විවාහ මංගල උත්සව සැමරීමේ රැල්ල

kavindu84

Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    විවාහ මංගල උත්සව සැමරීමේ රැල්ල

    තමා සන්තකව ඇති මුදල් නැති නාස්ති කරගනිමින් සිය අනාගතය උදෙසා ඉතිරි කර ගත යුතු වත්කම් කාබාසිනියා කරගනිමින් හතර අතේ ණය වෙමින් විවාහ මංගල උත්සව සැමරීමේ රැල්ලක් වත්මන් සමාජයේ නිර්මාණය වූයේ කෙසේද යන කරුණ පැහැදිළි කිරීමට මා හට දැනුමක් නැත.

    එහෙත් වර්තමානයේ නිර්මාණය වී ඇති මේ රැල්ල දිනෙන් දින කූට වෙළෙන්දන්ගේ ජාවාරමක් බවට පත් වී ඇති හෙයින්ද අහිංසක මධ්‍යම පාන්තිකයන් දැන හෝ නොදැන දිනපතා ඔවුන්ට ගොදුරු වෙමින් සිටින හෙයින්ද මේ ගැන සටහනක් තැබිය යුතුම යැයි සිතමි.

    මිනිසෙක් සහ ගැහැණියක් විවාහ දිවියට ඇතුළු වීම ඔවුන්ගේ ජීවිත වල ඉතාම අපහසුවෙන් පසුකරගත යුතු කඩයිමක් බවට පත්වී හමාරය. අපහසුවෙන් පසුකරගත යුතු කඩයිම වී ඇත්තේ විවාහ දිවියට එළඹීම හෝ ඉන්පසු ආරම්භ කිරීමට නියමිත අලුත් ජීවිතය නොවේ.

    විවාහ මංගල උත්සවයයි.

    තමා භාවිතා කරන ජංගම දුරකථනයෙන්, පදවන වාහනයෙන් පමණක් නොව තම නිවසේ සිටින සුනඛයාගෙන් පවා තම සමාජ තත්වය අන් අයට හඬ ගා කියන්නට උත්සාහ කරනා සමාජ ක්‍රමයක් තුළ විවාහ මංගල උත්සවයන් සඳහා මිනිසුන් මෙපමණ වැදගත්කමක් දීම අරුමයක් නොවේ.

    තමාට හිමි සමාජ තත්වය අන් අය ඉදිරියේ තහවුරු කර ගැනීමට සහ තමාට නැති සමාජ තත්වයක් අන් අය ඉදිරියේ මවා පෑමට විවාහ මංගල උත්සවය නැමති සාදය හැකි උපරිම වැර යොදා මහා ඉහළින් සංවිධානය කිරීමට මිනිසුන් නොකරන දෙයක් නැති තරම්ය. ඒ බව තේරුම් ගෙන ඇති කූට ව්‍යාපාරිකයන් මේ විවාහ මංගල උත්සව වටා රොක් වෙමින් දිනෙන් දින එයට තව තවත් විච්චූරන ඇතුළත් කරන්නේ ඉන් පැහැදිළි ලාභයක් සන්තක කරගත හැකි බැවිනි.

    විවාහ මංගල උත්සවය පවත්වන Hotel එක, මනාල යුවලගේ ඇඳුම් වල පෙනුම සහ වටිනාකම, ඔවුන්ට ඇන්දවීමේ කටයුතු කරන රූපලාවන්‍යශිල්පියා/ශිල්පිනිය, ඔවුන් පළඳින ආභරණ, දෙවන මනාල මනාලියන් ගණන, ඡායාරූපකරනය සහ වීඩියෝකරනය සඳහා භාරදී ඇති Studio එක, ඔවුන් රැගෙන එන වාහනය, විවාහ මංගල උත්සවය සංගීතවත් කරන Band එක, පිළිගැනීම සඳහා නැටුම් කණ්ඩායම්, අමුත්තන් සඳහා සංග්‍රහ කෙරෙන මධුවිත වර්ගයේ Brand එක, going away එකට අඳින ඇඳුම් සහ පළඳින ආභරණ, Honeymoon යන නගරය සහ ගත කරන දිනගණන..

    වැනි එකී මෙකී නොකී අංග සියල්ලෙන් සිදුවන්නේ විවාහ මංගල උත්සවය සහ අදාල දෙපාර්ශවයේ සමාජ තත්වය පිළිබඳ ඇගයීමකි. ඉහත සඳහන් කල අංග මෙන්ම තවත් බොහෝ දේ වලින් සමන්විත අංගසම්පූර්ණ විවාහ මංගල උත්සවයක් පැවැත්වීමට ලැබීම අද බොහෝ දෙනා සලකන්නේ තමාගේ ජීවිතයේ ලබන ජයග්‍රහණයක් ලෙසය.

    මා මෙහිදී මතු කරන්නට උත්සාහ කරන්නේ අධික වියදමක් දරා විවාහ මංගල උත්සවයක් සැමරීම නොකල යුතු වැරැද්දක්ය යන අදහසක් නොවේ.

    මීට වසර කිහිපයකට පෙර දෙවන මනමාල මනමාලියන් දෙසියයකින් සමන්විත වුන විවාහ මංගල උත්සවයක් ලාංකිකයෙක් සැමරූ අයුරු පුවත්පත්වල පවා පලවුන අන්දම මෙම සටහන කියවන ඔබටත් මතක ඇති. එහි කිසිම ගැටළුවක් නැත. තමා උපයන මුදල් නීත්‍යානුකූල ලෙස තමාට අවශ්‍ය අන්දමට වියදම් කිරීමේ නිදහස ඕනෑම කෙනෙකුට තිබිය යුතුය.

    ගැටළුව පැනනඟින්නේ අධික වියදමක් දරා විවාහ මංගල උත්සවයක් ගැනීමට වත්කමක් නොමැති සාමාන්‍ය මධ්‍යමපාන්තිකයන්ද තමාගේ වත්කමටත් වඩා වියදම් කොට සමාජය ඉදිරියේ ගරුත්වය ලබා ගැනීමේ අරමුණින් අධික වියදම් දරා විවාහ සාදයන් පැවැත්වීමට උත්සාහ කිරීමේදීය.

    මෙසේ විහින් අසරණ වන මධ්‍යමපාන්තිකයින් අධික වියදම් දරමින්, බංකු ණය පවා ලබා ගනිමින් මෙම සාදය සංවිධානය කිරීමට යාමේ ප්‍රතිඵලයක් ලෙස කබලෙන් ලිපට වැටෙන අයුරු ගැන ලියන්නාට පුද්ගලික අත්දැකීම් ඇත.

    මාගේ ඈතින් නෑදෑයකු වන නැන්දා කෙනෙක් ඇයගේ සැමියාට සිය කාරය විකුණා ප්‍රධාන පෙළේ හෝටලයක සිය දියණියගේ විවාහ මංගල උත්සවය ගැනීමට බල කලේ වෙන කිසිම හේතුවක් නිසා නොව, ඇයගේ නැගනියගේ දියණියගේ විවාහ මංගල උත්සවයද රටේ ප්‍රධාන පෙළේ හෝටලයක සැමරීම නිසා ඒ තරඟය ජය ගැනීමටය.

    නොයෙකුත් අන්දමේ හීනමාන වලින් පෙළෙනා මෙවන් මිනිසුන් එක් දිනක පැය කිහිපයකට සීමා වන සාදයක් උදෙසා වසර ගණනක් මුළුල්ලේ ලක්ෂ ගණනින් ණය ගෙවීම වටහා ගැනීම සාමාන්‍ය මානසිකත්වයක් ඇති අයෙකුට පෙනෙන්නේ විසුළු සහගත හැසිරීමක් ලෙසය.

    ලක්ෂ ගණනින් වූ ණය තම මාස් පඩියෙන් අඩුවන සේ ගිවිසුම් අත්සන් කරන ඔවුන්ට විවාහයෙන් පසු ඔවුන්ගේ පින්තූර ඇල්බමවල ඉතිරි මුදල ගෙවා සම්පූර්ණ කිරීමට වසර ගණනක් ගතවන්නේ ඉන්පසු මුහුණ දෙන්නට සිදුවන ආර්ථික දුෂ්කරතා නිසාමය.

    මිනිසෙක් සහ ගැහැණියක් විවාහ දිවියට ඇතුළත් වීමෙන් අනතුරුව අලුතෙන් පටන් ගන්නා ජීවිතයේ පළමු මාසයේ සිටම අන් අයට කෑමට සහ බීමට වියදම් කල සහ අන් අයට පේන්න අඳින්න නටන්න වියදම් කල මුදල් වල ණය ගෙවීමට සිදුවීම කණගාටුවට කරුණකි. විවාහ දිවියට එළඹීමෙන් පසු ඔවුන්ගේ ජීවිත වල ගන්නා වැදගත්ම තීරණ වලට මෙම ආර්ථික අපහසුතා සෘජුවම බලපාන බව අමුතුවෙන් සඳහන් කල යුතු නොවේ.

    එක් දිනක් තුල ඔවුන්ට දරාගත නොහැකි ප්‍රමාණයෙන් මේ කරන වියදම නිසා ඔවුන්ගේ මුලු ජීවිතම වෙනත් මාර්ගයකට යොමු විය හැකිය. මේ නිසා මුහුණ දීමට සිදුවන ආර්ථික ප්‍රශ්න හේතුවෙන් තම පවුල් ජීවිතය, දරුවන්ගේ අනාගතය වැනි දේ වලදි ඔවුනට හිමිව තිබෙන්නට නියමිත වුනු හොඳම සහ සුදුසුම තීරණ ගැනීමට ඔවුන්ට හැකිවන්නේද නැත.

    ඒ තමාට හැකි සෑම සතයක්ම තම අනාගත සුබ සිද්ධිය කරා ඉතිරි කර බුද්ධිමත් ලෙස වියදම් කිරීම වෙනුවට තමාත් සමග තරග කරන, තමාට ඊර්ෂ්‍යා කරන, තමාගේ වැරදි සෙවීමට සැදී පැහැදී සිටින මිනිසුන්ට කන්න බොන්න ලබා දී ඔවුන්ගෙන් හොඳ අහගන්න මුදල් වියදම් කිරීම නිසාය. විසිකරන්නට තරම් මිල මුදලින් පොහොසත් අය කරනා දේ කරන්නට උත්සාහ කොට තවත් අසරණ තත්වයකට විහින් පත්වූ නිසාය.

    මේ සිහින සාදයන් සතියකට සැරයක් චැනල් දහයකින් දහපාරක් මාර්කට් කිරීම මඟින් කුමන ක්‍රමයකින් හෝ මඩිය තරකරගැනීමේ අරමුණින් ක්‍රියාකරන ව්‍යාපාරිකයින් වන රූපවාහිනී මාධ්‍යයන්ද මේ ආකල්පය සමාජගත වීමට විශාල වශයෙන් හේතු වී තිබෙන බව සඳහන් කල යුතුමය. මිනිසුන්ගේ මොල කෑම ආදායම් මාර්ගය කර ගත් මාධ්‍යන් විසින් දෙන ලණු සිතීමේ හැකියාවක් නැති මිනිසුන් විසින් රස කර කර කෑම පුදුමයකට කරුණක් නොවේ.

    අනුන්ගේ ගෞරවය සිඟමන් යදින්නට ගොස් ලක්ෂ ගනන් වියදම් කොට ප්‍රශ්න දාහක් මවාගෙන ජීවිතයම අවුල් ජාලයක් කරගන්න්නවට වඩා ණය බරින් තොරව, අනාගත අවශ්‍යතා වලදී මෙන්ම බලාපොරොත්තු නොවන හදිසි අවශ්‍යතා වලදී භාවිතා කරන්න යම් මුදලක් තමා ඉතිරි කොට ඇති බව දැනගෙන නින්දට යාමේ ඇති සැනසිල්ල වටිනවා නොවේද?

    යම් කෙනෙක් තමාගේ විවාහ මංගල උත්සවයක් සංවිධානය කිරීමට පෙර, වියදම්කරන සෑම සතයක් ගානේ, තමා වියදම් කරන්නේ තමාගේ උවමනාවටද නැත්නම් වෙන අයගේ සිත් සතුටු කරන්නද කියා වරක් දෙවරක් නොව, සියවතාවක් සිතා බැලිය යුතුය. තමා අන් අයගේ ඒ සිතුවිලිවල, අදහස් වල වහලෙක් වනවාද නැත්ද කියන කාරණය තමා තීරණය කල යුතුය. තමාගේ ආශාව නිසාම පමණක් වියදම් කලත් ඒ වියදම් කරන ප්‍රමාණය සත්‍ය වශයෙන්ම තර්කානුකූලද කියන එක සිතා බැලිය යුතුය.

    සිදුකල යුත්තේ මෙවන් බොලඳ සිහින ඉටුකර ගැනීමට තම අසරණ දෙමව්පියන්ටවත්, පෙම්වතාටවත් බල කිරීම නොව, බුද්ධිමත් තරුණයෙක්/තරුණියක් ලෙස අනාගතය ගැන සිතා වැඩ කිරීමය. ජීවිතයේ යථාර්තය තේරුම් ගැනීමය. හැඟීම් වලට වහල් නොවී බුද්ධිමත් ලෙස වැඩ කටයුතු කලහොත් ඔබට සතුටින් සැනසිල්ලේ ජීවිතය ගෙවීමට හැකියාව ලැබෙනු ඇත.

    - පැරණි සටහනකි. කාලානුරූපී බව නිසා නැවත පළකලෙමි

    #Jamis #Banda
    Sanjaya Srikanth
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    වෙඩින් එකයි හෝම් කමිං එකයි වෙන වෙනම ගන්නැතුව දෙපැත්තෙන්ම සල්ලි දාලා දෙපැත්තෙම කට්ටියට ඉන්වයිට් කරලා එක දවසෙ වෙඩින් එක ගත්තනං ගන්න දවසෙ වෙඩින් එක සුපිරියටම ගන්නත් පුලුවන් වියදමත් බාගෙට බාගයක් අඩුයි
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,643
    1,906
    113
    වෙඩින් එකයි හෝම් කමිං එකයි වෙන වෙනම ගන්නැතුව දෙපැත්තෙන්ම සල්ලි දාලා දෙපැත්තෙම කට්ටියට ඉන්වයිට් කරලා එක දවසෙ වෙඩින් එක ගත්තනං ගන්න දවසෙ වෙඩින් එක සුපිරියටම ගන්නත් පුලුවන් වියදමත් බාගෙට බාගයක් අඩුයි

    sirawata ahanne ooka aulak yanne nadda ban gaanige paththen barabaree daala anthimata okkotama minihage paththen karanna wena seen ekak aththema nadda ?
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    දැන් දැන් මේ වෙඩින් රැල්ල ලෝ බජට් ,one day විදියට යන්නේ චාම්ව...pre shoot එහෙමත් දැන් අඩුයි ..
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,720
    2,617
    113
    නිධානයක් උඩ
    පෝරිසාදයා;24131011 said:
    දැන් දැන් මේ වෙඩින් රැල්ල ලෝ බජට් ,one day විදියට යන්නේ චාම්ව...pre shoot එහෙමත් දැන් අඩුයි ..

    :yes::yes:

    ඉන්වයිට් කරන ප්‍රමාණයත් අඩු වෙනවා.. දෙපැත්තම එකතු කරලා 200කට වගේ කියන්නේ..
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,854
    800
    113
    @Thusithaya
    මම ‌ෙමේ මාසේ ‌ෙවෙඩිම දැනට යව වියදම 1.3 මිලි රත්තරන් සදහා 2.2 ලක්ශ ඒ්ක අඩු කළාම 1 මිලි ඊට පස්සෙ තෑගි වලින් හම්බ ‌ෙවෙයි අඩුම 3-4 ලක්ශ ඉතිරිය ලක්ශ 6 යි ‌ෙදෙකම ඒ්කට කළොත් ලක්ශ 3 න් කරන්න පුළුවන් කියන්නෙ ‌ෙගොඩ ‌ෙදෙකට ‌ෙබෙදුවාම
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,204
    2,106
    113
    sirawata ahanne ooka aulak yanne nadda ban gaanige paththen barabaree daala anthimata okkotama minihage paththen karanna wena seen ekak aththema nadda ?

    වෙඩින් එක ප්ලෑන් කරන එක තමුන්ට ලැබෙන සිරා ඔපොචුනිටි එකක්.කෝඩිනේශන් ,නෙගොශියෙශ්ස්න්, රෙස්පොන්සිබිලිටි පැවරීම එහෙම, ටයිම් ලයින් වලට වැඩ කිරීම් එහෙම තියනවා

    ඉතින් හොටෙල් ගාස්තුව එහෙම නැත්තන් වෙඩින් එකේ ගාස්තුව මුලින් ප්ලෑන් කරල දැනගනින්

    ඒ ඔක්කොටම කලින් උබ අර පැත්තේ මිනිස්සු එක්ක මූ වෙලා වෙඩින් එක ගන්න කිට්ටු උනාමවත් ඒ අය ගැන අන්ඩස්ටෑන්සින්ග් එකක් ගනින්, වෙඩින් එක ගැන ඩිස්කස් කරලා.එතකොට තේරෙයි කොහොම අයද කියලා.
    එතනදී උබ තීරනය කරපන් අපිට පුලුවන් පොයින්ට් පෙන්නන්න විතරයි

    බෑනට තියල අරින ලයින් නම් වෙනම ගේම ගෙනියපන්.අවන්ක මිනිස්සුනම් කෙල්ලටත් ඇත්ත තත්වේ කියලා ඒපැත්තෙන් වෙන්න ඔනේදේ තේරුම් කරපන්.එතකොට ඒකිත් ඒපැත්තෙන් වෙන්න ඔනේදේට සපෝර්ට් එකක් දෙයි.නිකන් බොරු තව් වගේ පෙන්නලා අතින් කයිට් උනාම තරහ වෙන්නේ මොකටද.මුදල් ගනුදෙනු කෙලින් කතාකරපන් ඕන කෙනෙක් එක්ක. ඒක කාටත් සාදාරනයිනේ.පස්සේ චරු චුරු නෑනේ.

    වෙඩින් එකේදී එයාලට එකතුවෙන සල්ලි ටිකවත් අඩුමගානේ, හෝටලේ මුලු මුදල ගෙවන කෙනාට දෙන්න ඔනෙ.එයාලගේ ප්ලේට ගනේ සල්ලි දුන්න කියන්නේ උන් සිරා මිනිස්සු.ඒක ගෑනිට කියපන්.රෑට ඒකි ඉස්සරහ කලිසම ගලවන්න පුලුවන්නම් ඒව මොනවද බන්.

    උබේ පිගානේ ගාන අනුව තමයි,අතින් දාන ගාන හැදෙන්නේ.

    ප්ලේට් එක 3 නම් සාමාන්‍යෙන් උබලගේ පැත්තේ මිනිස්සු ඇවරේජ් දෙන්නේ 2නම් ඕඩ කරපු මුලු පිගන් ගාන දාහෙන් වැඩිකරාම උබගෙ මයිනස් බැලන්ස් එක එනවා(දෙපැත්තටම හම්බ උන සල්ලි හෝටලේට දුන්නත් )

    ඒකත් උබට කලින්ම ගනන් හදාගන්න පුලුවන්. ඒ බැලන්ස් එක කොහොමත් ඉන් හෑන්ඩ් තියෙන්න ඔනේ
     
    Last edited:
    • Like
    Reactions: richlife and Tanto

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,643
    1,906
    113
    කවුරු වියදම් කලත් බැන්දට පස්සේ විදවන්න වෙන්නේ එකට..:P:P:P

    වෙඩින් එක ප්ලෑන් කරන එක තමුන්ට ලැබෙන සිරා ඔපොචුනිටි එකක්.කෝඩිනේශන් ,නෙගොශියෙශ්ස්න්, රෙස්පොන්සිබිලිටි පැවරීම එහෙම, ටයිම් ලයින් වලට වැඩ කිරීම් එහෙම තියනවා

    ඉතින් හොටෙල් ගාස්තුව එහෙම නැත්තන් වෙඩින් එකේ ගාස්තුව මුලින් ප්ලෑන් කරල දැනගනින්

    ඒ ඔක්කොටම කලින් උබ අර පැත්තේ මිනිස්සු එක්ක මූ වෙලා වෙඩින් එක ගන්න කිට්ටු උනාමවත් ඒ අය ගැන අන්ඩස්ටෑන්සින්ග් එකක් ගනින්, වෙඩින් එක ගැන ඩිස්කස් කරලා.එතකොට තේරෙයි කොහොම අයද කියලා.
    එතනදී උබ තීරනය කරපන් අපිට පුලුවන් පොයින්ට් පෙන්නන්න විතරයි

    බෑනට තියල අරින ලයින් නම් වෙනම ගේම ගෙනියපන්.අවන්ක මිනිස්සුනම් කෙල්ලටත් ඇත්ත තත්වේ කියලා ඒපැත්තෙන් වෙන්න ඔනේදේ තේරුම් කරපන්.එතකොට ඒකිත් ඒපැත්තෙන් වෙන්න ඔනේදේට සපෝර්ට් එකක් දෙයි.නිකන් බොරු තව් වගේ පෙන්නලා අතින් කයිට් උනාම තරහ වෙන්නේ මොකටද.මුදල් ගනුදෙනු කෙලින් කතාකරපන් ඕන කෙනෙක් එක්ක. ඒක කාටත් සාදාරනයිනේ.පස්සේ චරු චුරු නෑනේ.

    වෙඩින් එකේදී එයාලට එකතුවෙන සල්ලි ටිකවත් අඩුමගානේ, හෝටලේ මුලු මුදල ගෙවන කෙනාට දෙන්න ඔනෙ.එයාලගේ ප්ලේට ගනේ සල්ලි දුන්න කියන්නේ උන් සිරා මිනිස්සු.ඒක ගෑනිට කියපන්.රෑට ඒකි ඉස්සරහ කලිසම ගලවන්න පුලුවන්නම් ඒව මොනවද බන්.

    උබේ පිගානේ ගාන අනුව තමයි,අතින් දාන ගාන හැදෙන්නේ.

    ප්ලේට් එක 3 නම් සාමාන්‍යෙන් උබලගේ පැත්තේ මිනිස්සු ඇවරේජ් දෙන්නේ 2නම් ඕඩ කරපු මුලු පිගන් ගාන දාහෙන් වැඩිකරාම උබගෙ මයිනස් බැලන්ස් එක එනවා(දෙපැත්තටම හම්බ උන සල්ලි හෝටලේට දුන්නත් )

    ඒකත් උබට කලින්ම ගනන් හදාගන්න පුලුවන්. ඒ බැලන්ස් එක කොහොමත් ඉන් හෑන්ඩ් තියෙන්න ඔනේ

    Thankx machans laa marry karana eka leesi naa vage nobanda inna eka hondai :D