විශිෂ්ට සිංහල ගීත

dhanuka1990

Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    මි පැණි රහසක්

    මීපැණි රහසක්
    ගැලුවා සුකිරි කන්දෙන්
    සිතල පහසක්
    දැනුනා සිතල නින්දෙන්
    කොපුල දෑල හාදු ගලායා
    කුමරි ලගින් සුවද සලායා

    සුසුම් කිමැයි මෙතරම් උණුසුම්
    කසුන් කියබු සසෙලෙයි මිහිරෙන්
    බියෙන් සැකෙන් උන්නොත් දුරකින්
    සැනසුම යයි කන්දෙන් පල්ලම්

    මනාලියේ ලජ්ජානම්
    දෑස වස ගනු මැන දෝතින්
    රාතී‍්‍රය ගෙවිලා යයි විගසින්
    දුන මැන ඉල්ලන රස මධු පැන්



    ගායනය- කිත්සිරි ජයසේකර
    සංගීතය- සිරිල් පෙරේරා
    පද රචනය- සුනිල් විමලවීර

    ගීතය , යනු විශ්වීය සාහිත්‍යකි.භාෂාව බාධාවක් නොවන තරමටම ගීතයේ මනස සන්තර්පණය කරන ප‍්‍රබල විශ්වීය ගුණාංගයක් ගැබ්ව පවතී. පුද්ගලයා කුමන මනොභාවයක සිටියත් එකී මනෝභාවයෙන් මනස මුදා වෙනත් භාවයක දැහැන් ගත කිරිමට තරම් ගිතයක ඈත්තේ ප‍්‍රබල ශක්තියකි.
    විශ්වීය ගීත කලාව කෙසේ වෙතත් භාෂා අතුරින් සිංහල භාෂාව වූ කලි ඉතා සියුම්ව සිතැගි විදාරණය කල හැකි ජිවී භාෂාවක් යැයි පෙන්වාදිය හැක.එහෙයින් සිංහල ගීත නිතැතින්ම සුහද මනස උත්තුංග මනෝභාවයන්ට ඉතා සියුම්ලෙස සමීප කරවයි. එහෙත් සුභාවිත ගීතය වූ කලී සංගීතයෙන් නැතහොත් ශබ්ද රසයෙන් පමණක් සෑහීමකට පත් නොවේ. එය අර්ථ රසයෙන් ද පරිපූර්ණ වීම අත්‍යවශ්‍යවේ. එබදු ගීතයක් අර්තථාන්විත සුභාවිත ගීතයක් සේ පෙන්වා දිය හැක. සිංහල ගීත කලාව තුල එවැනි සුභාවිත ගීත බෝහොමයක් දැක ගත හැක.
    ඒ අතුරින් කිත්සිරි ජයසේකර මහතා විසින් ගායනා කරන සිරිල් පෙරේරා මහතා විසින් සංගීතවත් කරන ලද සුනිල් විමලවීර මහතා විසින් පද රචනය කරන ලද ” මී පැණි රහසක් ” ගීතය පුර්වෝක්ත සුභාවිත ගීත අතුරින් එකක් ලෙස පෙන්වා දිය හැක. එහෙත් පේ‍්‍රමය හා විරහව සුලභව දැකිය හැකි ගීත සමුදායක් අතුරින් මෙම ගිතය වෙනස් කොට දැක්විය හැකි ගීතයකි. මන්දයත් බොහෝ ගීත පුද්ගල මනස විරහවට සමීප කරවීමට උත්සහ ගනිද්දී මෙම ගීතය මනුෂ්‍යාගේ ඇති ශෘංගාර රසය උද්දීපනය කරවීමට උත්සහ ගනී. ශෘංගාරය වූ කලි බොහෝ ගීත කියා පෑමට උත්සහ දරන එහෙත් අවසන ඕලාරික හැගීම් පමණක් ඉතිරිවිය හැකි සුන්දර ලෙස පිවිතුරු ලෙස කියාපෑමට අපහසු මනොභාවයකි. බොහෝ ගිත රචකයන් අසමත් වන්නේ ද ශෘංගාර රසය ගීත තුලින් කියා පෑමට උත්සාහ නොගන්නේද එහෙයිනි.සැමට පොදු විරහව තුලින් පුද්ගල මනස සනුකම්පාවට පත් කරන්න උත්සහ ගන්නේද එහෙයිනි.ඒ අනුව මෙම ගීතය වෙනස් වන අතරම උද්දීපනය කිරීමට උත්සහ ගන්නා මනෝභාවය ඉතා සුන්දර ලෙස කියා පෑමට සමත් වේ.
    බොහෝ දෙනෙකුට සුලභ අද්දැකීමක් රචකයා මෙහිදී සිය ගීතයේ වස්තු විෂය කර ගනී. ස්වකීය ජිවිතයේ ප‍්‍රථම වරට ශෘංගාර රසය අත්විදින කුලූ‍දුල් අවස්ථාව විවාහ වූ දෙපලකගේ පළමු එක්වීමයි.මෙතෙක් තනිකඩව ගෙවා දැමු ජීවිතය අවසන් කරමින් ආරම්භ කරන විවාහ දිවියේ පළමු හමුවීම මධු සමයයි. එහෙයින් ගීත රචකයා ශෘංගාර රසය මතු කිරීමට ඉතාම උචිත අවස්ථාව ස්වකිය ගීතයේ වස්තු විෂය කර ගනී.



    මීපැණි රහසක්
    ගැලුවා සුකිරි කන්දෙන්
    සිතල පහසක්
    දැනුනා සිතල නින්දෙන්
    කොපුල දෑල හාදු ගලායා
    කුමරි ලගින් සුවද සලායා

    රචකයා එම ගීතය ආරම්භ කරන්නේ ජිවිතයේ එම මොහොතේ ඇති මිහිරියාව,රසබර ස්වභාවය තියුණුබව කියාපෑමට ගත හැකි ඉගි කිහිපයක් ද සමගිනි. මෙම ඔවුන් නොවුන්ගේ ජිවිතයේ පළමු රාත‍්‍රියයි. එහෙත් එතරම් මිහිරි රාත‍්‍රීය වුවද එය ඔවුන් අතර පවත්නා රහසකි. එකී හැගීම්, එකී මොහොත රහසක්ව පැවතීමද රහසකි,මිහිරියාවකි.විවාහ දිවියට පත වීමට ප‍්‍රථම ඔවුන් තුල ගොඩ නැගී සිතැගි සියල්ල මුදාහලහැකි එම මොහොත ඔවුන්ගේ ජිවිතයේ ශෘංගාර රසයේ උත්කෘශ්ටම මොහොත ද විය හැක. එම මොහොතට එතරම් මිහිරි බවක් එක කිරීමට රචකයා උත්සහ කරන්නේද එහෙයිනි.
    "මීපැණි සහ සුකිරි” යනු ඉතා රසවත් දේය. රසට රසක් එක්වන මොහොතක් ඉතා රසවත් ලෙස දැක්වීමට රචකයා සමත් වි තිබේ. ඔවුන් තුල ඇති හැගීම් සමග මෝදු වන්නේ බියකි. එහෙත් එම බිය හිංසාකාරී නොවෙයි.එම බිය තුල ගැබ්ව ඇත්තේ කුලූ‍දුල් බවයි. විවහ දිවියට පත් වන තරුණ යුවලකග්ගේ සියලූ‍ අපේක්ෂාවන් එම මොහොත තුල ගැබ්ව පවතී ශෘංගාරය සමගම බියක් මතුව එන්නේ එම මොහොතේ ස්වභාවය නිසාවෙනි. සිතල පහසක් යනුවෙන් රචකයා කියා පෑමට උත්සහ ගෙන ඇත්තේ එවැන්නකි. කම්මුල් පුරා ගල යන හාදු ඔවුන් තුල ඈති අසීමිත ශෘංගාරය , නොඉවසිලිවන්ත බව මනාවට කියාපායි. ඔවුන්ගේ ලිංගික එක්වීමට පෙර පුරුෂයා තුලින් මෝදු වන හැගීමි මෙහිදී මතුකර තිබේ . ඔහු ඇයව තවමත් කුමාරිකාවක් ලෙස දක්වන්නේ ඒනිසාවෙනි. ලිංගික එක්වීමට පෙර ඇය තුල පවත්නා නොයිදුල් ස්වභාවය ඉන් මතුකර දක්වයි.

    සුසුම් කිමැයි මෙතරම් උණුසුම්
    කසුන් කියබු සසෙලෙයි මිහිරෙන්
    බියෙන් සැකෙන් උන්නොත් දුරකින්
    සැනසුම යයි කන්දෙන් පල්ලම්

    ඇයගේ උණුසුම් සුසුම් වල පහස ඔහුට තදින්ම දැනේ. ඔවුන් දෙදෙනා අතර තිබෙන සමීප බව මෙන්ම එම මොහොතේ දෙදෙනාගේ හැගීම්වල ඇති උණුසුම්භාවය ඔවුනොවුන්ට දැනේ තරුණියකගේ ආකර්ෂණය, විරුද්ධ ලිංගික ආකර්ෂණය වැඩි කරන කියබු රොද ඔවුන්ගේ මිහිරියාවෙන් චංචල වන බවක් කියාපැමෙන් එම අවස්ථාවේ ගැබ්ව පවතින ශෘංගාරත්වය උද්දීපනය කිරීමට රචකයා උත්සහ ගනී. මෙය විවවහයට පත්වන ඕනෑම තරුණ යුවලකට මුහුණ පෑමට සිදුවන සිදුවීමකි. ඒ අවස්ථාවට බිය සැක සංකා අනිසි බවත්, දුරස්ථ බව සිය සැනසුම නැති කරන හෙයින් තව තවත් තමාට සමීප වන ලෙසත් ඔහු ඇරයුම් කරයි. එමෙන්ම ඔහුගේ සැනසුම කන්දක මුදුන ලෙස ව්‍යංගයෙන් ප‍්‍රකාශ කරනුයේ ශෘංගාරයේ උච්චතම අවස්ථාව යයි හැගෙන අතර එයින් තමාව මුදා නොගෙන තමා වෙතට සමීප වන ලෙස කරන ඉල්ලීමක් ලෙසද අපට සිතිය හැක.

    මනාලියේ ලජ්ජානම්
    දෑස වස ගනු මැන දෝතින්
    රාතී‍්‍රය ගෙවිලා යයි විගසින්
    දුන මැන ඉල්ලන රස මධු පැන්
    ඇයට තවමත් මේ මොහොත නුහුරුය. නුපුරුදුය. සිය කුලූ‍දුල් එක්වීමකදී තරුණියක් තුල හට ගන්නා අසීමිත ලැජ්ජාව මුසු හැගීම ඇයටද දැනෙන බව මනාලයා තේරුම් ගනී. ඇය තුල තවමත් ඇත්තේ එවැන්නකි. මේ මොහොත කෙතරම් පේ‍්‍රමනිය වුවද ඇය තවමත් ලජ්ජා වන්නිය. ඇයට ලජ්ජා සිතේ නම් දෑස දෝතින් වස ගනු ලෙස ඔහු පවසයි. කෙසේ හෝ ඇය තුල ඇති ලජ්ජා සහගත බව මුදාලීමට ඔහුට අවැසිය. මේ ඔවුන්ගේ ජිවිතයේ ප‍්‍රථම එක්වීම බව සැබැය. එහෙත් එය ජීවීතයේ ද එකම එක ප‍්‍රථම එක්වීමයි . ඔවුන්ගේ දිවියට පැමිණෙන්නේ එකම එක මධු සමයකිග මධු සමය ගත කරන රාත‍්‍රිය ඔවුන්ගේ ජිවිතයේ අවසානය තෙක්ම මතකයේ රැුදෙන පළමු රාත‍්‍රියයි. එහෙයින් තරුණයාට එම රාත‍්‍රිය සුන්දරව ගත කිරීමට ඇත්තේ නොඉවසිලිමත් කමකි. ඔහුට හැගෙන්නේ ඒ සුන්දර රාත‍්‍රිය විගසින් නිමාවට පත්වන බවයි. ඇය තුල පවත්නා එම ලැජ්ජාව, රාත‍්‍රිය තව තවත් කෙටි කරන බවක් ඔහුට හැගේ. ඔහු තුල පවත්නා ශෘංගාර හැගිම්ද වර්ධනය වෙමින් පවතී මනාලියගේ පවත්නා ලැජ්ජාව කෙසේ හෝ සගවා ගන්නා ලෙස පවසන මනාලයා ඇයගෙන් ඉල්ලීමක් ද කරයි. එය නම් ඔහු ඉල්ලා සිටින රසබර මොහොත ඔහුට ලග කර දෙන ලෙසයි.එම මොහොත මත් බව හා ඉතා සමීපය. ශෘංගාර රසයේ උත්කෘෂ්ට බව මත් ස්වභාවයක් ලෙස , රචකයා යොදා ගන්නා මධු පැන් අර්ථයෙන් නිරූපණය කරයි. මනාලයා මනාලියගෙන් මධු පැන් හෙවත් මත්වන පානය නැතහොත් ශෘංගාර රසයේ උත්තුංග මොහොත තමාට ලබා දෙන ලෙස ඇයගෙන් ඉල්ලා සිටි.නැතහොත් තරුණයා සිය මනාලියට අනංග රංගනයට ඇරයුම් කිරීමක් ලෙස ව්‍යංගයෙන් ප‍්‍රකාශ කරයි.

    මෙම ගීතය පුරාවටම දිව යන්නේ විවාහයට පත් වූ තරුණ යුවලකගේ ප‍්‍රථම ලිංගික එක්වීමේදී තරුණයා තුල ටිකෙන් ටික ගොඩනැගෙන හැගීම් සමුදායයි.

    ඔවුන් තුල එම මොහොතේ පවත්නා පේ‍්‍රමය , රාගය,මුසු හැගීම් මුළු ගීතය පුරාවටම පුද්ගල මනසට දැනෙන පරිදි ගොඩ නැගීමට රචකයා සමත් වී තිබේග ශෘංගාර රසය මැනවින් දනවන යෙදුම් බෝහොමයක් ව්‍යංගර්තය තුලින් ගීතය පුරාවටම ඉදිරිපත් කර තිබෙන අතර , විශේෂත්වය වන්නේ ඒ සියල්ල සරල වචන භාවිත කර ගනිමින් නිර්මාණය කර තිබීමයි.
    Coppied
     
    • Like
    Reactions: Dishta Didin

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    උඹ මේ වැඩේ ලස්සනට කරනවා...:)
    දිගටම ඕක කරගෙන යන්න...:D
    පුළුවන් විදියට අපිත් උදවු කරන්නම්...:rolleyes:
    ස්තුතියි...! :)


    මි පැණි රහසක්
    බියෙන් සැකෙන් උන්නොත් දුරකින්
    සැනසුම යයි කන්දෙන් පල්ලම්

    ගීතය , යනු විශ්වීය සාහිත්‍යකි.භාෂාව බාධාවක් නොවන තරමටම ගීතයේ මනස සන්තර්පණය කරන ප‍්‍රබල විශ්වීය ගුණාංගයක් ගැබ්ව පවතී. පුද්ගලයා කුමන මනොභාවයක සිටියත් එකී මනෝභාවයෙන් මනස මුදා වෙනත් භාවයක දැහැන් ගත කිරිමට තරම් ගිතයක ඈත්තේ ප‍්‍රබල ශක්තියකි.
    ...
    ඔවුන් තුල එම මොහොතේ පවත්නා පේ‍්‍රමය , රාගය,මුසු හැගීම් මුළු ගීතය පුරාවටම පුද්ගල මනසට දැනෙන පරිදි ගොඩ නැගීමට රචකයා සමත් වී තිබේග ශෘංගාර රසය මැනවින් දනවන යෙදුම් බෝහොමයක් ව්‍යංගර්තය තුලින් ගීතය පුරාවටම ඉදිරිපත් කර තිබෙන අතර , විශේෂත්වය වන්නේ ඒ සියල්ල සරල වචන භාවිත කර ගනිමින් නිර්මාණය කර තිබීමයි.
    Coppied

    මගේ අදහස් අනුව තරමක් දුරට නොගැළපෙන ගීතයක් වුනත්
    ත්‍රෙඩ් එකත් එක්ක එකතු වුනාට ස්තුතියි...! :)
    ඒ අවස්ථාවට එළඹෙන අයට හොඳ උපදෙස් ටිකක් දෙනවා ගීතය හරහා... :D
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    https://www.youtube.com/watch?v=qFJSXDmSCWU







    මන්දාරම් අඳුර මැදින්

    හිරිපොද වැහි වැටෙන වෙලේ

    මා හා ඇවිදන් යන්නට
    ඔබ සිටියානම්...



    තනියමවත් යන්නට මදි

    කුඩේ යටින් ඔබේ ළඟින්
    නොතෙමී තෙමි තෙමි සතුටින්

    යන්නට තිබුණා...



    මඟ යන එන අයට

    හොරෙන් ඔබෙ දෑසට එබී බලා
    කොපුලේ වැහි බිඳුවක

    රස බලන්න තිබුණා...



    පද - ගයාමන් දිසානායක සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ ගායනය - ක්‍රිෂාන්ත එරන්දක


    මේ ගීතයේ ලොකු හැංගිච්ච පණිවිඩියක් නැහැ හැබැයි විරහා වේදනාව දැන් ඉන්න රචකයන් , ගායකයන් , සංගීතඥයන් වගේ කෑගහගෙන කලබල ගෝෂා සංගීත කුණුහර්ප වචන නැතුව කරපු බොහොම සියුම් අතිවිශිෂ්ට නිර්මාණයක්.

    වැහි අඳුරට කියන ලස්සන වචනයක් මන්දාරම් අඳුර කියන්නේ. ලාවට අඳුරුයි ලාවට එළියයි. පරිසරය සීතලයි.ආදරේ කරන්න අපූරු පරිසරයක්. හිරිපොදකුත් වැටෙනවා. ඉස්සර කෙනෙක් හිටියට ඇවිදන් එකට යන්න දැන් නෑ. හැබැයි හිටියනම් බොහොම සොඳුරුයි.

    ගෑණු ළමයාගේ කුඩේ බොහොම පුංචි එකක්. බොහෝදුරට අර දෙකට අකුලලා හෑන්ඩ්බෑග් එකේ දාන්න පුළුවන් එකක්. මේක බොහොම පුංචි එකක්. ඒකෙන් තනි කෙනෙක්ට යන්නත් අමාරුයි.ඉතින් මේකේ දෙන්නෙක් යන්නකොට දෙන්නම බාගෙට තෙමෙනෙවා. ඒ සිද්දිය බොහොම ලස්සනට නොතෙමි තෙමි තෙමි කියන පද වලින් කියනවා. හැබැයි තෙමුනට සෑහෙන්න සතුටින් තෙමෙන්නේ. ජීවිතේ සුන්දර බව කියවෙනවා.දැන් එහෙම යන්න කෙනෙක් නෑ හුදෙක් කාලාර්ථයේ අසම්බව්‍යක් ක්‍රියාවක් දාලා තියෙන්නේ ඒකයි.

    මෙහෙම යනකොට තව දෙයක් කරනවා .ඒ තමා ඇස් දෙක දිහා බලන් ඉන්න ගමන් හිමිහිට කම්මුලට හාදුවක් දෙනවා. මෙතන ඒ බව ව්‍යංගයෙන් කියනවා කොපුලේ වැහි බිංදුවක රස බලන්න තිබ්බා කියලා. හාදුවක් දෙනකොට දැනෙන හැඟීම ඒ ඒ ඉන්ද්‍රියන්වලට දැනෙන ආකාරය රස කියන වචනේ දාලා විග්‍රහ කරා.

    මේ සිද්දිය ඇත්තටම අත් දැකපු කෙනෙක්ට ගේය පද රචකයාගේ ලිවීමේ දක්ෂතාවය මැනවින් පැහැදිලි වෙනවා. මේ පුද්ගලයා තමන්ගේ කලින් පෙම්වතියට ද්වේශ කරන කෙනෙක් නෙමේ. ඇය දැන් හිටියනම් වැසි පොද වැටෙනකොට ඇවිදින ගමන් කලින් කරපු සුන්දර දේවල් ආපහු කරන්න තිබ්බා කියලා බොහොම සියුම් විදියට කියනවා. හිතේ තියෙන දුකක් සහ පාළු ගතියක් ගම්‍ය වෙන විදියට ක්‍රිෂාන්ත එරන්දක ගීතයට උපරිම සාදාරණයක් ඉෂ්ට කරලා තියෙනවා. සංගීතය ආදරණීය රෝහණ වෙතින්.




     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මේ පුද්ගලයා තමන්ගේ කලින් පෙම්වතියට ද්වේශ කරන කෙනෙක් නෙමේ. ඇය දැන් හිටියනම් වැසි පොද වැටෙනකොට ඇවිදින ගමන් කලින් කරපු සුන්දර දේවල් ආපහු කරන්න තිබ්බා කියලා බොහොම සියුම් විදියට කියනවා.

    ශිෂ්ට මනුස්සයෙක්ගේ ආදරය කිරීමේ කලාව... :yes:
    ආදරවන්තිය / ආදරවන්තයා අහිමි වීම විඳවන්නේ නැතුව, විඳීම... :)
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ශිෂ්ට මනුස්සයෙක්ගේ ආදරය කිරීමේ කලාව... :yes:
    ආදරවන්තිය / ආදරවන්තයා අහිමි වීම විඳවන්නේ නැතුව, විඳීම... :)


    අනිවාර්යෙන්. ඔහු ඒ බව සන්තෝෂයකිනුත් සියුම් ශුන්ගාරයකුත් මිශ්‍ර බාවයෙන් යුක්තව අදටත් විඳිනවා.
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ඉහත ඉදිරිපත් කළ ගීත 6 ම ගත්තම මූලික හරය වෙන්නේ යථාර්තය දැකීමේ වැදගත්කම...
    නිදහස් මනුෂ්‍යයෙක් ලෙස ජීවිතය ගෙන යාම සඳහා සත්‍ය අවබෝධකරගැනීමේ වටිනාකම...

    මෙතැන් පටන් ඉදිරිපත් කරන ගීත 3 න් මම දකින අදහස තමයි,
    මිනිසා සහ අන් සියළුම සත්ත්වයන්ට මේ පෘථිවියේ ඇති හිමිකාරීත්වය...
    ඔවුන් එකම පද්ධතියක කොටස්...
    එක කොටසකට අයිතියක් නෑ අනෙක් කොටස වැනසීමට... වහලුන් කරගැනීමට...
    අවම වශයෙන් අනෙකාට වඩා තමා උසස් යැයි සිතීමත් මුලාවක්...

    මේවා ප්‍රායෝගිකව මේ ලෝකේ ඇතුලේ සිද්ධ විය හැකි දේවල් නොවේවි බොහෝදුරට. :dull:
    නමුත් මගේ සෘණාත්මක මනස දකින සහ මට හැඟෙන අදහස් මේ... :D
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    7. අව්වට වැස්සට හුරු මිනිසුන්නේ...

    අව්වට වැස්සට හුරු මිනිසුන්නේ...
    දෑතේ විරියෙන් රටවල් නැගුනේ...
    ඒ මිනිසුන්ගේ මළගම වෙනුවෙන්...
    මොන රජ මැදුරෙද සුදු කොඩි නැගුනේ...

    දාගැබ් මහ වැව් කලා නිකේතන...
    නුඹලා දෑතින් මිහි මත මැවුනේ...
    ඒ නුඹලාටයි මේ දරුවන්ටයි...
    මොන රජ මැදුරෙද දොරටුව ඇරුනේ...
    මොන රජ මැදුරෙද බත්පත බෙදුනේ...

    රජ සැප විඳිනට රජ දරුවන් හට...
    නුඹලා දෑතින් මන්දිර මැවුනේ...
    ඒ නුඹලාගේ දුක දැක ගන්නට...
    මොන රජ දරුවද පැලකට වැඩියේ...

    පද රචනය : රඹුක්කන සිද්ධාර්ථ හිමි
    ගායනය : ටී. එම්. ජයරත්න
    සංගීතය : ප්‍රේමසිරි කේමදාස

    රටවල් ගොඩනැගෙන්නේ සාමූහික ප්‍රයත්නයක් විදියට.
    එය එක් අයෙක් විසින් කළ දෙයක් ලෙස ලොවට ඉදිරිපත් කිරීම එක්තරා අතකින් විහිළුවක්.
    යම් පාලකයෙක් ජනතා බදු මුදලින් යම් සංවර්ධන කාර්යයක් කරලා
    තමා විසින් කළ කාර්යයක් සේ ඊට තමාගේ නම යොදාගැනීම කොතරම් සාධාරණද? සදාචාරාත්මකද?
    එම කටයුත්ත වෙනුවෙන් මනස මෙහෙය වූ සියළු දෙනා, කය වෙහෙස වූ සියළු දෙනා නොවන්නට
    එම කාර්යය යථාර්තයක් නොවේවි!

