ඒක තමන්ට සාපේෂක ලෙස තමන්ගේ සහකාරිය තෝරගන්න ඕනේ. දැන් උබ දන්නවා උබ මොන වගේද කියලා ඉතින් උබ හිතනවා නම් උබ හොද කෙනෙක් කියලා අන්න එහෙනම් ඒ වගේම හොද හැදියාවක් තියෙන කෙනෙක් තෝරගන්න ඕනේ. උබ කසිප්පු පෙරන ජාතියේ ,කුඩු විකූණ විකූණ හොද හැදියාවන්ත කෙල්ලෙක්ව බදින එක ඒ කෙල්ලට කරන අසාධාරණයක්. ඒකයි මම කිව්වේ තමන්ගේ මතයන්ට ගරුකරන කරන කියලා.ඒ කෙල්ල කැමති නම් උබේ කුඩු පෙරිල්ලට ඒක ප්‍රශ්ණය්ක් වෙන්නේ නෑ. ඒ වගේම උබ කැමති නම් club ගානේ ගිහින් drink දාන කෙල්ලෙක්ට ඒක ප්‍රශ්ණයක් වෙන්නෙත් නෑ.
මම කියන්නේ නෑ. අපි වෙන කෙල්ලොත් එක්ක සම්බන්ධ කම් පවත්වන්න ඕනේ කියලා ඒ වගේම එයත් වෙන සම්බන්ධ කම් තියාගන්න එක හරියි කියල. නමුත් දැනගෙන එහෙම තියාගන්නවා නම් ප්‍රශ්ණයක් වෙන්නෙත් නෑ. අර මහනුවර යුගයේ එක ගෑණිට පිරිමි දෙන්නා තුන්දෙනා, අනුරාධ පුර,පොළොන්නරු යුගවල වගේ එක පිරිමියාට බිරින්දෑ වරු හතර පස් දෙනා. නමුත් ඒක තමන්ගේ කැමැත්ත. ඒකයි මම කිව්වේ මුලසිට තමන්ගේ මතයන්ට ගරුකරන කියන සහකාරියෙක්,සහකරුවෙක් කියල අපි හොයාගත යුත්තේ. මේක හැම සංස්කෘතියටම පොදු නියමයක්. දැන් සිංහල කම කිය කිය කෑගහන අර නලින්ද සිල්වා මේවයේ අඩුපාඩු දකිනවා නම් එයා නියම වික්ටෝරියානු පඹයෙක්. මොකද සිංහල සංස්කෘතිය කියන්නේ මම මේ දැන් කියපු ටිකයි. ඔතන අඩුපාඩු වකට තියෙන්නේ රජවරු කුලය තදින්ම බැලුවා මෙන්න මේ කොන්දේසිය උඩ ඒ තමයි රාජකීය ලේ තියෙන රැජිනකට දාව උපන් ළමයට පමණයි රජකම යන්නේ අන් හැම අවස්ථාවකදීම කුලය බැලුවේ නෑ. ඒක නිසා තමයි අරාබි වෙලේන්දෝ මෙහේට ඇවිල්ලා සිංහල ගෑනූ ප්‍රශ්ණයක් නැතුව බැන්දේ, English,Portuguese,Holland,සුද්දෝ මෙහේ ඉන්න ගෑණූ ප්‍රශ්ණයක් නැතුව බැන්දේ. අපේ රජකාල වල රෝමයට ගිය සෙන්පති වරු එහේ ඉන්න ගෑණු බැදලා පුරවැසි කම පවා ගත්තේ.
නමුත් අපිට පුලුවන් වුනේ නෑ අරාබියට ගිහිල්ලා එහේ ගෑණුන්ව බදින්න මොකද එහෙම කරනවා නම් අපි අරබියෙක් වගේම සම්පූර්ණයෙන්ම හිතන්න ඕනේ. මෙන්න මේකයි සිංහල සංස්කෘතිය.උබලා ඔය කියන්නේ වික්ටෝරියානු සංස්කෘතියක් ගැනයි ඒක British ,ඒ වගේම අරාබි කාරයන්ගේ පෙට්ටි බැලිල්ල ගැනයි අර උන් කරනවා වගේ ඇදට රෙද්දක් දාලා ලේ යනවද බලන එක. අරාබි ක්‍රමයට හැසිරෙන, අල්ලාට 5 පස් පාරක් දණගහන, පල්ලියට ගිහිල්ලා වදින ඒවා, අපිට තියෙන්නේ චින්තනයක් විතරය්ක් ආගමක් නෑ.මොකද ආගමකින් කෙරෙන්නේ අන් කෙනෙක් තමන්ගේ ගැලවුම් කාරයා වෙන එකයි. නමුත් අපි බුද්ධාගමේ හැටියාට අපියි අපේ ගැලවුම් කාරයා. පන්සල් නොගිහින් පවා නිවන් දකින්න පුලුවන් අපිට.ධර්මය අහන්න ක්‍රමයක් තියෙනවා නම්(internet වගේ)
දැන් අපි බැන්ද කෙල්ල ක්‍රිස්තියන් විදියට හිතනවා නම් අපි බෞද්ධ දර්ශනයට හිතනවා නම් එතන ගැටුමක් තියෙනවා නමුත් අපිට පුලුවන් පොදු එකග තාවකින් ඉන්න, මම දැකලා තියෙනාවා පවුල් ඕන තරම්, හින්දු අය බෞද්ධ අය බැදලා ඉන්නවා,ක්‍රිස්තියන් අය බෞද්ධ අය බැදලා සමගියෙන් සතුටෙන් ඉන්නවා. අවශ්‍යවෙන්නේ අන්‍ය අවබෝදය වගේම, එකිනෙකාගේ මතයන්ට ගරු කිරීමයි.