විවිධ ජාතීන් පිළිපදින ලිංගිකත්වය හා සබැඳ

s.a.s

Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    විවිධ ජාතීන් පිළිපදින ලිංගිකත්වය හා සබැඳ

    ks1Vg8NzypBv0gLU_1.-Cover.jpg




    ලිංගිකත්වය පිළිබඳ ලොව පුරා විවිධ මතිමතාන්තර තිබෙනවා. සමහර ජාතීන් මේ පිළිබඳ ව එළිපිට කතා කරද්දී, තවත් සමහර ජාතීන් එසේ කිරීම නොහොබිනා දෙයක් ලෙස සලකනවා. කෙසේ නමුත් මිනිසාගේ පැවැත්ම රඳාපවතින්නේ ලිංගිකත්වය මත යි.

    ලිංගිකත්වය යන මාතෘකාවට ලොව විවිධ ජනකොටස් අනුගත වන්නේ විවිධාකාරයට යි. මේ සඳහා ඍජු හා වක්‍රාකාරයෙන් නිර්මාණය වුණු විධික්‍රම හා චාරිත්‍ර ලොව බොහෝ පෙදෙස්වල දී අත්දැකිය හැකියි.
    මේවා සමහරෙකුට ඉතා සාමාන්‍ය දේ ලෙස හැඟෙද්දී, තවත් ජන කොටසකට ජුගුප්සාජනක හෝ සදාචාර විරෝධී ලෙස හැඟෙන්නට පිළිවන.

    මේ ලිපියෙන් අපි ඔබ වෙත ගෙන එන්නට අදහස් කරන්නේ ලොව සමහර ජන කොටස් 'ලිංගිකත්වය' අරබයා අනුගමනය කරන විශේෂිත චාරිත්‍ර හා විධික්‍රම කිහිපයක් ගැන තොරතුරු යි.




    අනුන්ගේ භාර්යාවන් සොරකම් කිරීම නීත්‍යනුකූල ව සිදුවන නයිජර්​


    WWv6PNuxNZNuSPkk_2.-Wife-stealing-dance.jpg

    Daily mail/Getty



    අප්‍රිකා මහාද්වීපයට අයත් වන නයිජර් හි පවතින වොඩාබේ නම් ගෝත්‍රයට අයත් ජනයා අපූරු උත්සවයක් පවත්වනවා. ලිංගිකත්වය හා සබැඳි මෙම උත්සවයේ දී සිදුවන්නේ එහි තරුණයින් අන්‍යයින්ට අයත් භාර්යාවන් පොළඹවා ගැනීමට උත්සාහ කිරීම යි. :Pමෙහි දී මෙම ගෝත්‍රික තරුණයින් විවිධ ඇඳුම් ආයිත්තම්වලින් සැරසී, මුහුණෙහි දීප්තිමත් වර්ණ තවරාගෙන සරාගී නැටුම් හා රංගනයන් තරුණ විවාහක කාන්තාවන් අභිමුඛයේ ඉදිරිපත් කරනවා.

    මෙහි දී කාන්තාවන්ට තමන් කැමති තරුණයෙකු රිසි සේ තෝරාගත හැකි අතර ඔහු සමග ලිංගික ව එක්වීම ද සිදු කළ හැකියි. මෙය සම්පූර්ණයෙන් ම නීත්‍යනුකූල වන අතර ඊට සැමියන්ගෙන් ද විරෝධයක් එල්ලවන්නේ නැහැ. මේ ආකාරයේ 'පිරිමි සතුන් නර්තනයේ යෙදී සිය සහකාරිය ආකර්ෂණය කරගැනීමේ’ හැසිරීම් සත්ත්ව ලෝකය තුළ දැකගත හැකි අතර මොණරා ඊට හොඳ උදාහරණයක් වෙනවා.​





    ස්වයං වින්දනය චාරිත්‍රයක් කරගත් පුරාණ ඊජිප්තු වැසියන්​



    qtbhR9nHJzkd2N6A_3.-Egypt.jpg

    theoutwardquest



    ස්වයං වින්දනය ලොව බොහෝ සංස්කෘතීන් හොර රහසේ කතා කරන මාතෘකාවක් වුවත්, පුරාණ ඊජිප්තුවේ නම් එයට රාජ්‍යතාන්ත්‍රික පිළිගැනීමක් පැවත තිබෙනවා.

    පැරණි ඊජිප්තු දේවකතාවලට අනුව මැවීමට අධිපති දේවතාව අටුම් සිය දරුවන් තනා ඇත්තේ තමන්ගේ ම ශුක්‍රාණු පානය කිරීම මඟිනුයි.

    මීට අමතර ව ඔහු විසින් නයිල් නදිය ද තනා ඇත්තේ ඔහුගේ ශුක්‍රාණු මුදාහැරීමෙන් බැව් ඊජිප්තු ජනයා විශ්වාස කළා. මේ හේතුවෙන් පාරාවෝ රජවරුන් ඇතුළු ප්‍රභූ ජනයා විටින් විට උත්සවශ්‍රීයෙන් සිය ශුක්‍රාණු නයිල් නදියට මුදාහැරීමට කටයුතු කළා. ඒ එහි ජල මට්ටම හොඳින් තබාගැනීමේ අටියෙනුයි.:lol:





    විවාහය 'අත්හදා' බැලිය හැකි ඉරානය


    TJ8o0buEahFenkXd_4.-marriage-iran.jpg

    moroccoworldnews.com



    ඉරානය සැලකෙන්නේ විවාහය හා ලිංගිකත්වය පිළිබඳ ව ඉතා දැඩි නීති රීති ඇති රාජ්‍යයක් හැටියට යි. කෙසේ නමුත් එහි වෙසෙන තරුණයෙකුට හා තරුණියකට සිය දෙමව්පියන්ගේ හා ආගමික බලධාරීන්ගේ අවසරය ඇති ව විවාහ ජීවිතයක් 'අත්හදා බැලිය' හැකියි.

    මෙහි දී දෙපාර්ශවයට යම් මුදලක් වැය කර තාවකාලික විවාහ බලපත්‍රයක් ලබාගත හැකි අතර එහි දී ඔවුන් එම තාවකාලික විවාහය පවතින කාලය ද ඇතුළත් වන ගිවිසුමකට අත්සන් කරනවා.

    මෙම ගිවිසුම්ගත කාලය තුළ ඔවුනට අඹුසැමියන් මෙන් හැසිරිය හැකි අතර එය අවසානයේ දී සබඳතාව කෙළවර කරනවා ද, ස්ථිර ලෙස ම විවාහ වෙනවා ද යන්න පිළිබඳ ව නිසි තීරණයකට ඔවුනට එළැඹිය හැකියි.:rolleyes:






    එකගෙයි පවුල් කාපු හිමාල අඩවියේ හා ලංකාවේ මිනිසුන්


    dzaX23EAmiB6EQlR_5.-Himalayas.jpg


    Daily mail.com



    ලොව බොහෝ රජවරුන් අන්තඃපුර පවත්වාගෙන ගොස් ඇති බවට සාක්ෂ්‍ය තිබෙනවා. එමෙන්ම එකල යහමින් අතෙහි මුදල් ගැවසුණු හා භව භෝග සම්පත්තිය හොඳින් තිබූ මිනිසුන් හට එක් භාර්යාවකට වඩා හිඳ තිබෙනවා. කෙසේ නමුත් එක් භාර්යාවට ස්වාමිපුරුෂයන් කිහිපදෙනෙකු සිටි අවස්ථා ද ලොව ඉඳහිට හමුවෙනවා.

    හිමාල අඩවියේ සමහර ජන කොටස්වල මෙන්ම අතීත ලංකාවේත් එකගෙයි කෑමේ චාරිත්‍රය හෙවත් එකම පවුලේ සොහොයුරන් කිහිපදෙනෙකුට එක් භාර්යාවක් පාවා දීමේ චාරිත්‍රය පැවතී තිබෙනවා.

    මෙහි දී සොහොයුරන් තුන් හතර දෙනෙක් සඳහා එක් භාර්යාවක් නිවසට කැන්දාගෙන එන අතර ඔවුන් සියලු දෙනා විසින් ඇය ව පෝෂණය කිරීම සිදු කෙරෙනවා. ලිංගික ක්‍රියාවල නිරත වීමේ දී වෙන් වෙන් වශයෙන් සොහොයුරන් ඇය සමග එක්වෙනවා.

    දේපල බෙදී යාම වැළැක්වීම සඳහා ලංකාව තුළ මෙම ක්‍රමය ක්‍රියාත්මක වී තිබෙනවා.:angry:




    වැඩිහිටි ගැහැණුන් සමග යහන්ගත වන මන්ගඉයා වැසියන්​



    M5dTWJTuxO7cSkLy_6.-mangaia.jpg

    Cook Is. Art​



    මන්ගඉයා පැසිෆික් සයුරේ දකුණුදිගින් පිහිටි කුඩා දූපතක් වෙනවා. මෙහි වැඩිහිටි ගැහැණුන් නිතර ම පාහේ තරුණ දරුවන් සමග ලිංගික ව එක්වන්නේ එම කර්තව්‍යය පිළිබඳ ව ඔවුන් පුහුණු කිරීමේ අටියෙනුයි.

    ඔවුන් විසින් මෙම තරුණයින්ට විවිධ ලිංගික ඉරියව් හා වඩා සාර්ථක ව ලිංගික ක්‍රියාව සිදුකරන ක්‍රමවේද උගන්වන අතර සමහර විටෙක තරුණ ගැහැණු දරුවන්ට සුරතාන්තය පිළිබඳවත් කියාදෙනවා.

    මෙම දූපතෙහි තරුණයෙක් තරුණියක් සමග ලිංගික ව එක්වන විට ඇය ව තෘප්තිමත් කිරීමට නොහැකි වුවහොත් එය ඉතා ලැජ්ජා සහගත දෙයක් ලෙස සලකනවා.:rofl:





    කාම්බෝජයේ 'ආදර මැසි'



    LbEe5JxSybJ7tZGs_7.-love-huts-cambodia.jpg

    louisquail.com


    කාම්බෝජයේ ජීවත් වන ක්‍රෙඋන් නම් ජන කොටසට අනන්‍ය වූ අපූරු චාරිත්‍රයක් තිබෙනවා. මේ ජන කොටසට අයත් තරුණියක් වැඩිවිය පැමිණි විට ඇයගේ නිවසින් මඳක් ඈතට වන්නට 'ආදර මැස්සක්' ඇයගේ දෙමව්පියන් විසින් ඉදිකරනවා.

    ඇය ව මෙහි රඳවන අතර විවිධ තරුණයින්ට එහි පැමිණ ඇය සමග සංවාද පවත්වන්නට මෙන්ම කුළුපග වන්නටත් අවකාශ ලබාදෙනවා. :cool:මෙලෙස කිහිපදෙනෙක් එහි ආගිය පසු තමන්ට නියමාකාරයෙන් ගැළපෙන සගයා තෝරාගන්නට එම තරුණියට නිදහස ලැබෙනවා.:P




    සිය මව්පියන් එක්වන අයුරු නරඹන මාකේසස් හි දරුවන්



    6hvJkZWnHbMi8KFB_8.-Marquesus.jpg

    YouTube


    ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ ආසියාතික රටවල දරුවන්ට පෙනෙන ලෙස ලිංගික ක්‍රියාවල නිරත වීම ඉතා සාපරාධී මෙන්ම අශෝභන ක්‍රියාවක් ලෙස සලකනවා.

    කෙසේ නමුත් පැසිෆික් සයුරේ දූපතක් වන මාකේසස් හි ජනයාට නම් එය ඉතා සාමාන්‍ය දෙයක් වෙනවා. මෙහි දරුවන් තරුණ වියට පැමිණෙන තුරු තමන් නිදාගන්නා කාමරයේ රඳවාගන්නට ඔවුන්ගේ දෙමාපියන් ක්‍රියා කරන අතර, ඔවුනට විවිධ දේ උගන්වනවා.

    ලිංගික අධ්‍යාපනය ප්‍රායෝගික ව ඉගැන්වීමත් ඊට ඇතුළත්.:no:




    කතෘ අයිතිය DININDU EKANAYAKE


    ගත්තේ මෙතනින්
     
    Last edited:

    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    එකට සිරි ලංකාවේ ...ගලක් උඩ නැගල පුකක් පෙන්නුවා කියල උන්ගේ පුකවල් පලනවා හරියට අනිත් උන්ට පුකවල් නෑ වගේ ...
     

    AussieKolla

    Well-known member
  • Oct 27, 2016
    767
    387
    63
    eha paththey gedara inna gaanith uge miniha rata giya dawasey indan Adara Massak gahala thiyenne... ekitath podi cambody look ekak thiyenawa habai...
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    එකට සිරි ලංකාවේ ...ගලක් උඩ නැගල පුකක් පෙන්නුවා කියල උන්ගේ පුකවල් පලනවා හරියට අනිත් උන්ට පුකවල් නෑ වගේ ...

    :lol::lol::lol:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එකට සිරි ලංකාවේ ...ගලක් උඩ නැගල පුකක් පෙන්නුවා කියල උන්ගේ පුකවල් පලනවා හරියට අනිත් උන්ට පුකවල් නෑ වගේ ...

    උඹටත් ගලක් උඩ නැගල පුක පෙන්නන්න ආසයිද බං ? :confused: ඉතිං ඇයි උඹට අරුං දෙන්න කරන්න කලිං ඕක කරන්න හිතුන්නැත්තෙ ? :eek: නැත්තං උඹ උන් දෙන්නගෙන් එකෙක්ද ?