විශ්ව_ගවේශනය

**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy

    විශ්ව ගවේශනය.


    roket.jpg



    මිනිසා විසින් ප‍්‍රථමයෙන්ම උඩු ගුවනට යවන ලද අභ්‍යවකාශ යානාව ලෙසට සැලකෙන්නේ සෝවියට් දේශයෙහි නිර්මාණයක් වූ ස්පුට්නික් – 01 නැමති ලොව ප‍්‍රථම සන්නිවේදන චන්ද්‍රිකාවයි. එය ගුවන් ගත කිරීමෙන් පසුව අත්වන්නා වූ සුවිශාල ඵල ප‍්‍රයෝජන දුටු මිනිසා පෘථිවි කක්ෂය තුළ විශාල වූ කෘති‍්‍රම චන්ද්‍රිකා ප‍්‍රමාණයක් රඳවන ලදී.පෘථිවියෙන් එපිට පිහිටි ග‍්‍රහලෝක තරණය කිරීම පිළිබඳව අදහසක් මේ කාලය තුළ ජීවත් වූ මිනිසාගේ සිතෙහි ලැඟුම් ගෙන තිබුණ අතර ඔවුන්ගේ එම සිහිනය සැබෑ කර ගැනීමට චන්ද්‍රිකා තාක්ෂණය හොඳ අත්තිවාරමක් විය. චන්ද්‍රිකා තාක්ෂණය උපයොගීකර ගනිමින් අභ්‍යවකාශ යානා තැනීම ආරම්භ කළ මිනිසා අභ්‍යවකාශ යුගයට පැමිණියේ ය. ඉන් පසුව විශ්ව ගවේශණය සඳහා වැඩි මනාපයක් දැක් වූ මිනිසුන් දිගින් දිගටම එම කටයුත්තේ නියැළිණි.

    අභ්‍යවකාශ ගවේශණ යුගයේ ආරම්භය ලෙස මේ කාලය හැඳින් විය හැකි අතර ඉන් පසුව අභ්‍යවකාශ යානා විශාල ප‍්‍රමාණයක් අභ්‍යවකාශය වෙතට යවන ලදී. ඒවායින් සමහරක් නැවත පෘථිවියට පැමිණි අතර තවත් සමහරක් ඒවා තෙරක් නොපෙනෙන ඈත විශ්වය කරා ඇදී ගියේ ය. කෙළවරක් නැති විශ්වයේ කෙළවරක් නොමැති ගමනක යෙදී සිටින යානාවක් ලෙසට “පයනියර් හා වොයේජර්” හැඳින්විය හැකිය. එසේම ඒවායින් සමහරක මිනිසුන් ගමන් කළ අතර සමහරක තිරිසන් සතුන් ගමන් කළේ ය. උදාහරණ ලෙසට 1957 වර්ෂයේදී රුසියාව විසින් ගුවන් ගත කරන ලද ස්පුට්නික් 02 නැමති අභ්‍යවකාශ යානාව තුළ “ලයිකා” නම් බැල්ලිය ගමන් කළ අතර 1961 වර්ෂයේදි රුසියාව විසින් ගුවන් ගත කරන ලද “වොස්ටොක් “ නම් යානය තුළ “යුරි ගගාරින්” නැමති අජටාකාශ ගාමියා ගමන් කිරීම සඳහන් කළ හැකිය.

