විශ්වීය නීතීය දැන ජීවිතය ජය ගන්න

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    විශ්වීය නීතීය දැන ජීවිතය ජය ගන්න

    විශ්වීය නීතීය දැන ජීවිතය ජය ගන්න

    p20-2.jpg


    ඔබ දන්නවාද විශ්ව නීතින් ගැන අපි සියලු දෙනාම කුමන ආගමක ජාතියක වුවද මෙම විශ්ව නීතියට යටත් වෙනවා. වසර 5000 කට පෙර සිට මෙම විශ්ව නීතින් ගැන මිනිසුන් දැනුවත් වී තිබෙනවා. මේ නීතින් නිසි ලෙස හඳුනාගතහොත් අපට අපේ ජීවිත ජය ගැනීමට හැකියාව තිබෙනවා. ජාති ආගම් අනුව අප බෙදී සිටියත් අප සියලු දෙනාම විශ්ව ප්‍රාණීන් වෙනවා. මෙම විශ්ව නීතින් අපේ ජීවිතයට දැඩි ලෙස බලපෑම් කරනවා. විශ්ව නීතින් ගසක පොළව යට වැළලී ඇති මුල් පද්ධතියකට සම කළ හැකියි. ඒවා පිටතට නොපෙණුනත් ගසට ශක්‌තිය දෙන්නේ ඒවායි. ඒවා නැතුව ගසකට කෙළින් සිට ගත නොහැකි වනවා. එලෙසම විශ්ව ප්‍රාණීන් ලෙස මෙම විශ්ව නීතින් නැතුව මෙම විශ්වයෙහි අපේ ජීවිතය සාර්ථක කර ගත නොහැකි වනවා. එම විශ්ව නීතින් දොළොස්‌ වැදෑරුම් වෙනවා.

    1. විශ්වයේ පවතින සියලු දෙය එකිනෙකට සම්බන්ධය

    විශ්වයේ පවතින සෑම දෙයක්‌ම එකිනෙකට බැඳී පවතී. අප සිතන පතන කියන කරන සියලුම දේවල් වලින් අප අවට සිටින සියලු දෙනාට සහ විශ්වයට සන්නිවේදන වශයෙන් බලපෑමක්‌ ඇති කරයි. අපට කිසිවක්‌ විශ්වයෙන් සැඟවීමට නොහැක.

    2. කම්පනයේ නීතිය

    මෙම විශ්වයේ සෑම දෙයක්‌ම චලනය සහ කම්පනය වන අතර චක්‍රාකාර රටාවක්‌ ලෙස ගමන් කරයි. භෞතික ලෝකයේ දී මෙම කම්පනය වීමේ මූලධර්මය අපගේ සිතුවිලි, හැඟීම්, ආශාවන් සහ පැතුමන් කෙරෙහි බලපායි.

    සෑම දෙයකටම සිතුවිල්ලකටම ශබ්දයකටම ඊට ආවේනික වූ කම්පන සංඛ්‍යාතයක්‌ තිබේ. ඒ අනුව එම සිතුවිල්ලේ ප්‍රබලතාව අඩු වැඩි වේ.

    2. ක්‍රියාකාරිත්වයේ නීතිය

    අපට විශ්වයෙන් යම් දේවල් ලබාගැනීම සඳහා අප මෙම විශ්ව නීති අනුව ක්‍රියා කළ යුතුය. අපේ සිතුවිලි, සිහින, හැඟීම්, වචන ක්‍රියාත්මක කිරීමට ඒවා සැබෑකර ගැනීමට ඒවාට සහයෝගය දෙන ක්‍රියාකාරකම්වල අප නියුතු විය යුතු වේ. අලසයන්ට විශ්වයේ පිහිටක්‌ නොලැබේ.

    4. සංනිවේදන විශ්ව නීතිය

    මෙම නීතිය අපට අපගේ ජීවිතවල රියදුරු අසුන හිමි කරයි. අපේ ජීවිතය අප විසින්ම පාලනය කළ යුතුය. අපේ අවට පරිසරය අපේ ඇතුළත පරිසරයේ සෘජු සෙවණැල්ලයි. අපේ ජීවිතවල වගකීම අප සතුය. භෞතික ලෝකයේ ශක්‌තිය, කම්පනය, ආලෝකය සහ චලනය යන සියල්ල විශ්වයට ගැළපෙන මූලධර්මයි.

