විශ්මිත දෙමෝදර රේල් ගැටය

විශ්මිත දෙමෝදර රේල් ගැටය

ලොවම මවිත කළ
දෙමෝදර රේල් ගැටය සහ දෙමෝදර පාළම

n7-1.jpg
සුන්දර බදුලු ඔයත් ඊට එක්‌ වන අතු ගංගාවත් ප්‍රදේශයේ ජනතාවට නෙත් පිනවන දසුනක්‌ විය. එම නිසාම ඒ ස්‌ථානය "දෙමෝදර" ලෙසින් ජනවහරට එක්‌විය.

"දෙමෝදර" දැන් ලොව පුරා ප්‍රචලිතවී අවසන්ය. නමුත් ඒ සොබා දහමේ තිළිණයක්‌ ලෙස ගංඟා දෙකක්‌ එක්‌වන ස්‌ථානයක්‌ නිසා නොවේ.

n7-2.jpg

(පහළ ඇති පිංතූර දෙකත් බලන්න)ශ්‍රී ලාංකිකයන් එදා මෙදා තුර කරනලද බොහෝ නිමවුම් ලොව මවිත කළේ ඉතිහාසයේ පමණමය. රාවණාගේ දඬු මොණරයෙන් ඇරඹුණු එම විශ්මිත නිමවුම්වල ශේෂ සිය දහස්‌ ගණනක්‌ රජ දවස පටන් අද දක්‌වා පවතියි. එහෙත් දෙමෝදර ප්‍රකට වුණේ පසුගිය සියවසෙහි දී තරම් මෑත කාලයේ ශ්‍රී ලාංකික නිර්මාණ හැකියාවේ ප්‍රතිඵලයක්‌ ලෙසිනි.

"දෙමෝදර දුම්රිය මාර්ගය" ලෙස හඳුන්වනු ලබන සුප්‍රකට නිමවුම් බොහෝ දෙනකු විසින් හඳුන්වනු ලබන්නේ විශ්වකර්ම නිර්මාණයක්‌ ලෙසිනි. එවකට යටත් විජිත සුදු පාලකයින් පවා මවිත කරන ලද එය දුලභ ගණයේම දුම්රිය මාර්ගය බවටද පත්විය. ශ්‍රී ලංකාවේ පමණක්‌ නොව ලෝකයේම එවැනි දුම්රිය මාර්ගයක්‌ ඉදිකෙරුණු පළමු අවස්‌ථාව එය විය. එහි ඇති සුවිශේෂී බව සමස්‌ත ලෝකයාගේම අවධානය යොමු වීමට හේතුවිය.
කොළඹ සිට කන්ද උඩරට බලා දිවයන දුම්රිය මාර්ගය දැකුම්කළු දසුනක්‌ ඇති කරයි. ඊට බදුල්ලේ දෙමෝදරදී බාධකයක්‌ ලෙස මුණ ගැසෙන භූ විෂමතාව නිර්මාණාත්මකව ජය ගැනීමෙන් ලොව ප්‍රකට වුණු "දෙමෝදර දුම්රිය මාර්ගය සුවිශේෂී නිමවුමක්‌ ලෙස ඉතිහාසයට එකතු වී ඇත.

බදුල්ලත්, බණ්‌ඩාරවෙලත් අතර පිහිටි දෙමෝදර දුම්රිය ස්‌ථානය සහ දුම්රිය මාර්ගය ඉදිකෙරුණේ 1921 දී පමණය. කොළඹ කොටුව දුම්රිය ස්‌ථානයේ සිට ඊට සැතපුම් 172 ක්‌ හෙවත් කි.මී. 276 ක්‌ පමණ දුරකින් එය පිහිටා ඇත. මුහුදු මට්‌ටමේ සිට උස මීටර් 911 ක්‌ පමණ දෙමෝදර දුම්රිය ස්‌ථානය ඉදිකොට තිබේ.

දෙමෝදර දුම්රිය මාර්ගය ඉදිකිරීමේ ගෞරවය හිමි වන්නේ ගෞරවණීය ශ්‍රී ලාංකික පුත්‍රයකු වූ ඩී. ඡේ. විමලසුරේන්ද්‍ර මහතා වෙතය. මෙම විශ්මිත නිමවුමේ විශ්වකර්මයා එතුමාය.

නමුත් දෙමෝදර ප්‍රදේශයේ මෙහි නිර්මාණාත්මක අදහස පිළිබඳ කියෑවෙන ජනප්‍රවාදයක්‌ද ජනතාව අතර ප්‍රචලිතව ඇත. අප්පුහාමි නම් වූ හරක්‌ බලා ගන්නෙක්‌ හෙවත් ගොපලු තරුණයෙක්‌ පිළිබඳ වූ කතාවක්‌ එලෙස ජනප්‍රවාදයට එක්‌ වී තිබේ.

දෙමෝදර ඔස්‌සේ දුම්රිය මාර්ගය ඉදිකිරීමේ ගැටලුවකට එහි ඉදිකිරීම් සිදුකළ සුදු ජාතිකයන් මුහුණදී ඇත. එම ප්‍රදේශයේ භූ විෂමතාව අනුව බණ්‌ඩාරවෙල සිට සැතපුම් 3 1/2 ක පමණ අමතර දුරක්‌ දුම්රිය මාර්ගය ඉදිකිරීමට සිදුවී ඇත. එසේ නොමැතිව එම ස්‌ථානයෙන් දුම්රියක්‌ ධාවනය කිරීමට නොහැකිය. ඉංගී්‍රසින් ඒ පිළිබඳ කල්පනා කරමින් සිටියදී දෙමෝදර කඳු මුදුනෙහි හරක්‌ බලමින් සිටි ගොපල්ලා අපූරු අදහසක්‌ ඉදිරිපත් කළේය.

සිය හිසෙහි ජටාව බඳින ආකාරය පෙන්වා කන්ද වටා එම ආකාරයම දුම්රිය මාර්ගය ඉදිකිරීමට සුදුසු බව ඔහුගේ උපදේශය විය. ඒ අනුව කන්ද වටා ගොස්‌ දුම්රිය ස්‌ථානයට යටින් උමගකින්ද ගොස්‌ දුම්රිය ධාවනය කිරීමට සුදුසු දුම්රිය මාර්ගයක්‌ ඉංගී්‍රසි පාලකයන් විසින් ඉදිකරන ලදී.

ජනප්‍රවාදයේ එලෙස අදහසක්‌ පැවතියද ඉංගී්‍රසි ඉංජිනේරුවන් ද මවිත කරමින් එම දුම්රිය මාර්ගය ඉදිකිරීම සඳහා උපදෙස්‌ ලබාදෙන ලද්දේ සුප්‍රකට ඉංජිනේරු ඩී. ඡේ. විමලසුරේන්ද්‍ර මහතා විසිනි.

මෙම දුම්රිය මාර්ගය කි.මී. 1 පමණ දුරකින් යුතු වූවකි. දුම්රිය ස්‌ථානය පිහිටි දෙමෝදර කන්ද වටා පැදකුණු කොට බදුල්ල වෙත පහසුවෙන් ගමන් කිරීම මෙමඟින් සිදුවෙයි.

දුම්රිය මාර්ගයේ උමගක්‌ ද වෙයි. එය දුම්රිය ස්‌ථානය යට පිහිටීමද තවත් විශේෂත්වයකි. අඩි 416 ක්‌ හෙවත් මීටර් 170 ක්‌ පමණ එම උමග දිගින් යුතුය. කොළඹ සිට ගමන් ගන්නා දුම්රිය මාර්ගය කි.මී. 277.64-277.814 අතර එම දුම්රිය උමග ඉදිකොට තිබේ.

මෙම දුම්රිය මාර්ගය කන්දක්‌ වටා ගමන් කරන්නේ ආනතියකින් යුතුවය. අඩි 44 ට අඩි 1 ක්‌ ලෙස එහි ආනතිය තබා ඇත. ඉපැරැණි රජ දවසින් පසු ඉදිකරන ලද තවත් විශ්මිත නිමවුමක්‌ බව ප්‍රකට කරන්නට එයද කදිම සාක්‍ෂියකි.

දෙමෝදර දුම්රිය ස්‌ථානය දුම්රිය මාර්ග 3 කින් ද සමන්විතය. ශ්‍රී ලංකාවේ පිහිටි ජනප්‍රිතම දුම්රිය මධ්‍යස්‌ථානයක්‌ ලෙස එය ප්‍රකටව ඇත්තේ දෙමෝදර දුම්රිය මාර්ගය නිසාය.

දෙමෝදර දුම්රිය මාර්ගයේ ගමන අවසන් වී බදුල්ල දෙසට යළි ගමන් අරඹන්නේ "කළු පාලම මතිනි. කළු පාලමද බදුලු ඔය හරහා ඉදිකොට ඇති විශිෂ්ට නිර්මාණයකි. කළු ගල් එක මත එක තැබූ එහි ආරුක්‌කුවල උස අඩි සියයකටත් වඩා වැඩිය. ඒ මතින් ගමන් කරනා විට හද කකියවන සුළු හැඟීමක්‌ දැණුනද එය මෙරට ඉංජිනේරුවන්ගේ විශිෂ්ට පාලම් නිර්මාණයක්‌ ලෙස හඳුනා ගනිද්දී සිතට දැනෙන්නේ ආඩම්බරයකි.

මෙලෙස විශ්මිත ශිල්පීය නිර්මාණයක්‌ වී ඇති දෙමෝදර දුම්රිය මාර්ගය තවත් සියවස්‌ ගණනාවක්‌ ගතවුව ද ශ්‍රී ලාංකිකයන්ගේ හපන්කම් ලොවට පැවසීමට සමත් වනු ඇත.
(දෙමෝදර රේල් ගැටය)
34et5ol.jpg

දෙමෝදර විශ්මිත
ගල් පාලම
t65vl5.jpg

දුම්රිය දෙපාර්තමේන්තුවේ,දිවයින, හා වෙනත් අඩවි කීපයකින් උපුටා ගැනින.


 
Last edited:

ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
වැඩි අවධානයට ලක් වී නොමැති මෙවැනි අතිවිශිෂ්ඨ නිර්මාන ගැන අපව දැනුවත් කලාට ශම්මි ඔබට බෙහෙවින්ම් ස්තුතියි.

බොහෝ දෙනෙක් දැන් කාලයේ අපේ නිර්මාණකරුවන්ගේ හැකියාව අමතක කරමින් සිටින යුගයක මෑත යුගයේ සිදු කලා වූ මෙවන් නිර්මාන ගැන තොරතුරු ලබාදීම නම් අප වෙනුවෙන් කරන විශාල සේවයක්.........

පුහු දේවල් මත යමින් සත්‍ය වසන් කරමින් සිටිනා ලෝකයක අතරමව සිටිනා අපට, ශ්‍රේෂ්ඨ ජාතියක අභිමානය මතක් කර දීම පිළිබඳව බෙහෙවින්ම පින්...


 
වැඩි අවධානයට ලක් වී නොමැති මෙවැනි අතිවිශිෂ්ඨ නිර්මාන ගැන අපව දැනුවත් කලාට ශම්මි ඔබට බෙහෙවින්ම් ස්තුතියි.

බොහෝ දෙනෙක් දැන් කාලයේ අපේ නිර්මාණකරුවන්ගේ හැකියාව අමතක කරමින් සිටින යුගයක මෑත යුගයේ සිදු කලා වූ මෙවන් නිර්මාන ගැන තොරතුරු ලබාදීම නම් අප වෙනුවෙන් කරන විශාල සේවයක්.........

පුහු දේවල් මත යමින් සත්‍ය වසන් කරමින් සිටිනා ලෝකයක අතරමව සිටිනා අපට, ශ්‍රේෂ්ඨ ජාතියක අභිමානය මතක් කර දීම පිළිබඳව බෙහෙවින්ම පින්...


ස්තුතියි සුරංග.!
 
Jan 5, 2010
879
22
0
මම නම් මේක ගැන දැන ගත්තෙත් දැන් තමා.... නියමයි ශම්මි අක්කෙ...:)
 

NoWayOut

Member
May 13, 2009
578
13
0
ලොවම මවිත කළ
දෙමෝදර රේල් ගැටය සහ දෙමෝදර පාළම

වැඩි අවධානයට ලක් වී නොමැති මෙවැනි අතිවිශිෂ්ඨ නිර්මාන ගැන අපව දැනුවත් කලාට ශම්මි ඔබට බෙහෙවින්ම් ස්තුතියි.

බොහෝ දෙනෙක් දැන් කාලයේ අපේ නිර්මාණකරුවන්ගේ හැකියාව අමතක කරමින් සිටින යුගයක මෑත යුගයේ සිදු කලා වූ මෙවන් නිර්මාන ගැන තොරතුරු ලබාදීම නම් අප වෙනුවෙන් කරන විශාල සේවයක්.........

පුහු දේවල් මත යමින් සත්‍ය වසන් කරමින් සිටිනා ලෝකයක අතරමව සිටිනා අපට, ශ්‍රේෂ්ඨ ජාතියක අභිමානය මතක් කර දීම පිළිබඳව බෙහෙවින්ම පින්...

oba dedena dakeema sathutak...... nithara pasukara giya sthanayak pilibanda nodana siti karunu rashiyak genahara dakweema pilibandawa shammee ta wishesha sthuthiya.... well done!!!
 

king solomon

Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    apoii . ela artical eka. eth podi case ekak tiyenawa, oke yanne suddo hadana train ne, oka udin LANKAWE HADANA TRAIN YANADAWASATA MAN ATTATAMA santhosa wenawa. hmm.. katharagamata rail para dik karaganna bari ape anduwalata meka hodana padamak...
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ïÍå¼ ïÀåÌà´êɨà ÊŠ•. ¦àºà ïÄ Éïªà ¦àÉå ¦à ÀÈåºà ÉÈ ¢¾à¾ ¡Æ ¨èƾàï¾à ¾ç.ÄÍ ¨åȨ¾à¾è §ÆåÈ ¡Àè Éïªà ¡Æ ¡åÌåÉ´Ä ïÍåÆïª¾ ªèÍè¾à ï¼Æ¨à ¨ïÈåºà •̨ ¦ÆÈ´ ªå¾¨à ¾ç.

    ÄÄ ¾Š ïŠ ¼ç¨à¨ÄÆè . ïªå¶¨à ÌàºíºèÆè ä Éïªà ¦àÉ ¡Àè ¦¨à¨ ïÂ¼å ªç¾éÄ ªç¾.
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    හොද පොස්‍ටුවක් ශම්මි. ඒත් මෙ වගේ ඒවා ඒ පලාත් වල ඉන්න අය කියන්නේ නැ.මහ කාලකන්නි ඔයාල අපි වගේ අය ආසාවටම හොයගෙන ගිහින් දෙයක් කලොත් මිසක එයලට ගානක් නැ.

    මම නම් මේ දැක්කමෛ මේක. ගොඩක් ස්තූතියි මී වගේ ඒව අපි එක්ක බෙදා ගැනීම ගැන.