ඊයේ දිනයේදී හම්බන්තොට මත්තල ගුවන් තොටුපලට ගොඩබස්වන ලද ඇන්ටනොවු 225 ගුවන් යානාවෙන් එක් දිනකදී පමණක් රුපියල් මිලියන 13කට වැඩි විදේශ විනිමයක් ශ්රී ලංකාවට ලැබුනු බව ගුවන් තොටුපල බලධාරීහු සදහන් කරති.
යානාවට තෙල් ලබා ගැනීම හා කාර්ය මණ්ඩලයේ පහසුකම් සැලසීම වෙනුවෙන් මෙම මුදල් ලැබී තිබේ.
ඇන්ටනොවු 225 යානාව ලොව විශාලතම භාණ්ඩ ප්රවාහන යානාව වන අතර පකිස්තානයේ කරච්චි බලා යන අතරතුරදී මත්තල ගුවන් තොටුපලේ ගොඩබස්වන ලදී.