විශ්වයේ විස්මිත තොරතුරු.

33000W

Member
විශ්වයේ විස්මිත තොරතුරු.

ඔන්න ඉතින් ආයිත් හුඟ කාලෙකින් පෝස්ට් එකක් දාන්නයි හදන්නෙ.මම අළුත් අවුරුද්දට සුභ පතලා ජනවාරි 1 වෙනිදා ලිපියක් දැම්මට පස්සෙ ලිපියක් දාලාම නෑ.ඒ කියන්නෙ මාසයයි දවස් 13 කින් ලිපියක් දාලා නෑ.හුඟක් ලොකු කාලයක්.ඔය අතරදි මගේ ගූගල් එකවුන්ට් එක,බ්ලොග්ගර් එකවුන්ට් එක වගේම සැමදෙයක්ම බ්ලොග් එක නැත්නම් මේ බ්ලොග් එකත් ගූගල් සමාගමෙන් ඩිලීට් කරල තිබ්බා.මම ආපහු ඉල්ලලා එයාලට පනිවිඩයක් යැවුවා.ඊට පස්සෙ මට ආපහු ඒක හම්බවුනා.හරි එහෙනම් අද ලිපිය පටන් ගමු.

ලොව විශාලතම උනුදිය උල්පත - ඕල්ඩ් ෆේත්ෆුල්




ඇමෙරිකාවෙ බටහිර ප්‍රාන්තයේ වයොමින්හි යෙංලස්ටෝන් ජාතික උද්‍යානයේ මෙය පිහිටා ඇත.සාමාන්‍යයෙන් මීටර 100 ක් පමණ ඉහලට මෙය විහිදී යයි.



විශාලතම කොරල් පරය - මහා බාධක කොරල් පරය




ලොව වෙසෙන් ජීවී කොට්ඨාසයක් විසින් ගොඩ නගන ලද විශාලතම නිර්මාණය ඕස්ට්‍රේලියාවේ ඊසාන දිග වෙරළට ඔබ්බෙන් පැසි‍ෆික් සාගරයේ පිහිටා ඇති මහා බාධක කොරල් පරයයි. කි.මී.2010 පමණ දිගින් යුක්තයි.


නොගිලෙන මුහුද - මළ මුහුද




සාමාන්‍ය මුහුදු ජලය මෙන් පස් ගුණයක ලවණතාවයකින් යුතුවූ මළ මුහුදට මේ නම භාවිතා කරන ලද්දේ සත්‍ය වශයෙන්ම එහි කිසිඳු ජීවයක් නොමැති වීම නිසාවෙනි.එහෙත් පර්යේෂන මගින් සොයාගත් කරුණු අනුව එහි ක්ෂුද්‍රජීවීන් පමණක් වෙසෙන බව සොයාගෙන තිබේ.


මෙම ලවණතාව අධික මුහුදු වෙරළ ලෝකයේ මුහුදු මට්ටමේ පහතම පිහිටා තිබෙන භූමි මතුපිට ලෙස සැලකේ.එය මුහුදු මට්ටමින් අඩි 1302 ක් පහතින් පිහිටා ඇත.මෙහි ඇති සාන්ද්‍රණතාවයේ අධික බව නිසාම මෙහි පීනන්නෙකු කිසිවිටෙක දියේ ගිලී මිය නොයයි.



  • ග්‍රීන්ලන්තය වැනි දැඩි ශීතල ප්‍රදේශ වල ජීවත් වෙන එස්කිමෝවරු පවා ශීතකකරණ පාවිච්චි කරති.ඒ තම ආහාර ශීත කර ගැනීමට නොව තම ආහාර සම්පූර්නයෙන් මිදීම වලක්වා ගැනීමටය.
එස්කිමෝවරු

දමා ගැසූ විට ආපසු එන බූමරංගයක්
  • බූමරංගය ගැන ඔබ අසා ඇත.බූමරංග වර්ග දෙකක් ඇත.එකක් දමා ගැසූ විට ආපසු පැමිනෙයි.අනික දමා ගැසූ විට ආපසු නොපැමිනෙයි.ආපසු පැමිනෙන බූමරංගය බොහෝ විට පාවිච්චිකර ඇත්තේ ක්‍රීඩා භාන්ඩයක් වශයෙනි.



  • මොනරා කොතරම් සුන්දර සතෙක් වුවද එම සතාගේ ශබ්දය මිනිසෙකු යටිගිරියෙන් කෑ ගහන විට නැගෙන ශබ්දයට සමානය.

  • ගොළුබෙල්ලා පුංචි සතෙක් වුවද එම සතාට දත් 25000ක් තිබේ.

  • ලොව දිගුම බොක්සින් තරගය 1893 දී නිව් ඕර්ලියන්ස්හීදී ආරම්භ විය.එය පැය 7 කුත් මිනිත්තු 19 කුත් පැවැත් වූ අතර ජය පරාජයකින් තොරව නිමා විය.
ලියනාඩෝ ඩාවින්චි
  • නාගයින් බිහිරි බව ඔබ දන්නවාද?ඔවුන් නයි නටවන්නාගේ නලා හඩට ශරීරය සොලවන්නේ යැයි සිතුවද නයි නටවන්නාගේ ශරීර චලනයට අනුව ඔවුන් සෙලවෙයි.

  • ලියනාඩෝ ඩාවින්චි හට එක අතකින් චිත්‍රයක් අදිද්දී තව අතකින් අකුරු ලිවිය හැක.




ගත්තෙ මෙතනින්.:P:P
http://samadeyakma.blogspot.com/2012/02/2-wonderful-nature-2.html

 

33000W

Member
උඹ මේ දැන් ටිකකට කලිනුත් දැම්මනේ පෝස්ට් එකක්.. :lol::lol:
:rofl::rofl::Pටිකක් යට බලපන්. ඕක උපුටා ගැනීමක් බොල.:lol::lol::lol::lol:
004.gif