    yuri.gif


    යුරි ගගාරින්


    laika2_original.jpg


    ලයිකා


    එපමණක් නොව මෙම යානාවලින් සමහරක් කිසිම ජීවියකු නොමැති පරිගණක පද්ධතින් පමණක් රැගෙන උඩු ගුවනට ගොස් ස්වයංකී‍්‍රයව ගත් ඡායාරූප පොළොවට එවන ලදී. 1972 වර්ෂයේදී ඇමෙරිකාව විසින් ගුවන් ගත කරන ලද “පයනියර් “-10 යානාව මෙයට උදාහරණයක් ලෙස ඉදිරිපත් කළ හැකිය. බ‍්‍රහස්පති ග‍්‍රහයා කරා ගමන් කළ මෙම යානාව එම ග‍්‍රහයාගේ වැදගත් තොරතුරු ඇතුළත් ඡායාරූප විශාල ප‍්‍රමාණයක් පරිගණක මාර්ගයෙන් පෘථිවියට එවීමට සමත් විය.
    අභ්‍යවකාශ යානා මඟින් ඉහත දැක්වූ ආකාරයෙන් වැදගත් ඵල ප‍්‍රයෝජන රාශියක් ලබා ගත හැකි අතර ඔවුන් ඒවා නිර්මාණය කරන්නේ අති විශාල වූ ධනස්කන්ධයක් වැය කරමිනි. මිනිසා විසින් එපමණ ධනස්කන්ධයක් වැයකරමින් තනා ගත් යානා උඩු ගුවනට යවනු ලබන්නේ විශාල පිට්ටනියක් වැනි ස්ථානයකදීය. උදාහරණයක් ලෙසට ඇමෙරිකාවේ “කෙනඩි තුඩුව” පෙන්වා දිය හැකි අතර නාසා ආයතනය මඟින් කි‍්‍රයාත්මක කරනු ලබන ගුවන් ගත කිරීම් කරනු ලබන්නේ මෙහිදීය.


    මේවා ගුවන්ගත කිරීමේදී අතිවිශාල වූ ශබ්දයක් පිටවන අතර යානාවේ ජීව කාලය තුළ එහි භයානකම අවස්ථාව වනුයේ යානාව උඩුගුවනට යාම ආරම්භ කරන අවස්ථාවයි. ඉන් පසු කෙටි කාලයක් තුළදී පෘථිවි කක්ෂය පසු කර ගෙන යන යානාව අභ්‍යවකාශයේ පවතින කිසියම් ග‍්‍රහ වස්තුවක පුදුම සහගත තොරතුරු පෘථිවිය කරා එවනු ලබයි. මෙම තොරතුරු හා ඡායාරූප පෘථිවිය කරා එවනු ලබන්නේ යානාව හා සම්බන්ධ පරිගණක පද්ධතියක් මඟිනි. පෘථිවියේ පිහිටා ඇති පරිගණක පද්ධතිය සහිත ස්ථානය හඳුන්වනු ලබන්නේ පාලක මැදිරිය නමිනි.අභ්‍යවකාශ යානයේ සිට පෘථිවිය වෙතටත් පෘථිවියේ සිට අභ්‍යවකාශ යානා වෙතටත් තොරතුරු ගලායාම හා ගලා ඒම පාලනය කරනු ලබන්නේ මෙම පෘථිවි පාලක මැදිරිය මඟිනි. එහි සිටින පර්යේෂකයින් අවධානයකින් යුතුව යානාව රැක බලා ගනී.යානය පිළිබඳ ඔවුන්ගේ අවධානය කොතරම් දැයි කිව හොත් ඒ වෙනුවෙන් තම කෑම වේල පවා කැප කරති. සැබවින්ම ඔවුන් තම යානාව අභ්‍යවකාශයේ පවතින උවදුරු වලින් රැක බලා ගන්නේ දෙමාපියන් විසින් තම දරුවන් රැක බලා ගන්නා ආකාරයටය.ඒ කෙසේ වෙතත් අභ්‍යවකාශය තරණය කිරීමට සමත් මෙම යානා මගින් ඉටු වන සේවය අති මහත් ය. මේ වන විට මිනිසා විසින් අභ්‍යවකාශ යානා විශාල ප‍්‍රමාණයක් උඩු ගුවනට යවා ඇති බව ඉහතදී කියැවිනි.
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    පහත දැක්වෙන්නේ ඒවා අතරින් කිහිපයක තොරතුරු ය.

    ස්පුට්නික් 01විශේෂත්වය- ලොව ප‍්‍රථම කෘති‍්‍රම චන්ද්‍රිකාව ලෙස ප‍්‍රකටව ලබා ඇත.නිර්මාතෘ- සෝවියට් රුසියාව නිර්මාණය කරන ලද්දකි.ගුවන් ගත කළ දිනය – 1957 ඔක්තෝම්බර් මස හතර වන දින ගුවන් ගත කරන ලදි.

