විශිෂ්ට සිංහල ගීත

Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    රාමාට මා සැකයි රාවණා...

    මේ ගීතය ආදරයේ වියරු ස්වභාවය හෙළිකරන්නක්...
    එය එක් පාර්ශවයක (ගීතයට අනුව පුරුෂ පාර්ශවය) පමණක් ලෙසින් සැලකිය යුතු නෑ.
    ආදරය නිසා වියරු වැටුනු කාන්තා පුරුෂ දෙපක්ෂයම බොහෝ ඉන්නවා.

    "ආදරය විශ්වාසය මත පදනම් වන්නක්" ආදී ලෙසින් අදහස් ඕනෑ තරම් දැකගත හැකි වුනත්,
    කීයෙන් කී දෙනාද ඒ විදියට ආදරය පවත්වාගන්නේ?
    බොහෝදෙනාගේ ආදරය පවතින්නේ සැකය මත...

    ඒවගේම ඇය වගේ කිසිම ආදරවන්තියක් / ආදරවන්තයෙක් තමාගේ ආදරයෙන් කිසිදා සෑහීමකට පත්වෙන්නේ නෑ.
    ඒක තමයි ආදරයේ ස්වභාවය...

    ආදරයෙන් හැකි තරම් ඈත්වී, සැඟවී ජීවත් වන තැන ඇත්තේ නිදහස... විශේෂයෙන් මානසික නිදහස...
    ඉතින් මිත්‍රවරුනි, මේ කියන්නේ ආදරය නොකර ඉන්න හෝ විවාහ නොවී ඉන්න කියලා නෙවෙයි. :D
    බොහෝදෙනා විවාහවෙලා සාමාන්‍ය ජීවිත ගත කළ යුතුයි.
    තමා අකමැති වුනත් අවට සමාජය විසින් කරන බලපෑම නිසා හෝ ඊට අවනත වීමට සිදුවෙනවා.
    මේ ගීතයෙන් ගත යුතු දේ තමයි ආදරයේ වියරුව කරා නොයා යුතු බව...
    සැකය නිසා මනුෂ්‍ය ඝාතන පවා සිදුවෙනවා. එතැනට නොයා යුතුයි.
    මනුෂ්‍යයෙක් ලෙස මනුෂ්‍යත්වය රැකෙන පරිදි "ආදරය" සහ "විවාහය" පවත්වා ගත යුතුයි. :)
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    13. ඔබ නොදනී කැළඹුම මායාවේ...

    ඔහු :
    කිසිදා නොපැතූ දේ සිදුවේවී...
    සිත බිඳුණේ යළි ප්‍රේමේ හින්දා...
    දිවි දුන්නේ මමයි... දුක දුන්නේ ඔබයි...
    ස්ත්‍රී සිත් පෙන්වූවා... ඔබ ස්ත්‍රී සිත් පෙන්වූවා...

    ඇය :
    නොසිතනු මා ඔබගේය කියා...
    නිදහසේ ඇරයුම් ලබනා...
    යනවාමයි මා හිත කියන දිහා...
    පුරුෂ සිත් පෙන්නුවා... ඔබ පුරුෂ සිත් පෙන්නුවා...

    ඔහු :
    ඔබ නොදනී කැළඹුම මායාවේ...
    නොහැඟේ ජීවිතයේ ගිම්හානේ...
    තරවටු කළ යුතු වේ... හිත දේ දඬුවම් සේ...
    ස්ත්‍රී සිත් පෙන්වූවා... ඔබ ස්ත්‍රී සිත් පෙන්වූවා...

    ඇය :
    දනිමී ලොකු කෙරුමෙක් බව තා...
    සිත පෑරේ මේ සැසඳීම නිසා...
    ගනුදෙනුවට ආදරයයි පවසා...
    පුරුෂ සිත් පෙන්නුවා... ඔබ පුරුෂ සිත් පෙන්නුවා...

    පද රචනය : දුමින්ද අලහේන්ද්‍ර
    ගායනය : මීනා ප්‍රසාදිනී ගමගේ | රුක්මන් අසිත පෙරේරා
    සංගීතය : නිමල් මෙන්ඩිස්
    සංගීත සංයෝජනය : සුරේෂ් මාලියද්ද
    චිත්‍රපටය : වෛෂ්ණාවී

    ආදරයේ සැබෑ ස්වභාවය පැහැදිලි කෙරෙන ඒ "සුන්දර ගැටුම" මෙසේ ඉදිරිපත් වන වගයි...! :D

    කිසිදා නොපැතූ දේ සිදුවේවී...
    සිත බිඳුණේ යළි ප්‍රේමේ හින්දා...
    දිවි දුන්නේ මමයි... දුක දුන්නේ ඔබයි...
    ස්ත්‍රී සිත් පෙන්වූවා... ඔබ ස්ත්‍රී සිත් පෙන්වූවා...

    මම කවදාවත් හිතුවේ නෑ මෙහෙම දේවල් වේවි කියා...
    "ආදරය සුන්දරයි" කියන මායාවට හසුවෙන නිසා ආදරය තුළ සැඟවිලා තියන දුක පේන්නේ නෑ...
    මට නම් දැන් ඒ දුක හොඳහැටි තේරුම් යමින් තියෙන්නේ...
    මගේ හිත බිඳිලා තියෙන්නේ මේ මහලොකු ආදරය නිසා...
    මම ආදරය වෙනුවෙන් දුක් වින්දා ඇති පදමට... පුදුමාකාර කැපකිරීම් කළා...
    නමුත් ඔබ මට දුන්නේ දුක විතරයි... :(
    ඔබ නිසා ස්ත්‍රිය යනු කවරාකාරයේ අයෙක්දැයි මට දැන් තේරුම් යමින් තියෙන්නේ... :dull:

    ◘──────────────────────────────────────────◘

    නොසිතනු මා ඔබගේය කියා...
    නිදහසේ ඇරයුම් ලබනා...
    යනවාමයි මා හිත කියන දිහා...
    පුරුෂ සිත් පෙන්නුවා... ඔබ පුරුෂ සිත් පෙන්නුවා...


    හිතන්න එපා මම ඔබට රිසි අයුරින් භාවිතා කළ හැකි භාණ්ඩයක් වගේ කියලා...
    ඔබට ඕනේ ඕනේ දේවල් කරන්න මා ඔබට යටත් වෙලා නෑ...
    මට ඕනේ තැන මම යනවා... මට ඕනේ දේ මම කරනවා...
    ඒ ගැන බලපෑම් කරන්න ඔබට අයිතියක් නෑ...
    ඇයි දෙයියනේ මටත් කියලා නිදහසක් තියෙන්න ඕනේ නේද... :frown:
    මටත් දැන් තේරිලා තියෙන්නේ තමුන් නිසා පිරිමි කියන්නේ මොනවගේ ජාතියක්ද කියලා... :angry:

    ◘──────────────────────────────────────────◘

    ඔබ නොදනී කැළඹුම මායාවේ...
    නොහැඟේ ජීවිතයේ ගිම්හානේ...
    තරවටු කළ යුතු වේ... හිත දේ දඬුවම් සේ...
    ස්ත්‍රී සිත් පෙන්වූවා... ඔබ ස්ත්‍රී සිත් පෙන්වූවා...


    ඔබ දන්නේ නෑ අප වටා විවිධාකාරයේ මායාවන් පිරී ඇති බව...
    ඒවා නිසා ජීවිතයේ ඇතිවිය හැකි කැළඹුම...
    ජීවිතයේ කටුක බව ඔබ දන්නේ නෑ... බොරු දේවල් වලට ඔබ පොඩ්ඩ ඇත්නම් රැවටෙනවා...
    මං මෙච්චර මේ දේවල් කියන්නේ, තරවටු කරන්නේ ඔබේම යහපතට...
    ඒත් ඔබ ඒවා තරහට කරන දේවල් කියලා හිතලා මට බැන වදිනවා...
    පිරිමි කියන හැමදේටම විරුද්ධ වෙන එක ගෑනුන්ගේ හැටියක්...
    ඔබ නිසා මට ඒ ස්ත්‍රී ස්වභාවය හොඳින්ම වටහාගන්න පුළුවන්... :dull:

    ◘──────────────────────────────────────────◘

    දනිමී ලොකු කෙරුමෙක් බව තා
    සිත පෑරේ මේ සැසඳීම නිසා
    ගනුදෙනුවට ආදරයයි පවසා
    පුරුෂ සිත් පෙන්නුවා
    ඔබ පුරුෂ සිත් පෙන්නුවා

    දන්නවා ඔහේ මහලොකු කෙරුමෙක් කියලා... ඒ ලොකුකම් මාත් එක්ක තියාගන්න එපා...
    මාව පාලනය කරන්න හදන්න එපා... ඒවා මගෙත් එක්ක හරියන්නේ නෑ...
    මගේ හිත පෑරෙනවා මේ විදියට මට සීමා දානකොට, මාව යටත් කරගන්න හදනකොට...
    එන්න එපා ඕවට නම්... :angry:
    ආදරය කියන්නේ ගනුදෙනුවක් මිස වෙන දෙයක් නෙවෙයි...
    ඔබට මගේ ආදරය අවැසි නිසා ඔබට මාව ඕනේ...
    මට ඔබේ ආදරය අවැසි නිසා මට ඔබව ඕනේ...
    ඔබ කරන දේවල් නිසාම මට ඒක හොඳහැටි පැහැදිලි වෙමින් තියෙන්නේ... :dull:
     
    Last edited:

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ඔබ නොදනී කැළඹුම මායාවේ...

    ආදරවන්තයන් දෙදෙනෙකුගේ ගැටුමක් සුන්දර ගීතයක් විදියට... :D
    ආදරයේ නිසා ජීවිතයේ ඇතිවන කැළඹුම... නොසන්සුන් බව...

    ඔහු තමන්ගේ පාලනයට ඇයව නතුකරගන්න උත්සාහ කරනවා.
    ඇගේ හිත පෑරෙනවා මේ නිසා...
    දෙදෙනාම නිදහසට කරුණු ඉදිරිපත් කරනවා.
    දෙදෙනාම හරි... ඒ වගේම දෙදෙනාම වැරදි... :rolleyes:

    ආදරය ආත්මාර්ථකාමී දෙයක් බව "සෘණාත්මක" ත්‍රෙඩ් එකේ කියලා ඇති...
    මේ ගීතයේ ඒ බව ලස්සනට කියන පදයක් මේ...

    "දිවි දුන්නේ මමයි... දුක දුන්නේ ඔබයි..."

    බොහෝවිට දෙදෙනාම හිතන්නේ තමන් ආදරය වෙනුවෙන් (ඔහු / ඇය වෙනුවෙන්) මහා ලොකු කැපකිරීම් කළ බව...
    නමුත් ඒවා කරන්නේ ඇයි කියලා ගැඹුරට හොයලා බැලුවොත්,
    ඒවා කරලා තියෙන්නේ තමා වෙනුවෙන්මයි... තමාගේම හිත සතුටු කරන්න... :yes:

    ඒවගේම චිත්‍රපටයේදී (වෛෂ්ණාවී) රූකඩ නැටුමක පසුබිම් ගීතය විදියටයි මේ ගීතය ගැයෙන්නේ...
    ඉතින් හිතන්න පුළුවන්... ආදරය විසින් මිනිසා නටවනවා රූකඩයක් ලෙස... විවිධාකාරයෙන් උපක්‍රම යොදමින්....
    ආදරය විසින් බලාපොරොත්තු වන අවසන් අරමුණු ඉටුකරගන්නා තෙක්...
    (ඒ අවසන් අරමුණු ගැන සෘණාත්මක ත්‍රෙඩ් එකේ කියලා ඇති. සටහන දීර්ඝ විය හැකි නිසා නැවත මෙතන පැහැදිලි කරන්නේ නෑ.)

    ඇය නිසා මනසට අවශ්‍ය සතුට ලැබෙන නිසා ඔහු ඇයට කැමැත්ත දක්වනවා.
    ඔහු නිසා මනසට අවශ්‍ය සතුට ලැබෙන නිසා ඇය ඔහුට කැමැත්ත දක්වනවා.
    ඉතින් ආදරය ගනුදෙනුවක් ම මිස අන් කවරක්ද?


    ;) ඔබ නොදනී කැළඹුම මායාවේ... ;)
     
    Last edited:

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    14. සළුව අරන් ගෙට පලයන් කුමරිය...

    ඔහු :
    කුවේණියේ මා කුවේණියේ මම...
    තම්මැන්නා එනවා...
    රූබරියේ මා රූබරියේ මම...
    ආලේ සොයා එනවා...

    සළුව අරන් ගෙට පලයන් කුමරිය...
    නැවක නැගී මරු එනවා කුමරිය...

    වියූ සළුව නොම හැරයන් කුවේණියේ...
    ලාට රටින් දොස් පැවරෙයි කුවේණියේ...
    කිලිටි දෙපා මඩ තවරයි කුවේණියේ...
    වැස්ස වැටී තෙත තැවරෙයි කුවේණියේ...

    ඇය :
    නිරිඳුන් නුඹේ ආලේ නිසා...
    බෝ විපතක් වෙනා... නොවඩින් සදා...
    මතු භවයේ මා හමුවන තුරා...
    ආලේ පසෙකලා හිඳිමි මෙමා...

    පද රචනය : චන්ද්‍රසේන තලංගම
    ගායනය : රිද්ම වීරවර්ධන | දිනූපා කෝදාගොඩ
    සංගීතය : චරිත අත්තලගේ

    ඒ සල්ලාල කුමාරයා...

    කුවේණියේ මා කුවේණියේ මම...
    තම්මැන්නා එනවා...
    රූබරියේ මා රූබරියේ මම...
    ආලේ සොයා එනවා...


    ආදරය කොයි තරම් නම් සුන්දර ද...
    රට රාජ්‍යයන් තරණය කරමින්... එවන් වූ සුන්දර ආදරයක් වෙනුවෙන්... ඔබ වෙනුවෙන්...
    ඔබ සොයාගෙන මම ඔබේ දේශයට එනවා...
    ඔබ කොතරම් රූබර ද... අප දෙදෙනා ලොව ගැළපෙනම යුවළ බවට පත්වේවි...
    අපගේ ආදරය ආත්මගත බැඳීමක්... ඔබ තුළින් පමණයි මා ආදරය දුටුවේ...
    මට අනුකම්පා කරනු සොඳුරිය... මගේ ජීවිතයට ඔබේ ආදරය අවැසිමයි... :love:

    ◘──────────────────────────────────────────◘

    "අනාගතය දකිනා සෘෂිවරයා" හෙවත් ලෝකයේ යථා ස්වභාවය වටහාගත්තා වූ
    එක්තරා මනුෂ්‍යයෙක්...

    සළුව අරන් ගෙට පලයන් කුමරිය...
    නැවක නැගී මරු එනවා කුමරිය...

    වියූ සළුව නොම හැරයන් කුවේණියේ...
    ලාට රටින් දොස් පැවරෙයි කුවේණියේ...
    කිලිටි දෙපා මඩ තවරයි කුවේණියේ...
    වැස්ස වැටී තෙත තැවරෙයි කුවේණියේ...


    "සළුව" හෙවත් ඔබේ ගෞරවය, ආත්ම අභිමානය රැකගෙන,
    "ගෙට පලයන්" හෙවත් ඔබේ ආරක්ෂාව සලසා ගන්න... සිතේ රැවටීමට හසු නොවන්න...
    "නැවක නැගී" හෙවත් මහත් වූ වීරත්වයක් විදහා දක්වමින්, සිත ඇදගන්නා සේ පැමිණෙන්නා අන් කවරෙක්වත් නොවේ...
    ඒ වෙස්වලාගත් "මරු" හෙවත් දුක ම ය... :yes:

    "වියූ සළුව" හෙවත් "ඔබ මෙතෙක් කලක් මහන්සියෙන් ගොඩනඟාගත් සිය ගෞරවය" හැර දා
    සිතේ රැවටීමට හසු නොවන් කුමරිය...
    වරද "ඒ සල්ලාල කුමරු" අත වුවත්, ඔහුගේ හිතැත්තන් වරද පටවන්නේ ඔබේ පිට...
    ඔහුගේ කිලිටි වූ සිත ඔබේ ගෞරවය නම් වූ "සළුවේ" මඩ තවරාවි...
    ඒ හේතුවෙන් "වැස්ස වැටෙන්නා සේ" චෝදනා, අපහාස ලෝකයා ඔබට එල්ල කරාවි...
    ඒ භයංකාර වූ වැස්සෙන් "ඔබේ සළුව තෙමී යන්නා සේ" ඔබේ ජීවිතය පුරාවට ඒ අපහාස තැවරී තිබේවි...
    කඳුල ම පමණක් තැවරී තිබේවි...! :dull:

    ◘──────────────────────────────────────────◘

    ඒ "අනාගතය දකිනා මනුෂ්‍යයාගේ" අවවාදය පිළිගත් ඇය...

    නිරිඳුන් නුඹේ ආලේ නිසා...
    බෝ විපතක් වෙනා... නොවඩින් සදා...
    මතු භවයේ මා හමුවන තුරා...
    ආලේ පසෙකලා හිඳිමි මෙමා...

    මගේ හිතේ උන්නු "රජා" වූයේ ඔබ... මගේ හිතේ හිටි කුමාරයා ඔබ...
    ඔබ වන් සිත් ගත් අයෙක් ඇතැම්විට නැවත හමුනොවේවි...
    නමුත්, ඔබේ ආලය නිසා බොහෝ විපත් ඇති විය හැකියි...
    මට, ඔබට, තවත් බොහෝ දෙනෙකුට විපත් රැගෙන එන්නා වූ ආලයක් මට අවැසි නෑ... :no:
    එබැවින් "නිරිඳුනි, ඔබ නොවැඩීමයි යහපත්..."
    නිසි කල, සුදුසු ලෙස, ඔබ හෝ වෙනත් අයෙක් ලැබෙන තුරු
    හිතේ තෙරපෙන ආදර හැඟුම් අඟුළු ලා සිරකොට තබාගෙන හෝ මට ජීවත් හැකියි...
    මගේ ජීවිතයේ අරමුණ ආලය පමණක් නෙවෙයි... ආලය යනු ජීවිතය ම නොවේ...
    මේ ජීවිත කාලයටම මට ආදරවන්තයෙක් නොලැබුනත්...
    සියල්ලන්ගේම යහපත වෙනුවෙන් ආලය පසෙකලා හිඳීමට මා පසුබට වෙන්නේ නෑ... :)
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    සළුව අරන් ගෙට පලයන් කුමරිය... - 2

    "අනාගතය දකිනා සෘෂිවරයා" හෙවත් ලෝකයේ යථා ස්වභාවය අවබෝධ කරගත්තා වූ "එක්තරා මනුෂ්‍යයෙක්",
    තම දේශය කරා එන්නා වූ ඒ "මාරයා" පිළිබඳව "කුවේණියට" කරනා අවවාදයක් සහ
    අතීත කතාවට අනුව අතීතයේ සිදු නොවූ ලෙසින්, නමුත් විය යුතුව තිබුනා වූ ලෙසින්,
    කුවේණිය ඒ අවවාදය පිළිගෙන, විය හැකි විපත තේරුම් ගෙන,
    ඒ විපත රැගෙන එන්නා වූ "ආදරය", ඒ භයංකාර බව ගැබ් වූ ආලය ප්‍රතික්ෂේප කිරීම
    මේ ගීතයේ මම දකින කතාව...

    මේ අවවාදය ලබාගන්නා "කුවේණිය" නම්, වර්තමාන ලාංකික යුවතිය යි. මේ ගීතය හරහා අමතන්නේ ඇයට...
    ඒ "මාරයා" නම්, ඇය ගොදුරු කරගැනීමට සෑම දෙසින් ඉව අල්ලන දූෂිත සිත් දරන සියළුම දෙනා...
    ඉතිහාසය තුළින් යුවතියන්ට "ආදර පාඩමක්" ඉගැන්වීමට කළ උත්සාහයක්... :cool:

    බුද්ධිමතෙකුගේ අවවාදය පිළිගෙන, බොහොම සන්සුන්ව හා නුවණැතිව ආදරය ප්‍රතික්ෂේප කිරීමේ අවස්ථාවක්
    ගීතයේ ඉහතින් කළ පැහැදිලි කිරීම අනුව දැකගන්න පුළුවන්.
    නමුත් අද බොහෝවිට ආදරය ප්‍රතික්ෂේප කරන්නේ යුධමය තත්ත්වයන් ඇති කරමින්... :(

    ගීතයේ ආකාරයට ආදරය බලාපොරොත්තුවෙන් කෙල්ලෙක්ගේ පස්සෙන් එන කොල්ලෙක් ගැන
    "යම් හෙලිදරව්වක්" ඒ කෙල්ලට දැනගන්නා ලැබුනා කියමු...
    කෙල්ල තමාගේ සොයාගැනීම නිසා දැනෙන වීරත්වය ආරෝපණය කරගෙන ගිහින් කොල්ලට කියනවා,
    "තමුසේ වගේ සල්ලාලයෙක්ට ආදරේ කරන්නද තමුසේ කියන්නේ..."
    බොහෝවිට එතැන් පටන් කොල්ලාගේ අරමුණ වෙන්නේ ඒ කෙල්ලගෙන් පළිගැනීම...
    කොල්ලගේ වරදක් නැතත්, ආදරය ප්‍රතික්ෂේප කිරීම ලෝකෙටම ඇහෙන්න,
    ලෝකෙටම පේන්න කරන එක වීර ක්‍රියාවක් හැටියට සිතා කටයුතු කිරීමත් අද කෙල්ලන් අතින් වෙන දෙයක්...
    ඒකේ ප්‍රතිඵලය බොහෝ විට කොල්ලගේ හිතේ වෛරයක් ගොඩනැඟෙන එක...
    විවිධ ටෙලිනාට්‍ය, චිත්‍රපට, පොත්, සඟරා ආදියෙන්
    ආදරයේදී "වෛරී සහගත අදහස් ප්‍රකාශ කිරීම" හා "පළිගැනීම" සාමාන්‍ය දෙයක් ලෙස දැක්වීමත්
    තරුණ පරම්පරාව ඒවා සැබෑ ජීවිතයේ අත්විඳන්නට යාමත් මේ විදියේ බියකරු තත්ත්වයන් ඇතිවීමට හේතුවක්...

    කුවේණියගේ ශාපය ගැන අහලා ඇතිනේ... :dull:
    ඒ තරම් වෛරයක් හිතේ ජනිත කරවන්න හේතුවක් වුනේ ආදරය...
    ආදරය විසින් වෛරය උපදවයි කියන එකෙත් වරදක් නෑ.
    නැත්නම් කෙල්ල අකමැති වුනාම මරලා දාන්න, පළිගන්න පුළුවන්ද ඒ "ආදරය" බොහෝ දෙනා කියන පරිදි ශ්‍රේෂ්ඨ නම්? :eek:

    "වෛරයේ මව වනුයේ ආදරය යි" කියන එකෙත් වරදක් නෑ... :(
     
    Last edited:

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    සළුව අරන් ගෙට පලයන් කුමරිය... - 3

    ආදරයේ අඳුරු පැත්ත පමණක් නෙවෙයි,
    යහපත වේශයෙන් විවිධාකාරයට රටට ඇතුළුවන අයහපත ගැන සිහිපත් කරන ගීතයක් විදියටත් හිතන්න පුළුවන්...

    "සළුව අරන් ගෙට පලයන් කුමරිය...
    නැවක නැගී මරු එනවා කුමරිය...

    වියූ සළුව නොම හැරයන් කුවේණියේ...
    ලාට රටින් දොස් පැවරෙයි කුවේණියේ...
    කිලිටි දෙපා මඩ තවරයි කුවේණියේ...
    වැස්ස වැටී තෙත තැවරෙයි කුවේණියේ..."


    සළුව හෙවත් ඔබේ අභිමානය රැකගෙන...
    "ගෙය" නම් වූ ඔබ රැකෙනා ධර්මය, සදාචාරය, සංස්කෘතිය තුළ පිහිටන්න...
    "නැවක නැඟී" හෙවත් විදේශයන්ගෙන් සිත් ඇඳ බැඳ ගන්නා අයුරින් පැමිණෙන්නා වූ
    විවිධාකාරයේ මායාවන් තුළ සැඟවුනු අයහපතට ගොදුරක් නොවන්න...

    ඔබේ අභිමානය ඒ කිසිවක් නිසා පහත නොහෙලන්න...
    ඔබ රැවටුනු පසු, ඔබ ගොදුරක් වූ පසු,
    ඒ මායාවන්ට, ඒවා පැමිණි දේශයන්ට දොස් පැවරීමෙන් පලක් නැත. ඔවුන් වරද බාර ගන්නේ ද නැත.
    "වරද ඔබේම ය, අනිසි භාවිතය නිසා මෙය සිදුවී ඇත" යැයි කියා ඔවුන් ඇඟ බේරා ගනීවි.
    "නැවක නැඟී" එන්නා වූ සියල්ල දෙවරක් නොසිතාම බදාගතහොත්... අනුගමනය, අනුකරණය කරනට පෙළඹුනහොත්...
    අවසානයේ ඔබේ ජීවිතයට දුක හැර අන් යමක් නොලැබේවි... :dull:


    :D සළුව අරන් ගෙට පලයන් කුමරිය... :D
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ප්‍රේමයේ සැබෑ ස්වරූපය හෙළි කරන ගීත පහක් පමණ ඉහතින් ඉදිරිපත් කළා.
    ඒ අතර පැරණි ගීත එකක්වත් අඩංගු නොවීම ගැන කෙනෙක්ට ප්‍රශ්නයක් මතු වෙන්න පුළුවන්.
    එවැනි අර්ථ සම්පන්න පැරණි ගීත නැතුව නෙවෙයි.
    නමුත් එවැනි ගීත එකදිගට ඇසීමට, දවසේ ඕනෑම මොහොතක ඇසීමට මට ගැළපෙන්නේ නෑ.
    අර්ථය, ගායනය, සංගීතය පමණක් නෙවෙයි, තව බොහෝ කරුණු ගීතයක් ප්‍රිය වීමට බලපානවා.
    ඒ කුමන හෝ හේතුවක් මත, ස්ථිරව කිව නොහැකි, වචනවලින් පැහැදිලි කළ නොහැකි යම් හේතුවක් මත
    එවැනි ප්‍රේමයේ සැබෑ ස්වරූපය හෙළිකරන පැරණි ගීත මගේ "ප්‍රියතම ගීත ලැයිස්තුවට" එකතු වී නෑ.
    ප්‍රියතම ලැයිස්තුවේ නැතත්,
    ප්‍රියතම ගීත ලැයිස්තුව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව,
    එවැනි අර්ථයෙන් පිරිපුන් මා "කියවා පමණක්" රසවිඳින ගීත පිළිබඳවත් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.
    ඒවගේම ඇතැම් ගීතවල පද කිහිපයකට පමණයි මගේ මනස කැමැති වෙන්නේ...
    එවැනි ගී පද කොටස් පිළිබඳවත් ප්‍රියතම ලැයිස්තුව අවසානයේ පළ කෙරේවි...! :)
     
    • Like
    Reactions: JohnnySS

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    15. සිරිය කොහිද සැමදා විකසිත මලක...

    සිරිය දෙන මලක් මුකුලිත නොවන ලෙස...
    සිරිය දෙන ලෙසින් සැමදා යුග නෙතට...
    රැකිය යුතු කියා රැකගත හැකි වුවද...
    සිරිය කොහිද සැමදා විකසිත මලක...

    ලස්සන දෙයක නෙත් අලවන විට සසල...
    ගැස්සෙන මනස සිත් කැළඹන බිය ඇතිව...
    ලස්සන මැවෙන නෙත් අභියස ඉවත්කොට...
    සිස්සන කුමට ලස්සන රස විඳිනු මිස...

    විනය පෙනි පෙනී කඩ කරනා අයට...
    විනය ගැන කියා දොස් නගනා නුඹ...
    විනය රැක ඇතැයි සිතු සත්පුරුෂ තෙම...
    විනය කඩ කළේ... ගස් යට... හොර... රහස...

    පද රචනය : ඉසුරු අංජුල පෙරේරා
    ගායනය : දිනේෂ් ලසන්ත රත්නසේකර
    සංගීත නිර්මාණය : ලසිත් දිමිත්‍රි පෙරේරා
    තනු නිර්මාණය : අකිල නිශාන්



    සිරිය දෙන මලක් මුකුලිත නොවන ලෙස...
    සිරිය දෙන ලෙසින් සැමදා යුග නෙතට...
    රැකිය යුතු කියා රැකගත හැකි වුවද...
    සිරිය කොහිද සැමදා විකසිත මලක...

    සුන්දරත්වය විදහා දක්වන "මලක්"... හැමදාමත් නෙත් සිත් පිනවන ලෙසින්... හැකිලී, පරවී, නොයන ලෙසින්...
    රැකගත යුතුයි සිතා... කොතරම් මුරකාවල් යොදා ආරක්ෂාවක් ලබාදුන්නත්...
    මොන කැපකිරීම කළත්... මොන දෙවියන්ට යැද්දත්...
    කාලයත් සමඟ ඒ සුන්දර බව වියැකී යාම අනිවාර්යයෙන්ම සිදුවේවි!

    මොන උප්පරවැට්ටි දැම්මත් ඔබට කිසිදා ස්වභාවදහම පැරදවිය නොහැකියි.
    වර්තමානයේ බොහෝ දෙනා කරනුයේ එවැනි අරුත් සුන් දේ සඳහා කාලය, ධනය, ශ්‍රමය වැය කිරීම...
    මේ යථාර්තය වටහාගත්තා නම්, අනාගතයේ දිනක ස්ථිර ලෙසම ජරාවට පත්ව වැනසී යන තම කය සැරසීම සඳහා,
    සැත්කම් කර ගැනීමට ගොස් දිවිපිදීමට කාන්තාවන්ට සිදුනොවේවි.
    විවිධාකාර ආලේපන, එන්නත් ආදිය හරහා සුන්දරත්වය ඔප්නංවා ගැනීමට යැයි වෙහෙසෙමින්
    "එම්බාම් කළ මළසිරුරු" වැනි තත්ත්වයට පත්වන කාන්තාවන් බිහි නොවේවි.
    ස්වභාවික මනුෂ්‍ය පෙනුම පරයා, ඇතැයි සිතනා "වෙනත් ලස්සනක්" සොයා ගොස් භයානක ලෙඩ රෝග වල හිමිකරුවෙක් නොවේවි. :)

    ◘──────────────────────────────────────────◘

    ලස්සන දෙයක නෙත් අලවන විට සසල...
    ගැස්සෙන මනස සිත් කැළඹන බිය ඇතිව...
    ලස්සන මැවෙන නෙත් අභියස ඉවත්කොට...
    සිස්සන කුමට ලස්සන රස විඳිනු මිස...


    ලස්සන දෙයක් දුටු විට, සුන්දර දෙයක නෙත් සිත් බැඳෙන විට...
    ඒ ලස්සන තුළ සැඟවුනු බියකරු නපුර පිළිබඳ අවබෝධය ඇතිව...
    ලැජ්ජාව හා බිය සහිතව... එම ලස්සනට නොඇලී...
    ඒ ලස්සන රසවිඳීම වරදක් නොවේ...

    එම සුන්දර මායාවන් පසුපස සැඟවී සිටින බියකරු මාරයන් පිළිබඳව අවබෝධය ලැබීමට නම්,
    ඔබේ ආගම, දර්ශනය තුළින් ලෝකය පිළිබඳ යම් තාක් දුරකට හෝ වටහාගෙන තිබීම වැදගත් වනු ඇත.
    අන්තගාමී ලෙස සියල්ලෙහිම වරදම දැකීම සුදුසු නොවේ.
    උදාහරණයක් ලෙස හාස්‍ය ඉපදවීමේ අරමුණින් ඉදිරිපත් කළ යම් නිර්මාණයක
    විද්‍යාත්මක සත්‍යතාව සෙවීමට වෙහෙසීම පලක් ඇති ක්‍රියාවක් නොවේ.
    ඒ තුළින් ලැබිය හැකි රසවින්දනය ලබා, ජීවිතයට ගත යුත්තක් වේ නම් ගෙන, බැහැර කිරීමයි කළ යුතු...
    විශේෂයෙන් ආගමික සාහිත්‍යය සම්බන්ධ කාරණාවන්හිදී මෙය ඉතා වැදගත් උපදේශයක්, මට හැඟෙනා ලෙස... :)

    ◘──────────────────────────────────────────◘

    විනය පෙනි පෙනී කඩ කරනා අයට...
    විනය ගැන කියා දොස් නගනා නුඹ...
    විනය රැක ඇතැයි සිතු සත්පුරුෂ තෙම...
    විනය කඩ කළේ... ගස් යට... හොර... රහස...

    අනෙකා හදන්නට පෙර තමා හැදී සිටිය යුතුය.
    සුදු පිරුවට පොරවාගෙන ලෝකයට එක් මුහුණකුත්,
    සැබෑ ජීවිතයේදී තවත් මුහුණකුත් ඇති මිනිසුන් අවැඩක් කරගනුයේ තමාටම ය...
    අනුන්ගේ විනය, යහගුණ හදන්නට යන ඒ තැනැත්තා ලොවට ඉදිරිපත් කරනුයේ,
    තමාගේ සැබෑ මුහුණ නොවේ... තමා ද ඉහළින් විනය රකින්නෙකු බවයි.
    නමුත් ඔහුගේ සැබෑ මුහුණ, සැඟවුනු ජීවිතය පිළිකුල් සහගත එකක් විය හැකියි.

    මෙතන "ගස් යට" යන්න මං දකින්නේ "ලෝකයාගෙන් සැඟවී" යන අරුතින්...
    දරුවෙක් "හැදෙන තැන" ගෙදර. ඒ දරුවාගේ අම්මා, තාත්තා ළමයාට හැදෙන්න කියන ගමන්
    තමන් "හැදිලා නැති වැඩ" කරනවා නම්... ඒ දරුවා හැදෙයිද?
    තම මව/ පියා යම් අවවාදයක් දුන් තැන, ඒ දරුවාට පැහැදිලි තර්කයක් නඟන්න පුළුවන්
    "ඇයි එහෙනම් අම්මා/ තාත්තා ඒක කරන්නේ?"
    ඔබ මතට වහලෙක් නම්, ඔබේ දරුවා ද මතට වහලෙක් වීම බොහෝවිට සිදුවේවි.
    එහි වරද පැහැදිලි ලෙසම ඔබේ මිස අන් කිසිවෙකුගේ නොවේ.
    ඔබ අනාචාරයේ හැසිරෙන්නෙකු නම්, ඔබේ දරුවාද එවැන්නෙකු වීම ගැන පුදුම නොවන්න.
    ලොවට හොරා නටන නැටුම්... හෙළිදරව් වන දිනයක් උදාවෙනවාමයි...! :yes:

     
    Last edited:

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    සිරිය කොහිද සැමදා විකසිත මලක... - 2

    මුලින්ම මේ ගීතය අහන්න ලැබුනේ මේ පහත ත්‍රෙඩ් එක නිසා...
    http://www.elakiri.com/forum/showthread.php?t=1739058

    ඉහත සබැඳිය ඔස්සේ ඇති ත්‍රෙඩ් එකේ ගීතය පළ කර ඇත්තේ
    මෙම ගීයේ, ගී පද රචක "ඉසුරු අංජුල පෙරේරා" මහතා නම්,
    ඔබ මෙය දුටුවොත්, අර්ථය වෙනත් එකක් නම් පැහැදිලි කරන ලෙසත් ඉල්ලනවා.
    මම දකින අයුරු තමයි මේ...

    මේ පළ කර ඇති "ගී පද" වචන වැරදි නම් නිවැරදි කරන්න.
    අන්තර්ජාලයේ කිසිම තැනක ගී පද (lyric) හොයාගන්න තිබුනේ නෑ. (පළමු පද හතර විතරයි තිබුනේ)
    මෙතෙක් ඉදිරිපත් කළ සියළුම ගීතවල, "ගී පද" කිහිප තැනක කියවලා බලලා සහ ගීතයට සවන් දීලා පළ කළත්
    මේ ගීතයේදී සවන්දීමෙන් පමණයි ලියා තැබුවේ...

    මේ ගීතයේ විශේෂ කරුණක් තමයි පළමු පද හෝ වෙනත් පද නැවත නැවත කියන්නේ නැති එක.
    වෙනත් එවැනි එකදු ගීතයක් හෝ අසා ඇති බවට මගේ මතකයේ නෑ. මම කැමති විශේෂත්වයක් ඒ... :)
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    16. සිනහා... කඳුළු... එනවා... යනවා...

    සිනහා... කඳුළු... එනවා... යනවා...

    ඉපදී ලොවේ නවාතැන්පලේ...
    මිනිසා රඟයි රංගනේ...
    භවයෙන් භවේ විරාමේ අපේ...
    කාලේ ටිකයි ජීවිතේ...
    සිනහා කඳුළු එනවා... යනවා...

    මේ සිහින ගමනේ නැවතී ඉන්නා... අම්බලමයි මාවතේ...
    මේ පාළු කතරේ ඔබ මා හමුවී... යා යුතු මග මෙය වේ....
    අහගන්න මිතුරේ... ලෝකය කරළිය වෙනවා...
    මායාවේ නළුවො අපි...

    නොනිවන්න මිතුරේ පහනේ ඡායා... කිසිදා මේ අත්වැලේ...
    සුදිලේවී සැමදා නාමේ ඔබගේ... හිරු සේ ආකාසයේ...
    ජය ගන්න මතුදා පැරදුම පැරදිය යුතුවේ...
    මේ ලෝක රඟ මඬලේ...

    පද රචනය : හේමසිරි හල්පිට
    ගායනය : ග්‍රේෂන් ආනන්ද සමඟ එච්. ආර්. ජෝතිපාල
    සංගීතය : සරත් ද අල්විස්
    චිත්‍රපටය : මමයි රජා (1989)


    "සිනහව හා කඳුල අතර දෝලනය වන ජීවිතය"
    මේ වාක්‍යය කොහේදි හරි මොකේක හරි කියවලා තියනවා මතකයි.

    සිනහා... කඳුළු... එනවා... යනවා...

    අද, ප්‍රීතියෙන් ඔද වැඩී මහ හඬින් හිනාවෙන කෙනා හෙට, දුකින් තැවෙමින් හඬා වැටෙනවා.
    තවකෙක්, පෙර දිනක හිනා වෙවී සතුටින් බදාගත් දෙයක් නිසා අද දුකින් තැවෙනවා.
    බොහෝදෙනා සතුට වෙනුවෙන් යැයි සිතාගෙන කරන දේ නිසා කඳුල උරුම කර ගන්නවා...
    "දුක" කියලා පැත්තකට දාලා තිබුන දෙයක් තව කෙනෙක්ට සතුට ගේනවා.
    ලෝකෙට පේන්න හිනා වෙලා ඉන්න අය ලෝකයෙන් සැඟවිලා කඳුළු හෙලනවා.
    "මගේ ජීවිතේ දුකම විතරයි" කියලා කෙනෙක් වැළපෙන අතරේ,
    "මම නම් සතුටින් හැමදාමත්" කියලා ලෝකෙට කෑගහලා කියන කෙනෙක් තමාවත් නොදැන හිතින් විඳවනවා.
    ජීවිතය කියන්නේ සිනහව හා කඳුල එකිනෙකා පරයා රජකම් කරනා යුද්ධයක් දෝ කියලා වෙලාවකට හිතෙනවා.

    දුක, සතුට අතර බොහෝ දෙනා දෝලනය වන අතරතුර,
    කලාතුරකින් ඉතා අල්ප පිරිසක් දුකට හා සැපට වහල් නොවූ මැදහත් ජීවිතයක් වෙනුවෙන් වෙහෙසෙනවා. :)

    ◘──────────────────────────────────────────◘

    ඉපදී ලොවේ නවාතැන්පලේ...
    මිනිසා රඟයි රංගනේ...
    භවයෙන් භවේ විරාමේ අපේ...
    කාලේ ටිකයි ජීවිතේ...
    සිනහා කඳුළු එනවා... යනවා...


    ඉපදුනු දවසේ ඉඳන්ම දුක උරුම කරගත් මිනිසා තමන්ගේ හිත සතුටු කරගන්න ජීවිතය රංගනයක් කරගන්නවා.
    මවාපෑමක්... ලෝකෙට පේන්න... නිර්ව්‍යාජ මිනිසුන් සොයා ගැනීමටවත් නැති තරම්...
    කොයි මොහොතේ නැතිවේ දැයි කිව නොහැකි මේ ජීවිත ගමන තුළ,
    මනුෂ්‍යත්වය රැකෙනා පරිදි ගත කිරීමයි "විය යුතු" වුවත් බොහෝ දෙනා අතින් සිදු නොවන්නේ ද එයමයි... :no:

    ◘──────────────────────────────────────────◘

    මේ සිහින ගමනේ නැවතී ඉන්නා... අම්බලමයි මාවතේ...
    මේ පාළු කතරේ ඔබ මා හමුවී... යා යුතු මග මෙය වේ....
    අහගන්න මිතුරේ... ලෝකය කරළිය වෙනවා...
    මායාවේ නළුවො අපි...

    සිහින ලොවක ජීවත් වෙමින්, බොරුව මත ම යැපෙනා,
    සත්‍යය දැකීමට උත්සාහයක් නොගන්නා මිනිසුන් සමඟ යෑමට සිදුව ඇත්තා වූ ගමනකි මේ ජීවිතය...
    අප මේ ගතකරනුයේ ඒ ගමනේ දී හමුවනා "අම්බලමක්" බඳු වූ එක්තරා "නැවතීමක"... තවත් මායාවක...
    යහපත් මනුෂ්‍යයන්ගෙන් තොරව "පාළු" වූ,
    ඒ හේතුවෙන්ම "කතරක" මෙන් දුෂ්කර දිවියක් ගෙවීමට සිදුව ඇති තැනක් බවට මේ ලෝකයේ පත් වී හමාරයි.
    මගේ මිතුර, අප දෙදෙනාට ද සිදුව ඇත්තේ බොහෝදෙනා යන ඒ මාර්ගයේ ම ගමන් කිරීමට නොවේද...
    ලෝකය නම් කරලියේ රංගනයේ යෙදීමටයි අපටත් සිදුව ඇත්තේ... මායාව තුළ කිමිදෙමින්...

    මේ සිත පාලනය කරන්නට හැකිවන දා අපට ඒ මායාවෙන් මිදිය හැකි වේවි...!
    රංගනයෙන් මිදුනු අව්‍යාජ මනුෂ්‍යයන් බවට පත්වීමට හැකි වේවි...! :yes:

    ◘──────────────────────────────────────────◘

    නොනිවන්න මිතුරේ පහනේ ඡායා... කිසිදා මේ අත්වැලේ...
    සුදිලේවී සැමදා නාමේ ඔබගේ... හිරු සේ ආකාසයේ...
    ජය ගන්න මතුදා පැරදුම පැරදිය යුතුවේ...
    මේ ලෝක රඟ මඬලේ...


    "පහනේ ඡායා" හෙවත් මනුෂ්‍යත්වය, උතුම් ගතිගුණ කුමන හේතුවක් නිසාවෙන් හෝ "නොනිවන්න" හෙවත් නැති කර ගනු එපා...!
    යහගුණ රැකගත් ඔබ "හිරු සේ" ලොවට වටිනා මනුෂ්‍යයෙක් වේවි...!
    රඟමඬලක් වූ මේ ලෝකය මත සිට, මේ ජීවිතය ජය ගත යුතු නම්,
    "පැරදුම" හෙවත් අයහපත පැරදිය යුතුම යි.

    :) අද පටන් හෝ අයහපත පැරදවීමට උත්සාහ ගන්නේ නම්, අප "මතු දා" ජය ගනීවි...! :)
     
    Last edited:

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    17. මිනිසා කොහේද මේ...


    මෝහෙන් මුලා වෙලා... මානෙන් උදම් වෙලා...
    තණ්හාව ක්‍රෝධ ද්වේශ පාරේ...
    මිනිහා කොහේද මේ...

    රත්තරන් කෙණ්ඩියේ... සිංහ තෙල් වගේ...
    මිනිස් ගුණේ සැමදා බැබලේ...
    එය රැකීම අප උරුමේ... වේ...

    කේළම් කීමෙන් ඕපදූපයෙන්...
    රට කොටවන වැඩ අවදානම්...
    උඩින් මිතුරු වී යටින් හතුරු වී...
    උගුල් අදින්නා යයි දිය වී...
    බොරුවෙන් රට පිරිහේවී...

    මා හරි උගතා... මා හරි ජගතා...
    සිතනා මිනිහා මෝඩයෙකී...
    අනුන් හෙළන්නට වලක් කපන්නා...
    ඒ තුළ වැටිලා මිය යන්නා...
    කළ දේ පල දේ එලෙසේ...

    පද රචනය : සිරිල් ඒ. සීලවිමල
    ගායනය : වික්ටර් රත්නායක
    සංගීතය : ආර්. ඒ. චන්ද්‍රසේන


    "මිනිසා කොහේද මේ" ?
    "මනසින් උසස්" සත්ත්වයා සිටිය යුතු තැනද මේ?

    "රත්තරන් කෙණ්ඩියේ සිංහ තෙල් වගේ" මනුෂ්‍යත්වය මිල කළ නොහැකියි.
    ඒ උත්තම මනුෂ්‍යත්වය රැක ගැනීම සෑම මිනිසෙක්ගේම වගකීමක්... යුතුකමක්... :)

    එකිනෙකා බිඳවීමේ අරමුණින්, එමඟින් ඇතිවන "කුරිරු සතුට" බලාපොරොත්තුවෙන් කේලාම් හා ඕපාදූප පතුරවන්නන්...
    සාමාන්‍යයෙන් මිනිස් හිත කැමතියි අනෙකා ගැන හොයන්න.
    එහෙම හොයන විටදී ඒ තැනැත්තා ගැන නරක දෙයක් දැනගන්න ලැබෙනවා නම් ඒකට තවත් කැමතියි.
    ඒ තුළින් තමන් ඒ තැනැත්තාට වඩා ඉහළින් ඉන්නවා කියන මුලාවට ගොදුරු වෙනවා.
    ඒවගේම කෙනෙක් ගැන කේලාම්, ඕපාදූප පැතිරවීම තුළින් ඒ කෙනාට වඩා තමන් හොඳයි, උසස් කියලා ලබන සතුට
    වෙනුවෙන් තමයි බොහෝ දෙනා කේලාම් පතුරවන්නේ.
    සමහරු දැන් කේලාම් කියන්නේ "මං මේ කේලමක් කියන්න හදනවා කියලා හිතන්න එපා" කියලා. :baffled:
    ඕපාදූප වෙබ් අඩවි (gossip site) මේ තරමට ප්‍රසිද්ධ වෙන්නේ, ජනප්‍රිය වෙන්නේ මේ හේතු නිසා තමයි...
    සමාජ මාධ්‍ය ජාල (social media) වලට මිනිස්සු මේ තරමට ඇබ්බැහි වෙලා ඉන්නෙත් මේ නිසා තමයි...
    තමන්ගේ වැඩ පාඩු කරගෙන අනෙකා ගැන සෙවීම... ඒ මානසිකව ලබන සතුට වෙනුවෙන්...
    නමුත් එහි අර්ථයක් නැති බව නොතේරෙන තරමට ඔවුන්ගේ හිත් මුලාවේ ගිලී අවසන්...
    බුද්ධිය මළවුන් අතර... :growl:

    "උඩින් මිතුරු වී යටින් හතුරු වී" ජාතියේ ඇත්තෝ තමා බොහෝවිට අප වටා ඉන්නේ.
    "හිනා මූණ" පෙන්වා අපටත් නොදැනීම "කඳුල" අරන් එන... :(

    ලොවට වටිනා යමක් දුන්, මනුෂ්‍යත්වය රැකගැනීමේ වටිනාකම ලෝකයටම පෙන්වා දුන්,
    අති ශ්‍රේෂ්ඨ මිනිසුන් විවේචනය කිරීම වීරකමක් සේ සිතා කටයුතු කිරීමත්
    "මා හරි උගතා මා හරි ජගතා" ලෙස සිතීමේ ප්‍රතිඵල...
    විශේෂයෙන් ආගම් සහ ආගමික නායකයන් අධම ලෙස විචේචනය හා අපහාසය...
    වරද එවන් ශ්‍රෙෂ්ඨ ධර්මයන් ලොවට ඉදිරිපත් කළ උත්තමයන්ගේ නොව,
    ඒවා වරදවා වටහාගෙන ක්‍රියාවේ යොදන වර්තමාන සමහර මිනිසුන්ගේ බව ඔවුන්ට වටහාගත නොහැකියි.
    (මෙහිදී අදහස් කරන්නේ ද්වේෂ සිත් ඇතිව කරන අපහාස කිරීම්, බැණවැදීම් මිස, තමාගේ මතය සංවරව ඉදිරිපත් කිරීම ගැන නොවේ.
    ඕනෑම අයෙකුට "මනුෂ්‍යයෙක් ලෙස" තම මතය ඉදිරිපත් කිරීමේ නිදහස තිබිය යුතුයි. :yes:)

    මෙය එක් අවස්ථාවක් පමණයි,
    තමා පමණක් උසස් ලෙස සිතන එවැන්නන් සමාජයේ සෑම තැනකම පාහේ දැකගත හැකියි.
    ඒ හේතුවෙන්ම අහක යන කරදර තම හිස මත පටවාගත් ඇත්තන් ගැනද
    ඕනෑ තරම් අහන්න දකින්න ලැබෙනවා.

    මේ හැමදේකටම ඔබේ ගමෙන්, නගරයෙන්, රටෙන් පමණක් නොව ලෝකයෙන්ම නිදසුන් දැකගන්න පුළුවන්...
    දේශපාලනය තුළින්, ඔබේ රැකියා ස්ථානයෙන්, ඔබේ නෑදෑ පරපුර තුළින් ආදී ඕනෑම තැනකින්
    මොහොතක් පාසා උදාහරණ දැකගන්න පුළුවන් වේවි විමසිල්ලෙන් බැලුවොත්... :dull:

    "මිනිසා කොහේද මේ..."

    මෙයාකාරයෙන් විවිධාකාර යක්ෂයන්, භූතයන්, ප්‍රේතයන් අප වටා සැරිසරද්දී...
    ඒ බොහෝදෙනා යන මාර්ගයේ (නොමග) නොයා...
    හැකි පමණින් යහපත්ව, ස්වභාවදහමට අනුව ජීවත් වීමට ඔබ උත්සාහ කරන්නේ නම්,
    "මනසින් උසස්" මනුෂ්‍යයෙක් ලෙස හැකි හැම විටම කටයුතු කරන්නේ නම්,
    ඔබ "නිදහස්" ජීවිතයක උරුමය ලද්දෙක් වේවි. :)
     
    Last edited:
    • Like
    Reactions: DCloser_3

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    18. නොමියෙන මිනිසා

    තෙරක් නොදන්නා මේ භව කතරේ...
    සැරිසරනා මා මිනිසෙක් දෝ... මිනිසත්කම ලුහුබඳිනෙක් දෝ...

    නොමියෙන මිනිසා මැරි මැරි උපදී...
    ලෝ දම් දුන් මව් කුසට ගැලී...
    නොපෙනෙන ගමනක් යන ඔහු නොදනී...
    කප්පරයක් මව්වරුන් වැදූ...
    ආත්ම ගමනක කොටුවෙන මගියා...
    එන මරු සිප ගනි සැපට වැසී...
    කවදද මරු පරදා ජය ගන්නේ...
    නොමියෙන මිනිසෙකු විලස භවේ...

    ඉපදෙන අත මිට මොලවන් යන්නේ...
    භව පින පව ඉර හඳ වාගේ...
    අලී ගැලී නිර කරයි කිළුටු කය...
    හැමදාටම හැර නොයනා සේ...
    එතෙමින් බැඳෙමින් හිර කර ගනිමින්...
    සුර ලෝ සැපත සොයයි ලෝකේ...
    මිනිස්කමට එන්නේ කවදද හැර...
    මේ ලෝ සැප පෙව් මරු කතරේ...

    පමා නොවී සොයපල්ලා නුඹ ඇයි...
    ලැබුවේ අයිතිය මහා පොළොවේ...
    එක වට කැරැකෙන ඉරණම් ගමනේ...
    හැඩය වෙනස්කර සදා කලේ...
    මරණය මරලා ජය ලබනට...
    හැකිකම සෙව්මයි මනු භවේ හරේ...
    කවදද මරු පරදා ජය ගන්නේ...
    නොමියෙන මිනිසෙකු විලස භවේ....

    පද රචනය : සශික විශාන්
    ගායනය : රවීන් කණිෂ්ක
    සංගීතය : සංඛ දිනෙත්


    තෙරක් නොදන්නා මේ භව කතරේ...
    සැරිසරනා මා මිනිසෙක් දෝ...
    මිනිසත්කම ලුහුබඳිනෙක් දෝ...


