විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ඉල්ලීම්

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    ammata siri puduma janatha karanayak ne eka! lol:P

    එහෙනම් පාස් උන්ව ගෙදර තියල ෆේල් උන්ව ගත්තනම් හරි.. එතකොට ඔය ජනත කරනේ හරි යයි
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,708
    87,087
    113
    ආශ්චර්යමත් රටක
    හෙහෙ.. උඹ හිතන්නෙ ප්‍රයිවට් උපාධි වලින් වැඩක් නෑ කියලද ?:rofl::rofl::rofl:

    mama ehema kiwwet na.. anduwa karana waden wenne rajaye uni walata kelawena eka.. ewa rakagena tamai anit ewa karanna ona..

    mehema kiwwata taraha wenna epa.smahara private upadi dena tanwala ugannana ladaru dewal dakkama apita nan hinahath yanawa.. :D ubalata nan ewa loku athi.. :D ewa igena gena anit hoda upadi wala levl ekata enna hadanne salli bale witarak tyena aya..

    campas eke "Buddimath" panthiye unta one higher education eka tika denek ge pudgalika depalak karanna...... anith ewath janatha karanaya kala wage mekath janathakaranaya karanna one....

    me prathigamee buddimathungen ape adyapane bera ganna one...!

    salli witarak tyena ewungenut beraganna ona.. :yes::yes:

    :lol::lol: beraganin beraganin...

    :lol::lol::oo:
     
    chkaushalya

    Active member
  • Oct 18, 2007
    271
    42
    28
    Colombo

    සමහරු ඉන්නවා බං අත දරුවා කාලෙ වැටිලා මොලේ හරියට වැඩ කරන්නෙ නැතුව ගිය අය. ඒ අයත් එක්ක කොච්චර වාද කරත් වැඩක් නැහැ. දෙයක් තේරුම් ගන්න තරම් බුද්ධියක් නැහැ.

    උඹ ඔය හදන්නෙ රිලවෙක්ට භෞතික විද්‍යාව උගන්නන්න යනවා වගේ වැඩක්.

    ඔව් බං... උඹ කියන කතාව හරි. රිලව උනත් ඒකට උනත් උපතින් ගෙනා භෞතික විද්‍යා දැණුමක් තියනව. අඩු ගානෙ බිමට නොවැටි අත්තකින් අත්තකට පනින්න ඌට පුළුවන්. මෙකෙ ඉන්න සමහර එවුන් අර නැට්ට ගිණිගත්තු හනුම වගේ හතර වටේ ගිණි තියනව මිසක් කරන්නෙ මොකක්ද කියල හිතල බලන්නෙ නෑ.

    මීට වඩා අර හඩ්සන් සමරසිංහයි මහින්ද අබේසුන්දරයි හොදයි බං.....

    මේක මේ ආණුඩුව පෙරලන්න යන ගමනක් කියල කවුරුහරි හිතනවනම් හරි එහෙම හිතාගෙන සහයෝගය දෙනවනම් හරි එයාලට ලොකු වැරදීමක් වෙලා තියෙන්නෙ.. .
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :yes::yes:
    3 parakma karanna deelat bariwena aya tamai oya kaa gahanne.. ehema deelat s3 wat ganna bari aya gana kawara katada :oo:

    පල ඕක තුන්පාරක් නොදී එක පාරක් විතරක් දුන්නනම් ප්‍රශ්නවලින් භාගයක් ඉවරයි.:dull:

    ඔව් බං... උඹ කියන කතාව හරි. රිලව උනත් ඒකට උනත් උපතින් ගෙනා භෞතික විද්‍යා දැණුමක් තියනව. අඩු ගානෙ බිමට නොවැටි අත්තකින් අත්තකට පනින්න ඌට පුළුවන්. මෙකෙ ඉන්න සමහර එවුන් අර නැට්ට ගිණිගත්තු හනුම වගේ හතර වටේ ගිණි තියනව මිසක් කරන්නෙ මොකක්ද කියල හිතල බලන්නෙ නෑ.

    මීට වඩා අර හඩ්සන් සමරසිංහයි මහින්ද අබේසුන්දරයි හොදයි බං.....

    මේක මේ ආණුඩුව පෙරලන්න යන ගමනක් කියල කවුරුහරි හිතනවනම් හරි එහෙම හිතාගෙන සහයෝගය දෙනවනම් හරි එයාලට ලොකු වැරදීමක් වෙලා තියෙන්නෙ.. .

    හා

    mama ehema kiwwet na.. anduwa karana waden wenne rajaye uni walata kelawena eka.. ewa rakagena tamai anit ewa karanna ona..

    mehema kiwwata taraha wenna epa.smahara private upadi dena tanwala ugannana ladaru dewal dakkama apita nan hinahath yanawa.. :D ubalata nan ewa loku athi.. :D ewa igena gena anit hoda upadi wala levl ekata enna hadanne salli bale witarak tyena aya..

    salli witarak tyena ewungenut beraganna ona.. :yes::yes:

    :lol::lol::oo:
    ඒ මොන පයනු කතාවක්ද ආන්ඩුවෙ කැම්පස් වල එවුන් බාහිර කරන එවුන් තරහයි,ප්‍රයිවට් කැම්පස් වල උන් එක්ක තරහයි, පිටරට ගිහින් ඉගෙන ගන්න එවුන් එක්ක තරහයි. මොන තරම් කුහකකමක්ද මුන්ගෙ හිත්වල තියෙන්නෙ. අනිත් දෙක පැත්තකට දාකො පිට රට ගිහින් ඉගෙන ගෙන එන් එවුන් එක්කනම් මුන්ට වෛරයක් තියෙන්නෙ. මෙහෙ කැම්පස් වල උන් අපේ කැම්පස් තමයි ලෝකෙ හොඳම කැම්පස් කියලා හිතාගෙන හිටියට ඒ කැම්පස් එකක්වත් ලොකෙ හොඳම කැම්පස් 250 වත් නෑ.ලොල්. පු* කහගන්න නියපොත්ත නෑ ඒත් සද්දෙ නම් තියෙනවා. :rolleyes:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,708
    87,087
    113
    ආශ්චර්යමත් රටක
    ඒ මොන පයනු කතාවක්ද ආන්ඩුවෙ කැම්පස් වල එවුන් බාහිර කරන එවුන් තරහයි,ප්‍රයිවට් කැම්පස් වල උන් එක්ක තරහයි, පිටරට ගිහින් ඉගෙන ගන්න එවුන් එක්ක තරහයි. මොන තරම් කුහකකමක්ද මුන්ගෙ හිත්වල තියෙන්නෙ. අනිත් දෙක පැත්තකට දාකො පිට රට ගිහින් ඉගෙන ගෙන එන් එවුන් එක්කනම් මුන්ට වෛරයක් තියෙන්නෙ. මෙහෙ කැම්පස් වල උන් අපේ කැම්පස් තමයි ලෝකෙ හොඳම කැම්පස් කියලා හිතාගෙන හිටියට ඒ කැම්පස් එකක්වත් ලොකෙ හොඳම කැම්පස් 250 වත් නෑ.ලොල්. පු* කහගන්න නියපොත්ත නෑ ඒත් සද්දෙ නම් තියෙනවා. :rolleyes:

    :no::no::no::no::no::no::no:

    ane manda math kata wahagena innawa.. ara tom riddle kiwwa wage kalinma katai p**ai wahan hitiyanan hari.. :dull: man kiyana eka ubalata terenne na,ekko mata terenna kiyanna terenne na
     
    chkaushalya

    Active member
  • Oct 18, 2007
    271
    42
    28
    Colombo
    :no::no::no::no::no::no::no:

    ane manda math kata wahagena innawa.. ara tom riddle kiwwa wage kalinma katai p**ai wahan hitiyanan hari.. :dull: man kiyana eka ubalata terenne na,ekko mata terenna kiyanna terenne na

    This is really true machan. It is very sad to see. අනාගතේ අපේ රටට හොද කලක් යයි වගේ..! :no::no:
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    වම්ඉවුර

    විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ
    වර්ජනය සාධාරණද?

    සී. ඒ. චන්ද්‍රප්‍රේම

    fea.jpg
    විශ්වවිද්‍යාල ගුරුවරුන් දැනට මාසයක්‌ වැඩ වර්ජනයේ යෙදී ඇත. මෙතරම් කාලයක්‌ විශ්වවිද්‍යාලයක ගුරුවරුන් වැඩ වර්ජනයේ යෙදුණු අවස්‌ථාවක්‌ ජ්‍යෙෂ්ඨ විශ්වවිද්‍යාල ගුරුවරුන්ටවත් මතකයක්‌ නැත. පසුගිය බදාදා විශ්වවිද්‍යාල ගුරුවරුන්ගේ වෘත්තීය සමිතිය බැසිල් රාජපක්‍ෂ ඇමැතිවරයා සමග මේ ගැන සාකච්ඡාවක්‌ පවත්වා තිබිණි. එයට ආණ්‌ඩුව පැත්තෙන් චරිත හේරත්, අනුර සිරිවර්ධන හා ධම්ම දිසානායක ඇතුළු පිරිසක්‌ සහභාගි වී සිටි අතර විශ්වවිද්‍යාල ගුරුවරුන් නියෝජනය කිරීමට ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි ඇතුළු තවත් පස්‌ දෙනකු සහභාගි වී ඇත. සාකච්ඡාව ඉතා සුහද මට්‌ටමින් කෙරුණු අතර නිශ්චිත යමක්‌ එහිදී සාකච්ඡා නොවී මෙම සතියේ දිනකට එය කල් යන ලදී. නමුත් දෙපාර්ශ්වයම සාකච්ඡාවෙන් ඉවත්ව ගොස්‌ ඇත්තේ යම් කිසි විසඳුමකට ඉඩ තිබේය යන හැඟීම සහිතවය. මේ විශ්වවිද්‍යාල ගුරුවරුන්ගේ වැඩ වර්ජනය ගැන යමක්‌ කිවයුතු යෑයි සිතමි.

    මා මෙම වැඩ වර්ජනයේ දුටු එක්‌ කාරණයක්‌ වූයේ මෙහි ඇති නිශ්චිත නොවන, විqක්‌ත භාවයයි. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පිටු 16 ක ඉල්ලීම් පත්‍රයක්‌ සම්පාදනය කොට තම සාමාජිකයන් අතර බෙදා දී තිබේ. මෙකී ලියවිල්ලේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ඉල්ලීම් A හා B වශයෙන් කාණ්‌ඩ දෙකකට වෙන්කොට තිබේ. "ඒ" කාණ්‌ඩයේ ඔවුන්ගේ වෘත්තීය ඉල්ලීම් වන අතර "බී" කාණ්‌ඩයේ ඊට වඩා පුළුල් ඉල්ලීම් කීපයක්‌ සඳහන් කොට ඇත. ඒ ඛාණ්‌ඩයේ මුල්ම ඉල්ලීම වන්නේ විශ්වවිද්‍යාල ගුරුවරුන්ද, ශ්‍රී ලංකා පරිපාලන සේවය මෙන් වෙනමම සේවාවක්‌ හැටියට ප්‍රකාශයට පත්කළ යුතු බවයි. මෙය "ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ගුරුවරුන්ගේ සේවාව" යනුවෙන් නම් කෙරෙනු ඇත. විශ්වවිද්‍යාල ගුරුවරුන් මේ ආකාරයට වෙනමම සේවාවක්‌ හැටියට නම් කිරීම ගැන ඇති ප්‍රශ්නය වන්නේ වෙනත් කිසිදු රටක එවැන්නක්‌ සිදුවී ඇත්ද යන්නයි. ශ්‍රී ලංකා පරිපාලන සේවයට සුදුස්‌සන් බඳවා ගැනීම සඳහා වෙනම පොදු විභාගයක්‌ පවත්වා එයින් සමත් වන උදවිය සම්මුඛ සාකච්ඡාවකින් පසු සේවයට බඳවා ගැනේ. ඒ ආණ්‌ඩුවේ පරිපාලන කටයුතු සඳහා දක්‍ෂතා තිබෙන පුද්ගලයන් බඳවා ගැනීමේ අරමුණ ඇතුවය. නමුත් විශ්වවිද්‍යාල ගුරුවරුන් බඳවා ගැනෙන්නේ මීට වෙනස්‌ ආකාරයටය. ඒ තමන්ගේ විෂයේ වැඩිම ලකුණු ලබා ගත් සිසුන්ට ස්‌වයංක්‍රීයව මෙන් විශ්වවිද්‍යාලයේ රැකියාවක්‌ ලැබීම තුළිනි. මේ ගැන අපි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ ප්‍රධානී ආචාර්ය දේවසිරිගෙන් විමසා සිටි විට ඔහු විස්‌තර කොට සිටියේ මෙය ආණ්‌ඩුවේ වැටුප් කොමිසමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සම්බන්ධයෙන් නිශ්චිත වැටුප් තලයක්‌ නියම කිරීමට පහසු කරවීම සඳහා බවයි. ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ගුරුවරුන්ගේ සේවයේ කොන්දේසි කුමක්‌ විය යුතුද යන්න ගැනත් ලියවිල්ලක්‌ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ ඉල්ලීම් ලැයිස්‌තුවට එකතු කොට තිබිණි.

    මෙකී ලියවිල්ලේ ඇති කිරීමට නියමිත විශ්වවිද්‍යාල ගුරුවරුන්ගේ සේවා කොන්දේසි, එනම් බඳවා ගැනීම්, උසස්‌ වීම්, ස්‌ථාන මාරු කිරීම්, පුහුණු කිරීම්, වැටුප්, දිගුකාලීන සේවයත් සමග ලැබෙන වැටුප් සහිත නිවාඩු, විශ්‍රාම ගැනීම, විශ්‍රාම වැටුප්, අර්ථසාධක ගෙවීම්, පාරිතෝෂික ගෙවීම් හා ඉගැන්වීම් කටයුතුවලට පිටතින් උපදේශක තනතුරු ලබා ගැනීම් වැනි කාරණා ගණනාවක්‌ම මේ ලියවිල්ලේ සඳහන් විය. මෙම ලියවිල්ලේ විශ්වවිද්‍යාල ගුරුවරුන්ට ගෙවිය යුතු දීමනා ලැයිස්‌තුවක්‌ ද ඇත. ඉන් එක දීමනාවක්‌ වන්නේ විශ්වවිද්‍යාල නිවාස යෝජනා ක්‍රමයක හෝ තමන්ට හෝ තම බිරිඳට අයත් නිවසක පදිංචි නොවී සිටින ආචාර්යවරුන්ට තම වැටුපින් 25% ක හෝ 30% ක ගෙවල් කුලී දීමනාවක්‌ය. එයට අමතරව අන්තර්ජාල පහසුකම් ලබා ගැනීම සඳහා අන්තර්ජාල දීමනාවක්‌ද ඇත. එයත් සමගම එම ලියවිල්ලේ 3.5.2.3 වගන්තිය යටතේ ඔවුන් ළමුන් දෙදෙනකු දක්‌වා "ළමයින්ගේ අධ්‍යාපන දීමනාවක්‌ද" ඉල්ලා තිබේ. මෙකී දීමනාව දරුවන් යන පාසල අනුව එනම් රජයේ පාසලක්‌ද පුද්ගලික පාසලක්‌ද නේවාසිකාගාරයේ සිටිනවාද යන කාරණාව මත වෙනස්‌ වනු ඇත. මෙකී දීමනාව සඳහා නිශ්චිත සීමාවක්‌ නියම කොට නැත. නමුත් එහි සුවිශේෂත්වයක්‌ වන්නේ පුද්ගලික පාසලක පාසල් ගාස්‌තු ද මෙයට ඇතුළත් වීමයි.

    මෙවැනි වරප්‍රසාද සහිත විශ්වවිද්‍යාල ගුරුවරුන්ගේ සේවාව පිහිටුවීම පිළිබඳ යෝජනාව ඇත්තේ ඔවුන්ගේ ඉල්ලීම් ලැයිස්‌තුවේ A කොටසේය. නමුත් එම ඉල්ලීම් ලැයිස්‌තුවේම B කොටසේ මාතෘකාව වන්නේ "රජයේ අධ්‍යාපනය සුරැකීමත් දියුණු කිරීමත්" යනුවෙනි. මෙකී මාතෘකාව යටතේ 1.1.8. වගන්තිsයෙන් කියවෙන්නේ රජයේ අනුග්‍රහය යටතේ පවතින අධ්‍යාපනය ගැන ආණ්‌ඩුවේ ප්‍රතිපත්තිය පැහැදිලි කළ යුතු බවත් එයට අවුරුදු 5 ක හෝ 10 ක සැලැස්‌මක්‌ ආණ්‌ඩුව ඉදිරිපත් කළ යුතු බවය. මෙහි ඇති නොගැළපීම වන්නේ එක්‌ පැත්තකින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ආණ්‌ඩුව රජයේ අධ්‍යාපන ක්‍රමය වැඩිදියුණු කිරීමට සැලසුම් ඉල්ලා සිටින අතරම ඒ හුස්‌මටම තමන්ගේ දරුවන් පුද්ගලික පාසල් වලට යැවීමට ආණ්‌ඩුවෙන්ම දීමනා සැපයිය යුතු බව කියා සිටීමයි. ඔවුන්ගේ දරුවන් රජයේ පාසල් වලට යවන්නේ නම් ඒවායේ පාසල් ගාස්‌තු නැති නිසා මෙවැනි දීමනාවක්‌ කොහෙත්ම අවශ්‍ය වන්නේ නැත. සෙසු රජයේ නිලධාරීනුත් තමන්ගේ දරුවන් පුද්ගලික පාසල් වලට දැමීමට ආණ්‌ඩුවෙන් අධ්‍යාපන දීමනා ඉල්ලා සිටියහොත් මේ වැඩිදියුණු කරන්නැයි කියා ඉල්ලන රජයේ පාසල් වල ඉතිරිවන්නේ කවුදැයි යන ප්‍රශ්නය පැනනගී.

    මේ ආකාරයට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ධනේෂ්වර අපේක්‍ෂා, සමාජවාදී චින්තනයත් සමග ජුගුප්සාජනක ආකාරයට පටලවා ගෙන ඇති බව ඔවුන්ගේ ඉල්ලීම් මාලාවෙන් පැහැදිලි වෙයි. මේ ඉල්ලීම් දෙක එක සැරේ කළ නොහැක. දෙකෙන් එකක්‌ තෝරා ගත යුතුය. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් තමන්ගේ ළමයින් පුද්ගලික පාසල් වලට දැමීමට දීමනාවක්‌ ඉල්ලා සිටීමේ කිසිදු වරදක්‌ නැත. ඔවුන්ටද තම ජීවන තත්ත්වය ගැන සිතීමට අනෙක්‌ අයට මෙන්ම අයිතියක්‌ ඇත. නමුත් ඒකට රජයේ අධ්‍යාපනය පටලවා ගත්තේ අනවශ්‍ය ලෙස බව මට සිතේ.

    තමුන්ගේ ළමුන් පෞද්ගලික පාසල් වලට දැමීමට දීමනාවක්‌ ඉල්ලන අතරතුරම විශ්වවිද්‍යාල ආචාර්යවරුන් කර ඇති ඉල්ලීමක්‌ වන්නේ ආණ්‌ඩුව 2015 වනවිට අධ්‍යාපනය සඳහා කරන වියදම දළ දේශීය නිෂ්පාදිතයෙන් 6% ක්‌ දක්‌වා 2015 ජනවාරි මාසයට පෙර වැඩි කළ යුතු බවයි. මේ අවස්‌ථාවේදී අධ්‍යාපනය සඳහා කෙරෙන වියදම දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.1% වෙයි. මේ අනුව දළ දේශීය නිෂ්පාදිතය තුළ අධ්‍යාපනයේ දායකත්වය තුන් ගුණයකින් වැඩි කිරීමට ඇත්තේ අවුරුදු දෙකහමාරක කාලයකි. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පවසන ආකාරයට මෙවැනි ඉලක්‌කයක්‌ සැපිරීමට ආණ්‌ඩුව දැනටමත් යුනෙස්‌කෝ ආයතනයේ ලියෑවිලි වල අත්සන් කර තිබෙන බවයි.

