විශ්ව ගවේශනය.
මිනිසා විසින් ප්‍රථමයෙන්ම උඩු ගුවනට යවන ලද අභ්‍යවකාශ යානාව ලෙසට සැලකෙන්නේ සෝවියට් දේශයෙහි නිර්මාණයක් වූ ස්පුට්නික් – 01 නැමති ලොව ප්‍රථම සන්නිවේදන චන්ද්‍රිකාවයි. එය ගුවන් ගත කිරීමෙන් පසුව අත්වන්නා වූ සුවිශාල ඵල ප්‍රයෝජන දුටු මිනිසා පෘථිවි කක්ෂය තුළ විශාල වූ කෘති‍්‍රම චන්ද්‍රිකා ප්‍රමාණයක් රඳවන ලදී.පෘථිවියෙන් එපිට පිහිටි ග්‍රහලෝක තරණය කිරීම පිළිබඳව අදහසක් මේ කාලය තුළ ජීවත් වූ මිනිසාගේ සිතෙහි ලැඟුම් ගෙන තිබුණ අතර ඔවුන්ගේ එම සිහිනය සැබෑ කර ගැනීමට චන්ද්‍රිකා තාක්ෂණය හොඳ අත්තිවාරමක් විය. චන්ද්‍රිකා තාක්ෂණය උපයොගීකර ගනිමින් අභ්‍යවකාශ යානා තැනීම ආරම්භ කළ මිනිසා අභ්‍යවකාශ යුගයට පැමිණියේ ය. ඉන් පසුව විශ්ව ගවේශණය සඳහා වැඩි මනාපයක් දැක් වූ මිනිසුන් දිගින් දිගටම එම කටයුත්තේ නියැළිණි.
අභ්‍යවකාශ ගවේශණ යුගයේ ආරම්භය ලෙස මේ කාලය හැඳින් විය හැකි අතර ඉන් පසුව අභ්‍යවකාශ යානා විශාල ප්‍රමාණයක් අභ්‍යවකාශය වෙතට යවන ලදී. ඒවායින් සමහරක් නැවත පෘථිවියට පැමිණි අතර තවත් සමහරක් ඒවා තෙරක් නොපෙනෙන ඈත විශ්වය කරා ඇදී ගියේ ය. කෙළවරක් නැති විශ්වයේ කෙළවරක් නොමැති ගමනක යෙදී සිටින යානාවක් ලෙසට “පයනියර් හා වොයේජර්” හැඳින්විය හැකිය. එසේම ඒවායින් සමහරක මිනිසුන් ගමන් කළ අතර සමහරක තිරිසන් සතුන් ගමන් කළේ ය. උදාහරණ ලෙසට 1957 වර්ෂයේදී රුසියාව විසින් ගුවන් ගත කරන ලද ස්පුට්නික් 02 නැමති අභ්‍යවකාශ යානාව තුළ “ලයිකා” නම් බැල්ලිය ගමන් කළ අතර 1961 වර්ෂයේදි රුසියාව විසින් ගුවන් ගත කරන ලද “වොස්ටොක් “ නම් යානය තුළ “යුරි ගගාරින්” නැමති අජටාකාශ ගාමියා ගමන් කිරීම සඳහන් කළ හැකිය.
යුරි ගගාරින්
ලයිකා
එපමණක් නොව මෙම යානාවලින් සමහරක් කිසිම ජීවියකු නොමැති පරිගණක පද්ධතින් පමණක් රැගෙන උඩු ගුවනට ගොස් ස්වයංකී‍්‍රයව ගත් ඡායාරූප පොළොවට එවන ලදී. 1972 වර්ෂයේදී ඇමෙරිකාව විසින් ගුවන් ගත කරන ලද “පයනියර් “-10 යානාව මෙයට උදාහරණයක් ලෙස ඉදිරිපත් කළ හැකිය. බ්‍රහස්පති ග්‍රහයා කරා ගමන් කළ මෙම යානාව එම ග්‍රහයාගේ වැදගත් තොරතුරු ඇතුළත් ඡායාරූප විශාල ප්‍රමාණයක් පරිගණක මාර්ගයෙන් පෘථිවියට එවීමට සමත් විය.
අභ්‍යවකාශ යානා මඟින් ඉහත දැක්වූ ආකාරයෙන් වැදගත් ඵල ප්‍රයෝජන රාශියක් ලබා ගත හැකි අතර ඔවුන් ඒවා නිර්මාණය කරන්නේ අති විශාල වූ ධනස්කන්ධයක් වැය කරමිනි. මිනිසා විසින් එපමණ ධනස්කන්ධයක් වැයකරමින් තනා ගත් යානා උඩු ගුවනට යවනු ලබන්නේ විශාල පිට්ටනියක් වැනි ස්ථානයකදීය. උදාහරණයක් ලෙසට ඇමෙරිකාවේ “කෙනඩි තුඩුව” පෙන්වා දිය හැකි අතර නාසා ආයතනය මඟින් කි‍්‍රයාත්මක කරනු ලබන ගුවන් ගත කිරීම් කරනු ලබන්නේ මෙහිදීය.
මේවා ගුවන්ගත කිරීමේදී අතිවිශාල වූ ශබ්දයක් පිටවන අතර යානාවේ ජීව කාලය තුළ එහි භයානකම අවස්ථාව වනුයේ යානාව උඩුගුවනට යාම ආරම්භ කරන අවස්ථාවයි. ඉන් පසු කෙටි කාලයක් තුළදී පෘථිවි කක්ෂය පසු කර ගෙන යන යානාව අභ්‍යවකාශයේ පවතින කිසියම් ග්‍රහ වස්තුවක පුදුම සහගත තොරතුරු පෘථිවිය කරා එවනු ලබයි. මෙම තොරතුරු හා ඡායාරූප පෘථිවිය කරා එවනු ලබන්නේ යානාව හා සම්බන්ධ පරිගණක පද්ධතියක් මඟිනි. පෘථිවියේ පිහිටා ඇති පරිගණක පද්ධතිය සහිත ස්ථානය හඳුන්වනු ලබන්නේ පාලක මැදිරිය නමිනි.අභ්‍යවකාශ යානයේ සිට පෘථිවිය වෙතටත් පෘථිවියේ සිට අභ්‍යවකාශ යානා වෙතටත් තොරතුරු ගලායාම හා ගලා ඒම පාලනය කරනු ලබන්නේ මෙම පෘථිවි පාලක මැදිරිය මඟිනි. එහි සිටින පර්යේෂකයින් අවධානයකින් යුතුව යානාව රැක බලා ගනී.යානය පිළිබඳ ඔවුන්ගේ අවධානය කොතරම් දැයි කිව හොත් ඒ වෙනුවෙන් තම කෑම වේල පවා කැප කරති. සැබවින්ම ඔවුන් තම යානාව අභ්‍යවකාශයේ පවතින උවදුරු වලින් රැක බලා ගන්නේ දෙමාපියන් විසින් තම දරුවන් රැක බලා ගන්නා ආකාරයටය.ඒ කෙසේ වෙතත් අභ්‍යවකාශය තරණය කිරීමට සමත් මෙම යානා මගින් ඉටු වන සේවය අති මහත් ය. මේ වන විට මිනිසා විසින් අභ්‍යවකාශ යානා විශාල ප්‍රමාණයක් උඩු ගුවනට යවා ඇති බව ඉහතදී කියැවිනි.