    "දාගැබ් මහ වැව් කලා නිකේතන" මේ සියල්ල බිහිවන්නේ
    ඒ කටයුතු ඉහළ සිට මෙහෙයවන පාලකයා මෙන්ම
    අව්ව වැස්ස නොතකා වෙහෙසෙන කම්කරුවාගේ ශ්‍රමය ද ලැබෙන නිසා...
    නමුත් පාලකයන් "කය වෙහෙසා වැඩ කරන මිනිසා" දකින්නේ වහලෙක් විදියට. තමා උසස් පුද්ගලයෙක් ලෙස...
    ඒත්, තිත්ත ඇත්ත තමයි, මේ සියලු දෙනාම කරන්නේ,
    තම ජීවිතය ගෙන යාම සඳහා වේතනයක් බලාපොරොත්තුවෙන් වැඩ කිරීම.
    එතනදී ඔවුන් සියළුම දෙනා සමානයි. :yes:

    රජ දරුවන් හට මන්දිර ගොඩනඟනා කම්කරුවාගේ දුක රජදරුවන්ට වැටහෙන්නේ නෑ.
    කම්කරුවා පමණක් නෙවෙයි, කම්කරුවාගේ දරුවා ද වහලෙක් ලෙස සැලකීම රජ දරුවාගේ සිරිත...
    එම දරුවා ස්ව කැමැත්තෙන් කම්කරු පවුලක උපත ලැබුවා නොවේ.
    එය තේරුම් ගත හැකි බුද්ධියක් රජ දරුවාට හෝ පාලකයාට නෑ. :no:

    මෙය රාජ්‍ය පාලකයා හා කම්කරුවා ගැන පමණක් ගැයෙන ගීයක් සේ සැලකිය යුතු නෑ.
    ඕනෑම මිනිසෙක් කරන්නේ ජීවත් වීම සඳහා සටනක යෙදීම.
    එහිදී ලබන වැටුප මත, වරප්‍රසාද මත මිනිසුන් බෙදා වෙන් කිරීම කළ නොහැකියි.

    කුමන සමාජ තත්ත්වයක පුද්ගලයෙක්ට වුවත් කළෙහි ගුණ සැලකීමේ "අවශ්‍යතාවත්"
    මෙම ගීතය හරහා කියවෙනවා... :)

    මනුෂ්‍යයෙක්ට නිදහස් ලෙස ජීවිතය ගෙන යාමේ හැකියාව ස්වභාවදහමෙන්ම ලැබෙන නමුත්,
    මිනිසා විසින්ම ඒ අයිතිය විනාශ කරගෙන... මිනිසා බෙදා වෙන් කරගෙන... විවිධ මට්ටම් නිර්මාණය කරගෙන...
    මිනිසා විසින් තම වර්ගයාටම එම "ධනාත්මක" ‍ඛේදවාචකය සිදු කරගන්නේ
    "මනසින් උසස්" යැයි කියාගනිමින් මහත් සේ අගයමින්... :dull:
     

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    රටවල් ගොඩනැගෙන්නේ සාමූහික ප්‍රයත්නයක් විදියට.
    එය එක් අයෙක් විසින් කළ දෙයක් ලෙස ලොවට ඉදිරිපත් කිරීම එක්තරා අතකින් විහිළුවක්.....

    අද වාසුදේව ආව ගුවන්විදුලි වැඩසටහනක සාකච්ඡාවකට...එතැනදී මේ සින්දුව ගියා කියපංකෝ...:baffled:
     
    • Like
    Reactions: Dishta Didin

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    8. සතෙකුගෙ මස් නොකන අයට සෙත සැලසෙන්නේ...

    කිරි දුන්නේ දරුවන්ටයි සිරුරෙන් ඈගේ...
    පිරිපුන් මිනිසුන් වැඩුනේ බලයෙනි ඈගේ...
    ඒ කළ ගුණ නොදන්න හිස් මිනිසුන් වාගේ...
    එපා එපා මස් කන්නට කිරි අම්මාගේ...

    අහිංසක තිරිසන් ගවයාටත් පණයි තියෙන්නේ...
    එවන් සතෙකු අහෝ අකාලයේ කිමද මරන්නේ...
    ටිකක් හිතල බලනු ඌ පිරිසිදු තණකොල කන්නේ...
    නමුත් මිනිසත් බව ලැබු ඔබ ඇයි මළකුණු කන්නේ...

    කෙනෙක් තිස්පස් වසරක් කෑවොත් ගවමස් උයලා...
    බලනු තුන්සිය හැට පහ වැඩිකර තිස් පහ යොදලා...
    ගණන දොළොස් දහස් හත්සිය හැත්තෑ පහක් වෙලා...
    ඔබට තේරුනාද ඔබ කල පව් දුර දිග නොබලා...

    මුදල් තණ්හාවෙන් සමහරු ගවයා විකුණන්නේ...
    අහිංසක සතකුගෙ ඉරණම ඉන්පසු විසඳෙන්නේ...
    යළිත් ඒ මුදලින් මස් ගෙනැවිත් රසකර කන්නේ...
    තමන් විකුණූ ගවයගේ මස් බව ඔහු නෑ දන්නේ...

    ගිතෙල් මී කිරි එළකිරි පස්ගෝ රස සපයන්නේ...
    ඉවතලන පොහොරින් මහ එළවළු කොටු සරු වෙන්නේ...
    මෙවන් සතෙකුගෙ මස් නොකන අයට සෙත සැලසෙන්නේ...
    එවන් පිරිසිදු හදවත් තුල දෙවියන් වැඩ ඉන්නේ...

    පද රචනය : සරත් මුණසිංහ
    ගායනය : නිහාල් නෙල්සන්
    සංගීතය : රංජිත් පෙරේරා



    සාමාන්‍ය කතාබහේදී භාවිතාවන සරල වචන භාවිතයෙන් රචනා වූ ගීතයක්...
    එතරම් උගත්කමක් නැති සාමාන්‍ය ගැමියාටත් වැටහෙන පරිදි රචනා කිරීම පද රචකයාගේ අරමුණ වෙන්න ඇති...

    මේ ගීතය ගවයාට පමණක් නෙවෙයි, සියළුම සත්ත්වයන්ට අදාළව ගත යුතුයි කියන එකයි මගේ අදහස...

    "ඒ කළ ගුණ නොදන්න හිස් මිනිසුන් වාගේ..."

    සත්තු හදනවා කියමු, තමන්ට ලැබෙන ලාබ ප්‍රයෝජන වෙනුවෙන් කළෙහි ගුණ සලකන්නවත් ඒ හදන බහුතරයක් දෙනා දන්නවාද?
    මිනිස්සු සත්තු මැරුවට, කෑවට, උන්ගෙන් හම්බකරගෙන කෑවට...
    ඒ සත්තු මිනිසා වෙනුවෙන් මවලා දීලා නෙවෙයි.
    මිනිසා වගේම උනුත් මේ ස්වභාවදහමේ කොටස්...
    උන් යටත් කරගන්න වහල් කරගන්න ක්‍රම හිතන්න පුළුවන් මොළයක් ලැබුන පළියට මිනිසාට අයිතියක් නෑ එහෙම කරන්න... :sorry:

    ටිකක් හිතල බලනු ඌ පිරිසිදු තණකොල කන්නේ...
    නමුත් මිනිසත් බව ලැබු ඔබ ඇයි මළකුණු කන්නේ...


    මිනිසාට මස් මාංශ නොකා සිටිය නොහැකි නෑ.
    "මනසින් උසස්" නම් ඇයි මාංශ අනුභවය අඩුකරගන්න [සෘණ] හෝ බැරි... :(

    මස් මාංශ හරහා මිනිසාට එන ලෙඩ තොගය...
    නීරෝගී වෙන්න, ලෙඩ හැදීමේ සම්භාවිතාව අඩුකරගන්න හැකියාව තියෙද්දී,
    දිව පිනවීමට පණක් නසන එක සාධාරණද?

    මගේ අදහස අනුව සාධාරණව, මනුෂ්‍යත්වය රැකෙන පරිදි
    ගවයාගෙන් සහ වෙනත් සියළුම සතුන්ගෙන් ගත යුත්තේ මෙපමණයි.
    "ඉවතලන පොහොරින් මහ එළවළු කොටු සරු වෙන්නේ..."
    ඒකත් සත්තු හිරකරගෙන වද දෙමින් නෙවෙයි, උන්ට අවශ්‍ය විදියට නිදහසේ ස්වභාවිකව ඉන්න දීලා.
    ඊට අමතරව සතෙක් ස්වභාවිකව මිය ගියාට පසුව අවශ්‍ය දේවල් ගන්න එකේ වරදක් නෑ.
    [මේවා ඉතින් මේ ලෝකේ වෙන දේවල් නොවේවි...! :(]

    මීට වසර ගණනාවකට පෙර මේ ගීතය අහපු කාලෝ ෆොන්සේකා මහතා, නිහාල් නෙල්සන් මහතාට කියලා තියෙනවා,
    හරක් මස් පමණක් නෙවෙයි, වෙන කිසිම මසක් එදින පටන් ආහාරයට ගැනීමෙන් වැළකෙන බව.
    ඒවගේම මේ ගීතය නිසා එකල බොහෝ දෙනෙක් හරක් මස් කෑම නතර කළ බව සඳහන් වෙනවා.
    හරක් මස් කඩ කරන මුදලාලිලා විසින් කඩ වසා දැමූ බව සඳහන් වෙනවා.
    [මූලාශ්‍රය : ලංකාදීප 2019.09.29, රසවිත, 8 පිටුව, 'සත්සර' විශේෂාංගය]

    නිර්මාංශ විය යුත්තේ රැල්ලට නෙවෙයි, සැබැවින්ම සතුන් ගැන අනුකම්පාවක් දැනෙනවා නම්...
    නිර්මාංශ වීම ගැන අත්දැකීම් ඇසුරෙන් කළ විස්තරයක් සෘණාත්මක ත්‍රෙඩ් එකේ ඇති...
    http://www.elakiri.com/forum/showpost.php?p=24838708&postcount=75

    සතෙකුගෙ මස් නොකන අයට සෙත සැලසෙන්නේ...
    :) එවන් පිරිසිදු හදවත් තුළ දෙවියන් වැඩ ඉන්නේ... :)
     
    Last edited:

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    9. යදම් අමතකද පා බැඳි විලංගුවේ...

    සොඬින් නෙළුම් මල ගෙනියන...
    බතික් රන් පටින් දිදුලන ඇතින්නියේ...
    යදම් අමතකද පා බැඳි විලංගුවේ...
    යදම් අමතකද පා බැඳි විලංගුවේ...

    පුතුන් හිසින් ඇන ඇන කොයි ලෙසිනේ කිරි බොම් දැයි...
    ඇතින්නියේ දරු සෙනෙහස ගාල් කළේ මන්දැයි...
    ඇතින්නියේ...
    ඇතින්නියේ දරු සෙනෙහස ගාල් කළේ මන්දැයි...

    වටින් මහ සෙනඟ ඇවිදින් සාදු කියා වැන්දයි...
    නෙළුම් මලට නොවේ නුඹට නුඹ අම්මා හින්දයි...
    ඇතින්නියේ...
    නෙළුම් මලට නොවේ නුඹට නුඹ අම්මා හින්දයි...

    පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ
    ගායනය : අතුල අධිකාරි
    සංගීතය : රෝහණ වීරසිංහ


    මේ ත්‍රෙඩ් එක මුලින්ම කියවන කෙනෙක් නම්, මුලින්ම කියවන පෝස්ට් එකත් මේක නම්,
    කරුණාකරලා පහත සබැඳියේ ඇති පෝස්ට් එකේ ඉඳන්වත් කියවගෙන එන්න.
    http://www.elakiri.com/forum/showthread.php?p=24961827#post24961827
    නැත්නම් මේ ගීතය ගැන මම දකින දේ, මම කියන්න හදන දේ වැරදියට තේරුම් යන්න පුළුවන්.
    :)

    මිනිසාට සහ අන් සියළුම සත්ත්වයන්ට මේ මහපොළොවේ ඇති හිමිකාරීත්වය සමානයි.
    අනිත් සතුන් හා ගෙන බැලීමේදී ඒ අයිතිය මිනිසාට වැඩි හෝ අඩු වෙන්නේ නෑ.
    මේ අදහස යටතේ ගීත තුනක් ඉදිරිපත් කරන බව පෙර සඳහන් කළා.
    ඒ අනුව ඉදිරිපත් වන තෙවන ගීතය මේ...

    මේ ගීතය සංකේතාත්මක ගීතයක් විදියට තමයි බොහෝ තැනක කියවන්න ලැබුනේ...
    ගීතය ගැන බොහෝදෙනා කියන ඒ පැහැදිලි කිරීම් පහත සබැඳි ඔස්සේ කියවන්න පුළුවන්.

    Code:
    http://geerasavinisa.blogspot.com/2009/10/blog-post_04.html
    
    http://geerasawindana.blogspot.com/2016/04/47.html
    
    http://geeyaka-arutha.blogspot.com/2015/10/blog-post_33.html

    මෙතෙක් විස්තර කළ වෙනත් ගීතවල පද රචකයාවත් අදහස් නොකළ සංකේත දුටු මගේ සෘණාත්මක මනස,
    මේ ගීතයේදී ඒකේ අනිත් පැත්ත...
    ගීතය අහන හැම මොහොතකම මගේ සෘණාත්මක මනස අල්ලා ගන්නේ
    ඒ සංකේතාත්මකව කියවෙන අර්ථය නෙවෙයි.
    ගීතයේ කියවෙන "ඇතින්න" ඇතුළුව මිනිසා විසින් වහල්භාවයට පත්කළ සමස්ත සත්ත්ව වර්ගයා ම ගැන
    මට ඇතිවෙන්නේ අනුකම්පාවක්... :(

    "බතික් රන් පටින් දිදුලන ඇතින්නියේ...
    යදම් අමතකද පා බැඳි විලංගුවේ..."


    බාහිරව කොතරම් සුන්දර ලෙස සරසා තිබුනත්, ඒවා මිනිසාට වටිනවා උනත්, සත්ත්වයෙකුට ඒ බාහිර සැරසිලි වටීවිද? ඒවා තේරුම් ගත හැකිවෙයිද ?
    ස්වභාවික පරිසරයේ නිසි සේ නිදහස භුක්ති විඳිය නොහැකි නම් ඒ සැපසම්පත් වලින් ඇති ඵල කිම... :dull:

    පුතුන් හිසින් ඇන ඇන කොයි ලෙසිනේ කිරි බොම් දැයි...
    ඇතින්නියේ දරු සෙනෙහස ගාල් කළේ මන්දැයි...


    දරු සෙනෙහස, ආදරය මිනිසාට පමණක් නෙවෙයි, සත්ත්වයින්ටත් දැනෙනවා.
    මනුෂ්‍ය දරුවෙක් අම්මාගෙන් බලහත්කාරයෙන් වෙන් කළොත්, ඒ අම්මට කෑගහලා... වැළපිලා...
    ලෝකෙට තමන්ගේ දුක කියන්න හරි පුළුවන්.
    ඒත් වෙනත් සත්ත්වයෙක් දුක පළකරන විදිය, ඒ කෑගහලා වැළපෙන දුක මිනිසාට තේරුම් ගත හැකිද?
    මේ කතා කරන්නේ ඇතින්නක් ගැන විතරක් කියලා පටු විදියට දැකිය යුතු නෑ.
    සියළුම සත්ත්වයින් ගැනයි මේ කියන්නේ... :yes:
    සුනඛ ධේනුවක් ගෙදරක පැටව් දැම්මම වෙනත් මිනිස්සු ඇවිත් හදන්න අරන් යනවා.
    ඒ අම්මා කොච්චර දුකක් විඳිනවා ඇත්ද? :sorry:
    අපේ ගෙදර බළල් අම්මා උන්ගේ පැටව් ළඟට ගෙදර අය හැරෙන්න වෙන මනුස්සයෙක් ළං වුනොත්
    ඒ මනුස්සයා යනකම් පැටව් ගැන විමසිල්ලේ... ඒ වේදනාව ඒ සත්තුන්ටත් තියනවා. :yes: :(

    වටින් මහ සෙනඟ ඇවිදින් සාදු කියා වැන්දයි...
    නෙළුම් මලට නොවේ නුඹට නුඹ අම්මා හින්දයි...


    මිනිසා ගරු සත්කාර දක්වන්නේ, නුඹ අම්මා කෙනෙක් වෙලත්, දරු දුක පසෙකලා මිනිසුන් වෙනුවෙන් කරන කැපකිරීමට බව පවසා
    ඇතින්නගේ දරු දුකෙන් පිරි හිත හදන්න කරන උත්සාහයක් විදියට මේ කොටස මම දකින්නේ...
    සත්ත්වයන් විිවිධාකාරයෙන් තලා, පෙළා, මරා... තමාගේ අරමුණ පමණක් ඉටුකරගැනීමට
    ධනාත්මකව :angry: වෙහෙසෙන මිනිසා...
    තමා වෙනුවෙන් කැපවෙන සත්ත්වයන්ට නිසි පරිදි කෙලෙහි ගුණවත් සලකනවාද... :no:

    කරුණාකරලා නැවතත් ඉල්ලා සිටිනවා, මේ ගීතය පිළිබඳ මගේ අදහස වැරදියට (ආගමිකව හෝ වෙනත් ආකාරයකින්)
    නොගන්නා ලෙස...
    සමස්තයක් විදියට ඉහත පළකල ගීත 3 හරහා කියන්න හදන දේ ගැන අදහසක් ගන්න,
    පහත සබැඳියේ ඉඳන් කියවන්න...
    http://www.elakiri.com/forum/showthread.php?p=24961827#post24961827

    ඔබ සත්ත්වයින් වහල් භාවයට පත් කරන්නෙකු නම්...
    සත්ත්වයින් පීඩාවට ලක්කර "ආතල් ගන්නෙක්" හෙවත් පහත් වින්දනයක් ලබන්නෙකු නම්...
    :) ඔබට ලැබී ඇති "උසස්" යැයි කියාගන්නා මනසින් නැවත නැවතත් සිතා බලන්න. :)
     
    Last edited:

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113

    ...........
    මෙන්න මේ පද ගැනත් ඒවගේ විශිෂ්ට අර්ථයක් කාට හෝ හැඟෙනවා නම් post කරන්න.
    ලිහිල් සළුව අනතුරේ වැටෙද්දී
    පයෝධර තුඩු ඉකිබිඳිද්දී
    සංත්‍රාසයෙන්
    අසංවාදී සුසුම් වේගේ රිද්මයෙන්

    දෙබෑ කර එන ගිරා පොව්වන්


    "මරණ තුනක් ඇති මිනිසා..." ගීතය ගැන ලියන මොහොතේ
    ඉහත පදවල අර්ථය [මගේ මනස පිළිගන්න කැමති විදියේ අර්ථයක්] ගැන පැහැදිලි අදහසක් තිබුනේ නෑ.
    නමුත්, නැවත නැවතත් ගීතයට සවන් දෙන විට මේ විදියට හිතුනා...

    ලිහිල් සළුව අනතුරේ වැටෙද්දී...
    පයෝධර තුඩු ඉකිබිඳිද්දී...
    සංත්‍රාසයෙන්...
    අසංවාදී සුසුම් වේගේ රිද්මයෙන්...
    වයන්න වීණා කන්‍යාවී...


    යම් කරදරයකට විපතකට පත්වෙන මිනිසෙක් ඉන් ආරක්ෂාව වීමට ගන්නා අවසාන ප්‍රයත්නය
    මෙහිදී "ලිහිල් සළුවක්" විදියට දැක්වෙනවා.
    එම ලිහිල් සළුව අනතුරේ වැටීම හෙවත් අවසාන උත්සාහයත් වැරදීම නිසා එහි ප්‍රතිඵලයක් ලෙස
    තමා සහ තමාට හිතැති අයගේ වැළපීම්, ඉකිබිඳීම් හමුවේ...
    බියට පත්ව, කලබලයට පත්ව "ඒ මිනිසා" තවමත් කරන්නේ කළ යුතු දේ නෙවෙයි.
    තමාගේ බුද්ධියෙන් විමසා නිවැරදි තීරණයකට එළඹෙනවා නෙවෙයි.

    එවැනි තත්ත්වයකදීත් ඇය නොහොත් කන්‍යාවී හෙවත් "යථාර්තය නොදත්තා" කරන්නේ
    සිත සැනසා ගැනීමට යම් යම් දේවල් කරන එක.
    "සුසුම් වේගේ රිද්මයෙන්" හෙවත් හැඟීම්බරව...
    තමාට කරදරයක් ගෙනා අයට එකට එක කරන්න උත්සාහ ගන්නවා. "ඇහැට ඇහැක් දතට දතක්" න්‍යාය ක්‍රියාත්මක කරනවා.
    "වීණා වැයීම" හෙවත් නොවැදගත් දේ කරමින් සිත සනසා ගැනීමට උත්සාහ කරනවා.
    මේ නිසා "නැවතත් සළුව අනතුරේ නොවැටෙන" පරිදි අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම ඒ මිනිසාට මඟහැරෙනවා.
     
    Last edited:

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113

    දෙබෑ කර එන ගිරා පොව්වන්


    මේ කොටස ගැනත් මට අදහසක් තිබුනේ නෑ කලින්...

    නියඟලා මල් පාට දේදුණු...
    දෙබෑ කර එන ගිරා පොව්වන්...


    මෙතන පළමු පදය ගැන අදහස කලින් කිව්වා.
    නියඟලා මල පාට දේදුන්නක් වගේ හිත ඇඳ බැඳ ගන්නවා... සුන්දරයි...
    නමුත් මූලය වෙන අලය... විෂ...

    "දෙබෑ කර එන ගිරා පොව්වන්..." පදය ඒ අදහසේ ම තවත් දිගුවක් විදියට මට දැන් හිතෙනවා.
    මතුපිටින් සුන්දරව පෙනෙන නමුත් මූලය හෙවත් හරය අයහපත් දෑ ඇති පදමට ලෝකයේ තියනවා.
    දේදුණු දෙබෑ කර එන ගිරවුන් වගේ සුන්දර බව තවරාගෙන විත් ලෝකයාට කියනවා ඒ සුන්දර දෑ ළඟාකරන්නා ලෙස...
    නමුත් ඇත්තටම පාට දේදුණු වගේ ලස්සන නියඟලා මලේ අලය විෂයි වගේ
    ඒ සුන්දරයි කියන දෑ ගැඹුරට හොයලා බැලුවොත්, ඒවායෙත් අවසානයේ තියෙන්නේ දුක... විෂ... අයහපත... :)

     
    Last edited:

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මෙතැන් පටන් ලියවේවි, ආදරයේ සැබෑ පසුබිම පෙන්වන ගීත කිහිපයක්...
    එහෙමත් නැත්නම්, ප්‍රේමයේ වෙනත් මානයක් ස්පර්ශ කරන්න උත්සාහ ගන්නවායැයි මට හැඟෙන ගීත... :)
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    10. මට ඒ ඇති...

    ඉතිහාසයේ ආදරේ පුරාවෘත්ත...
    දැවී හළු වී ගියාවේ...
    අවැසි නම් අතීතයේ සිනා සිසිලස...
    මතක සුළඟ විත්... දුර ඈත ගෙන ගියාවේ...

    නුඹම උරුම කළ... රිදුනු මතකය වුවත්...
    මට ඇති... මට ඇති...

    හදෙහි අඳුරු මුල්ලක... ජීවිතේ තිබුනාවේ...
    ජීවිතේ... මට ඒ ඇති...
    ජීවිතේ... මට ඒ ඇති...
    ජීවිතේ... ජීවිතේ...

    පද රචනය : නාමල් ජයසිංහ
    ගායනය : බුද්ධිනී තනුරිකා වැලිවිට / කසුන් කල්හාර
    සංගීතය : කසුන් කල්හාර
    ටෙලි නාට්‍යය : සහෝදරයා

    මෙතෙක් ඉතිහාසයේ ආදරය ගැන ලියවුනු...
    ආදරය මහා ඉහළින් උසස් කොට දැක්වුනු...
    ආදර පුරාවෘත්ත සියල්ලම මගේ හිතෙන් දැවී හළු වෙලා ගියාවේ...
    ඒවායේ ආදරය බොහොම සුන්දර විදියට කියවෙනවා...
    නමුත් මම දැන් දන්නවා ඇත්ත... ඒ තිත්ත ඇත්ත... ආදරය කියන්නේ දුකක්...
    මට ඒ බොළඳ ආදර කතා අවශ්‍ය නෑ තවදුරටත්...
    මගේ හිතෙන් ඒ සියල්ල දැවී හළු වෙලා ම ගියාවේ...

    ඒත්... අතීතයේ මම ආදරය නිසා සතුටින් හිටියා එක්තරා කාලයක්...
    මට ආදරය අවශ්‍ය යැයි හිතුනොත් ඒ අතීත මතකය මට හොඳටම ඇති සැනසෙන්න...
    නුඹ උරුම කළ ඒ මතකය හිත රිද්දන එකක් වුනත්... මට ඒක ප්‍රශ්නයක් නෙවෙයි...
    ඒ දුක්බර මතක උනත් මට ඇති...

    මට ජීවිතේ මහා ඉහළින් බොරු සෝබන පුරවගෙන ගත කරන්න අවශ්‍ය නෑ...
    අඳුරු මුල්ලක කවුරුත් නොදකින තැනක මගේ ජීවිතේ තිබුනාවේ...
    මට මැරෙන තුරා ඒ විදියට ජීවත් වෙන්න තිබුනොත් හොඳටම ඇති...
    මට ඒ ඇති...

    :) ...මට ඒ ඇති... :)
     
    Last edited:

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    "මට ඒ ඇති..." කියලා ප්‍රේම ගීතයක් ලියවීම
    ඉතා වැදගත් ඉතා වටිනා ශ්‍රේෂ්ඨ කාර්යයක් විදියට මම දකින්නේ... :D

    "මට ඔයා ඕනේ මැරෙනකම්ම... මැරුනට පස්සෙත් මට ඔයාව ඕනේ... අපි භූතයෝ වෙලා හරි එකටම ඉමු" කියලා
    මිනිසා තව තවත් ආදර උගුලේ පටලවන්න වක්‍රාකාරයෙන් දායක වෙන ගීත මිසක්
    "මට ඒ ඇති..." කියලා කියන ගීත ඉතාම සුළු ප්‍රමාණයයි තියෙන්නේ... :(

    "සහෝදරයා" ටෙලි නාට්‍යයේ ප්‍රධාන කාන්තා චරිතයට මේ ගීතය ආදේශ කරලා බැලුවොත්
    තමන්ගේ ස්වාමි පුරුෂයා අහිමි වීම නිසා තමයි ඇයට මේ ඇත්ත තේරුම් යන්නේ...
    ජීවිතේට වෙන නරක දේවල් වලින් තමයි ඇත්ත තේරුම් ගන්න පුළුවන් වෙන්නේ බොහෝවිට... :yes:
    හොඳ යැයි කියාගන්නා, ගොඩක් දෙනා සතුටට පත්වෙන දේවල් කියන්නේ බොහෝදුරට මායාව...
    ඒ මායාවේ ගිලුනම අවසානයේ දුක... :)
     
    • Like
    Reactions: JohnnySS

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    11. සුපෙම් ගැඟුම් ඔබෙන් එපා...

    ඇය :
    සුපෙම් ගැඟුම් ඔබෙන් එපා...
    මිතුරු දම් විනා...
    නෞකාවකි ඔබ ඈත සමුදුරේ...
    මා පහන්ටැඹයි මෑත ගොඩබිමේ...

    ඔහු :
    තරු එළියෙන් රුදු රාත්‍රි කාලයේ...
    දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින්...
    කිසිදින අප හමු නොවන බව දනිම්...
    සිහිනය මිය යා යුතුය මේ ලෙසින්...

    ඇය :
    දිවයුරු සැඟවෙන මොහොතක තනිවී...
    ඉකිබිඳිනෙමි වියරු වී පාළුවෙන්...
    ප්‍රිය දසුනකි තනි සිතක නොමැකෙනා...
    නෙතු වෙහෙසමි යළි දකිනතුරැ දුරින්...

    ඇය : සුපෙම් හැඟුම් ඔබෙන් එපා... මිතුරු දම් විනා...
    ඔහු : නෞකාවකි මා ඈත සමුදුරේ...
    ඇය : මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ...

    පද රචනය : කපිල කුමාර කාලිංග
    ගායනය : ප්‍රදීපා ධර්මදාස | ලක්ෂ්මන් විජේසේකර
    සංගීතය : රෝහණ වීරසිංහ


    ඔහුගේ ප්‍රේමය ප්‍රතික්ෂේප කරන ඇය...

    සුපෙම් ගැඟුම් ඔබෙන් එපා...
    මිතුරු දම් විනා...
    නෞකාවකි ඔබ ඈත සමුදුරේ...
    මා පහන්ටැඹයි මෑත ගොඩබිමේ...


    ඔබ සමුදුරේ යාත්‍රා කරන නෞකාවක් බඳුයි... "සමුදුර" නම් වූ මායාවන් මත සිත කියන කියනා අත යාත්‍රාකරන්නෙක්...
    ඇස ගැටෙන ගැටෙන දේ පසුපස යන්නෙක්... සිත් අලවන දේ වෙත ඇදෙන අයෙක්...
    නමුත් මම එක් තැනක "නැවතීමට" උත්සාහ ගන්නා පහන්ටැඹක් බඳුයි...
    මේ ජීවිතයේ ඇත්ත සෙවීමට වෙහෙසෙන්නෙක් මම... මගේ අරමුණ "නැවතීම"...
    ප්‍රේමය... ආදරය... සෙනෙහස... මේ කිසිවක් ඔබ මා කෙරෙහි පවත්වා ගත යුතු නෑ...
    අප අතර තිබිය යුතු වන්නේ "මිත්‍රත්වය" පමණයි...
    ඔබ ඇතැම්විට නොදන්නවා ඇති... මිත්‍රත්වය මිනිසා බැඳ තබන බැඳීමක් නෙවෙයි...
    එකිනෙකා කෙරෙහි මෙත් වැඩීම හැර අන් කිසිවක් අප අතර නොවීමයි යහපත්...
    නෞකාවට කිසිදින පහන්ටැඹ වෙත ළං විය නොහැකි වන්නා සේ කිසිදින අප එක් නොවේවි...! :)

    ◘──────────────────────────────────────────◘

    ඇගේ සෙනෙහස බලාපොරොත්තුව සිටි ඔහු...

    තරු එළියෙන් රුදු රාත්‍රි කාලයේ...
    දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින්...
    කිසිදින අප හමු නොවන බව දනිම්...
    සිහිනය මිය යා යුතුය මේ ලෙසින්...


    ඔබ නොමැතිව යන මගේ ගමන සාර්ථක එකක් නොවේවි යන්නයි මගේ හැඟීම...
    ඔබ "හිරු එළිය" සේ මගේ ලොවට එළිය ගෙනේවි යැයි මා බලාපොරාත්තුවෙන් සිටියා...
    නමුත් එසේ නොවූ කළ... රාත්‍රිය උදා වූවා හා සමාන මගේ දිවි ගමනට "තරු එළියක්" තරම් දුබල ආලෝකයක්වත් ලැබේවිද...
    ඒ සා කටුක විය හැකි මගේ දිවි ගමන දැඩි සිතකින් යාමට සිදුවේවි මට... ඔබ ගැන හැඟීම්බර සිතුවිලි සිරකර තබාගෙන...
    ඔබ මා හා එක්වුවහොත් ඔබේ ගමනට එය බාධාවක් වීම වැළැක්විය නොහැකියි...
    අප ගමන් කරනුයේ මාර්ගයන් දෙකක... ඔබ මට එය පැහැදිලි කර දුන්නා...
    ඒ නිසාවෙන් මා දකිනා සිහිනය සැබෑවක් නොවේවි... ඒ සිහිනය මිය යා යුතුයි...! :sorry:

    ◘──────────────────────────────────────────◘

    මේ අතරතුර ඇගේ සිතට නැඟෙන නමුත් ඔහුට ප්‍රකාශ නොකරන්නා වූ සිතුවිලි...

    දිවයුරු සැඟවෙන මොහොතක තනිවී...
    ඉකිබිඳිනෙමි වියරු වී පාළුවෙන්...
    ප්‍රිය දසුනකි තනි සිතක නොමැකෙනා...
    නෙතු වෙහෙසමි යළි දකිනතුරැ දුරින්...


    මමත් සාමාන්‍ය මනුෂ්‍යයෙක්... හැඟීම් පෙරට එන වෙලාවල් නැතිව නෙවෙයි...
    පෘථිවියට "හිරු" තරමට මනුෂ්‍යයෙක්ට තම බුද්ධිය වැදගත්...
    හිරු සැඟව රාත්‍රිය උදාවන්නා සේ... බුද්ධිය පරයා හැඟීම් පෙරට ආ මොහොතක...
    ඇතැම් විට ඔබ නිසා දුකක් දැනෙනවා... :(
    ඔබ ප්‍රිය දසුනක් මේ විදියට තනි වූ සිතකට... මකා දැමිය නොහැකි සේ මතකයේ සටහන් විය හැකි...
    නමුත්, මම වෙහෙසෙනවා යළිත් ඔබ හැකිතරම් දුරින් දකින්න...
    ඒ, ජීවිතයේ ඇත්ත දැකීම මගේ අරමුණ වන නිසාවෙන්...! :)
     
    Last edited:

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    සුපෙම් හැඟුම් ඔබෙන් එපා... මිතුරුදම් විනා...

    මේ ගීතයේ අවසාන කොටස ගත්තාම දකින්න තියෙන්නේ සිතේ වෙනස් වන සුළු බව...
    පළමුව ඔහුට ළංවිය නොහැකි බව පවසා,
    පසුව කියනවා තමන්ගේ හිතේ සැබෑවටම ඔහු ගැන යම් හැඟීමක් ඇති බව...
    ඔහුව නැතිකරගන්න ඇයට හිතේ යම් දුකක් තියනවා.
    ඇත්තටම එතනදී ඇය විසින් ඔහුට ඒවගේ බලාපොරොත්තුවක් දීම සුදුසු නෑ කියන එකයි මගේ අදහස. :dull:
    ඒ නිසා ඒ කොටස පිළිබඳව මගේ මනස පිළිගන්න කැමති අදහස තමයි,
    ඇය තනිවම සිතින් සිතන දෙයක් විතරයි ඒ... ඒ හැඟීම ඇය ඔහුට කියන්නේ නෑ... :)

    ඒක යම් පමණකට තහවුරු කරගන්න පුළුවන් තවත් තැනක් අවසානයටම දකින්න පුළුවන්.
    ඔහු කියනවා "නෞකාවකි මා ඈත සමුදුරේ..." කියලා.
    කලින් ඇය "නෞකාවකි ඔබ ඈත සමුදුරේ..." යනුවෙන් පැවසීම ඔහුම පිළිගන්නවා ඇත්තක් බව...
    තමා නෞකාවක් නිසා ප්‍රදීපාගාරය වෙත කිසිදා ළං විය නොහැකි බව...
    ඒ කියන්නේ ඇගේ බලාපොරොත්තු දල්වන හැඟීම් ගැන කී කොටස ඔහු දන්නේ නෑ...
    එහෙම දැනගත්තා නම්, ඔහුගේ ප්‍රතිචාරය මෙයාකාරයට ඇය මුලින් කී දේ පිළිගැනීම නොවේවි... :D
     
    Last edited:

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    12. රාමාට මා සැකයි රාවණා...

    රාමාට මා සැකයි රාවණා...
    රාමාට මා සැකයි රාවණා...

    ගිනි සෑයේ අභියස මා දැවේවී රාවණා...
    සෑයටත් ඉහළින් නැගේ හදෙහි ගිනි බුර බුරා...
    හඬමි මම රාවණා... රාවණා...
    රාමාට මා සැකයි රාවණා...

    නැගෙන ගිණිදළු මතින්... පාව යයි දුම් ස්නේහයේ...
    සත් පතිනි විලාපේ... සත් සයුර තරණය කරයි...

    නුඹේ තුඟු දසුනින්... මහඟු මනු ගුණයෙන්...
    නොසැලෙන්න මගේ සිත සිර කළා...
    හුදෙකලා වදුලේ... අඳුරු සීතල තුරුලේ...
    මා අසල කළේ නුඹ භාවනා...

    රාමාට මා සැකයි රාවණා...
    හඩමි මම රාවණා... දශාණන් රාවණා...

    ගිනි සෑයේ අභියස මා දැවේවී රාවණා...
    සෑයටත් ඉහළින් නැගේ... හදෙහී ගිනි බුර බුරා...
    රාමාට මා සැකයි රාවණා...
    රාමාට මා සැකයි රාවණා...

    පදරචනය : පුණ්‍යා සමරකෝන්
    ගායනය : එරන්දි මධුෂිකා
    සංගීතය : පසන් කිලකවර්ධන
    සංගීත සංකලනය : අමිත් ගුරු

    සීතා නියෝජනය කරන්නේ ගැහැනිය. රාමා නියෝජනය කරන්නේ තමන්ගේ පැවැත්ම වෙනුවෙන්
    ගැහැනියගේ විශ්වාසය අභියෝගයට ලක්කරන සාම්ප්‍රදායික පිරිමියා.
    රාවණා කියන්නේ පිරිමියා පිළිබඳ කාන්තාවගේ සිහිනය.
    එකිනෙකාට ගරුකරන, එකිනෙකාගේ විශ්වාසය සුරකින, ශක්තිවන්ත, නොඅඩුව ආරක්ෂාව දිය හැකි සැබෑ පිරිමියා තමයි රාවණා.
    ඒ දෙයාකාර පිරිමි රූපයන් අතර කම්පනයට පත්වන සීතාගේ විලාපය බහුතරයක් කාන්තාවන්ට පොදු වූ කතාවක්.


    Code:
    [SIZE="3"]මූලාශ්‍රය :[/SIZE] http://www.silumina.lk/2017/08/26/රසඳුන/සතියේ-ගීතය

    රාවණා, මං අමතන්නේ ඔබට...
    මගේ හිත ගැඹුරටම කිමිදිලා බැලුවොත් "රාමා" ඇත්තටම මගේ හිතේ හිටි කෙනා නෙවෙයි...
    ඕනෑම ආදරවන්තියකගේ හිතේ ඉන්නවා සිහින කුමාරයෙක්...
    මගේ හිතේ ඉන්න, නමුත් සැබෑවටම මේ ලෝකේ නැති ඒ උත්තම පුරුෂයා ඔබ...
    මම ඔබට දෙන නාමය "රාවණා"... :)

    කිසිම අයෙක් පරිපූර්ණ නොවන විත්තිය මම දන්නවා...
    නමුත් "රාමා" කරන දේවල්... ඔහු නිසා අත්වන මානසික පීඩාව... මට ඇතැම් විට ඉවසා දරාගෙන ඉන්න බැරි තරම්...‍
    මොන දේ කළත් ඔහුට මාව හැමවිටම සැකයි...
    ඉතා සුළු කාරණයක් පවා අල්ලාගෙන, මා නිර්දය ලෙස විවේචනය කිරීම ඔහුගේ සිරිත...
    ඔහු වෙනුවෙන් කැපවී සිටින මාව ඔහුට සැකයි... :(

    ගිනි සෑයේ අභියස මා දැවේවී රාවණා...
    සෑයටත් ඉහළින් නැගේ හදෙහි ගිනි බුර බුරා...
    හඬමි මම රාවණා... රාවණා...
    රාමාට මා සැකයි රාවණා...


    ඔහු මට එල්ල කරන චෝදනා නිවැරදි නෑ...
    මගේ අවංකභාවය ඔප්පු කරනා ලෙස "රාමා" මගෙන් ඉල්ලා සිටින ආකාරයන් ප්‍රායෝගික නෑ... සාධාරණ නෑ...
    ඔහුගේ මතයන්හි නිවැරදි බව පමණක් තහවුරු කරවන,
    මා තර්කයෙන් තොරව වරදකාරියක් කරන අභියෝග ඔහු මට එල්ල කරන්නේ...
    "රාමා" එවැන්නෙක්... මිථ්‍යා විශ්වාසයන් පසුපස දිවයන්නෙක්...
    මිථ්‍යාව තුළින් මගේ සිතේ අවංකභාවය මැන බලන්නෙක්...
    මට හඬා වැටීම හැර වෙන යමක් කිරීමේ ශක්තියක් නෑ...
    මගේ හදවතේ ගින්න ගිනි සෑයකටත් ඉහළින්... :dull:

    නැගෙන ගිණිදළු මතින්... පාව යයි දුම් ස්නේහයේ...
    සත් පතිනි විලාපේ... සත් සයුර තරණය කරයි...


    "රාමා" මා කෙරෙහි පවත්වන සැකයේ ප්‍රතිඵලයක් ලෙස ඔහු තුළ උපදින වෛරයේ ගිණිදළු නිසාවෙන්,
    ඔහු කෙරේ පවතින මගේ සෙනෙහස තවත් අඩුවීම හැර වෙන යමක් සිදුනොවේවි...
    මගේ විලාපයන් හමුවේ ඔහුට මා කෙරෙහි බිඳක්වත් අනුකම්පාවක් නොදැනෙන්නේ ඇයි... :sorry:

    නුඹේ තුඟු දසුනින්... මහඟු මනු ගුණයෙන්...
    නොසැලෙන්න මගේ සිත සිර කළා...
    හුදෙකලා වදුලේ... අඳුරු සීතල තුරුලේ...
    මා අසල කළේ නුඹ භාවනා...


    මගේ හිතේ පමණක් ජීවත්වන ඒ උත්තම පුරුෂයා වන "රාවණා"...
    නුඹේ උත්තුංග දර්ශනය... ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ගතිගුණ...
    ඒවා සැබෑ ලෝකයේ දී "රාමා" තුළින් කිසිදින නොලැබෙන බව දැන දැනත්,
    මම "රාමා" හැරදා ගියේ නෑ... නුඹ වැනි අයෙක් සොයාගෙන ගියේ නෑ...
    කාන්තාවකට ලැබිය යුතු වන්නේ ඔබ වැනි අයෙක් මිස "රාමා" වර්ගයේ පුරුෂයෙක් නොවේ... :)