විශ්වය

**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy


    space1.jpg



    පෘථිවියේ හැර වෙනත් කිසි ම ග‍්‍රහවස්තුවක ජීවයක් පවතින බවට පිළිගත හැකි කිසිදු සාධකයක් මෙතෙක් අපට ලැබී නැත. නමුත් පිටසක්වළ ජීවීන් පිළිබඳ පර්යේෂණ කරන බොහෝ දෙනාගේ තර්කය පිටසක්වල ජීවීන් සිටින බවයි. පියාඹන පීරිසි පිළිබඳ නොයෙකුත් කථාන්තර ද බොහෝ විට අසන්නට ලැබෙයි. එහෙත් තවමත් කිසිවකු මේ පිළිබඳ අවසාන විග‍්‍රහයකට ළඟා වී නොමැත. පසුගිය සතිවල පළ වූ පිටසක්වල ජීවීන් පිළිබඳ විද්‍යාත්මක කල්පිතයට ප‍්‍රතිවිරුද්ධ මතයක් ද අප වෙත ලැබී ඇත.තරු එළියෙන් ප‍්‍රභාවිත අහස්කුස මිනිස් සිත තුළට විශ්මය ආශ්වාදය සහ සතුට කැඳවාගෙන පැමිණියා යැයි පැවසීම අතිශයෝක්තියක් නොවේ. ශිෂ්ටාචාරය ආරම්භයේ දී මිනිසා තම සිත් ගත් වීරයන් සහ දෙවිවරුන් ගේ රූප කාය රෑ අහසෙයි දිළෙන තරු පොකුරු අතර සිත්තම් කළහ.

    වසර 2000කට පෙර ජීවත් වූ ක්ලෝඩියස් ටොලමි නම් ඇලෙක්සැල්ඩි‍්‍රයානු කාරකා විද්‍යාඥයා රෑ අහස සිතුවම් ගත කළ බව වාර්තා වේ. ටොලමි විස්තර කළ ආකාරයට සෞරග‍්‍රහ මංඩලයේ අප ජීවත් වන පෘථිවිය නිශ්චලව පවතින අතර සූර්යා සහ චන්ද්‍රයා පෘථිවිය වටා භ‍්‍රමණය වෙමින් පවතී. එම අවදියේ දී තාරකා විද්‍යාඥයන්ට හඳුනාගත හැකි වී තිබුණේ සෞරග‍්‍රහ මණ්ඩලයට අයත් ග‍්‍රහ ලෝක හයක් පමණි.කි‍්‍ර.ව.1609 දී පමණ වැනිසියේ ජීවත් වූ වෙළඳුන් පිරිසක් තම යාත‍්‍රා දුරදී හඳුනා ගැනීම සඳහා වීදුරු කාච යෙදූ උපකරණයක් භාවිතා කිරීමට පුරුදුව සිටියෝය. මෙම උපකරණය පිළිබඳව ඉතාලි ගණිතඥයෙකුවූ ගැලීලියෝ ගැලිලිගේ විශේෂ අවධානය යොමු විය. ගැලීලියෝ ගැලීලි මෙම උපකරණයේ විශාලන බලය තිස් වාරයකින් වැඩි කළේ ය. අනතුරුව එකල තාක්ෂණ විද්‍යාඥයන්ට විසඳාගත නොහැකිව තිබූූ ගැටළු සඳහා විසඳුම් සෙවීමට මෙම උපකරණය මගින් අහස පරීක්ෂා කිරීම ඇරඹුවේ ය.නව උපකරණයෙන් අහස පරීක්ෂා කළ ගැලිලියෝ දුටුවේ ටොලමි විස්තර කළ අහසට හාත්පසින් ම වෙනස් ස්ථානයකි. අහසේ පවතින ග‍්‍රහ වස්තූන්ගෙන් සූර්යා සුවිශේෂ බවත් සූර්යා වටා පෘථිවිය ඇතුළු අනෙකුත්් ග‍්‍රහලෝක චලනය වන බවත් ගැලීලියෝ ගැලීලිට පැහැදිලි විය.

    නිකලස් කොපර්නිකස් ද ගැලීලියෝට සමාන මතයක්් ඉදිරිපත් කර තිබිණි. ප‍්‍රචලිත සහසම්මත මතයට පටහැනි අදහසක් ඉදිරිපත් කිරීම පිළිබඳව කෝපයට පත් පූජකයන් (පල්ලිය) විසින් කොපර්නිකස් ඇතුළු අනුගාමිකයන් පිරිසට මරණීය දණ්ඩනය නියම කළේය.ගැලීලියෝට ද සිදු වූයේ ජීවිතාන්තය දක්වා තම නිදහස අහිමිකරගෙන සිරකකරුවෙකු බවට පත් වීමටය.පල්ලියේ ඉගැන්වීම්වලට පටහැනි අදහස් පළකිරීම පිළිබඳව උරණවූ පූජක පන්තිය ගැලීලියෝගේ ප‍්‍රකාශන සියල්ල තහනම් කරණු ලැබී ය.පෘථිවිය සූර්යා වටා ගමන් ගන්නා කක්ෂයේ දිග සූූර්යා සහ පෘථථිවිය අතර දුර ප‍්‍රමාණයට සමානුපාතික බව කෙප්ලර් පෙන්වා දී තිබිණි. කෙසේ වුව ද පෘථිවිය මත සිටින්නෙකුට නොදැනී අවකාශය ඔස්සේ සූූර්යා වටා පෘථිවිය ගමන් කරන ආකාරය විස්තර කිරීමට ඔහු අපොහොසත් විය. මෙම නොවිසඳුන ගැටළුව විසඳීමේ බැරෑරුම් වගකීම පැවරී තිබුණේ අයිසැක් නිව්ටන් නම් අති දක්ෂ ගණිතඥයාටයි.

    ඕනෑ ම වස්තුවක් තවත් වස්තුවක්මත ආකර්ෂණ බලයක් ඇතිකරණ බව නිව්ටන් විස්තර කළේ ය. මෙම ආකර්ෂණබලය එම වස්තුවේ විශාලත්වයට සමානුපාතික ය. පෘථිවිය මත සිටින්නෙකුට පෘථිවිය විසින් ආකර්ෂණ බලයක් යොදයි. මෙය ගුරුත්වාකර්ෂණය ලෙස හඳුන්වයි. එම පුද්ගලයාගේ ශරීරය විසින් ද පෘථිවිය මත ආකර්ෂණ බලයක් යොදන අතර මෙය නොසලකා හැරිය හැකි තරම් කුඩා ය.ගුරුත්වාකර්ෂණය මගින් වායුගෝලය රඳවා තබා ගනී. පෘථිවිය වායුගෝලය සහ ඒ මත ඇති සියල්ල එක ම ප‍්‍රවේගයකින් චලනය වෙමින් පවතී. මෙම චලනයේ දී හඳුනාගත හැකි එකම වෙනස දිවා කාලය සහ රාති‍්‍රය උදා වීමයි. තම ගණිත ම ය සංකල්පය තව දුරටත් ඉදිරියට ගෙන යමින් ග‍්‍රහ වස්තූන්ගේ චලනය පිළිබඳව නිව්ටන් නියම ඉදිරිපත් කෙළේ ය. බලය පිළිබඳව නිව්ටන්් නියම ලෙස මේවා හඳුන්වයි.නිව්ටන් තම ගණිතම නියම මගින් චන්ද්‍රයා පෘථිවිය වටා කක්ෂයක ගමන් කිරීමට හේතුව පහදා දුන්නේ ය.

    පෘථිවිය ඇතුළු අනෙකුත් ග‍්‍රහලෝක සූර්යා වටා ඉලිප්සාකාර ගමන් මගක චලනය වන ආකාරය ද විස්තර කළේ ය.පෘථිවිය අවකාශය ඔස්සේ චලනය වෙමින් පවතින බව ඔප්පු කළේ ජෙම්ස් බ‍්‍රැඩ්ලි නම් විද්‍යාඥයායි. තරුවකින් නික්මෙන ආලෝකය වෙනස්වන ආකාරය දුරදක්නයක් තුළින් නිරීක්ෂණය කිරීම මගින් ඔහු මෙය ඔප්පු කළේය.

    තාරකා විද්‍යා ක්ෂේත‍්‍රයේ අති විශිෂ්ඨ ජයග‍්‍රහණය ලෙස සලකන්නේ අප ගේ සෞරග‍්‍රහ මණ්ඩලයට ඔබ්බෙන් විශ්වයේ විශාලත්වය ගණනය කිරීමට තාරකා විද්‍යාඥයන්ට හැකියාව ලැබීමයි. පෘථිවිය සහ 61 Cygni නමින් හඳුන්වන තරුව අතර දුර ප‍්‍රමාණය සැතපුම් මිලියන මිලියන 60ක් බව ජර්මන් ජාතික තාරකා විද්‍යාඥයෙකු ගණනය කළේ ය.දුරේක්ෂය වඩාත් වැඩි දියුණු වීමත් සමඟ සෞරග‍්‍රහ මණ්ඩලය, මන්දාකිණිය (ආකාශ ගංගාව) නම් දැවැන්ත තරු පොකුරේ කොටසක් ලෙසත්, මන්දාකිණිය ක්ෂීරපථයේ සංඝටක යක්් ලෙසත් ප‍්‍රංශ ජාතික තාරකා විද්‍යාඥයකු විස්තර කළේ ය.1918 දී ඇමරිකානු විද්‍යාඥයක් මන්දාකිනිය දිගින් ආලෝක වර්ෂ ලක්ෂයක් ද පළලින් ආලෝක වර්ෂ ලක්ෂයක්ද බව ගණනය කළේ ය. හිරු හෙවත් සූර්යා මන්දාකිණියට අයත් තාරුකා මිලියන ලක්ෂ ගණනින් එකක් පමණක් යයි හඳුනාගෙන ඇත.

    මන්දාකිණිය එක් කේන්ද්‍රයකින් විහිදුන සර්පිලාකාර බාහුවලින්සෑදී පවතී. අපගේ සෞරග‍්‍රහ මණ්ඩලය පිහිටා ඇත්තේ සර්පිලාකාර බාහුවේ ආලෝක වර්ෂ 30,000ක් ඔබ්බෙනි.අමෙරිකානු ජාතික තාරකා විද්‍යාඥයකු වූ එඩ්වින් හබ්ල් තාරකා විද්‍යාවට විශිෂ්ඨ සේවයක් කළ පුද්ගලයෙකු ලෙස සලකයි. අප ජීවත් වන මන්දාකිණියට අමතරව විශ්වයේ පවතින වෙනත් මන්දාකිණියක් සොයා ගැනීමට ඔහු සමත් විය. ‘ඇන්ඩ්‍රොමිඩා නෙබුලා’ ලෙස හඳුන්වන මෙය නිරීක්ෂණය කර ඇත්තේ මවුන්ට් විල්සන් නම් දුරදක්නය තුළිනි.එඩ්වින් හබ්ල් පෙන්වා දී ඇති ආකාරයට විශ්වය ක‍්‍රමයෙන් ප‍්‍රසාරණය වෙමින් පවතී.

    එනම් එක් එක් මන්දාකිනිය නොනවත්වා එකිනෙකින් ඈතට ගමන් ගනී. මෙම අදහස තහවුරු කර ඇත්තේ එක් එක් මන්දාකිණියේ සිට පැමිණෙන ආලෝකය පරීක්ෂාවට ලක් කිරීම මගිනි.හබ්ල් ගේ මෙම අදහස බොහෝ දෙනෙකුගේ විශ්මයට හේතු විය. එකිනෙකින් ඉවත්ව විශ්වයේ ඈතට ගමන් කරන මන්දාකිණි එකිනෙක දෙසට ගමන් කිරීම මගින් මන්දාකිණි සියල්ල එක් ස්ථානයකට කේන්ද්‍ර ගත වේ. විශ්වයේ සිදු වූ දැවැන්ත පිපිරීමක් මගින් මන්දාකිණි නිර්මාණය වූ බවට පවතින මතයට මෙය ප‍්‍රබල සාක්ෂියකි. විශ්වයේ කේන්ද්‍රයේ සිදු වූ දැවැන්ත පිපිරීමක් මගින් අභ්‍යවකාශයේ විවිධ දිශාවන්ට ත්වරණයකින් යුතුව ඇදීගිය කොටස් මගින් මන්දාකිණි ඇති වූවා යන මතය “මහා පිපිරුම්වාදය” ලෙස හඳුන්වයි.
    තිලක් රණසිංහ