    5. හේතුව සහ ප්‍රතිඵලය පිළිබද විශ්ව නීතිය

    මේ අප කවුරුත් දන්නා නීතියකි. කිසිවක්‌ විශ්ව නීතියට පිටින් ඉබේටම සිදු නොවේ. සෑම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක්‌ තිබේ. අප වපුරන්නේ යම් දෙයක්‌ද අපට නෙළාගන්නට ලැබෙන්නේ එයමය. යහපත වපුරන්නා යහපත නෙළාගනී. අයහපත වපුරන්නා අයහපත නෙළා ගනී.

    6. හානි පූර්ණයේ විශ්ව නීතිය

    අප කරන යහපත් කාර්යවල ප්‍රතිඵලය අපට ත්‍යාග ලෙස ලැබේ. එය මුදලින්, කල්‍යාණ මිත්‍ර සම්පත්තියක්‌ ලෙසින් හෝ ආශිර්වාදයක්‌ ලෙස අපට ලැබෙනු ඇත. එලෙසම අප කරන අයහපත් කාර්යවල ප්‍රතිඵලද අපට එලෙසම දරුණු ලෙස අපට ලැබෙනු ඇත. තවත් පැහැදිලි කළොත් අප අපේ කර්මානු රූප ගනුදෙනු පියවිය යුතුම වේ. විශ්වයට කිසිවක්‌ වසන් කළ නොහැක. අප කරන කියන සෑම දෙයක්‌ම විශ්වයේ සටහන් වී ඇත.

    7. ආකර්ෂණයේ විශ්ව නීතිය

    මෙම නීතිය අපට අපේ ජීවිතයට බලපාන සංසිද්ධීන් පුද්ගලයන් දේවල් අප නිර්මාණය කරගන්නා අයුරු පෙන්වා දෙයි. අපේ ජීවිතවලට ලැබෙන සංසිද්ධි, හමුවන පුද්ගලයන් අපේ සිතුවිලි, හැඟීම්, වචන සහ ක්‍රියාවන් යම්කිසි ශක්‌තියක්‌ නිර්මාණය කරයි. ඇත්තෙන්ම අප ශක්‌ති ප්‍රාණීන් ලෙස හැඳින්වුවහොත් එය නිවැරැදියි. එම ධන ශක්‌තිය අප අවට පුද්ගලයන්ගේ ධන ශක්‌තීන් ආකර්ෂණය කරන අතර රින ශක්‌තීන් රින ශක්‌තීන් ආකර්ෂණය කරයි. එකම සිතුවිලි හැඟීම් තිබෙන අය එකට එකතු වන්නේ මේ ආකර්ෂණය නිසාය.

    8. නිරන්තර ශක්‌තිය තත්වාන්තරණය වීම

    මෙය ඉතා බලගතු නීතියකි. එයින් පැවසෙන්නේ අප සතුව අපේ ජීවිතවල ජීවන තත්ත්වයන් වෙනස්‌ කරගත හැකි බලයක්‌ තිබෙන බවයි. උසස්‌ ශක්‌ති කම්පනයන් පහත් ශක්‌aති කම්පනයන් නතු කරගෙන ඒවා වෙනස්‌ කරයි. අපට විශ්ව නීතින් නිසි ලෙස තේරුම් ගැනීමෙන් සහ ඒවා නිසි පරිදි භාවිතා කිරීමෙන් අපේ ජීවිතවල ධනාත්මක වෙනසක්‌ ඇති කර ගත හැකිය.

    9. ස්‌වභාවයේ විශ්ව නීතිය

    සෑම පුද්ගලයෙකුටම තම ජීවිත කාලය තුළදී ගැටලු රාශියකට මුහුණ දීමට සිදුවේ. තමන්ගේ ශක්‌තිය උරගා බැලීමට සහ පාඩම් ඉගෙන ගැනීමට මෙම නීතිය අපට උදව් වේ. අපේ ගැටලු අනෙක්‌ අය මුහුණපාන ගැටලු සමඟ සසඳා බැලීමට ඉඩකඩ සලසයි. අපේ තත්ත්වය කොතරම් අයහපත් වුවද සෑම විටම අපට වඩා අයහපත් තත්ත්වයේ සිටින අය සිටිති. සෑම දෙයක්‌ම සාපේක්‌ෂව බැලීමට අප හුරුපුරුදු විය යුතුය. සෑම කෙනෙකුටම ප්‍රශ්න විස¹ ගැනීමට හැකි ශක්‌තියක්‌ ඇත. ඔබ පිටතින් සතුට සොයා කාලය වැය කළ යුතු නැත. සතුට ඇත්තේ ඔබ තුළමය.

    10. ධ්‍රැවීයතාවයේ විශ්ව නීතිය

    සෑම දෙයකටම අඛණ්‌ඩතාවක්‌ සහ ප්‍රතිවිරුද්ධ දෙයක්‌ තිබේ. ආදරය - වෛරය, දුක සැප, හොඳ නරක, ආලෝකය - අඳුර. අඳුර නොමැතිනම් අපට ආලෝකය අගය කළ නොහැක. දුකක්‌ නැතිනම් අපට සැප අගය කළ නොහැක. අපට ප්‍රතිවිරුද්ධ සිතුවිලිවලින් අප අකමැති අයහපත් සිතුවිලි මර්දනය කර යහපත් සිතුවිලි වර්ධනය කරගත හැක. එය මනසේ කම්පනය පිළිබඳ නීතියයි.

    11. රිද්මයේ විශ්ව නීතිය

    විශ්වයේ සෑම දෙයක්‌ම එක්‌තරා රිද්මයකට කම්පනය වෙමින් චලනය වෙයි. මෙම කම්පන රිද්මයන්, සෘතුන් චක්‍රයන්, සංවර්ධන මානයන් සහ රටාවන් නිර්මාණය කරයි. සෑම චක්‍රයක්‌ම එකම විශ්වයේ ක්‍රියාකාරිත්වය පෙන්නුම් කරයි. ආධ්‍යාත්මික ගුරුන්, මුනිවරුන් මෙම චක්‍රයන්හි රිනාත්මක කොටස්‌ බැහැරකොට ඉහළට යැමේ ක්‍රමය දනිති. ඔවුන් රිනාත්මක ශක්‌තීන්ට ඔවුන්ගේ මනසට ඇතුල්විමට ඉඩ නොදෙති.

    12. ස්‌ත්‍රී පුරුෂ භාවයේ විශ්ව නීතිය

    විශ්වයේ සියලු දේම ස්‌ත්‍රී පුරුෂ ලෙස වර්ග කර තිබේ. ගස්‌වැල් පවා එලෙසය. තම වර්ගයා බෝකිරීම මෙම නීතිය අනුව සිදුවේ. මෙම නීතිය ස්‌වභාව ධර්මයේ සියල්ල පිරිමි සහ ගැහැණු ලෙස තීන්දු කරයි. සත්ව ලෝකයේ මෙය ලිංගිකත්වය ලෙස සැලකේ. ජීවිතයේ පැවැත්මට ස්‌ත්‍රී පුරුෂ භාවයන් දෙකම අවශ්‍යය ය. විශ්ව ප්‍රාණීන් ලෙස අප තුළ ඇති මෙම ස්‌ත්‍රී පුරුෂ ශක්‌තීන් සමතුලිතව පවත්වා ගෙන යැමට අප උත්සාහ කළ යුතුය.

    ශ්‍රියානි ද සේරම්
    වැඩිදුර විස්‌තර ස`දහා 0718365025
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    Physics class එකක් ද? Astronomy class එකක් ද?
     

    Ne@

    Active member
  • Mar 11, 2011
    609
    81
    28
    You must spread some Reputation around before giving it to Target Hoona again.