    වොස්ටොක් 02විශේෂත්වය- ප‍්‍රථමයෙන් ම මිනිසෙකු අභ්‍යවකාශයට රැගෙන යන ලද්දේ මෙම යානය මඟිනි.නිර්මාතෘ- ඇමෙරිකා එ.ජ මඟින් නිර්මාණය කරන ලද්දකි.ගුවන් ගත කළ දිනය- 1961 අපෙ‍්‍ර්ල් මස 02 දින දීීය.ගමන් කළ අය – රුසියන් ජාතික “යුරි ගාගාරින්” මෙම යානාව තුළ ගමන් කරන ලදි. ප‍්‍රථමයෙන්ම අභ්‍යවකාශයට ගිය මිනිසා ලෙසින් වාර්තාව තබා ඇත්තේ මොහුය.අභ්‍යවකාශයේ රැඳී කාලය- විනාඩි 108 ක කාලයක් අභ්‍යාවකාශයේ රැඳී සිටියේය.

    මැරිනර් 02විශේෂත්වය - වෙනත් ග‍්‍රහලොවක් කරා ගිය ප‍්‍රථම යානාව ලෙසට නම් ලබා ඇත.ගමන් කළ අය- මිනිසුන් රහිතව උඩුගුවනට යවන ලද යානාවකි.නිර්මාතෘ- ඇමෙරිකා එක්සත් ජනපදය විසින් නිර්මාණය කර උඩුගුවනට යවන ලදී.සිදු කළ ගවේශණ - සිකුරු ග‍්‍රහයා පිළිබඳ තොරතුරු විශාල ප‍්‍රමාණයක් පෘථිවියට එවන ලදීී. විශේෂයෙන්ම උෂ්ණත්වය පිළිබඳව තොරතුරු මේ අතර විය.ගුවන් ගත කළ දිනය- 1962 ඔක්තෝම්බර් මස 14 වන දින ගුවන් ගත කරන ලදී.

    වොස්ටොක් 06විශේෂත්වය – ප‍්‍රථමයෙන්ම කාන්තාවක් අභ්‍යවකාශයට ගෙන යන ලද්දේ මෙම යානයෙනි.ගමන් කළ අය- “වැලෙන්ටිනා තෙරෙස්කෝවා” නැමති කාන්තාව මෙම යානයේ ගමන් කරන ලදී. ප‍්‍රථමයෙන්ම උඩු ගුවනට ගිය කාන්තාව මැයයි.අභ්‍යවකාශයේ රැඳී කාලය- පැය 72 කාලයක් අභ්‍යවකාශයේ රැදී සිටියාය.නිර්මාතෘ- සෝවියට් රැසියාව මඟින් නිර්මාණය කරන ලදී.ගුවන් ගත කළ දිනය – 1963 ජූනි මස 16 වන දින ගුවන් ගත කරන ලදී.

    වොස්ටොක් 02විශේෂත්වය – අභ්‍යවකාශයේ ඇවිදීම සඳහා මිනිසෙකු රැගෙන යාමේ ගෞරවය හිමිකර ගෙන ඇත්තේ මෙම යානාවයි.ගමන් කළ අය – ඇලෙක්සි ලියොනොව් නැමති පුද්ගලයා මෙහි ගමන් කළ අතර අභ්‍යවකාශයේ ඇවිදින ලද ප‍්‍රථම මිනිසා ලෙස සැලකෙන්නේ මොහුය.අභ්‍යවකාශයේ රැඳි කාලය – යානයෙන් පිටතට පැමිණ තප්පර 600 ක කාලයක් අභ්‍යවකාශයේ ගත කරන ලදුව නැවත පැමිණෙන ලදී.නිර්මාතෘ - සෝවියට් රුසියාව මඟින් නිර්මාණය කරන ලද්දකි.ගුවන් ගත කළ දිනය – 1965 මාර්තු 18 දින ගුවන් ගත කරන ලදී.

    ෆෙ‍්‍රන්ඩ්ෂිප් 07 -විශේෂත්වය – ගමනට සම්බන්ධ සැම අවස්ථාවක්ම පෘථිවියේ සිට සජීවි ලෙස රූපවාහිනියෙන් නැරඹීමේ අවස්ථාව උදා විය.ගමන් කළ අය – “ජෝන් ග්ලෙන” නැමති ඇමෙරිකානු ජාතිකයා මෙහි ගමන් කරන ලදී. අභ්‍යවකාශයට ගිය වයස්ගතම පුද්ගලයා ලෙස හැඳින්වෙන්නේ මොහුය.නිර්මාතෘ- ඇමෙරිකා එක්සත් ජනපදයේ නිර්මාණයකි.අභ්‍යවකාශයේ රැඳි කාලය- විනාඩි 300 ක් තරම් කාලයක් අභ්‍යවකාශයේ රැඳී සිටියේ ය.ගුවන් ගත කළ දිනය – 1962 පෙබරවාරි මස 20 වන දින ගුවන් ගත කරන ලදී.

