විශ්වවිද්‍යාල අධ්‍යාපනය සුරක්ෂිත කරමු.

DjSunimal

Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    විශ්වවිද්‍යාල අධ්‍යාපනය සුරක්ෂිත කරමු.

    ලක්ෂ ගානක පඩි අරන් ඒකත් මදි කියලා මස් රාත්තලම ඉල්ලන විශ්වවිද්‍යාලය ආචාර්යය මහාචාර්යය වර්ජනය හෙලා දකිමු.
    වර්ජන අවසන් කරලා වහාම සේවයට වාර්තා කරන්න කියල අපි හැමෝම ඉල්ලමු.

    එළකිරි උපාධිදාරීන් හා උපාධි අපේක්ෂකයෝ

    ඇදුරුතුමනි, නම්‍යශීලී වන්න

    - මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස


    විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සේවාව විශේෂ සේවාවක් ලෙස පිළිගනිමින් එහි වෘත්තීය ගැටලු විසඳීමට රජය පැහැදිලි වැඩපිළිවෙළකට එළැඹ තිබෙන මේ මොහොතේ සියලු විශ්වවිද්‍යාල ආචාර්යවරුන් නම්‍යශීලීව කටයුතු කළ යුතු යැයි කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අංශයේ අංශාධිපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසයි.

    දැයේ දරුවන්ගේ අනාගතය උගසට තබා කටයුතු නොකර රට වෙනුවෙන් තම යුතුකම ඉතා වගකීමෙන් ඉටු කිරීමට මේ මොහොතේ විශ්වවිද්‍යාල ආචාර්ය, මහාචාර්යවරුන් ඇතුළු අධ්‍යයන අංශ නිවැරදි තීරණ ගෙන කටයුතු කළ යුතු යැයි ද හෙතෙම කීය.

    රජයක් ලෙස වත්මන් රජය විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් වැඩි කරමින් පමණක් අනෙකුත් සියලු දීමනා ඉහළ නංවමින් පමණක් නොව මේ වන විට ඉහළම ගරුත්වයක් ලබා දී තිබියදීත් එයට එරෙහිව කවුරුන් හෝ කටයුතු කරන්නේ නම් එය කනගාටුවට කරුණක් යැයි ද මහාචාර්ය පියදාස පැවසීය.

    රජය පාර්ශ්වයෙන් කළ හැකි සෑම වගකීමක් හා යුතුකමක්ම ඉටු කර තිබියදීත් එයට එරෙහිව යමින් වර්ජන, උද්ඝෝෂණ කරත් නම් විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ මේ අර්බුදය තුළ මේ වන විට අන්තවාදී දේශපාලන න්‍යාය පත්‍රයක පණගැන්වීමක් බවට පැහැදිලි යැයි ද හෙතෙම කීය.

    විශේෂයෙන් කම්කරුවන් සේ මහ මඟට බැස වර්ජන, ගර්ජන, උද්ඝෝෂණ සිදුකිරීම උගත් ආචාර්ය, මහාචාර්යවරුන්ට කිසිසේත් නොගැළපෙන බව ද, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පැවසීය.
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    සරසවි ඇදුරු අර්බුදය විසඳන්න ආණ්ඩුව සූදානම්
    වර්ජනය පිටුපස අදිසි දේශපාලන හස්තයක්

    විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ගැටලුව විසැඳීමට රජයක් වශයෙන් උපරිම දුරක් ගොස් ගත් තීන්දු තීරණවලට එම ආචාර්යවරුන් එකඟ නොවන්නේ ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පසුපස ‍අදිසි දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වන නිසා බව හෙළිවෙමින් පවතී.

    එම ගැටලුව විසැඳීමට රජය ගත් තීන්දු තීරණවලට එකඟ විය නොහැක්කේ එම ගැටලුව පසුපස දේශපාලන න්‍යාය පත්‍රයක් ඇති නම් පමණක් බවද ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසිය.

    මෙම ගැටලුව සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කෙරුණු සාකච්ඡාවලින් පසුව තීන්දු අටකින් සමන්විත යෝජනාවලියක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට රජය කටයුතු කළේ විසැඳුමක් දීමට ඇති අවශ්‍යතාව නිසාම බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

    විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට නිසි පිළිගැනීමක් ලබා දීමට රජය කටයුතු කරමින් සිටින බව පැවසූ ඇමැතිවරයා අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් රජය මහත් ඕනෑකමින් සොයා බලන බවත් පැවසීය. ඇමැතිවරයා මේ අදහස් පළ කළේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට ජනමාධ්‍ය අමාත්‍යාංශ ‍ශ්‍රවණාගාරයේ දී ඊයේ (30) එක්වෙමිනි.

    විශ්වවිද්‍යාල ආචාර්ය වෘත්තියේ සුවිශේෂීතාව සැළකිල්ලට ගෙන විශ්වවිද්‍යාල අධ්‍යයන කාර්ය මණ්ඩලය විශේෂ වෘත්තීය කණ්ඩායමක් ලෙස ස්ථාපිත කිරීමට ඇමැතිවරුන් වන බැසිල් රාජපක්ෂ සහ එස්. බී. දිසානායක මහත්වරු මෙම ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩල සටහන මඟින් යෝජනා කර තිබේ.

    මෙරට විශ්වවිද්‍යාලවලට ඉහළම සුදුසුකම් සහිත ආචාර්යවරුන් බඳවා ගැනීමටත්, බඳවා ලන්නා දක්ෂ හා ප්‍රවීණ ආචාර්යවරු විශ්වවිද්‍යාල පද්ධතියයේ රඳවා ගැනීමටත්, විදේශගත ආචාර්යවරුන් නැවත මෙරටට කැඳවා ගැනීමටත් හැකි වන පරිදි මෙසේ ආචාර්යවරුන් සුවිශේෂී වෘත්තීය කණ්ඩායමක් ලෙස ස්ථාපිත කිරීමට නියමිතය.

    ඒ සඳහා අවශ්‍ය කටයුතු කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව, විශ්වවිද්‍යාල අධ්‍යයන ප්‍රජාව සහ අදාළ අනෙකුත් පාර්ශවවල නියෝජිතයන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් පිහිටුවීමට පියවර ගෙන ඇත.

    ප්‍රාථමික, ද්විතීක, තෘතීක, වැඩිහිටි, තාක්ෂණ, වෘත්තීය, විද්‍යාත්මක හා පර්යේෂණ අධ්‍යාපන කටයුතුවලට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව දළ දේශීය නිෂ්පාදිනයෙන් ඉහළ ප්‍රතිශතයක් වැය කිරීම රජයේ අරමුණ බව ඒකාබද්ධ සටහන මඟින් පෙන්වා දී තිබේ.

    ශ්‍රී ලංකාව දැනුමේ කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමේ රාජ්‍ය ප්‍රතිපත්තිය මත උසස් අධ්‍යාපනයට සම්බන්ධ ප්‍රතිසංස්කරණ සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට විශේෂ ජනාධිපති කොමිෂන් සභාවත් පත් කිරීමට ද රජය තීරණය කර තිබේ. විශ්වවිද්‍යාල පද්ධතිය ප්‍රමාණාත්මකව හා ගුණාත්මකව දියුණු කරන අතරම විශේෂඥ දැනුම ඇති ගුරුවරුන් හා වෘත්තියවේදීන් නිර්මාණය කර ගැනීමට පිටුබලයක් වන ලෙස ඉදිරි වසර හතර ඇතුළත පශ්චාත් උපාධි විශ්ව විද්‍යාලයක් ස්ථාපිත කිරීමටත් රජය කටයුතු කරයි.

    විශ්ව විද්‍යාලය පනත මඟින් පැහැදිලි කර නීති ගත කර ඇති ආකාරයට විශ්ව විද්‍යාල ස්වාධීන්ත්වය පිළිගන්නා රජය එය සුරක්ෂිත කිරීමට බැඳී සිටින අතර උසස් අධ්‍යාපනයට අදාළ ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමේදී විශ්ව විද්‍යාල ප්‍රජාව සමඟ ඵලදායී සංවාදයක අවශ්‍යතාව පිළිගනී.

    රටේ ජාතික සංවර්ධන කටයුතු සාර්ථක කර ගැනීමට විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සහාය අවශ්‍ය බව රජය පිළිගන්නා බවත් එම ඒකාබද්ධ සටහන මඟින් වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කර තිබේ. රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය ආරියරත්න ඇතුගල, අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් චන්ද්‍රපාල ලියනගේ, සංවර්ධනය පිලිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආරිය රූබසිංහ මහත්වරු ද මේ අවස්ථාවට එක් වූහ.
     
    • Like
    Reactions: Randir
    Oct 6, 2010
    18
    3
    0
    ape campus wala sir/ madamlata rate lamayige duka therenawanam danwath sewayata enna ona. jepponge unplage lanu kanne nathuwa warjana iwara karanna.
     
    • Like
    Reactions: Randir

    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    attachment.php
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    කැම්පස් වල ඉන්න නංගිලා මල්ලිලා මාස ගානක් අධ්‍යාපනය නැතුව ඉන්නේ මේ වර්ජනය නිසා.
    එළකිරි එකේ ඉන්න කැම්පස් නංගිලා මල්ලිලත් මේ අසාදාරන දේශපාලන වර්ජනයට විරුද්ධ වෙමු.
     

    Mrsaata

    Member
    Jul 13, 2011
    252
    32
    0
    ubala hitrhanne lectures la modoyo kiyalada JVP ekata kade yanna kiyala?
    e minissune thaththwe hatiyata eyala wenama watup thalayaka pihituwanna ona..
    adyapanayata 6%k neme 4%k wath wen wenna ona..
    rate wishwawidyala paripalana wadakatauthu walata deshapalana madihathweem nowenna oona..

    mewagen mnada asadarana illii9im..?
    mamath campus kollek..
     
    • Like
    Reactions: Roshan 4ever

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    ubala hitrhanne lectures la modoyo kiyalada JVP ekata kade yanna kiyala?
    e minissune thaththwe hatiyata eyala wenama watup thalayaka pihituwanna ona..
    adyapanayata 6%k neme 4%k wath wen wenna ona..
    rate wishwawidyala paripalana wadakatauthu walata deshapalana madihathweem nowenna oona..

    mewagen mnada asadarana illii9im..?
    mamath campus kollek..

    lecturesla lamayiwa billata dila karana me warjanaya wahama nawaththala sewayata enna ona. jvp unp aya karanna hadana deta sahaya dena eka eyala me karanne.
    ayojana ekka rate adyapanayata ganan walin wen karana ganata wada wadi ganak anduwa wiyadam karanawa.
    wishwawidyala katayuthu walata dan jvp unp madihathweem thiyena nisa thama ahinsaka sisun amaruwe dala mehema warjana karanne. eka wahama nawaththanna ona.

    campus masa ganan wahala athal eke inna malli nam kamathii wage. :D
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    pala yako yanna

    කරුණාකරලා විශ්වවිද්‍යාල නොවන විශ්වවිද්‍යාලයක පස් වත් පාගල නැති මල්ලිලා මේකේ වැඩකට නැති කමෙන්ට් දැමීමෙන් වලකින්න
     

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    මම හිතන්නේ මෙහෙම ඉල්ලන එක සාධාරණයි මොකද අපි භාණ්ඩ හා සේවා වල මිළ ගත්තම මේකේ තියෙන්නේ ධන අනුක්‍රමණයක් නමුත් රජයේ සේවකයන්ගේ වැටුපේ තියෙන්නේ සෘණ/නියත අනුක්‍රමණයක්..