විශ්වකර්මයා ලංකාවට ඇවිල්ලද ?

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    විශ්වකර්මයා ලංකාවට ඇවිල්ලද ?

    පසුගිය රජය රුපියල් ට්‍රිලියන 10 ක ණය ලබා ගෙන ඇති බවත් ඉන් පොත්වල සඳහන් කර ඇත්තේ ට්‍රිලියන 1 ක් පමනක් බවත් ට්‍රිලියන 9 ක් අවභාවිතා වී ඇති බවත් රාජ්‍ය නායකයා කීවායැයි මට අදහා ගත නොහැක.
    ට්‍රිලියනයක් යනු කෝටි ලක්ෂයකි. 2014 සමස්ථ රාජ්‍ය ආදායමද ට්‍රිලියනයකි. එමෙන් 9 ගුනයක් අවභාවිතා කරන්නා එසේ මෙසේ විශ්වකර්මයෙක් නොවේ.
    පොත්වල සඳහන් නැති ණය ගැන කවුරුවත් කලබල විය යුතු නැත. නිසි පරිදි ලිපි ලේඛණ සකස් නොකර එවැනි සුවිශාල ණයක් කවුරු හෝ දුන්නානම් ඒ ආපසු ගැනීමේ කිසිදු බලාපොරොත්තුවකින් විය නොහැක.
    ඒ කෙසේ වෙතත් ජනතාව අපෙන් හෝ අසා සත්‍ය දැනගත යුතු නිසා යලිත් මම ඔබට නිවැරදි තත්වය පහදන්නට කැමැත්තෙමි. එය පහත දැක්වෙන ප්‍රස්ථාරයෙන් වඩා පැහැදිලිවේ.
    මහින්ද රාජපක්ෂ බලයෙන් ඉවත්වන විට ලංකාවේ සමස්ථ රාජ්‍ය ණය බර රුපියල් ට්‍රිලියන 7.4 විය(කෝටි 7,40,000).ඉන් කෝටි 5,20,000 එකතු වී තිබුනේ පසුගිය රජයේ වසර 9 ක කාලය තුලය.
    නමුත් 2017 අවසන් වන විටනම් සමස්ථ රාජ්‍ය ණය බර රුපියල් ට්‍රිලියන 10.4 (කෝටි 10,40,000) දක්වා ඉහල ගොස් ඇත.
    මේ රාජ්‍ය ණය බර වසර 3 ක් තුල රුපියල් කෝටි 3,00,000 කින් ඉහල යාමකි.