• මුස්ලිම් විවාහ හා දික්කසාද පනතේ 88 වන වගන්තිය ප්රකාරව ලේ ඥාතීන් අතර සිදුවන විවාහ වලංගු විවාහ ලෙස නොපිළිගනී.
• මුස්ලිම් විවාහ හා දික්කසාද පනතේ 80 (1) (i) වන වගන්තිය ප්රකාරව විවාහක බිරිඳ ජීවත්ව සිටියදී ඇගේ සහෝදරියන් විවාහ කර ගත නොහැකිය.
• මුස්ලිම් විවාහ නීතිය යටතේ විවාහ සිදු කළ හැක්කේ මුස්ලිම් වරුන් දෙදෙනෙකු අතර පමණි.එහි දී විවාහ වීමේ අවම වයස නොදක්වන අතර අවුරුදු 12 ට අඩු ගැහැණු ළමයෙකුට වුවද කාතිවරයාගේ අවසරය ඇතිව විවාහ විය හැකිය (පනතේ 47 (1) (i) වගන්තිය).
• මුස්ලිම් විවාහ නීතිය යටතේ බහු භාර්යා සේවනය සඳහා ඉඩ ලබා දෙන බැවින් සෙසු විවාහ නීති සඳහා බලපාන වලංගු පෙර විවාහයක් නොපැවතීම යන සාධකය මුස්ලිම් විවාහ නීතිය යටතේ අදාල නොවේ (පනතේ 44 වන වගන්තිය).ඒ අනුව මුස්ලිම් පුරුෂයෙකුට තමා විවාහ වන සියළු භාර්යාවන්ට වෛවාහක බැඳීම් සමව ඉටු කළ හැකි නම් විවාහ 4ක් කර ගැනීමට හැකිය.