    කෙළවරක් නොදන්නා, ස්ථිරව කිව නොහැකි, කතරක ජීවිතය බඳු දුෂ්කර වූත්, කටුක වූත්, මේ සංසාර ගමනේ...
    සංචාරයේ යෙදෙන්නා වූ "මම" සැබැවින්ම "මනුෂ්‍යයෙක්ද?"
    මනුෂ්‍යත්වය රැකෙනා පරිදි කටයුතු කරන්නෙක්ද?
    එසේ නොවේ නම් මේ මොහොතේ පටන් එසේ විය යුතු නොවේද...
    නැතහොත් සිදුවන්නේ මේ ජීවන මාර්ගය තව තවත් කටුක වීම නොවේද... :dull:

    එන මරු සිප ගනි සැපට වැසී...
    කවදද මරු පරදා ජය ගන්නේ...


    ජීවිත ගමනේදී හමුවන්නා වූ මාරයන් බොහෝ සතුටින් පිළිගන්නවා සැප යැයි සිතා...
    නමුත් යථාවබෝධය ඇත්තා ඒ මාරයන් තම ජීවිතයෙන් බැහැර කරනවා,
    ඒ මරුන්ගේ තරම දන්නා නිසා... :)

    එතෙමින් බැඳෙමින් හිර කර ගනිමින්...
    සුර ලෝ සැපත සොයයි ලෝකේ...
    මිනිස්කමට එන්නේ කවදද හැර...
    මේ ලෝ සැප පෙව් මරු කතරේ...


    තණ්හාවෙන් වෙලී සැපත සොයා යන ගමනක යෙදෙන බොහෝ දෙනා
    මනුෂ්‍යත්වයේ අගය ගැන සුළුකොට හෝ තැකීමක් නැතිව
    ජීවිතය සැපවත් කරගැනීමට යැයි කියමින් ඕනෑම දෙයක් කරාවි...!
    සැපය, මායාව පෙන්වා මිනිසා ගොදුරුකරගන්නා මරු කතරක් බඳු වූ මේ ලෝකයේ
    සැප යයි බදාගන්නා දේ තුළ ඇත්තේ දුක බව ඔවුන්ට වැටහෙන්නේ නැත... :(

    පමා නොවී සොයපල්ලා නුඹ ඇයි...
    ලැබුවේ අයිතිය මහා පොළොවේ...
    එක වට කැරැකෙන ඉරණම් ගමනේ...
    හැඩය වෙනස්කර සදා කලේ...


    කාලය වේගයෙන් ගලා යමින්... ඔබ වේගයෙන් වයසට යමින්...
    සත්‍ය දකින්නට උත්සාහයක් හෝ නොගෙන මිය යාම නොවේ විය යුතු... :no:
    අප මෙලොව මනුෂ්‍යයෙක් ලෙස උපත ලැබූයේ ඇයි?
    බොහෝ දෙනා මෙන් පව පින නොසලකා මුදල් පසුපස ම දිවීමට ද?
    විවාහ වීමට, දරුවන් වැදීමට, හිත කියන කියන දේ කිරීමට පමණ ද?
    සැප යයි සිතා දුක ම විඳ මිය යාමට පමණ ද?
    එකම චක්‍රයක් සේ ගෙවී යන්නා වූ මේ ගමනේ හැඩය වෙනස් කළ යුතු නොවේද... :yes:

    මරණය මරලා ජය ලබනට...
    හැකිකම සෙව්මයි මනු භවේ හරේ...
    කවදද මරු පරදා ජය ගන්නේ...
    නොමියෙන මිනිසෙකු විලස භවේ....


    "මරණය මරලා ජය ලැබීම" මේ මනුෂ්‍ය ජීවිතයේ හරය විය යුතු ය.
    මරු පරදා ජය ගත් කළ නොමියන මිනිසෙක් බවට පත්වේවි...!
    ඒ නොමියන මිනිසා නම්...??? :eek:

    ◘──────────────────────────────────────────◘

    "ඒ නොමියන මිනිසා" නම් කවරෙක්දැයි ඔබේ බුද්ධිය අනුව සිතා බලා
    "තෙරක් නොදන්නා මේ භව කතරේ" හරි මඟ තෝරාගැනීම ඔබටම බාරයි. :yes:
    ඔබේ ආගම, ඔබ අනුගමනය කරනා දර්ශනය, ඔබේ විශ්වාසයන් අනුව ඔබ ඒ ගැන දන්නවා ඇති...
    මගේ අදහස මෙතැනින් ඉදිරියට ඉදිරිපත් කළ නොහැකියි, ආගමිකව සංවේදී කාරණා නිසාවෙන්...
    මේ ගීතයේ ඇතැම් පද අත්හැර මගේ අදහස් ඉදිරිපත් කරන්නට සිදුවුනෙත් ඒ හේතුවෙන්... :)

    :yes: පමා නොවී සොයපල්ලා නුඹ ඇයි... ලැබුවේ අයිතිය මහා පොළොවේ... :yes:
     
    Last edited:
    • Like
    Reactions: JohnnySS

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    19. මෝහිනී

    ගොර සපුන් ඇහැරෙන ඇඳිරියේ...
    දොළ හඬන තුන්මං හන්දියේ...
    කවුරු එන තුරු මඟ බලනවද...
    මෝහිනී මගේ නංගියේ... මෝහිනී... ආදර නංගියේ...

    උඹේ දරුවා ගන්න කවුරුත්...
    නොඑන මූසල මණ්ඩියේ...
    උඹට දරුවෙක් දෙන්න ඕනෑ තරම් අය ඇති නංගියේ...
    උඹට දරුවෙක් දෙන්න... ඕනෑ තරම් ඇති හන්දියේ...

    සුරඟනට අමතකව දරුවන්... හඬද්දී කුණු බක්කියේ...
    උඹ යකින්නක් උනේ කොහොමද... කියා දීපන් නංගියේ...
    උඹ යකින්නක් උනේ කොහොමද... කියා දීපන් නංගියේ...

    පද රචනය : රජී වසන්ත වෙල්ගම
    ගායනය : සමන් ලෙනින්
    සංගීතය : දර්ශන රුවන් දිසානායක



    "ගොර සපුන් ඇහැරෙන ඇඳිරියේ... දොළ හඬන තුන්මං හන්දියේ...
    කවුරු එන තුරු මඟ බලනවද... මෝහිනී මගේ නංගියේ..."


    භයානක විෂඝෝර සත්ත්වයන් පිබිදෙනා ඒ ඝන අන්ධකාර රාත්‍රියේ...
    දොළ නඟනා විලාපයෙන් ඒ භයංකාර හැඟීම තවත් තීව්‍ර කරන තුන්මං හන්දියක...
    ඇය බලා සිටී... මෝහිනී... :shocked:

    "ඒ භයංකාර අන්ධකාර රාත්‍රිය" නම් මේ ලෝකයයි... මායාවෙන් බොරුවෙන් පිරී ඉතිරෙන මේ ලෝකයයි...
    "විෂඝෝර සත්ත්වයන්" නම් විවිධාකාර "යක්ෂ, භූත, පිසාච සිත් දරන්නා වූ මිනිසා" ම යි.
    එවන් මිනිසෙක් නිසා පිය සෙනෙහස විඳිනට අහිමි වූ දරුවා ද සමඟ තනිවූ "මෝහිනී" නම් ඇය...

    "දොළ හඬන" හෙවත් ලෝකයාගේ විවිධාකාර උපදෙස් මැද...
    එහෙමත් නැත්නම්, ලෝකයා ඇය ගැන බොරු අනුකම්පාව පෙන්වනවා...
    ඒ අනුකම්පාව හරහා අයුතු ප්‍රයෝජන ලබාගැනීමේ අරමුණින්...

    විවාහය හා දරුවන් හැදීම බොහෝ අය කරන්නේ රටාවට... සමාජයෙන් එන බලපෑමට...
    "මේ, බඳින්න අදහසක් හෙම නැද්ද දැම්ම?"
    "දරුවෙක් මල්ලෙක් හදාගත්තොත් නරකද?"
    අන් අය නිසා ජීවිතයේ තීරණ අරන් "විඳවන" බහුතරයකගෙන් පිරි සමාජයක
    ජීවිතයේ සත්‍යය තේරුම් ගැනීමට කිසිවෙක්ට උවමනාවක් නැත... කාලයක් නැත...
    එවන් තීරණ නිසාවෙන් තව තවත් මුලාවට ම යමින් සංකීර්ණ ජීවිතයක හිමිකරුවන් වීම ඔවුනගේ ඉරණම යි.
    "මෝහිනී" නම් ඇය දරුවා "වැදුවේ" ද ලෝකයේ රටාවට, මායාවට හසුවීම නිසා...
    දැන් ඇයට දරුවා "හැදීමට" ද ලෝකයාගෙන් උපදෙස්...

    "දොළ හඬන" යන්න තවත් ආකාරයකට දැකිය හැකියි.
    දොළ ගලන විට මතුවන හඬ අප්‍රියජනක වූවක් නෙවෙයි.
    නමුත් මෙතනදී "දොළ හඬන"... ඇය දුකින්... ඇයට ඒ සුන්දර හඬත් ඇහෙන්නේ දුක් තැවරුනු හඬක් ලෙස...

    "තුන්මං හන්දිය" නම් කොයි මග තෝරා ගන්නේ දැයි තීරණයක් ගත නොහැකි ඒ ගැටලුකාරී අවස්ථාවේ...
    එක් අයෙක් කියනවා, තවත් විවාහයක් කරගන්නා ලෙස...
    තවකෙක් කියන්නේ තනිවම දරුවා හදා වඩා ගන්නා ලෙස...
    තවත් අයෙක් කියනවා දරුවා වෙනත් පවුලකට හදාගැනීමට විකුණා දමන ලෙස...
    (මෝහිනී එන්නේ දරුවා දෙන්න කියලත් කතාවක් තියනවානේ...)
    ඇගේ දරුවාගේ අනාගතය වෙනුවෙන් කුමක් කළ යුතුදැයි වටහා ගත නොහැකිව...
    විසඳුමක් එනතෙක් ඇය බලා ඉන්නවා...

    හොල්මනක් එහෙමත් නැත්නම් යක්ෂ ආත්මයක් ලෙස ලෝකයා හඳුන්වන මෝහිනී ගැන
    වෙනස් විදියට දකින ඒ මනුෂ්‍යයා... ඇයට අමතන්නේ සහෝදර හැඟීමෙන්...
    නුඹත් මුලාවට හසුවී අවසන් නංගියේ... දැන් නුඹ විසඳුමක් එන තුරු මඟ බලනවා...
    මේ ලෝකයේ බොහෝ මිනිසුන් ද එසේමයි...!

    "උඹේ දරුවා ගන්න කවුරුත්...
    නොඑන මූසල මණ්ඩියේ...
    උඹට දරුවෙක් දෙන්න ඕනෑ තරම් අය ඇති නංගියේ...
    උඹට දරුවෙක් දෙන්න... ඕනෑ තරම් ඇති හන්දියේ..."

    උඹේ දරුවා ගන්න කිසිම කෙනෙක් ඉදිරිපත් නොවුනත් උඹට දරුවෙක් දෙන්න නම් ඕනෑ තරම් අය ඇති...
    වර්තමාන තරුණ පිරිස අතර තියන ජුගුප්සාජනක පුරුද්දක් තියනවා.
    කාන්තා පාර්ශවය හා ඇති කරගත් හා ඇතිකරගැනීමට බලාපොරොත්තු වන සබඳතා ගැන උලුප්පා දක්වලා,
    ඒ අංශයෙන් තමා ඉදිරියෙන්ම සිටින වග අන් අයට හැඟවීමට දරන උත්සාහය...
    විශේෂයෙන් අයථා සබඳතා පැවතීම වීරත්වයක් ලෙස සිතන්නෝ, ලැජ්ජාව බිල්ලට දී ඒවා රසකරමින් අනෙක් පිරිසට කියන්නෝ බහුලයි.
    ඇඳුමෙන් සහ රැකියාවෙන් "මහත්වරුන්" යැයි පෙන්වීමට උත්සාහ කරන්නන් අතර පවා මෙවැනි අමනුස්ස ගති මම අහලා දැකලා තියනවා.
    මිනිස්සු ශිෂ්ටාචාරගත වෙලා කිව්වට බොහෝදෙනා එහෙම වෙලාද කියන තැන මහ ලොකු ප්‍රශ්නාර්ථයක්... :(

    මනුස්සකම ගැන තැකීමක් නැති "ඒ හන්දියේ ඕනෑ තරම් අය" අතරින් නුඹේ දරුවා බාරගන්න එකෙක්වත් ඒවිද?
    "මූසල මණ්ඩිය" නම් විෂඝෝර සිත් දරන බොහෝ දෙනෙකුගෙන් සමන්විත සමාජයක
    නුඹේ දරුවා "ගන්න" කවුරුත් නොඒවි...
    නමුත්, නුඹට දරුවෙක් "දෙන්න" මාන බලන අයගෙන් ප්‍රවේශම් වීමට බොහෝ වෙහෙස වෙන්නටත් වේවි...!

    "සුරඟනට අමතකව දරුවන්... හඬද්දී කුණු බක්කියේ...
    උඹ යකින්නක් උනේ කොහොමද... කියා දීපන් නංගියේ..."


    හැඟීම් මත පමණක් ඇතිවන බැඳීම් නිසා දරුවෙක් පිළිසිඳගත් කළ ගබ්සා කරන ලොවක,
    වැදූ දරුවා මහමඟ වීසිකර යන යුගයක,
    දරුවා දරාගෙන ඉන්න උඹ යකින්නක් වෙන්නේ කොහොමද?
    මිනිස්සු ම තමයි යක්ෂ, ප්‍රේත, භූත, පිසාච, කුම්භාණ්ඩ වැඩ කරන්නේ... :(

    දරුවෙක් හදන්න වඩන්න බැරි නම්, දරුවෙක් ඇති නොවන තැනට කටයුතු කරන්නේ නැතිව,
    හැඟීමට මුල් තැන දීම නිසා දරුවෙක් ඇති වුනාම මරා දැමීමට පෙළඹෙන සිටු කුමරියන්,
    නෝනාවරුන්, මහත්වරුන් ඒ මිනීමැරීම සාධාරණීකරණය කරගන්න කියනවා,
    අහවල් කාලය වෙනකම් "ජීවයක්" නෙවෙයිලු...! :lol:
    අපේ සමහරක් බිත්තර කන එක සාධාරණීකරනය කරගන්න ගේන්නෙත් ඔය තර්කය මයි! :rofl:

    "මම නිර්මාංශයි. බිත්තර නම් කනවා. බිත්තර ජීවයක් නෙවෙයිනේ..."
    පව් නෑ... ඔව්! ඒ ගැන අරයත් කිව්වා... මෙයත් කිව්වා... ඉතින් බොරු වෙන්නේ කොහොමද? හ්ම්...!"
    :P

    :dull: උඹ යකින්නක් උනේ කොහොමද... කියා දීපන් නංගියේ... :dull:
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    19. මෝහිනී_2

    මෝහිනී ගැන අතුරු කතාවක්...

    ඉස්සර දවසක මම පුංචි කාලේ අපේ ආච්චි අම්මගේ ගෙදර පවුලේ කට්ටියම එකතු වුනා
    මොකක් හෝ විශේෂ අවස්ථාවකට... (මතක නෑ මොකටද කියලා)
    අපිත් එහේ නැවතිලා... රෑ පවුලේ පොඩි අය එකතු වෙලා එක එක ඒවා කතාවෙනවා.
    ඔතනට ආවා උදව්වට ඇවිත් හිටිය ගමේ අයියා කෙනෙක්...
    එයා කිව්වා මෝහිනී ගැන... එයා මුහුණ දුන්න අත්දැකීමක්...

    "මං එදා රෑ වෙලා තනියම එනකොට එකපාරටම ඈතින් සුදු දුමක් වගේ දැක්කා.
    මං එච්චර ගණන් ගත්තේ නෑ. තව ටිකක් ඉස්සරහට යනකොට සද්දයක් ඇහිලා පිටිපස්ස හැරිලා බැලුවා. මුකුත් නෑ.
    ආයේ ඉස්සරහා හැරෙන කොටම මෙන්න ළමයෙක් වඩාගෙන මට ටිකක් ඉස්සරහින් ගෑනු කෙනෙක් ඉන්නවා... :shocked:
    අර සුදු දුම ආව හරියේ... සුදුවට ඇඳගෙන...
    එයා දැක්කා විතරයි, මට මුකුත් ම කරන්න බෑ. මාව මට පාලනය කරන්න බෑ.
    මම මටත් නොදැනීම අත් දෙක හිමින් ඉස්සරහට දික් කරනවා.
    ඔන්න එතකොට අර ගෑනු කෙනා අර ළමයා මගේ අතින් තියනවා.
    ඊට පස්සේ මට මුකුත් මතක නෑ. උදේ පාරේ වැටිලා යන කෙනෙක් දැකලා නැගිට්ටෙව්වා.
    ඒත් මගේ අත්දෙක මුකුත් කරන්න බෑ. දිගහරින්න අකුලන්න මුකුත් බෑ. අර දරුවා ගන්න දික්වුන විදියටම තියනවා. :eek:
    පස්සේ ... මාමා (ගුරුන්නාන්සේ කෙනෙක් වෙන්න ඕනේ) තමයි බේරගත්තේ.
    මාසයක් විතර අතේ මතුරපු තෙල් ගාන්න වුනා." :baffled:


    එදා රෑ මේ කතාව අහලා,
    ඒ වෙනකම් කෑගගහා දඟල දඟලා හිටිය මම ඇතුළුව පොඩි උන් "මීක්" සද්දයක්වත් නෑ.
    නින්දට යනකම්ම කට්ටිය බීරාන්ත වෙලා එකටම හිටියේ...
    එදා තමයි හොල්මන කතාවක් නිසා වැඩිපුරම බය වුන දවස විදියට මතක... :dull:

    මෝහිනී ගැන ගොතලා කිව්ව කතාව නිසා පොඩි උන් ටික හොඳටම බයවුනා කියලා
    මහ හයියෙන් හිනාවෙවී පහුවදා උදේ ගෙදර ලොකු කෙනෙක්ට කියනවා
    අපේ පොඩි උන් කණ්ඩායමේ සාමාජිකයෙක්ට ඇහිලා තිබුනා. :angry:
     
    Last edited:

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    20. කුරුල්ලෝ නුඹේ තාලෙන්...

    කුරුල්ලෝ නුඹේ තාලෙන්... පියාඹන්න ආසයි...
    පියාපත් කොහේ කොතැනින්...
    කොයින්දෝ ගෙනෙන්නේ...

    නෙළුම් මල් නෙළාලා... ගෙලේ මං පළන්දා...
    කින්නරාවි රූපෙන්... පියාඹන්න එන්නම්...
    හීන් බණ්ඩි ගොයමේ... ගිරා නිල් රටාවේ...
    අපිත් යං කුරුල්ලෝ....

    ඉහල ගං දිහාවේ... ඇඹුල් පේර මාදං...
    පොකුරු බර වෙලා දැන්... බලන් ඉන්නවාලු...
    සින්දු ගීත වන්නම්... ඔහේ කිය කියා යං...

    ගායනය : මායා දමයන්ති
    සංගීතය : අර්නස්ට් සොයිසා
    ගී පද : අජන්තා රණසිංහ
    චිත්‍රපටය : අරලිය මල්

    "අරලිය මල්" චිත්‍රපටය වෙනුවෙන් ගැයෙන මේ ගීතය පහත සබැඳියෙන් රසවිඳින්න පුළුවන්.
    Code:
    https://www.youtube.com/watch?v=ixrwdExifZg

    මායා දමයන්ති මහත්මිය ම මේ ගීතය පද කිහිපයක් වෙනස් විදියටත් පසුව ගායනා කරලා තියනවා.
    ඒ ගී පද පහතින්...

    කුරුල්ලෝ නුඹේ තාලෙන්... පියාඹන්න ආසයි...
    පියාපත් කොහේ කොතැනින්...
    කොයින්දෝ ගෙනෙන්නේ...
    කියාපන් කුරුල්ලෝ...

    නෙළුම් මල් නෙළාලා... ගෙලේ මං පළන්දා...
    කින්නරාවි රූපෙන්... බලන් ඉන්නවා දැන්...
    හීන් බණ්ඩි ගොයමේ... ගිරා නිල් රටාවේ...

    ඉහල ගං දිහාවේ... ඇඹුල් පේර මාදං...
    පොකුරු බර වෙලා දැන්... බලන් ඉන්නවාලු...
    සින්දු ගීත වන්නම්... ඔහේ කිය කියා යං...

    මේ ගී පදවල "කියාපන් කුරුල්ලෝ..." යනුවෙන් නව පදයක් එකතු වී ඇති අයුරුත්,
    "පියාඹන්න එන්නම්..." පදය ඉවත් වී ඒ වෙනුවට "බලන් ඉන්නවා දැන්..." පදය එකතු වී ඇති අයුරුත්,
    "අපිත් යං කුරුල්ලෝ...." පදය අතහැර ඇති අයුරුත් දැකගන්න පුළුවන්...
    මේ දෙවනුව ඉදිරිපත් කළ ගී පද මායා දමයන්ති මහත්මියගේ දියණිය කුෂානි සඳරේඛා විසිනුත් ගායනා කරනවා.

    මට දැනෙන, වඩාත්ම රසවිඳිය හැකි ගීතය වෙන්නේ මුලින් ම ඉදිරිපත් කළ "අරලියා මල්" චිත්‍රපටය වෙනුවෙන් මායා දමයන්ති මහත්මිය විසින් ගැයෙන ගීතය...
    විශේෂයෙන් හිතට පීඩාවක් දැනෙන වෙලාවට මේ ගීතයට සවන් දුන්නම සහනශීලී හැඟීමක් දැනෙනවා...
    සියල්ලෙන් මිදුනු නිදහසක්... :)

    ඒ "නිදහස" හැඟීම වෙනුවෙන් සවන්දෙන ගීතයක් නිසා
    මේ ගීතය අර්ථය අතින් ගොඩක් ගැඹුරට දකින්න මගේ කැමැත්තක් නෑ.
    ඒත් පළමු කොටස මේ විදියටත් හිතන්න පුළුවන්...
    "කුරුල්ලා" නම් නිදහස් වූ තැනැත්තා...
    "පියාඹන්න ආසයි" හෙවත් මටත් නුඹ විඳින නිදහස විඳින්න අවැසියි...
    "පියාපත්" හෙවත් නිදහස ලැබීමේ මග... :)

    කුරුල්ලෝ නුඹේ තාලෙන්... නිදහස...

     
    Last edited:

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    21. ලක් හෑල්ල

    බරු ගගහා ඇදලා කාපියව්...
    කිරි පොවාපු බිබික්කං...
    කීතු කීතු කරලා අඹරපියව්...
    ගලේ දාල කුරක්කං...
    මළමිනියකට දැනෙන් නෑ...
    හුස්ම ගියේ හොයලම මිනිස්කම්...

    තොපි ගිනි තිබ්බට වැඩක් නෑ...
    ඒකි හැඳිගෑවිලා හුඟක් කල්...

    දැකලා නැද්ද පාට පාට...
    ඇස් තෙමෙන්නෙ එකම පාට... කඳුලින් පිරිලා...
    ඇහිලා නැද්ද පාට පාට...
    හිත් ගැහෙන්නේ එකම සද්දෙට අඬලා...
    දැනිල නැද්ද උඹලා ඔක්කොම...
    එකම අම්මාගේ කියලා...

    රිදුනේ නැද්ද කෑලි කෑලි... කෑලි වෙද්දි...
    ඒකිගේ පපුව පැලිලා...

    හිතේ ඉන්න අමනුස්සයා... මරලා...
    ප්‍රේමයෙන් සිදුර වහන්න...
    මළකුණු විකුණන් කන... මිනී මෝරුන්ට...
    එපා හුස්මක ඉඩ තියන්න...

    ගැස්මක් නැතුව හුස්මක් ගන්න දඟලන...
    දරුවන්ටත් ඇහෙන්න... සීරුවෙන් හිටගෙන...
    මහ හයියෙන් ජාතික ගීය කියන්න...
    සීරුවෙන් හිටගෙන මහ හයියෙන්...
    ජාතික ගීය කියන්න...

    පද රචනය : බේබදු කුමාර
    ගායනය : දිල්ශාන් උමයංග
    සංගීතය : දිල්ශාන් උමයංග

    මේ ගීතය අහන්න ලැබුනේ බොහොම මෑතකදී. මේ ත්‍රෙඩ් එක ආරම්භ කළාටත් පසුව.
    කිහිපවරක් ඇහුවම තේරුනා ප්‍රියතම ගීත ලැයිස්තුවට එක් විය යුතු ගීතයක් බව... :yes:

    පහත සබැඳියෙන් රසවිඳින්න පුළුවන්...
    Code:
    https://www.youtube.com/watch?v=U9xD8JNS0mg

    ගීතයේ පද රචක විදියට සඳහන් වෙන්නේ "බේබදු කුමාර"
    ඔහුගේ සැබෑ නම නොදන්නා නිසා මෙහි ඒ නමින්ම සඳහන් කළේ.
    "බේබදු කුමාර" facebook හි පළකල post සහිත thread කිහිපයක්ම එළකිරියෙත් තිබුනා.
    ඔහුගේ අදහස් වල වෙනස්ම ආකාරයේ නිර්මාණාත්මක බවක් දකින්න පුළුවන්...

    බරු ගගහා ඇදලා කාපියව්...
    කිරි පොවාපු බිබික්කං...
    කීතු කීතු කරලා අඹරපියව්...
    ගලේ දාල කුරක්කං...


    මේ කොටසින් අදහස් කරන්නේ අතීතයේ විශිෂ්ටයන්, බුද්ධිමතුන්, වීරයන් තැනූ හෙළ ආහාර රටාවේ විශිෂ්ටත්වය ද,
    නැත්නම් වෙනත් දෙයක් ද කියන එක මට පැහැදිලි නෑ. :eek:

    මළමිනියකට දැනෙන් නෑ...
    හුස්ම ගියේ හොයලම මිනිස්කම්...


    මළ මිනියකට මනුෂ්‍යත්වයේ අගය දැනෙන්නේ නෑ...
    මිනිස්කම් "මැරුණු" පිරිසක් මැද ජීවත් වෙමින්, මිනිස්කම් හොයලම මට දැන් හොඳ හැටි වෙහෙසයි... :dull:

    තොපි ගිනි තිබ්බට වැඩක් නෑ...
    ඒකි හැඳිගෑවිලා හුඟක් කල්...


    මෙතෙක් "උන්" කළ කී දෑ නිසා "ගිනි ගෙන" විනාශයට පත්වී ඇති මේ රට
    තවත් ගිනි තිබන්නට "තවත් උන්" උත්සාහ කරමින්...
    මේ මොහොතේ පටන්වත් ඒ "ගිනි තැබීම" නවතා දැමිය යුතු නොවේද...

    දැකලා නැද්ද පාට පාට...
    ඇස් තෙමෙන්නෙ එකම පාට... කඳුලින් පිරිලා...
    ඇහිලා නැද්ද පාට පාට...
    හිත් ගැහෙන්නේ එකම සද්දෙට අඬලා...
    දැනිල නැද්ද උඹලා ඔක්කොම...
    එකම අම්මාගේ කියලා...

    රිදුනේ නැද්ද කෑලි කෑලි... කෑලි වෙද්දි...
    ඒකිගේ පපුව පැලිලා...


    ශරීර වර්ණයෙන්, දේශපාලන පක්ෂයේ වර්ණයෙන්, විවිධාකාර අදහස් කරපින්නාගෙන
    පාට පාට හිත් දරන... බෙදී වෙන්වී සිටින...
    මේ හැමෝගෙම ඇස් තෙමෙන්නේ එකම පාට කඳුලින්...
    ඒ පාට පාට හැමෝගෙම හිත් ගැහෙන්නේ එකම සද්දෙන්...
    ඉතින් උඹලාට දැනිලා නැද්ද මිනිස්සු හැමෝම එකයි කියලා...
    ඒ ආකාරයෙන් මිනිසා බෙදා වෙන්කරන "පාට පාට" හෙවත් සීමාවන්, බෙදීම් සියල්ල නිර්මාණය වුනේ මිනිසාගේම හිතේ...
    ඒවා සැබෑවටම පවතින දේවල් නෙවෙයි... මිනිසාගේ අබෞද්ධ හෙවත් බුද්ධිමත් නොවන හිතේ ගොඩනැඟුනා වූ ප්‍රබන්ධයන්...
    උඹලා ඔක්කොම "එකම අම්මාගේ" හෙවත් එකම පද්ධතියක්... :yes:
    උඹලාට බෙදිලා වෙන්වෙන්න බෑ...
    එහෙම වෙනවා නම් උඹලා විසින්ම ගොඩනඟාගත් ප්‍රබන්ධයක් තුළ උඹලා පැවතෙන්නේ...
    ඒ මායාවක්... බොරුවක්... සත්‍ය නොදැක යන ගමනක්...

    මේ ලක් මව්ගේ පපුව පැලිලා කෑලි කෑලි වෙද්දී... බෙදිලා වෙන්වෙද්දී...
    රට වනසන උඹලාගේ හිත් වලට යන්තම්වත් දුකක් දැනුනේ නැද්ද... :(

    හිතේ ඉන්න අමනුස්සයා... මරලා...
    ප්‍රේමයෙන් සිදුර වහන්න...
    මළකුණු විකුණන් කන... මිනී මෝරුන්ට...
    එපා හුස්මක ඉඩ තියන්න...


    හිතේ ඉන්න අමනුස්සයා මරා දැමීම කළ නොහැක්කක් නොවේ...
    තිරිසන් සත්ත්වයෙකුගේ ඇසින් නොව මනුෂ්‍ය ඇසකින් ලෝකය දැකීමට හුරු වූ කළ,
    මනුෂ්‍ය මනසකින් ලෝකය ගැන සිතන්නට හුරු වූ කළ, ඒ අමනුස්සයා මරා දැමීම කළ නොහැකි නොවේ...
    වෛරය වපුරනා ඒ අමනුස්සයා හුස්ම ගන්නා මාර්ග වසා දැමීමට කළ යුත්තේ මෛත්‍රිය පැතිරවීමයි...

    මළකුණු හෙවත් හරයකින් තොර දේ ලොවට බෙදා හරිනා,
    ඒ තුළින් බුද්ධියෙන් තොර මිනිසුන් පිරිසක් ගොඩනැංවීමට වෙර දරනා,
    ඒ හරහා තම පැවැත්ම තහවුරු කරගන්නා,
    ඒ "මිනී මෝරුන්" බඳු දූෂිත සිතිවිලි දරන මිනිසුන්ගේ
    ඒ දූෂිත සිතිවිලි වල පැවැත්මට තවදුරටත් හුස්ම ගැනීමට ඉඩ දිය යුතු නොවේ... :)

    ගැස්මක් නැතුව හුස්මක් ගන්න දඟලන...
    දරුවන්ටත් ඇහෙන්න... සීරුවෙන් හිටගෙන...
    මහ හයියෙන් ජාතික ගීය කියන්න...
    සීරුවෙන් හිටගෙන මහ හයියෙන්...
    ජාතික ගීය කියන්න...


    ජාතික ගීය යනු "රටක නිදහස" ගීයකින් දැක්වීමයි...
    ලෝකයටම ඇසෙන්න... සියල්ලන්ටම ඇසෙන්න... මව් කුස තුළ සිටිනා දරුවන්ට පවා ඇසෙන්න...
    නිසි ගෞරවය දක්වමින්... සීරුවෙන් හිටගෙන...
    ඒ නිදහසේ ගීතය ගායනා කරන්න...! :)
     
    Last edited:
    • Like
    Reactions: JohnnySS

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ......
    ඒවගේම ඇතැම් ගීතවල පද කිහිපයකට පමණයි මගේ මනස කැමැති වෙන්නේ...
    එවැනි ගී පද කොටස් පිළිබඳවත් ප්‍රියතම ලැයිස්තුව අවසානයේ පළ කෙරේවි...! :)

    ඒ අනුව ගී පද කොටස් කිහිපයක් මෙතැන් පටන් ලියවේවි...! :)