විශ්වාසභංගය කණපිට පෙරළෙයි (shit happens)

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,131
    5,939
    113
    canada
    විශ්වාසභංගය කණපිට පෙරළෙයි (shit happens)

    ආණ්ඩුවට ඡන්ද 151 විපක්ෂයට 57

    Ranil.jpg


    2014 මැයි 21 05.20 p.m
    (ලසන්ත විරකුලසූරිය, පැතුම් වික්‍රමරත්න)
    ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍ය බෙදා හැරීම තුරන් කිරීමට ආණ්ඩුව අ‍පොහොසත්ව ඇතැයි කියමින් එක්සත් ජාතික පක්ෂය රජයට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 94 කින් පාර්ලිමේන්තුවේදී ඊයේ (21) පරාජයට පත්විය.ආණ්ඩුවට එරෙහිව ගෙනා විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්ද 57 ක්දවිපක්ෂව ඡන්ද 151ක්ද ලැබිමෙන් වැඩි ඡන්දයෙන් පරාජයට පත්විය. යෝජනාවට පක්ෂව එක්සත් ජාතික පක්ෂය, ද්‍රවිඩ ජාතික සන්ධානය සහ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය ඡන්දය ප්‍රකාශ කළේය. යෝජනාවට විරුද්ධව ආණ්ඩුවේ මන්ත්‍රීවරු ඡන්දය ප්‍රකාශ කළහ.
    ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, වාමාංශික පක්ෂ සහ දෙමළ පක්ෂ යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළත් ජාතික හෙළ උරුමය සහ ජාතික නිදහස් පෙරමුණ ඡන්ද විමසන අවස්ථාවේදී සභාවේ සිටියේ නැත. ඡන්දය විමසන අවස්ථාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු 17 දෙනෙක් සභාවේ නොසිටියහ.
    ජී.එල්. පීරිස්, පාඨලී චම්පික රණවක, විමල් විරවංශ, සනත් ජයසූරිය, වීරකුමාර දිසානායක, පී. අරියනේත්‍රන්, ටිරාන් අලස්, හසන් අලි, කරු ජයසූරිය, අරුන්දික ප්‍රනාන්දු, සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, අතුරලියේ රතන හිමි, ඒ. විනයාගමූර්ති, එස්. ශ්‍රීධරන්, මංගල සමරවිර යන ආණ්ඩු පක්ෂ හා විපක්ෂ මන්ත්‍රීවරු සභාවේ නොසිටියහ.
    දින දෙකක් පුරා ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගත් අතර විවාදය අවසානයේ යෝජනාව සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් අවශ්‍ය බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතා එම අවස්ථාවේ මූලාසනයේ සිටි නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි මහතාගෙන් ඉල්ලා සිටියේය.
    ඒ අනුව මන්ත්‍රීවරුන් කැඳවීමේ සීනුව නාද කළ අතර පසුව ඡන්දය විමසන ලද්දේ මන්ත්‍රීවරුන්ගේ නමිනි. විපක්ෂ සංවිධායකවරයා ඉල්ලා සිටියේ නමින් ඡන්දය විමසන ලෙසය.මත් උවදුර පාලනය කිරීමට හා මර්දනය කිරීමට රජය අකමැතිවීමෙන් සිය පුරවැසියන්ගේ සුබසාධනය තහවුරු කිරීමට හා ප්‍රවර්ධනය කිරීමට රජයට ඇති හැකියාව පිළිබඳ විශ්වාසය බිඳ වැටී ඇතැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා සම්මත කරයි යනුවෙන් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 26 දෙනකුගේ අත්සනින් යුතුව මෙම යෝජනාව ඉදිරිපත් කර තිබුණි.
    ඡන්දය විමසන අවස්ථාවේදී එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාගේ නම ‍ලේකම් මණ්ඩලය විසින් ප්‍රකාශ කරද්දී ඔහුට වැරදීමක් සිද්ධ විය. විශ්වාසභංගයට පක්ෂ යැයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කළ අතර ආණ්ඩුවේ මන්ත්‍රීවරු විසින් ඒ බව දැනුවත් කිරීමෙන් පසු දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා යෝජනාවට තමා විරුද්ධ බව ප්‍රකාශ කළේය. එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු කෑකෝ ගසමින් පළමු ප්‍රකාශය පිළිගත යුතු යැයි ප්‍රකාශ කළහ. නමුත් දෙවනවර විරුද්ධ බව ප්‍රකාශ කළ නිසා මන්ත්‍රීවරයාගේ ඡන්දය විරුද්ධ ඡන්දයක් ලෙසට ‍ලේකම් මණ්ඩලය විසින් පිළිගත්තේය.

    source :Lakbima

     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,131
    5,939
    113
    canada

    කැහි ගෑනි දීලා නිව්මෝනියා ගෑනියක් ගන්න බෑ

    ada derana

    එක්සත් ජාතික පක්ෂය විසින් රජයට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාවට පක්ෂවීම යනු ‘කැහි ගෑනි දීලා නිව්මෝනියා ගෑනියෙක් ගැනීම‘ට සමාන ක්‍රියාවක් බව බස්නාහිර පළාත් සභාවේ කෘෂිකර්ම ගොවිජන සංවර්ධන සුළු වාරිමාර්ග කර්මාන්ත සහ පරිසර අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

    ‘කැහි ගෑනි දී හොටු ගෑනි ගත්තා වගෙ‘යයි ගැමි කියමනක් පවතින බවද සිහිපත් කරමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද(21)කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

    මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් හා ආණ්ඩුවේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් තම පක්ෂයට වෙනම මතයක් ඇතත් මේ මොහොත් විපක්ෂයේ විහිළු වලට සම්බන්ධවී විහිළුකාරයන් වන්නට හැකියාවක් නොමැති බැවින් විශ්වාසභංගයට සහය නොදක්වන බව ඔහු සඳහන් කළේය.

    මේ ආණ්ඩුව පෙරළා බලයට පත් කළ යුත්තේ වඩා දේශප්‍රේම්/පරිසර හිතකාමී ආණ්ඩුවක් බැවින් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ කරගත් ආණ්ඩුවක් නොවන බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

    හෙරොයින් ජාවාරම මෙරට ආරම්භ වූයේ එක්සත් ජාතික පක්ෂ රජයක් පැවති වකවානුවකදී බවත්, ඒ නිසාම එවැනි පක්ෂයකට මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව ආණ්ඩුවට මෙවැනි විශ්වාසභංගයක් ගෙන ඒමට සදාචාරාත්මක අයිතියක් නැති ඒ මහතා පෙන්වා දුන්නේය.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,583
    16,435
    113
    uba canada gihinuth lankawe goo godawal hoyanawa.koodallawa ade thiyanna bahane :lol:
     
    Last edited: