ඔබ කියන කතාවෙත් ඇත්තක් තියනවා. උදාහරණයක් ලෙස මොරටුව විශ්වවිද්‍යාලයේ ඉලෙක්ට්‍රොනික් වැනි විශයක් උගන්නන්න ඉන්නෙ අතලොස්සක් ආචාර්ය වරුන් ගණනක්. මේකට හේතුව වැඩි හරියක් පිටරට/පෞද්ගලික අංශයට යාම.
නමුත් මෙහෙම එකක් තියනවා. දැන් මොවුන් ඉල්ලන වැටුප් තල මත Demo කෙනෙක් ගේ වැටුප 45000 පමණ වෙනවා. මේක අසාධාරණ නැද්ද? Demo වෙන්න අවශ්‍ය සුදුසුකම මූලික උපාධිය මෑතකදී සමත් වීම පමණයි. ඉන්පසු අදාළ අංශ ප්‍රධානියාට අවශ්‍ය ඕනෑම කෙනෙක් ගන්න පුළුවන් (අවශ්‍ය නම් 1st class කපල 2nd class ට දෙන්න, කොල්ලො කපල කෙල්ලෙකුට දෙන්න ආදී). අවශ්‍ය නම් ඉල්ලුමේ හැටියට විභාගය repeat වෙච්ච අයත් ගන්න පුළුවන් (උදා- computer lab demo)
දැන් සංසන්දනය කරමු දීප ව්‍යාප්ත සේවයක් වන ගොවිජන සේවා නිළධාරියෙක් - මූලික උපාධියකට අමතරව තරඟකාරී විභාගයක් සහ interview එකක් පාස් කරන්න ඕන. මූලික වැටුප 17000 පමණ. ජීවන වියදම් දීමනාව සමඟ 22000 පමණ.
ඉතින් මීට වඩා දෙගුණයකටත් වැඩිය demo කෙනෙකුට ගෙවන එක අසාධාරණ නැද්ද? අනික් අතට වෙනම සේවයක් බවට පත් කරන ඉල්ලීම 100% සාධාරණයි. නමුත් තාවකාලික පදනමකින් වැඩට ගත් අය (Deoms, Temp. lecturers) එයට අදාළ නොවිය යුතුයි.![]()
ඔව් temporary අයටනම් එච්චර ගෙවන්න ඕනෙ නැහැ.
ඒ වුනත් ඒ ඉල්ලීම එච්චර සාධාරණ නැහැ කියලා අනිත් ඉල්ලීම් බැහැර කරන්නෙ නැතුව ඉන්න ඕනා අපි.
පඩිය ගැන කවුරුහරි එකඟ නොවුනත් අනිත් ඉල්ලීම් එක්ක එකඟ වෙන්න බැරි නම් ආණ්ඩුවෙ කටු කන රටට ආදරයක් නැති කෙනෙක් තමා.
@ckaushalya සහෝදරයා මම කියපු දේ අනුගමනය කරන්නෙ නෑ වගේ නේද?
සමහරු ඉන්නවා බං අත දරුවා කාලෙ වැටිලා මොලේ හරියට වැඩ කරන්නෙ නැතුව ගිය අය. ඒ අයත් එක්ක කොච්චර වාද කරත් වැඩක් නැහැ. දෙයක් තේරුම් ගන්න තරම් බුද්ධියක් නැහැ.
උඹ ඔය හදන්නෙ රිලවෙක්ට භෞතික විද්‍යාව උගන්නන්න යනවා වගේ වැඩක්.
Last edited:







