලි ය. ඒ අයගේ අවිවාහක භාවයේ ද සතුටක් වත් නිදහසක් වත් නැත.

    ආධ්‍යාත්මික නිදහස ලැබීමේ බලාපොරොත්තුව නිසා විවාහක ජීවිතයට ඇතුළත් නොවන්නා වූ අය ද සිටිති. තාපසයෝ ද ඇතැම් ආගම්වල පූජකයෝ ද ඇතැම් ගිහියෝ ද මෙම ගණයට ඇතුළත් වෙති. ඔවුන්ගේ ඒ අවිවාහක ජීවිතය නිදහස් ජීිවිතයක් ද?

    ටිකක් ගැඹුරට සොයා බැලුව හොත් නිදහස සොයා යන්නේ නිදහස නැති තැනැත්තා ය. තව ද නිදහස ලැබීම සඳහා හෝ වෙන යම් කාරණයක් නිසා හෝ ඕනෑකමින් කාමයෙන් වළකින්නේ තමා තුළ කාමාශාව ඇති තැනැත්තා ය. එහෙයින් නිදහස ලැබීමේ බලාපොරොත්තුවෙන් අවිවාහක ව සිටින අය තුළ පවත්නේ කාමයට ආශාවත් නිදහසට ආශාවත් යන දෙක අතර පවත්නා ගැටුමකි; නිදහසට ඇති ආශාවෙන් අනික් ආශාව යටපත් කරන්ට, නැති කරන්ට, දරන උත්සාහයකි; සටනකි. සිත තුළ ඇතැම් විටක කාමයට ඇති ආශාව උත්සන්න වෙයි: ඇතැම් විටක විමුක්තියට ඇති ආශාව උත්සන්න වෙයි. තපස් රැකීමය, මහණ දම් පිරීම ය, භාවනාවෙහි යෙදීම ය, යනාදි නොයෙක් නම්වලින් කැරෙන්නේ මේ සටනෙහි යෙදී සිටීම ය. විමුක්තියට ඇති ආශාව උත්සන්න වන විට ඔහු සතුටට ද කාමයට ඇති ආශාව උත්සන්න වන විට කණස්සල්ලට ද පත් වෙයි.

    ස්වල්ප කලක් හෝ තපස්දම් පුරා ඇති ගිහියා හෝ පැවිද්දා හෝ මෙම කාරණය තමාගේ ම අත්දැකීමෙන් දනියි. අවිවාහක ව සිටීමට ඇති හේතු අතුරෙන් නිදහස ලැබීමේ ආශාව උසස් ම හේතුව යැ යි කීමට පුළුවන. එහෙත් එවැනි අවිවාහක ජීවිතයෙහි පවා නිදහසක් නොමැති බැව් එම ජීවිතය ගත කරන්නකු තුළ නිරතුරු ව පවත්නා ආභ්‍යන්තර සටනෙන් පෙනී යයි.

    ඉහත සඳහන් කරුණුවලින් පෙනී යන්නේ මෙතෙක් අප විමසා බැලූ එක ම විධියක වත් විවාහක ජීවිතයෙහි හෝ අවිවාහක ජීවිතයෙහි හෝ නිදහස නොපවත්නා බව ය. එහෙයින් “විවාහ වීමට වඩා විවාහ නොවී සිටීම නිදහසත් භාග්‍ය සම්පන්න භාවයත් රැකගැනීමට ඉවහල් නොවන්නේ ද?” යනු අසම්පූර්ණ නොගැඹුරු ප්‍රශ්නයක් බැව් පෙනෙනවා ඇත.

    මේ සියල්ලට වඩා වෙනස් වූ තවත් තත්ත්වයක් තිබේ.

    මනුෂ්‍යයා ඇතුළු සත්ත්වයින් තුළ ස්වභාවධර්මය විසින් කලින් කල ශාරීරික නොසන්සුන් බවක් ඇති කරනු ලබන්නේ ප්‍රජනනය සඳහා පමණක් බව ද, එය කිසිම පුද්ගලයකු විසින් අනිවාර්යයෙන් සැතපවිය යුත්තක් නොවන බව ද, එය ගැටලුවක් වී එක්කෝ සන්තර්පණය කළ යුතු වන්නේ එසේ නැත්නම් මර්දනය කළ යුතු වන්නේ එම ශාරීරික නොසන්සුන් බව සිතින් අල්ලාගත් විට පමණක් බව ද කෙනකුට පෙනෙන විට අපූර්ව නිදහසක් සහ සන්සුන් බවක් ඔහු තුළ නිරායාසයෙන් ඇති වන්නේ ය. විවාහ වීමේ හෝ කාමාශාවේ හෝ තේරුමක් ඊට පසු ඔහු නොදකියි. එහෙයින් ඒ තැනැත්තා විවාහ වන්නේ නැත.
     
    • Like
    Reactions: kmc madushan

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&

    විවාහකයන්, අවිවාහකයන් සහ කාමජීවිතය පිළිබඳ ව මෙම ලිපියෙන් සාකච්ඡා කෙරේ.
    ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම්

    “විවාහ වීමට වඩා විවාහ නොවී සිටීම නිදහසත්, භාග්‍ය සම්පන්න භාවයත් රැකගැනීමට ඉවහල් නොවන්නේ ද?”

    ළඟදී මෙම ප්‍රශ්නය පිළිබඳ ව කැරුණු ගුවන්විදුලි සාකච්ඡාවකට සහභාගී වීමට මට ඉඩ ලැබිණ. මෙවැනි ගැඹුරු කරුණක් ගැන විනාඩි කිහිපයකදී සතුටුදායක සාකච්ඡාවක් කිරීමට කිසිවකුට පුළුවන්කමක් නැත. එහෙත් මෙම ප්‍රශ්නය නිරාකරණය කරගැනීමට සිත වෙහෙසවන තරුණතරුණියන් සැලකිය යුතු සංඛ්‍යාවක් මෙරට සිටින බැව් අපට නිතර ලැබෙන ලියුම්වලින් පෙනෙන්නට තිබේ. එහෙයින් මේ ගැන විමසීමක් මෙවැනි ලිපියකින් ද කිරීම උචිත යැයි කල්පනා කළෙමි.

    කාමයෙහි යෙදීම සෑම සත්ත්වයකුට ම අයත් ස්වාභාවික ක්‍රියාවක් ය යනු මනුෂ්‍යයා අතර පවත්නා සාමාන්‍ය පිළිගැනීම ය. ඒ පිළිගැනීම කොතරම් දුරට වැරදි ද, කොතරම් දුරට නිවැරදි දැ යි තර්ක කිරීම මෙහිදී අපේ අදහස නො වේ.

    විවාහ වීම වනාහි කාමයෙහි යෙදීමට ඉඩ කඩ චාරිත්‍රානුකූල ව හෝ නීත්‍යනුකූල ව හෝ කරගන්නා ගිවිසුම ය. එම ගිවිසුම ඇති කරගැනීම වුවමනා වන්නේ නම්බුකාර පුරවැසියකු වශයෙන් සමාජයෙහි ජීවත් වීමට ද දේපළ සහ පුද්ගලයන් පිළිබඳ අයිතිය ආරක්ෂා කරගැනීමට ද වේ. විවාහ වී සිටීම හෝ නොසිටීම හෝ කෙනකුගේ චරිතය විදහා පාන සහතිකය නො වේ.

    ඉහත සඳහන් ප්‍රශ්නයෙහි ‘විවාහ වීම’ යනුවෙන් ප්‍රශ්නකරු විසින් අදහස් කරන ලද්දේ චාරිත්‍රානුකූලව හෝ නීත්‍යනුකූලව හෝ ගිවිසුමකට පත් වීම පමණක් නොව, ඊට වඩා පුළුල් දෙයක් යැ යි ද කවර අන්දමකින් හෝ පුරුෂයකු ස්ත්‍රියක පාවාගැනීමත් සත්‍රියක පුරුෂයකු සමඟ වාසයට යෑමත් යැ යි ද සිතේ. ඒ කවර විධියක හෝ විවාහකට පත් වීමට ලොකු කුඩා හේතු රැසක් තිබිය හැකි වුව ද, කාමයෙහි යෙදීමට ඇති කැමැත්ත අනිවාර්ය හේතුවක් වශයෙන් සැලකීමට පුළුවන.

    එහෙයින් “විවාහ වීමට වඩා විවාහ නොවී සිටීම නිදහසත් භාග්‍ය සම්පන්න භාවයත් රැකගැනීමට ඉවහල් නොනවන්නේ ද?” යන ප්‍රශ්නය “කාමයෙහි යෙදීමට වඩා කාමයෙහි නොයෙදී සිටීම නිදහසත් භාග්‍ය සම්පන්න භාවයත් රැකගැනීමට ඉවහල් නොවන්නේ ද?” යන්නට සංශෝධනය කරගැනීම යුක්ති සහගත වන්නේ ය. නිදහස සහ භාග්‍ය සම්පන්න භාවය යැ යි ප්‍රශ්නයෙහි කොටස් දෙකක් ගැනෙතත්, පහසුවෙන් විමසා බැලීම සඳහා ද නිදහස රැකුණොත් භාග්‍ය සම්පන්න භාවයත් ඒ අනුව රැකෙන හෙයින් ද ප්‍රශ්නයෙහි මුල් කොටස, එනම්: “කාමයෙහි යෙදීමට වඩා කාමයෙහි නොයෙදී සිටීම නිදහස රැකගැනීමට ඉවහල් නොවන්නේ ද?” යන්න පමණක් මෙහිදී සාකච්ඡාවට ගනිමු.

    me widihata hame deyak ganama balanne aniwaryayen kamaye yedenna onewata wada asa ayama thamai.
    acharya newei kawru wunath mamanam personally me deta wiruddai.

    rep denna ba lu.
     
    emines

    Junior member
  • Apr 24, 2012
    301
    22
    18
    ඔය ආචාර්ය මහාචාර්ය කියන කොයි එකත් බලන් ගියාම පිස්සෝ තමයි
     
    chatm

    Member
    Oct 11, 2008
    378
    21
    0
    Matara, Srilanka
    මේක ලියපු එකා සයිකෝ කාරයෙක් වෙන්න ඕන. විවාහය, ආදර ගැන කිසිවක් නොදන්න නමට ආචාර්ය කෙනෙක් විය යුතුමයි. මේ ආචාර්ය විවාහ වී ඇත්තේ හුදෙක්ම කාමය සඳහා පමණි. ආචාර්ය වුනු පලියට ජීවිතේ කෙලවුනු පලියට අනිත් මිනිස්සු තමුන් වගේ කාමය පස්සෙන් යන මිනිස්සු යැයි නොසිතනු. විවාහය, ආදරය ගැන මිනිස්සුන්ට වැරදි ආකල්ප ලබා දීලා ජීවිත විනාශ නොකර සිටිනවා නම් ඔබගේ ආචාර්ය පට්ටම වටින්නේය. විශ්ව විද්‍යාල ආචාර්ය වරුන් ගැන නොදන්නවම නොවෙයි අපිත්. ලියන්නම දෙයක් නැත්නම් චිත්‍ර අදිනව නම් වටින්නේය. ආචාර්ය ඉපදිනේ ඔහුගේ දෙමාපියන්ගේ කාම ආශාව නිසා වුවත්, බොහෝ දෙනා ඉපදුනේ දෙදෙනෙක්ගේ ආදරයේ ප්‍රතිපලයක්, එහෙමත් නැත්නම් ආදරයේ සංකේතයක් විදියට. නිකං ආචාර්ය පට්ටම ගහලා අනිත් මිනිස්සුගේ ඔලුව කන්නේ නැතුව කුස්සියේ වැඩක් බලගෙන ඉදපන්, නැත්නම් වැලක් බලපං. උඹලා වගේ ආචර්ය වුන්ට හරියන්නේ ඒව. ගොං මී හරක්..... උඹම ලිපිය ලියලා කියවපං අනිත් මිනිස්සුන්ට දෙන්නේ නැතුව. උඹ වගේ මොල් කාරයෝ නැහැ ඕව කියවලා ආතල් ගන්න.

    :growl::growl::growl::growl::growl: