විශේෂයෙන්ම තරුණ අම්මලා වෙතටයි..

lilman

Well-known member
  • May 10, 2009
    41,012
    54,650
    113
    Colombo
    විශේෂයෙන්ම තරුණ අම්මලා වෙතටයි..

    විශේෂයෙන්ම තරුණ අම්මලා වෙතටයි..


    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:


    22815143_878606455631097_1655004866590243684_n.jpg





    ඇය මට නිතර හමුවන කාන්තාවක්. වැඩි වයසක් නැහැ. අවුරුදු 28ක් හෝ 29ක් පමණ වෙනවා. ලස්සන හුරතල් දූ සිඟිත්තියක් ඉන්නවා. ඇගේ සැමියා රැකියාවක නියුතු නිසාත් ඔවුන්ට මුදල් අගහිඟකම් නොමැති බවක් පෙනෙන නිසාත් වෙන්නැති ඇය රැකියාවකට යන්නෙත් නැහැ..
    ඉතින් ඔවුන් දකින හැම අවස්තාවකම වගේ මට පෙනුනා අර දූ සිඟිත්තියගේ කටේ සූප්පුවක් තියෙනවා.. මම හවස ගෙදර යනකොට එහෙම එයා එයාගේ අම්ම එක්ක බැල්කනි එකේ ඉඳන් ඉන්නවා. අම්ම ෆෝන් එකේ.. පුරුද්දක් විදියට මම හැමදාම එයාට අත වනාගෙන යනවා. මාව දක්කම මට පේනවා චුටි දෝනිගේ ඇස් හිනාවෙනවා. උඩ පැනලා අත් දෙකම වනනවා.. එත් මම ඒ පුංචි මුවේ හිනාවක් කවදාවත් දැකල තිබුනේ නෑ.. අපේ ගෙදර දානයක් තිබුන දවසක එයාලත් ආව.. එතකොටත් ඒ පොඩි දරුවගෙ කටේ සූප්පුව.. ඉතින් මට අවස්ථාවක් ලැබුනා ඒ කාන්තාවගෙන් මේ ගැන අහන්න..
    “අක්කා ඇයි මේ දුවගේ කටේ හැමවෙලේම සූප්පුවක්..?”
    “අපෝ නැත්නම් බෑ නංගි.. මෙයාගේ වැඩේම කියවන එක.. අහන ප්‍රශ්න වලට උත්තර දීල මට එපා වෙනවා...” ඇය සිනාසෙමින් බොහොම සැහැල්ලුවෙන් කිව්වා..
    කතාවෙන් කතාවෙන් ඇය මට හරිම ආඩම්බරෙන් විස්තර ගොඩක් කිව්වා.. ඇය දරුවාට මව්කිරි දීලවත් නෑ..
    “මෙයාට ඔක්කොම දුන්න පිටි ජාති U K වලින් ගෙන්නපුවා.. husbandගෙ අයිය එහෙනෙ.. හම්බ වෙලා මාසෙන් විතර මම gym ගියා නංගි.. නැත්නම් ඇඟවල් maintain කරන්න බෑ..”
    ඇය කියපු විදියට දරුවට පිටිකිරි දීල තියෙන්නෙ ඇගේ සිරුරේ හැඩය ආරක්ෂා කරගන්න.
    මට පුදුම හිතුනා..
    ඒත් එක්කම මට තව දෙයක් මතක් වුනා.. ඉස්සර මම නැවතිලා හිටියා බෝඩිමක.. අපි ගැහැණු ළමයි 5ක් හිටියා.. බෝඩිම අයිති අය ඉඳියේ පහළ.. අපි ඉඳියේ උඩ.. ඒ ගෙදර අක්කටත් වැඩි වයසක් නෑ.. පොඩි පුතෙක් ඉඳියා. දරුවට අවුරුදු තුනයි.. අපි දැකල තියෙනවා ඒ අක්කා පුතාව පුටුවක තියලා belt එකකින් ලොක් කරලා ටී වී එක දාලා බත් කවනවා. පොඩි එකා හිරකාරයෙක් වගේ.. එක බත් කටක් කන්න කට අරින්නෙ නෑ..මහ හයියෙන් අඬනවා.. ඉතින් අර ගැහැණු කෙනා දරුවට ගහනවා කන්නෙ නෑ කියලා.. දවසක් ඒ චූටි පුතා වැටි වැටි උඩට එනවා පඩිපෙළ නැගගෙන.. මායි මගෙ යාළුවයි එතකොට දවල් කෑම කනවා.. දරුවා අපේ කෑම දිහා බලනවා..කට හොල්ලනවා.. මම බත් කටක් හොඳට පොඩි කරලා පොඩ්ඩගෙ ළං කලා.. අප්පේ... ඒ චූටි කට පුළුවන් උපරිමේට ඇරලා බත් කට කෑවා..
    දරුවගෙ අම්ම හරි අමුතුයි..ටිකක් ඔලුව ඉදිමිල..ඉතින් අම්මා දැක්කොත් මොනව කියයිද දන්නෙ නෑ කියල මගෙ යාළුව කියද්දිත් මම එයාට බත් කැව්වා, අපේ අම්මා අපි පොඩි කාලෙ කියල දීපු කතාවක් කියන ගමන්ම.....
    පොඩ්ඩා උඩ පැන පැන දඟල දඟල බත් පිඟානෙන් බාගයකට වැඩිය කෑවා..වෙනදට ටීවි එකටයි පුටුවටයි හිරවෙන දරුවා පුදුම නිදහසකින් කෑම ටික කෑව කියල දැනෙනකොට හරිම සතුටක් හිතට දැනුනා.. ඉන් පස්සෙ නිතර ඒ දරුවා උඩට එනවා.. අපි හැමෝම එයාට කවන්න පුරුදු වුනා.. ඒ වගෙම ඒ දරුවා හරියට කතා කලෙත් නෑ.. "අම්මා" විතරයි කිව්වෙ.. මුලින්ම සින්දුවක් කියන්න පුරුදු කලෙත් අපි.. දවසක් ඒ කාන්තාව තමන්ගෙ සැමියත් එක්ක කියනවා මේ බලන්නකො අනේ බබා රේන් රේන් ගෝ අවේ කියනවනෙ, අද දවසෙම ඒක කියනවා කියලා.. අපිටත් ඇහුනා.. පොඩ්ඩා ඒ වචන ටික මහා හයියෙන් කිය කියා ගේ පුරා දුවනවා..
    මේ වගේ සිදුවීම් නිතර දෙවේලේ දකිද්දි ඇත්තටම මට මගේ අම්ම ගැන ඇති වෙන්නෙ පුදුමාකාර ආදරයක්..
    අපේ අම්මල අපි වෙනුවෙන් කොයිතරම් මහන්සි වුනාද.. අදටත් අපි එකම දේ කියවද්දී අහද්දී ඒ හැමදේටම ඇහුම්කන් දෙනවා පිළිතුරු දෙනවා. ඉස්සර බත් කවනකොට කියාදුන් කතා අදටත් මගෙ මතකයේ තියෙනවා.. ඒ දවස් වල මම ඉස්කෝලේ යන්න ගෙදරින් ගියේ පාන්දර 5.15 ට. අම්මා පාන්දර නැගිටලා උයලා කවලා පොවලා හැමදේම කළා. අදටත් තාම බත් කවනවා.. ඒ ආදරේ හරි පුදුමයි.. ඉස්කෝලෙ ඇරිලා මම ගෙදර එනකොට හවස 4.30 විතර වෙනවා.. අම්මා අපි එනකම් මග බලාගෙන ඉන්නවා.. මං පුංචි කාලේ, මට මතකයි එතකොට මල්ලි හම්බ වෙන්න ඉන්නවා.. නංගිලා දෙන්නට අවුරුදු 5යි 6යි.. school van එක නවතන්නේ අපේ ගේ පේන කිට්ටුවෙන්. van එකෙන් බැහැල මම එනවා ගෙදරට පේනවා වුනත් අම්මා ලොකු බඩකුත් උස්සගෙන එක්කෙන්ක්ව අතින් අල්ලාගෙන අනික් එක්කෙනාව වඩාගෙන මම එන ඉස්සරහට එනවා මාව ගන්න.. කිසිම දවසක අපි කාගේවත් කටක සූප්පුවක් ගහල නෑ..අපි කොච්චර කිරි බීල ඇත්ද අම්මගෙන්..අපේ හැමදේම කලේ අම්මා...
    අම්මෙක්ගේ ආදරේ එහෙමයි..
    දරුවෙක් හැදුවා කියන්න විතරක් දරුවෝ හදලා වැඩක් නෑ. ඔබේ දරුවන් අතට ටැබ් එකයි ෆෝන් ඒකයි දීල දරුවාව පුටුවක තියලා ගැටගහලා කෑම ටික කවන්න එපා..
    දරුවෙක්ගෙ මනස නිසියාකාරව වැඩෙන්න නම් යහපත් පුරවැසියෙක් නිර්මානය කරන්න නම් මුළින්ම ඔබේ දරුවට නිදහසේ සුවය විඳින්න දෙන්න..
    අහල නැද්ද කතාවක් අලියන්ට ළමයින්ටයි දගලන්ටමයි හිත කියලා..
    දරුවා සමාජානුයෝජනය වීමේ මුල්ම පියවර සිදුවෙන්නෙ නිවසින්..ඒකෙත් වැඩිම දායකත්වයක් සැපයිය යුත්තෙ මව.. පියා එහෙම නොවිය යුතුයි කියා කියනව නෙමෙයි.. නමුත් මව්කිරි දීමත් එක්ක දරුවත් මවත් අතර ඇතිවන සම්බන්ධතාවය හරි වැදගත්.. මව්කිරි දෙන වෙලාවටවත් අම්මලා ෆෝන් ඔබන්නෙයි ටීවී ගිලින්නෙයි නැතුව දරුවා ගැන අවධානයෙන් ආදරයෙන් හැඟීමෙන් ඒ දේ කරන්න..
    කුඩා කාලයේදී දරුවගෙ කට වහලා ගැට ගහලා පීඩනයට පත් කරන්න එපා.. දරුවා කරන හැම දේටම එපා කියන්නයි ඒ දේවල් නවතන්නයි ගියොත් ඔබ නැතිකරලා දාන්නෙ දරුවගෙ නිර්මාණශීලීත්වය කියල මතක තියාගන්න..
    දරුවෙක්ට කියවන්න දෙන්න..දඟලන්න දෙන්න.. උඩ නගින්න වැලි අතගාන්න මඩේ නටන්න අවේලාවෙ නාන්න ඕනි කෑමක් කන්න බොන්න ඒ හැම දේටම පුරුදු කරන්න.. ඔබේ දරුවා කිසිම දේකට ඔරොත්තු නොදෙන රෝගී තත්වයකට පත් වෙන්න පාර ඔබම කපන්න එපා..
    අම්මා කෙනෙක් දරුවන් නිසා බොහෝ දුක් උහුලන බව අප කවුරුත් දන්නා දෙයක්. එහෙත් අද කාලයේ අම්මාවරු දරුවන් නිසා දුක් විඳිනවාට වඩා අම්මලා නිසා දරුවන් පීඩාවට පත් වනවා මම දැකල තියෙනවා.
    දරුවන් නොමැති දෙමව්පියන් කාගේ හෝ දරුවෙක් රැගෙන හදා වඩා ගන්නවා.. තමන්ගේ නොවන නමුත් ඔවුන් ඒ දරුවාට දක්වන ආදරය,දයාව,කරුණාව අසීමිත යි. එහෙත් තමන්ගේ කුස තුල තමන්ගේ ලෙයින් හැදී වැඩුන දරුවන් ගැන ඇතැම් දෙමව්පියන් දක්වන්නේ අකාරුණික ක්‍රියා පටිපාටියක්.
    දරුවන්ට වරදට දඬුවමද දිය යුතු යි. එහෙත් එය කෲරත්වයෙන් තොර විය යුතු යි. ඔහූ හොඳ නරක ඉගෙනගන්නේ යහපත අයහපත පිළිබඳ හැඟීම් ඇති කරගන්නේ තම දෙමව්පියන්ගේ චර්යා රටාවන් දෙස බලමින්. දරුවාට හය හතර නොතේරෙන වයසේ සිට පහර දෙමින් පරුෂ වචනයෙන් බනින දෙමව්පියන් බහ තෝරන අවධියේ දරුවාගේ මුවින් පිට වන නොමනා වචනයකට හෝ ඔහු විසින් සිදු කරනු ලබන හිතුවක්කාර ක්‍රියාවකට දැඩි දඬුවම් පමුණුවන්නට කිසිසේත් ම පැකිළෙන්නේ නැහැ.
    කුඩා කාලයේ පටන් ම දරුවාට නපුරුකම් පුරුදු කරන්නට මූලික වූයේ තමන් ම යැයි කිසි විටෙක ඔවුන් පිළිගන්නේ නැහැ. පිටස්තර පුද්ගලයින් ඉදිරියේ දරුවන්ට පරුෂ වචනයෙන් බැන වැදීම හෝ ක්‍රෝධයෙන් යුතුව පහර දීම කරන්න එපා. එයින් වන්නේ ඔවුන් හිතුවක්කාර වීමත් දෙමව්පියන් ගැන අමනාපයක් හිත් තුළ ඇති කර ගැනීමත් විතරයි.
    මම මේ දේවල් කිවිවේ ඔබෙන් යම් ඉල්ලීමක් කිරීමට යි. ඔබ දැනටමත් මවක් හෝ පියෙක් විය හැකියි. එහෙම නැත්නම් මව්පියන් වන්නට බලාපොරොත්තුවෙන් සිටිනවා විය හැකියි.
    ඉතින් ඔබේ දරුවන්ට ආදරණීය මව්පියන් වන්න.
    එයින් යහපත් සමාජයක් බිහි කරන්නට ඔබගෙන් අඩිතාලමක් වැටේවි..

    __________________________________________
    * දරුවන්ට දක්වන ආදරය,සෙනෙහස,දයාව,කරුණාව ඔවුන්ට පමුණුවන දැඩි දඬුවම් වලට වඩා බලවත් ය *


    :love::love::love::love::love::love::love::love:


    Source : FB
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    තරුන අම්මල මෙකෙ නෑ...
    ටිටි කියල නාකි ගෑනියෙක් නම් ඉන්නව..
    එකි කසාද බැදල නෑ...
    බල්ලො දුසිමක් විතර හදනව...
     
    • Like
    Reactions: Rummy678 and lilman

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    තරුන අම්මල මෙකෙ නෑ...
    ටිටි කියල නාකි ගෑනියෙක් නම් ඉන්නව..
    එකි කසාද බැදල නෑ...
    බල්ලො දුසිමක් විතර හදනව...

    kawruwath titiwa ammek karanna ba kiwwada ban :( paw asaranee
     

    Saradiyal Putha

    Active member
  • Jan 29, 2017
    212
    117
    43
    තරුන අම්මල මෙකෙ නෑ...
    ටිටි කියල නාකි ගෑනියෙක් නම් ඉන්නව..
    එකි කසාද බැදල නෑ...
    බල්ලො දුසිමක් විතර හදනව...

    නෑ නෑ මිත්‍රයා............
    මේ කතාව තරුණ අම්මලාට නෙවේ......
    ගැනු කවදාවත් වැරදි කරනවා කියල පිළිගන්නැ.....
    මේ කතාව තාත්තලා තේරුම් ගන්න ඕන......
    :):)
     

    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    Yakow ape geni mamai podi ekakta kawanna widina duka matak wenawa.eth eka mara asawen karanne bn api dennama.aththatama ammalata watinawa bro meka
     
    • Like
    Reactions: lilman