    ටෙලිස්ටාර් – 01විශේෂත්වය – ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ගුවන් ගත කරන ලද ප‍්‍රථම සන්නිවේදන චන්ද්‍රිකාව මෙයයි.නිර්මාතෘ - ඇමෙරිකා එක්සත් ජනපදය විසින් නිර්මාණය කරන ලද්දකි.ගුවන් ගත කළ දිනය – 1962 ජූලි මස 10 වන දින ගුවන් ගත කරන ලදී.

    ස්පුට්නික් –02විශේෂත්වය- ප‍්‍රථමයෙන්ම ජීවියෙකු අභ්‍යවකාශයට ගෙන යන ලදී .ගමන් කළ අය – “ලයිකා” නම් බැල්ලිය මෙම යානාව තුළ ගමන් කළ අතර අභ්‍යවකාශයට යවන ලද ප‍්‍රථම ජීවියා වනුයේ ඇයයි.නිර්මාතෘ- සෝවියට් රුසියාව මඟින් නිපදවන ලදී.ගුවන් ගත කළ දිනය – 1957 නොවැම්බර් මස 13 වන දින ගුවන් ගත කරන ලදී.

    ලුනා - 03විශේෂත්වය –චන්ද්‍රයාගේ අපට නොපෙනෙන පැත්තේ ඡායාරූප පෘථිවියට එවන ලදී.ගමන් කළ අය - මෙය ජීවීන් රහිත යානාවකි.නිර්මාතෘ- සෝවියට් රුසියාව විසින් නිර්මාණය කරන ලදී.ගුවන් ගත කළ දිනය – 1959 ඔක්තෝම්බර් 04 වන දින ගුවන් ගත කරන ලදි.

    චැලෙන්ජර්විශේෂත්වය – ප‍්‍රථමයෙන්ම ඇමෙරිකානු කාන්තාවක් උඩගුවනට ගෙන යන ලදී.ගමන් කළ අය- “ සැලි රයිඩ්” නැමති කාන්තාව මේ තුළ ගමන් කරන ලදී.නිර්මාතෘ - ඇමෙරිකා එක්සත් ජනපදයේ නිර්මාණයකි.ගුවන් ගත කළ දිනය – 1983 ජූනි මස 18 දින ගුවන් ගත කරන ලදි .

    කොලොම්බියා අභ්‍යවකාශ ෂටලයවිශේෂත්වය - මෙය අභ්‍යවකාශ ගමන් සඳහා නැවත නැවතත්් යොදා ගැනීමට හැකි ලෙස සකසා තිබිණි.ගමන් කළ අය – ප‍්‍රථමයෙන්ම මෙහි ගමන් කරන ලද්දේ “ජෝන් යංග්” සහ රොබට් නැමති අභ්‍යවාකාශගාමීන් දෙදෙනා වන අතර ඔවුන් දෙදෙනා නිරුපද්‍රිතව පොළොවට පැමිණෙන ලදී.නිර්මාතෘ - ඇමෙරිකා එක්සත් ජනපදයේ නිර්මාණයකි.ගුවන් ගත කළ දිනය – 1979 දෙසැම්බර් මස 04 වන දින ගුවන් ගත කරන ලදී.

    පයනියර්- 10විශේෂත්වය - සෞරග‍්‍රහ මණ්ඩලයෙන් එපිට විශ්වයට ඇදී ගිය ප‍්‍රථම අභ්‍යවකාශ යානය ලෙසට ඉතිහාස ගත වී ඇත.ගමන් කළ අය – මිනිසුන් රහිත යානයකි.නිර්මාතෘ - ඇමෙරිකා
    එකසත් ජනපදයේ නිර්මාණයකි.ගුවන් ගත කළ දිනය – 1972 මාර්තු මස 02 වන දින.


    අන්තර්ජාලය ඇසුරිනි
     

    Similar threads