ධර්මය ගැන නෙවෙයි කිව්වේ දේව කතන්දර ගැන. video එකේ තියෙන්නේ පෘථිවියට උඩින් තියන දිවය ලෝකයක් ගැන. පෘථිවියට උඩින් කියලා දෙයක් නෑ . කොහෙට උඩින් ද ? එක තැනකට උඩින් ප්ර්තිවියේ තව තැනකට යටින් වෙනවා. ලෝකය රොටියක් කියලා හිතපු කාලේ ආගම් වල කියපු කතා අදට ගැලපෙන්නේ නෑ . හැම ආගමකම ඔහොම කතා තියනව අහසේ දෙයියෝ ගැන. මම කිව්වේ ඒවා ගැන. සමහර විට වෙන ආගම් වල බලපෑමෙන් ආපුව වෙන්න පුලුවන්.
කොහොමද කියන්නේ ඔය කතා හරියටම හරි කියල ? මොකක්ද ඔප්පු කරන්න තියෙන්නේ විශ්වාස කරනවා ඇරෙන්න ?
ඕනෑතරම් දේවල් තියනවා ලෝකය , අනිත් ලෝක ගැන හොයාගෙන මිනිස්සු ගවේෂණය කරලා ප්‍රතිපල ගන්න, තව තව සොයාගෙන යන දේවල්. ඔය ආගම් වල කියන දේවල් විශ්වාස කරගෙන හිටියනම් මිනිස්සු තාම ඕව විශ්වාස කරගෙන රොටියක් උඩ ඉන්න්න්ව කියල අහසේ දෙවියන් ට වැදගෙන විතරක් ඉන්නව. ආගම් වල කියන දැනුමෙන් එහාට මිනිස්සු හිතන්න යන එක නවත්තන්න තමයි ආගම් හැදිලා තියෙන්නේ. අදට ඔය ගොඩක් කතා නිකන්ම සුරංගනා කතා විතරයි. පුලුවන් නම් අපායක් , දිව්‍යලෝකයක් තියනව කියන එකට හේතු එක්ක සාදක දෙන්න. විශ්වාස කරගෙන ඉන්න එක විතරයි. අනික ඔය් ආගම් වල තියන අතීත අනාගත කතා ඔක්කොම වගේ ඒ ආගම් ඇතිවෙන කාලේ තිබ්බ සමාජ පරිසරයේම කොපි වල හදුනා කතා. උදාහරණයකට, ජාතක කතා, වගේ දේවල් වල ඉන්නේ ඔක්කොම එක එක ලෝකේ කාලවල තිබ්බ රජ , සිටු කතා. එතනින් එහාට දියුණු , නොදියුණු සමාජයක් ගැන කතාවක් ලියන්න තරම් හිතන්න බැරි වෙලා. නැත්නම් ඔය ජාතක කතා වල අද සමාජයට සමාන සමාජයක් තියන් කතා , ගල් යුගයේ වගේ නොදියුණු සමාජය ට අදාළ කතා තියෙන්න ඕනේ. එහෙම නෑ . ඔක්කොම රජ සිටු කතා.
------ Post added on Oct 5, 2021 at 3:21 AM