විවිධාකාර මිනිස්සු
පෙළක් මිනිස්සුන්ගෙ
හිත ඉස්සරවෙනව
හිත ඉස්සර කරගෙන
පහුවෙලා
වෙච්ච වැරැද්ද ගැන
හිත හිතා හූල්ලනව
පෙළක් මිනිස්සුන්ගෙ
ඔළුව(මොළේ) ඉස්සරවෙනව
ඔළුව ඉස්සර කරගෙන
හිස හැරැණු අතේ යනව
නිකං තෝන්තු වෙලා වගේ
ඔහේ ඉන්නවා..
ඔය අතරෙ
කොටහක් මිනිස්සුන්ගෙ
කට ඉස්සරවෙනව
ඉතිං කට ඉස්සර කරගත්තු
පෙළක් අය නං
දත කට පූට්ටු කරගෙන
පැත්තකට වෙනව
මේ ඔක්කෝටම කලින්
ඇස් ඉස්සර වෙලා
හිත් පුරාම වල්ගස් පැළ කර ගත්තු
තවත් කොටහක් ඉන්නවා
අන්න ඒ කොටහා
තමයි අත ඉස්සර කරගන්නෙ
අන්න ඒ අත ඉස්සර කරගත්තු
පෙළක් අය
අහක තියෙන වල්පැළ
උදුරන්ට ගිහිං
නිකාං කිච වෙනව..
කිච වෙලා කිච වෙලා
කිච වෙවීම ඉන්නවා....
•::ඨාකුර්::•ට || හිතෙන දේ....වල්....
පෙළක් මිනිස්සුන්ගෙ
හිත ඉස්සරවෙනව
හිත ඉස්සර කරගෙන
පහුවෙලා
වෙච්ච වැරැද්ද ගැන
හිත හිතා හූල්ලනව
පෙළක් මිනිස්සුන්ගෙ
ඔළුව(මොළේ) ඉස්සරවෙනව
ඔළුව ඉස්සර කරගෙන
හිස හැරැණු අතේ යනව
නිකං තෝන්තු වෙලා වගේ
ඔහේ ඉන්නවා..
ඔය අතරෙ
කොටහක් මිනිස්සුන්ගෙ
කට ඉස්සරවෙනව
ඉතිං කට ඉස්සර කරගත්තු
පෙළක් අය නං
දත කට පූට්ටු කරගෙන
පැත්තකට වෙනව
මේ ඔක්කෝටම කලින්
ඇස් ඉස්සර වෙලා
හිත් පුරාම වල්ගස් පැළ කර ගත්තු
තවත් කොටහක් ඉන්නවා
අන්න ඒ කොටහා
තමයි අත ඉස්සර කරගන්නෙ
අන්න ඒ අත ඉස්සර කරගත්තු
පෙළක් අය
අහක තියෙන වල්පැළ
උදුරන්ට ගිහිං
නිකාං කිච වෙනව..
කිච වෙලා කිච වෙලා
කිච වෙවීම ඉන්නවා....
•::ඨාකුර්::•ට || හිතෙන දේ....වල්....