    මෙවැනි ඉල්ලීම් කිරීමෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ද හාස්‍යයට ලක්‌වන තත්ත්වයක්‌ ඇතිවෙයි. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සිටින ආර්ථික විද්‍යාඥයන් මේ යෝජනාව අනුමත කළේදැයි මා ආචාර්යවරුන්ගේ සංගමයේ නිලධාරීන්ගෙන් අසා සිටි විට මට පිළිතුරක්‌ ලැබුණේ නැත. දළ දේශීය නිෂ්පාදිතයේ අධ්‍යාපනයේ දායකත්වය 6% ක්‌ දක්‌වා අවුරුදු දෙකහමාරක්‌ තුළ වැඩි කරන්නැයි කියා ඉල්ලීම කුඩා ළමුන් හඳ ඉල්ලා හැŽම වැනි දෙයකි. යුනෙස්‌කෝ ආයතනයේ තිබෙන නවතම සංඛ්‍යා දත්ත අනුව ඇමරිකා එක්‌සත් ජනපදයේ දළ දේශීය නිෂ්පාදිතයේ අධ්‍යාපනයට දායකත්වය 5.4% කි. බ්‍රිතාන්‍යයේ එම ප්‍රතිශතය 5.6% කි. ඔස්‌ටේ්‍රලියාවේ එය 5.1 කි. කැනඩාවේ 4.8 කි. මේ සියලුම රටවල් වල අධ්‍යාපනය යනු වැඩියෙන්ම විදේශ විනිමය උපයා දෙන කර්මාන්ත කීපයකින් එකකි. එපමණක්‌ද නොව මේ හැම රටකම ආණ්‌ඩුව පමණක්‌ නොව පුද්ගලික අංශයද අධ්‍යාපන ක්‍ෂේත්‍රයට හවුල් වී සිටී.

    නමුත් ලංකාවේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් බලාපොරොත්තු වන්නේ ඉහත දැක්‌වූ රටවල් වලට වත් කිරීමට නොහැකිව තිබෙන ආකාරයට ලංකාවේ ආණ්‌ඩුව පමණක්‌ පුද්ගලික අංශයේ සහායද නැතුව අධ්‍යාපනයේ දායකත්වය 6% දක්‌වා වැඩිකළ යුතු බවයි. එපමණක්‌ද නොව ඉහත දක්‌වන ලද ධනවාදී රටවල් වල අධ්‍යාපනය වැඩිම විදේශ විනිමයක්‌ ලබාදෙන කර්මාන්ත 3-4 ක්‌ එකක්‌ වුවද ලංකාවේ අධ්‍යාපන ක්‍ෂේත්‍රය විදේශ විනිමය සතපහක්‌ වත් උපයා ගන්නේ නැත. ඉහත දැක්‌වූ රටවල් සමූහය මෙන් ලංකාවද අධ්‍යාපන ක්‍රමය තුළින් විදේශ විනිමයක්‌ උපයා ගැනීමට සැලැස්‌මක්‌ සකසා තිබුණද එයටද මේ ඉල්ලීම් මාලාවෙන්ම තිත තබා ඇත. ආණ්‌ඩුව ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළ එක්‌ යෝජනාවක්‌ වූයේ ශ්‍රී ලංකාව ලෝකයේ අධ්‍යාපන මධ්‍යස්‌ථානයක්‌ බවට පත් කිරීමේ යෝජනාවයි.

    ලංකාව ජාත්‍යන්තර අධ්‍යාපන මධ්‍යස්‌ථානයක්‌ බවට පත් වූයේ නම් එයින්ද වැඩි වාසියක්‌ අත්වන්නේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ටමය. ඔවුන්ට ඇති ඉල්ලීම වැඩි වී ආදායම් ද ඉහළ යනු ඇත. ලංකාව ජාත්‍යන්තර අධ්‍යාපන කේන්ද්‍රයක්‌ බවට පත් කිරීමට නම් මුලින්ම කළ යුත්තේ විදේශීය රටවල් වලින් ලංකාවට සිසුන් ගෙන්වා ගැනීමයි. දැනට ඉන්දියාව එවැනි තත්ත්වයක්‌ හදාගෙන සිටියත් ලංකාව ජාත්‍යන්තර අධ්‍යාපන කේන්ද්‍රයක්‌ හැටියට කිසිදු ප්‍රසිද්ධියක්‌ ලබාගෙන නැත. නමුත් ලංකාවේ හැම විශ්වවිද්‍යාලයකම පාහේ ඉතාමත්ම ඉහළ ප්‍රමිතියෙන් යුත් ඉංග්‍රීසි මාධ්‍ය පාඨමාලා ඇත. ආණ්‌ඩුව මෙම පාඨමාලා සඳහා සිසුන් ගෙන්වා ගැනීම කොතනින් හෝ ආරම්භ කළ යුතු නිසා එයට ආරම්භයක්‌ හැටියට වසරකට විදේශීය සිසුන්ට ශිෂ්‍යත්ව 100 ක්‌ ප්‍රදානය කිරීමට සැලසුම් කර තිබිණි. මේ ශිෂ්‍යත්ව ලාභීන්ගෙන් විශ්වවිද්‍යාල ගාස්‌තු අය නොකෙරෙන අතර ඔවුන්ට ජීවත් වීම සඳහා මසකට රුපියල් 30,000 ක දීමනාවක්‌ ද ගෙවනු ලැබේ. මෙයින් අපේක්‍ෂා කළේ ක්‍රමයෙන් අදාළ රටවල සිසුන් ලංකාවට හුරු කරවා ගැනීමයි. නමුත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් තමන්ගේම ඉල්ලීම් තුළින් මේ ක්‍රමය වහාම අත්හිටුවිය යුතු බව පවසා ඇත. ලංකාවේ එක්‌ එක්‌ විශ්වවිද්‍යාලය විසින් විදේශීය සිසුන්ට විවෘත කිරීමට අදහස්‌ කරගෙන සිටින පාඨමාලා ලැයිස්‌තුව දෙස බලන විට ඒවා අතිශයින්ම ආකර්ෂණීය පාඨමාලා බවත් අනිවාර්යයෙන්ම ඒවා විදේශ රටවල අලෙවි කළ හැකි බවත් පැහැදිලිය. විදේශීය රටවල්වල අධ්‍යාපනය සඳහා යන වියදම සසඳන විට ඊට වඩා බෙහෙවින්ම අඩු වියදමකින් ලංකාවේදී ලෝකය පුරාම පිළිගන්නා උපාධියක්‌ ලබා ගත හැක. දැන් ලංකාව ජාත්‍යන්තර අධ්‍යාපන මධ්‍යස්‌ථානයක්‌ බවට හැරවීමට ආණ්‌ඩුව විසින් ගත් පළමු පියවර විශ්වවිද්‍යාල ආචාර්යවරු විසින්ම එක පෑන් පහරකින් විනාශ කොට ඇත. මෙවැන්නක්‌ කිරීමෙන් පසුවත් දළ දේශීය නිෂ්පාදිතය තුළ අධ්‍යාපනයේ දායකත්වය 6% දක්‌වා වැඩිකළ යුතු බව කියමින් උද්ඝෝෂණය කරන්නේද මේ ආචාර්යවරුන්මය.

    මේ ආචාර්යවරුන්ගේ ඉල්ලීම් සියල්ලම එකිනෙක සලකා බැලීමට මෙහි ඉඩ නැතත් අවසාන වශයෙන් ඔවුන්ගේ වැටුප් ඉල්ලීම දෙසද බැලිය යුතුය. මෙවැනි වැටුප් ඉල්ලීමක්‌ මීට කලින් වෘත්තීය සමිති ක්‍ෂේත්‍රයේ අත්දැක නැතුවාට සැකයක්‌ නැත. සාමාන්‍යයෙන් වෘත්තීය සමිතියක්‌ වැඩ වර්ජනයක නියෑලෙන විට ඔවුන් නිශ්චිත වැටුප් වැඩි කිරීමක්‌ ඉල්ලා සිටී. ඒ තමාගේ පවතින වැටුපට නිශ්චිත ප්‍රතිශතයක්‌ වැඩි විය යුතු බව කීමෙනි. නමුත් මෙහිදී සිදුවන්නේ විශ්වවිද්‍යාල ක්‍ෂේත්‍රයට ගෑවිලාවත් නැති ශ්‍රී ලංකා මහ බැංකුවේ වැටුප් තල වලට වඩා ඔබ්බට යන වැටුප් තල ලබා ගැනීමට සටනකි. ශ්‍රී ලංකා මහ බැංකුව යනු ආර්ථික විද්‍යාව, ගණිතය, සංඛ්‍යානය, පරිගණක විද්‍යාව වැනි සීමිත ක්‍ෂේත්‍ර කීපයකින් පමණක්‌ කාර්යමණ්‌ඩලය බඳවා ගන්නා විශේෂඥ ආයතනයකි. එවැනි තැනක රැකියාව විශ්වවිද්‍යාල රැකියාවකට වඩා සහමුලින්ම වෙනස්‌ය. විධායක රැකියාවක වගකීමත්, බැරෑරුම් බවත් බෙහෙවින්ම වැඩිය. වරදක්‌ සිදුවුව හොත් බොහෝ විට එය නිවැරැදි කළ නොහැක. විධායක රැකියාවක්‌ කිසිසේත්ම අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ගුරු රැකියාවකට සමාන කළ නොහැක. එම නිසා වැඩි පඩි ඉල්ලා උද්ඝෝෂණය කිරීමට කාටත් අයිතිය තිබුණත් තමන් කරන රැකියාවට කිසිලෙසකින්වත් සමාන නැති වෙනත් ක්‍ෂේත්‍රයක ලැබෙන වැටුපට වඩා තමන්ට වැටුප් ලැබිය යුතු යෑයි කියා උද්ඝෝෂණය කිරීම කිසිසේත්ම සාධාරණ නැතැයි මට සිතේ.

    විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් ඉල්ලීමද කලින් සඳහන් කරන ලද 6% ඉල්ලීමට බෙහෙවින්ම සමානය. මේ දෙකම නිශ්චිත ඉල්ලීම් නොව කේවල් කිරීමට ඉදිරිපත් කරන ඒවා බව විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයෙන් පවසයි. නමුත් මෙවැනි නිශ්චිත නොවන කේවල් කිරීමේ ඉල්ලීම් ඉදිරියට දමා ඒ වෙනුවෙන් වැඩ වර්ජනයක්‌ කිරීම මොනතරම් වගකීම් විරහිත ක්‍රියාවලියක්‌දැයි ඔවුන්ට නොසිතීම ඇත්තටම පුදුමයට කාරණයකි. වැඩ වර්ජනයක්‌ කළ යුත්තේ දීමට නොහැකි ඉල්ලීම් මත නොව ආණ්‌ඩුවට ඉටුකර දියහැකි සාධාරණ ඉල්ලීම් වලට පමණි. මොවුන් අධ්‍යාපනයේ දායකත්වය දළ දේශීය නිෂ්පාදිතයෙන් 6% ක්‌ දක්‌වා වැඩිකළ යුතු යෑයි ඉල්ලන්නේ යන්තම් යුද්ධයෙන් ගොඩ ආ රටකිනි. කිසිදු යුද්ධයකට මුහුණපා නැති ඔස්‌ටේ්‍රලියාවේ එම ප්‍රතිශතයද 5% කි. ඔවුන් 6% ඉල්ලා සිටින්නේ ආණ්‌ඩුවේ අයෙකු විසින් යුනෙස්‌කෝ ලියවිල්ලකට අත්සන් කළ නිසා යෑයි ඔවුන් කියයි. එමෙන්ම තමන්ගේ වැටුප් මහ බැංකු වැටුප් වලට වඩා වැඩි කළ යුතු යෑයි ඔවුන් කියන්නේ ජිµaරි මලික්‌ කමිටුව විසින් එවැනි නිර්දේශයක්‌ ලි�තව කරන ලද නිසා යෑයි ඔවුන් කියයි. දැන් මේ යුනෙස්‌කෝ ලියවිල්ලට අත්සන් තැබීමත් ජිµsරි මලික්‌ කමිටු වාර්තාවත් පිස්‌සුවක්‌ නම් මෙවැනි පිස්‌සු විකාර දෙකක්‌ අල්ලාගෙන විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වැනි උගත් උදවිය මේ ආකාරයට හැසිරීමෙන් ඔවුන් ගැන ජනතාව තුළ තිබෙන විශ්වාසය තවත් පළුදු වීම වැළැක්‌විය නොහැකිය.

    Divaina.
     
    Last edited:

    Wambatu

    Member
    Nov 12, 2011
    435
    26
    0
    Sidadiye

    අනිත් හැම දේටම ආර්ථික වටිනාකමක් දෙන්න පුලුවන්නම් අද්‍යාපනයේ විකුනන්න තියෙන තහනම මොකක්ද?
    ආඩම්බර තාත්තගෙ චින්තනයෙ තියෙන්නෙ අධ්‍යාපනය විකුණන් කනවා කියලද ? මිනිස්සුන්ගෙන් චන්ද හිගාකෑවෙ එහෙම කියල ද ? නොදකින් එතකොට දුප්පත් ළමයි ඉගෙන නොගත්තට කමක් නැද්ද ? උන් හැමදාම අනුන්ට කත් ඇද ඇද ඉන්න ඕනිද ? උඹලගෙ අම්මා තාත්තා ඉගෙනකත්තෙ කෝඨි ගනන් දීලා ප්‍රයිවට් කැම්පස් ඉන්ටර්නැශනල් ස්කූල් වලින්ද ? උබ කතා කරන්නෙ කටෙන්ද ? අනිත් පැත්තෙන්ද ? :no::no::no::no::no::no::no::no::no::no::no:
     
    Samanalii

    Member
    Sep 4, 2012
    152
    9
    0
    පල ඕක තුන්පාරක් නොදී එක පාරක් විතරක් දුන්නනම් ප්‍රශ්නවලින් භාගයක් ඉවරයි.:dull:

    හා

    ඒ මොන පයනු කතාවක්ද ආන්ඩුවෙ කැම්පස් වල එවුන් බාහිර කරන එවුන් තරහයි,ප්‍රයිවට් කැම්පස් වල උන් එක්ක තරහයි, පිටරට ගිහින් ඉගෙන ගන්න එවුන් එක්ක තරහයි. මොන තරම් කුහකකමක්ද මුන්ගෙ හිත්වල තියෙන්නෙ. අනිත් දෙක පැත්තකට දාකො පිට රට ගිහින් ඉගෙන ගෙන එන් එවුන් එක්කනම් මුන්ට වෛරයක් තියෙන්නෙ. මෙහෙ කැම්පස් වල උන් අපේ කැම්පස් තමයි ලෝකෙ හොඳම කැම්පස් කියලා හිතාගෙන හිටියට ඒ කැම්පස් එකක්වත් ලොකෙ හොඳම කැම්පස් 250 වත් නෑ.ලොල්. පු* කහගන්න නියපොත්ත නෑ ඒත් සද්දෙ නම් තියෙනවා. :rolleyes:

    ලංකාවේ කැම්පස් ලෝකේ හොඳම කැම්පස් 250 නෙමෙයි 2500 වත් නැති උනත් අපේ දුප්පත් අම්මලාගේ දුප්පත් ළමයින්ට තියන එකම පිළිසරණ මේක. එකත් නැති කරන එක නම් හෙණ ගහන අපරාධයක්. ප්‍රයිවට් කැම්පස්, බාහිර උපාධි, පිට රට උපාධි හොඳයි, ඇති හැකි අයට. එයාල නම්බර් වන් රේටින්ස් තියන කැම්පස් වල ඉගෙන ගත්තාවේ. එත් අපේ දුප්පත් දරුවන්ටත් යන කලක් තියෙන්න ඕන. මේ යන රටාව අනුව ඉස්සරහට ලංකාවට දෙවියන්ගේම පිහිටයි. :frown:
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    වලිගෙ පාග නොගෙන යනතැනක පලයන්
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ඒ මොන පයනු කතාවක්ද ආන්ඩුවෙ කැම්පස් වල එවුන් බාහිර කරන එවුන් තරහයි,ප්‍රයිවට් කැම්පස් වල උන් එක්ක තරහයි, පිටරට ගිහින් ඉගෙන ගන්න එවුන් එක්ක තරහයි. මොන තරම් කුහකකමක්ද මුන්ගෙ හිත්වල තියෙන්නෙ. අනිත් දෙක පැත්තකට දාකො පිට රට ගිහින් ඉගෙන ගෙන එන් එවුන් එක්කනම් මුන්ට වෛරයක් තියෙන්නෙ. මෙහෙ කැම්පස් වල උන් අපේ කැම්පස් තමයි ලෝකෙ හොඳම කැම්පස් කියලා හිතාගෙන හිටියට ඒ කැම්පස් එකක්වත් ලොකෙ හොඳම කැම්පස් 250 වත් නෑ.ලොල්. පු* කහගන්න නියපොත්ත නෑ ඒත් සද්දෙ නම් තියෙනවා. :rolleyes:

    NDT කරන උන් Degree කරන උන් එක්ක තරහය්, Degree කරන උන් NDT කරන උන් එක්ක තරහය්. මොකක්ද හේතුව? අනිත් එක තමන්ව කාපන් යය් කියල...
     
    Samanalii

    Member
    Sep 4, 2012
    152
    9
    0
    NDT කරන උන් Degree කරන උන් එක්ක තරහය්, Degree කරන උන් NDT කරන උන් එක්ක තරහය්. මොකක්ද හේතුව? අනිත් එක තමන්ව කාපන් යය් කියල...

    හරියටම හරි. කැම්පස් වල විතරක් නෙමෙයි, මේ කැපිල්ල කොහෙත් එකයි. එහෙමයි කියල කැම්පස් වහල දාල ළමයින්ව ගෙදර යවන එක හරිද ? :no:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඉල්ලීම් නම් ඉතාම හොඳයි.
    ගැටලුව තමයි මේ ඉල්ලීම් කරන පුද්ගලයින් කවුද කියලා හා ඒ ඉල්ලීම් ඉල්ලන විදිහ ගැන.
    නිදහස් අධ්‍යාපනේ රැකගන්න කියලා වැඩකරන්නේ නැතුව ඉඳලා ළමයින්ට අධ්‍යාපනයක් නැතිකරන එකද හරි. ඒ ගොල්ලෝ වැඩනොකට හිටියාම අධ්‍යාපනය කඩා වැටෙනවා මිස නැගිටින්නේ නෑ නේ. තවත් වලපල්ලටම තමයි යන්නේ

    :yes: :yes: :yes: :yes: :yes:
     
    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    ඉල්ලීම් නම් ඉතාම හොඳයි.
    ගැටලුව තමයි මේ ඉල්ලීම් කරන පුද්ගලයින් කවුද කියලා හා ඒ ඉල්ලීම් ඉල්ලන විදිහ ගැන.
    නිදහස් අධ්‍යාපනේ රැකගන්න කියලා වැඩකරන්නේ නැතුව ඉඳලා ළමයින්ට අධ්‍යාපනයක් නැතිකරන එකද හරි. ඒ ගොල්ලෝ වැඩනොකට හිටියාම අධ්‍යාපනය කඩා වැටෙනවා මිස නැගිටින්නේ නෑ නේ. තවත් වලපල්ලටම තමයි යන්නේ

    :yes: :yes: :yes: :yes: :yes::yes: :yes: :yes: :yes: :yes:
     
    Wambatu

    Member
    Nov 12, 2011
    435
    26
    0
    Sidadiye
    ඉල්ලීම් නම් ඉතාම හොඳයි.
    ගැටලුව තමයි මේ ඉල්ලීම් කරන පුද්ගලයින් කවුද කියලා හා ඒ ඉල්ලීම් ඉල්ලන විදිහ ගැන.
    නිදහස් අධ්‍යාපනේ රැකගන්න කියලා වැඩකරන්නේ නැතුව ඉඳලා ළමයින්ට අධ්‍යාපනයක් නැතිකරන එකද හරි. ඒ ගොල්ලෝ වැඩනොකට හිටියාම අධ්‍යාපනය කඩා වැටෙනවා මිස නැගිටින්නේ නෑ නේ. තවත් වලපල්ලටම තමයි යන්නේ

    අනේ 6% දෙන්නකෝ කිව්වට ආන්ඩුව දීලා දායිද ? :rofl::rofl::rofl::rofl::rofl::rofl: