විශ්මයජනක වර්ෂාව
පාරම්පරික චාරිත්‍රයකින් පසු නිකවැහැරට ඇද හැළුණු විශ්මයජනක වර්ෂාව
වැස්ස අපේක්ෂාවෙන් පොල්පිතිගම, නිකවැහැර මඩහපොළ ගම්වාසීහු ඊයේ මඩහපොළ කන්ඳේදී පාරම්පරික චාරිත්‍රයක නිරත වූහ.
ඒ සඳහා ඔවුන් පිටත්ව ගියේ නිකවැහැර දේවාලයේ පැවති යාතිකාවකින් අනතුරුව ය.
මඩහපොළ නගරයේ සිට කන්ඳේ දේවාලය දක්වා අලි ඇතුන් පෙරටුකර ගත් පෙරහැරකින් ගලේබණ්ඩාර දෙවියන් වැඩම කරවූ අතර කන්දේ දේවාලයේදී ද යාතිකාවක් පැවැත් විය.
පසුව කීලෝමීටර් 5ක දුර ගෙවා මඩහපොළ කඳු මුදුනට පැමිණි ඔවුහු පාරම්පරික චාරිත්‍රයේ නිරත වූහ.
කඳු මුදුණේ පිහිටි ගිරිකුළු 7ක් මත දඬු යොදා සිදු කළ මෙම චාරිත්‍රය හඳුන්වනු ලබන්නේ, ගල් පැනීමේ චාරිත්‍රය ලෙසිනි.
චාරිත්‍රය අවසන්වනවා ත් සමග ම සියලු දෙනාගේ බලාපොරොත්තු සඵල කරමින් මහ වැසි ඇද හැලීම ආශ්චර්යමත් සිදු වීමක් විය.

ඒව ඉතින් පෙන්නනෙ නෑනෙ මෙන්න වැස්ස වැටුනෙ නෑ කියල .. ලොල්ම තමයි 