විවාහ දිවියේ සැඟවුණු රසමුසු තැන..

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    විවාහ දිවියේ සැඟවුණු රසමුසු තැන..

    සාමාන්‍යයෙන් දෙන්නෙක් ආදර සම්බන්ධයක ප්‍රතිඵලයක් විදිහට හරි යෝජනාවක ප්‍රතිඵලයක් විදිහට හරි විවාහයකට එළඹිලා ජිවත් වෙනකල්ම එකට ඉන්නවා කියන ගිවිසුමට එළඹෙනවා. එතනින් පස්සේ කායිකව, මානසික ඇරඹෙන විවාහ ජීවිතයේ සමහර රසමුසු තැන් ඔබට නොදැනීම ගිලිහෙනවා.

    සමහරවිට මේ ගිලිහෙන රසමුසු තැන් ඔබ බොහොම ආසාකරපු එහෙත් එහෙම ආසාකරනවා කියලා ඔබවත් නොදන්න දේවල් වෙන්න පුළුවන්. එහෙම එක දෙයක් ගැනයි මේ කතාකරන්න සූදානම.

    සාමාන්‍යයෙන් දෙන්නෙක් ආදරය කරන කාලය කියන්නේ බොහොම සුන්දරම කාලයක්. ලංකාවේ ආදරවන්තයින්ටනම් මේ සුන්දර බව විඳින්න වෙන්නේ බොහෝ වෙලාවට දෙමව්පියන්ට, නෑදෑ හිතමිතුරන්ට හොරෙන් නිසා එක පැත්තකින් ආදර සම්බන්ධතාවකට බකට් එකක් නැතිව පවත්වගෙන යන එක බොහොම අමාරු වැඩක්.

    එහෙම හැංඟි හැංඟි හොරෙන් ආදරේ කරන කාලේ බොහෝ වෙලාවට කොල්ලා කෙල්ලගේ අතින්වත් අල්ලන්න බයයි. සමහර විට කෙල්ලා කොල්ලගේ මූණ දිහා බලන්නත් බයයි. කාලයක් එකට ආදරෙන් බැඳිලා හිටිද්දි මානසික බැඳීම එක්කම මතුවෙන සුන්දර කායික බැඳීමක් බිහිවෙනවා. මේක මේ කාමර ගානේ ගිහින් ජීවිත විනාස කරගන්න මට්ටමේ සීමාවක් නොදන්න විදිහේ කායික බැඳීමක් නෙවෙයි. අතින් අල්ලන, සීරුවට සිපගන්න, එකට හේතුත්වෙලා බස් එකක යන, කව්රුත් නැති පාරක අත්දෙක අල්ලන් යන බොහොම සුන්දර කායික බැඳීමක්.

    පහු කාලීනව වයසින් තරුණ වියට එනකොට ආදර සම්බන්ධයක් ඇතුලේ මීට එහා ගියපු ලිංගික උත්තේජනය උදෙසාවන කායික බැඳීම් ඇතිවෙන එක සාමාන්‍ය දෙයක්. වගකීමෙන් යුතුව දෙදෙනාටම හානියක් නොවී පවත්වගෙන යන කායික බැඳීමක් සමාජයට හොරෙන් කරගෙන යද්දි ඒකේ දැනෙන සුන්දරබව බැඳීම එක පැත්තකින් ශක්තිමත් කරනවා.

    මේ හොරෙන් හොරෙන් කරන දේවල් ඔබව කොච්චර රසවත් කලාද ඔබව කොතරම් උත්තේජනයට පත්කලාද කියලා හරියටම තේරෙන්නේ ආදර සම්බන්ධවලට ගෙවල් වලින් අවසර ලැබිලා කසාද බඳින්න ඉන්න කාලයට හරි නැත්නම් ඊට පස්සේ හරි. මොකද අර හොරෙන් හොරෙන් කරපු දේවල් කැමති විදිහට නිදහසේ කරන්න ලැබුණම මුල් කාලේ බොහොම සුන්දර අත්දැකීමක් වුනත් ටික කාලයකින් අර කලින් හැංඟි හැංඟි කරපු දේවල් වල රසමුසු බවට හිත ආස කරන්න ගන්නවා.

    එහෙම වෙලාවට ඔබ උත්සහ කරාවි ආයෙත් කසාද ජීවිතය ඇතුලේ ඒ වගේ හැංඟි හැංඟි පුංචි පුංචි රසමුසු දේ කරන්න ඔබේ සහකරුවාට හරි සහකාරියට හරි ආරාධනා කරන්න. ඒත් මේ ආරාධනාවට යහපත් ප්‍රතිචාර නොලැබුණොත් බොහෝ වෙලාවට වෙන්නේ ඔබේ සහකරු හෝ සහකාරිය වෙනත් පිට කාත් එක්ක හරි හැංඟි මුත්තන් කරන්න යන්න පෙළඹෙන එකයි.

    ඉඳලා හිටලා හරි වෙනදා කාමරේ ඇඳ උඩ දෙන්නා එකට ඉන්නවා වෙනුවට හොරෙන් බාත්රූම් එකේ ලිංගිකව එකතුවෙන එක, කළුවරේ කොහේ හරි කාටවත් නොපෙනෙන තැනක ලිංගිකව එකතුවෙන එක හරි, ප්‍රසිද්ධ තැනකදි කාටවත් නොදැනෙන්න එකිනෙකා ස්පර්ශ කරගන්න එක හරි වගේ පුංචි පුංචි දේවල් වලින් නැවත වතාවක් අර කලින් තිබුණු ආදරයේ රසමුසු තැන් අවදිකරගන්න ඔබට ඉඩක් ලැබේවි.

    දරුවෝ එහෙම ඉන්න කාලෙකනම් මේක එක්තරා විදිහක පුදුම රසමුසු අත්දැකීමක් වේවි. මොකද දරුවෝ ඔබ එක්ක නිදාගන්න පෙළඹෙද්දි ඔබ දෙදෙනාට සිතූ තරම් නිදහසේ එකට එකතුවෙන්න බෑ. එහෙම වෙලාවට ඔවුන් නිදාගන්නකල් ඉඳලා, නැත්නම් ඔවුන් නොමැතිව ඔබ තනියම ගමනක් ගිහිල්ලා එකට ඉන්න එක වගේ දේවල්.

    ගෙදර එළිමහනේ හිටිද්දි ආදරෙන් විහිලුවට වගේ කරන ස්පර්ශයන් ඔබේ බැඳීමට පුදුමාකාර උත්තේජනයන් සපයනවා. එහෙම කරද්දි බොරුවට වළක්වන එකෙන්, බොරුවට රණ්ඩු කරන එකෙන් ඔබටත් නොදැනීම ඔබේ බැඳීම දිනපතා අලුත් වෙනවා. තවතව සුන්දර දේ එයට එකතු වෙනවා. ඒ නිසා බොරුවට මානසික ගැටි හදාගෙන, සදාචාර සීමා හදාගෙන ඔබේ බැඳීම ඇතුලෙම අසරණ වෙනවට වඩා එහෙම පුංචි පුංචි රසමුසු තැන් නැවත නැවත ජිවිතේට බැඳීම්වලට එකතු කරගන්න එක තමයි වඩාත්ම වටින්නේ.

    උපුටා ගැනීම - www.her.lk
     
    • Like
    Reactions: chethana kalan

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    පහු කාලීනව වයසින් තරුණ වියට kiwwe mokakda. Apita therena basawen kiyapanko. Oya wadagath widiyata naki wenakota kiyala da kiyanne?