විවාහ_ගිවිසගැනීම
ආර්යයන්ගේ ඉන්දීය ආගමනයටත් පෙර, ක්‍රි.පූ. 2500 තරම් කාලයකට අයත් වන සෘග්වේදය විවාහය පිළිබඳව තොරතුරු හෙළි කෙරෙන පුරාණතම මූලාශ්‍රයක් ලෙස සැලකීමට සිදුවේ. ආර්යයන් ඉන්දියාවට පැමිණෙන්නේ ක්‍රි.පූ. 2400 ට පසු කාලයක බව සිංහ සහ බැනර්ජි, අර්නට්‌ස් මැකේ, මුඛර්ජි, ගංගාධර තිලක්, මැක්‌ස් මුලර් වැනි විද්වතුන්ගේ අදහසයි. මේ සා දීර්ඝ වූ පුරාතනයේ පවා විවාහය පිළිබඳව වූ ප්‍රාථමික අවස්‌ථාවන්හිදී සිට යම් යම් වෙනස්‌කම්වලින් නවීකරණයට වර්තමානයට පැමිණියද මූල ස්‌වභාවය වෙනස්‌ව ඇති බවක් නොපෙනේ. යම් තරුණයකුට සහකාරියක් සොයා දීමේදී පියා මුල් වී සහකාරියගේ ගෙදරට මංගල යෝජනාවක් පිණිස කපුවකු යෑවීම වාරප්‍රේෂණය නම් වන අතර සෘග් වේද යුගවලද මෙම ක්‍රමය පැවතුන බව පෙනේ. විවාහය දෙපාර්ශ්වයක කතිකාවකින් සිදුවන්නක් වන බව ඈත භාරතයේ අනුගමනය කරන ලද පිළිවෙත් දෙස බලන විට පෙනේ. එම පිළිවෙත් ප්‍රධාන අවස්‌ථා හතරක් ලෙස දැක්‌විය හැකිය. එනම් මනාලයා විසින් සියලු වියදම් දරා මනාලිය කැටුව යාම, දෙපක්‍ෂය විසින් වියදම් දැරීම, මනාලියගේ පාර්ශ්වයෙන් වියදම් දරා දික්‌කසාදයකදී මුදල් ආපසු ලබා ගැනීම, මනාලියගේ නෑයන්ට වියදම් දැරීමට බලකිරීම යනුවෙනි. යම් යම් වෙනස්‌කම්වලට යටත්ව මෙම විවාහ ක්‍රමයන් අදත් භාරතයේ දක්‌නට ඇත.
භාරත සංස්‌කෘත සාහිත්‍යයේ එන බොහෝ කතා පුවත්වලින්ද අතීතයේ විවාහය සිදුවූ ආකාරය පිළිබඳ තොරතුරු කියා පායි. මේ සියල්ලෙන් පැහැදිලි වන්නේ තරුණියගේ මව්පියන් සතුටට පත්කොට දියණිය සරණ කරගැනීමේ විවාහ පිළිවෙත වඩාත් ප්‍රචලිතව පවතින බවයි. ඒ සඳහා යොදන ලද විවිධ ක්‍රමෝපායයන් පිළිබඳ බෞද්ධ සාහිත්‍ය හා සංස්‌කෘත සාහිත්‍යයේද අපමණවත් දක්‌නට ලැබේ. හින්දුන් අතර පවතින එක් ක්‍රමයක් ලෙස සැලකෙන්නේ ගැලපෙන තරුණියක් පිළිබඳ නිසි තොරතුරු කපුවකු මගින් ලබාගැනීමෙන් පසුව අලුතින් වස්‌ත්‍ර, පොල් ගෙඩියක්, කෙසෙල් ගෙඩි පහක්, සාදිලිංගම් ටිකක්, සඳුන් කුඩු ටිකක් ආදිය රැගෙන මනාලිය බැලීමට වැඩිහිටියන් පිරිසක් යාමයි. මෙම ගමන ආරම්භයේදීම සුබ-අසුබ නිමිති විශේෂ සැලකිල්ලට ගැනේ. නයෙකු, සිවලෙකු, සුනඛයෙකු පාර හරහා පැනීම අසුබ පෙරනිමිත්තක් සේ සලකනු ලැබෙයි. එවන් අවස්‌ථාවල ගමන නතරකර පසු දිනකට යොදාගැනේ. එසේ ගොස් අදහස් ප්‍රකාශ කිරීමෙන් පසු මනාලියගේ පාර්ශ්වයේ අයද සුබ අසුබ නිමිති හා තොරතුරු සෙවීම් සිදුකරනු ලැබේ. විශේෂයෙන් "පේන බැලීම්" හා ශාස්‌ත්‍ර විමසීම් ආදියද සිදුකොට කරුණු විමසීමට පෙළඹෙන්නෝද වෙති.
විවාපත්වන වයස් සීමාවට පැමිණි පුතුන් සඳහා මනාලියක සෙවීමේ මෙම සිරිත භාරතයේ දීර්ඝ ඉතිහාසය තුළ විවිධ වෙනස්‌කම්වලට භාජනය වෙමින් පැවතිණි. වේද අවධියෙහි බාල විවාහය සමාජය අනුමත කළ දෙයක් නොවුනද පසු කාලයේ දැරියන් මල්වරයට කලින් විවාහකර දීමේ සිරිතක්‌ද විය. එසේ විවාහ වුවද ඇය නිසිවියට පැමිණෙන තුරු මා පියන් ළඟ සිට නිසි කල සැමියා වෙත ගියාය. අතරමැදියකු විසින් තොරතුරු සොයා නිසි කල කරනු ලබන විවාහයේදී මූලිකත්වය ගනුයේ පියා විසිනි. පළමුව දෙදෙනාගේ කේන්දර ගැලපේදැයි පියා විසින් නක්‍ෂත්‍ර කරුවන්ගෙන් විමසයි. ඉන්පසු කේන්දර ගැලපේනම් බෙර වාදනය කරන්නකුද පෙරටුකොටගෙන පිරිසක් මනාලියගේ නිවසට යාම සිරිතකි. එවක පැවති සමාජ රටාව අනුව මෙවැනි ගමන් යන ලද්දේ පයින්ම වන අතර ලංකාවේද වාහන ගමනාගමන පහසුකම් අඩු කාලයේ "මඟුල් සවාරි" සඳහා "රබන් විරිඳු" කරුවන් සහභාගි වු බව කියවේ. භාරතයේ මෙසේ මනමාලියගේ නිවසට යාමේදී කෙසෙල් ඇවරි හතක්, කහඉරි අඳින ලද පොල්ගෙඩි තුනක් ගෙන යනු ලැබේ. මෙම වර්ග මනාලියගේ පියා අතට දී දෑවැද්ද පිළිබඳව කතාකරනු ලැබේ. එහිදී කතාබහ සතුටුදායක වුවහොත් දින නියම කර ගැනේ. මෙම විවාහයේදී උතුරු හා දකුණු ඉන්දියාවේ ක්‍රම වෙනස්‌වන අතර උතුරු ඉන්දියාවේ එදිනම සවස පූජකයා කැඳවා මංගල්‍යයේ මූලික කටයුතු සිදුකෙරේ. නිවසෙහි කෙරෙන මූලික චාරිත්‍රයක් වශයෙන් ආරක්‍ෂක පිළිවෙත් කිහිපයක් වෙයි. පළමුව ගොම දියකර නිවසෙහි බිම ගා රතු සහ සුදු පැහැයෙන් ඉරි ඇඳ ගණදෙවි රූපයක් තබා එයට මන්ත්‍ර ගායනා කර පූජා පවත්වනු ලැබේ. සීනි, මුංඇට, පොල් හා පරමාන්ත ගණදෙවි රූපයට පූජා කරනු ලබන අතර මෙකී චාරිත්‍ර ඉටුකරන කාලය තුළ සුහුනකුගේ හඬක් ඇසුනේනම් එය සුබ ලකුණක් සේ ගනු ලැබේ. මේ අතරතුර සාකච්ඡාවේ යෙදී සිටින පූජකයා හා පිරිස චාරිත්‍ර සඳහා දින නියමකොට ගනී. මෙයින් පැහැදිලි වන්නේ හින්දු විවාහයේදී පුරුෂාධිපත්‍යයට ප්‍රධාන තැනක් හිමිවන බවත් කාන්තාවගේ කැමැත්ත ඊට අදාළ නොවන බවත්ය.
වෛදික සාහිත්‍යයේ එන තොරතුරුවලට අනුව විවාහයේදී මනාලයා විසින් මනාලියගේ පියාට ගව ජෝඩුවක් දීමේ සිරිතක් පවතී. මනුස්‌මෘතියට අනුව එය අර්ෂ විවාහය නම් වේ.
"බ්‍රහ්මො දෛවස්‌ත ථෛවාර්ෂ: - ප්‍රජාපත්‍යස්‌තථාසුර:
ගන්ධර්වො රාක්‌ෂස ශෛවව - පෛශා චශ්වාෂ්ට මෝදම:"
යනුවෙන් මනුස්‌මෘතිය දක්‌වන විවාහ ක්‍රම අට අතර දෙපාර්ශ්වයේ සම්මුතියටද වැදගත් තැනක් හිමිවිය. දෙපසේ "කතිකා මත" දායාද තීරණය වීම වැඩි වශයෙන්ම ඇත්තේ දක්‍ෂිණ භාරතයේය. ජෛන සාහිත්‍යයේද මේ ගැන සඳහන් වේ. සමහර අවස්‌ථාවල තරුණියන් භාණ්‌ඩ ලෙස ණයට හිලවු කරමින් දී ඇත. තේලිය පුත්‍ර, ස්‌වර්ණ කාර දුව විවාහකර ගැනීම, චන්ද්‍රාඛ්‍යරජ වල්ලි බිසව විවාහය, මනාල පාර්ශ්වයෙන් මනාලියටද, බුද්ධකාලයේ පාලකයන් සිය දියණියන් විවාහ කරදීමේදී ගම් බිම් දැසි දසුන් පවා දියණිය නමින් දුන් බවද දැක්‌වේ.
ලංකාවේ විවාහ චාරිත්‍ර විධීන් උඩරට හා පහත රට ප්‍රධාන වශයෙන්ද සෙසු ප්‍රදේශවල යම් යම් වෙනස්‌කම්වලින්ද යුතුව දක්‌නට ලැබේ. සමස්‌තයක් ලෙස ගත් කල සම කුල ගෝත්‍ර හා තරා තිරම ප්‍රධාන තැනක ලා සැලකේ. කපුවකු යෑවීමේ පිළිවෙත අතීතයේ සිට පැවති අතර අදත් එය එලෙසම පවතී. සුදුසු දෙදෙනෙකු හමු වූ පසු කපුවා මැදිහත්කරුවකු ලෙස කටයුතු කරමින් කේන්ද්‍ර ගැලපේ නම් "ගෙවල් දොරවල් බැලීමට" යාම සිරිතකි, මනාලයාගේ පාර්ශ්වයෙන් මනාලයාද සමග පිරිසක් මනාලියගේ නිවසට යයි. එහෙත් මනාලිය විවාහයට පෙර මනාලයාගේ නිවසට නොයනු ඇත. අතරමැදි සියලු කටයුතු කපුවා මගින් සිදුකෙරේ. මහනුවර සමයේ උඩරට විවාහ සිදුකිරීමේදී අනුගමනය කළ පිළිවෙත් විශේෂයක් ගැන ඉංග්‍රීසි ලේඛක නෙවිල් සහ ඩේවි යන අයගේ වාර්තාවල සඳහන් වේ. නැකැත් බලා දින යොදාගෙන මනාලයා කපුවාගේ උපදෙස් අනුව පියාද ඇතුළු ඥතීන් කෙසෙල් කැන්, සහල්, කැවිළි වර්ග ද තෑගි බෝග ගෙන මනාලියගේ නිවසට යයි. මේ ගමනට මනාලයාගේ රජකයා අනිවාර්යයෙන්ම සහභාගි විය යුතුවේ. ගමනේ බඩු ගෙනයනු ලබන්නේ "කද්" පෙට්‌ටිවලයි. මේවා ගෙනයාමට එවක උඩරට "වහුම් පුර" මිනිසුන් සිටි බව කියවේ. මේ ගමනේ ගෙනයනු ලබන වැදගත්ම කදවන්නේ "යෙලදා කදයි". ඉඟුරු, මිරිස්, අබ, කලුදුරු, සූදුරු යන පස් කුළු බඩුද බුලත් සියයක්, පුවක් සියයක්, කැවුම් හැලියක්, හාල් සේරු අටක්, පොල්ගෙඩි අටක්, කරවල ආදිය තම තරාතිරම අනුව අඩු වැඩි වශයෙන් යොදාගැනේ. මින් අදහස් වන්නේ මනාලයා සමග යන අයගේ කෑම වියදම සැපයීම වේ. අදත් පහතරට මහගමන යාමේදී හාල්, පොල්, සිල්ලර බඩු, ඉළවළු ආදියද, හැලි, වලං, ලුණු ආදියද ගෙනයාමේ සිරිතක් පහතරටද දක්‌නට ලැබේ.
මංගල්‍යයකදී දෑවැදි දීමේදී ඉඩ කඩම්, ගවයන්, මෙන්ම ගෙදරට අවශ්‍ය අල්මාරි, මහන මැෂින්, ඇඳපුටු මේස ආදියද දීමේ සිරිත අදත් පවතී. දෑවැද්ද දීමේදී පෝරුවේ චාරිත්‍ර සිදු කෙරේනම් ඔවුන් පෝරුවෙන් බහින අවස්‌ථාවේ දී මාමාකෙනෙකු විසින් "දෑවැදි සීට්‌ටුව" කියවා මනමාලයා අත තබනු ලැබේ. ඉන්පසු ඔහු එය සහෝදරයකුට බාර දෙනු ලබයි. විවාහය තරම් මානව සම්බන්ධතාවයෙහි දැඩිබව කියාපාන තවත් අවස්‌ථාවක් නැතිබව සෘග්වේදය පවසයි. එම බැඳීම සංකේතවත් කරමින් ඇඟිලි ගැටගැසීමක් ද සිදුකෙරේ. සෘග් වේදයේ එන ආකාරයට විවාහ උත්සවය අවසානයේ සැමියා සිය අතගත් බිරියට ධ්‍රැව තාරකාව පෙන්වා එය මෙන් සතිරව පවුලට ආලෝකය සපයන්න යෑයි ඔවා දී, සුදු ගොන් රථයක නැග සැමියාගේ මුල් ගෙදර ලිපෙන් ගිනි බඳුනක් ගෙන නව ගෘහයකට යනු ලබයි. ඉන්පසු නව පවුල් ඒකකය කට අයිතිවන ඔහු සිය සමාජ යුතුකම් ඉටුකරනු ලැබේ.
ලාංකික සමාජයේද ආදරයේ නවාතැන පවුල බව ඩේවි සඳහන් කරන අතර "ඉඟියකින් ආරම්භකොට පා පහර කින් අවසන්කළ හැකි අවස්‌ථාද විවාහයේ ඇතැයි බර්වික් කියයි. මේ නිසාම නොක්‌ස් පවසන්නේ පුද්ගලයා තැන්පත්වන තුරු විවාහය සරළව සිතන බවකි. හොයිලිගේ වාර්තාවලට අනුව විවාහයේ පැවතිය යුතු අංග හතරකි. සම කුල වීම, තහනම් ඥති සබඳතා නොවීම, ස්‌තිර සබඳතාවයකට එක්‌වීම, පවුල් ප්‍රධානීන්ගේ අනුමැතිය. මේවායින් තොර විවාහය සම්මතයනට පටහැනි සේ පිළිගැනිණි. නීති නිඝණ්‌ඩුවද මෙවැනිම සම්මතයන් ගණනාවක් දක්‌වා තිබේ.
අද මේ සම්මතයන් දෙදරවාගෙන විවාහය පෙරට ගමන් කරමින් ඇතත් සම්මතයන් ගරු කරන බොහෝ පිරිස් සත් චාරිත්‍ර අනාගතය වෙත ගෙනයමින්ද සිටී.
ගුණපාල ජයතිස්‌ස
(divaina 03/10/2010)