විශේෂ බළකාවෙන් යුධ බිමට සමුදුන් යතිරුවන

sanjaya22

Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    ================================================================================
    මේ හාමුදුරුවන්ගේ බණ මම පෞද්ගලිකව අහනවා. දේශපාලනය නෑ. උන්වහන්සේ අභිධර්ම විශාරද කෙනෙක්.
    පුද්ගල විවේචන නෑ.ධර්ම කරුණු පැහැදිලිව කියල දෙනවා.

    එළකිරිවාසි හුදී තරුණ ජනීජනයාගේ දැනුම හා දියුණුව පිණිස පළකරමි 🥰

    ================================================================================
    🙏🙏🙏පින්වත් කිරුලපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ 🙏🙏🙏

    126511918_2889163568037472_297633189517101267_n.jpg


    නිවනට මග සෘජුවම කියපු අපේ කාලයේ යතිරුවන..

    පූජනීය කිරුළපන ධම්මවිජය හිමියන් යනු වර්ථමාන කාලයේ ශ්‍රී ලංකාදීපයට පහළ වූ මැණිකක් ය. එසේ කීමත් උන්වහන්සේට කරන මදිකමකි. සැබවින්ම මනා වූ අභිධර්ම ඥාණයකුත් අවබෝධ කර ගත් දේ අනිත් අයටත් වැටහෙන ලෙස දේශණා කළ හැකි සුමධුර දේශණා කෞශල්‍යකිනුත් යුත් චරිතාදර්ශී තරුණ භික්ෂුන් වහන්සේ නමකි.

    සිල් ගුණවත් සඟ පරපුරක ශෝභමාන පුරුකක් වන ගරු ස්වාමීන් වහන්සේ ගැන කරුණු සොයා බලන විට උන්වහන්සේ අපට පෙනෙන තරම් පොඩි අයෙක් නොවන බව දැක පුදුමයෙන් පුදුමයට පත් වුණෙමු. එනිසාම උන්වහන්සේ ගැන මා දන්නා පමණින් වචන කිහිපයක් සටහන් කරන්නට සිතුනෙමි.

    ස්වාමීන් වහන්සේ ඉප දී ඇත්තේ කිරුළපන දී ය. එනම් කොළඹ 06යේ දී ය. නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයෙන් ගිහි කළ අධ්‍යාපනය හදාරා ඇති ගරු ස්වාමීන් වහන්සේ ශිෂ්‍යභට කණ්ඩායම් ආදී සක්‍රීය ක්‍රීඩාවන් වල යෙදී සිටි දක්ෂ සිසුවෙක් බව දැන ගන්නට ලැබුණි. වයස අවු: 18 වන විටම ශ්‍රී ලංකා යුධ හමුදාවේ විශේෂ රෙජිමේන්තුවක විශේෂ සෙ⁣බලෙක් ලෙස වසර තුනකට අධික කාලයක් රාජකාරී සිදු කර ඇත.

    ඒ මූලික පාඨමාලාවන් වල දී පවා සෙසු සියලු ආධුණික සෙබලුන් අභිබවා "සෑම අතින්ම අතිශූර සෙබලා, දක්ෂතම වෙඩික්කරු වැනි" සෙබලෙක් විසින් ලැබිය යුතු විශේෂම සම්මාන වලින් පිදුම් ලැබුවෙකි. කොළඹ හැදී වැඩී එවැනි දස්කම් යුධ හමුදාවේ ද පෑම ඉතාම පුදුම සහගත කරුණකි.

    යුධ හමුදා රාජකාරී කාලය ගැන සඳහනක් සොයා ගන්නට නො හැකි වූ වත් වරක් උන්වහන්සේගේ මිතුරෙක් ලියා තිබූ කමෙන්ටුවකට අනුව ගිහිකළ දක්ෂ ගිටාර්, බටනලා අාදී වාදකයෙක් බව රාජකාරී කාල සීමාව තුල සිටි දක්ෂතම සෙබෙලෙක් බවත් දැනගැනීමට ලැබුණි.

    උන්වහන්සේගේ දින පොතක තිබී හමුවුණු වැකියක "පුහුණුවේ දී හෙළණ දහදිය, යුධ බිමේදී රකියි රුධිරය" යනුවෙන් ද වැදූ අම්මටත් හැදූ තාත්තටත් ණය නැති විරුවෙක් බවට පත් වුණෙමි යන්නද සටහන් කර තිබූ බව මිතුරෙක් මාර්ගයෙන් දැන ගතිමි.

    පරිගණක තාක්ෂණය පිළිබඳ විදේශගත සම්මාන පවා හිමි ස්වාමීන් වහන්සේ ඒ විෂයන් පිළිබඳව දක්ෂයෙකි. අදත් උන්වහන්සේ ඇසුරු කරන විට ඒ දැනුම ශාසණය සඳහා ප්‍රයෝජනයට ගන්නා හැටි මනාව දක්නට ලැබෙයි.

    පැවිද්දට පත් ව ඇත්තෙ 2015 වසරේ දී ය. එවිට උන්වහන්සේ අවුරුදු 22ක් වන යොවුන් වියේ තරුණයෙකි. පුදුමයට කරුණ නම් පැවිදී වී මාස හතරක් වැනි කෙටි කළක් තුළ රාමඤ්ඤ මහා නිකායෙන් පිරිනමන "අභිධර්මාචාර්ය" විභාගය උන්වහන්සේ විශිෂ්ඨ ලෙස සමත් වන්නේ ලංකාදීපයේම පළමුවැනි ස්ථානයත් ලබා ගනිමින් ය.

    2016 වසරේ දී විනයාචාර්ය උපාධියත්, 2017 වසරේ සද්ධර්මාචාර්ය උපාධියත් පෙර ලෙසම ප්‍රථමස්ථාන සනිටුහන් කරමින් විශිෂ්ඨ ලෙස සමත් වන උන්වහන්සේ 2017 වසර අවසන් වන විට ත්‍රිපිටකය පිළිබඳවම වූ ආචාර්ය උපාධියන් සම්පූර්ණ කිරීම නිසා ත්‍රිපිටකාචාර්ය යන උපාධියෙන් පිදුම් ලබා ඇත.

    2018 වසරේ අභිධර්ම විශාරද උපාධියද ලබමින් ඒ වන විටත් පාලි, හින්දි, ඉංග්‍රීසි, සිංහල හා සංස්කෘත භාෂා පිළිබඳවද මනා වූ අවබෝධයක් ඇති කරගෙන ඇත.

    පසුව 2017 වර්ෂයේ මැද භාගයේදී පමණ සිට 2018 මුල් භාගය වන තුරුම උන්වහන්සේ වැඩ වාසය කළ තැනක් පිළිබඳ කරුණු සොයාගන්නට නැත.. මහව ඉහළගම ගල්ලෑව වෙහෙරින් පැවිද්දට පත්ව, කුරුණෑගල දොඩම්තලාව ධම්මගිරි අරණ්‍ය සේනාසනය තුල මුල් කාල වකවානුව තුළ හික් මී පසුව උන්වහන්සේ එළියට එන්නේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පුල්මුඩේ පැත්⁣තෙහි ඇති ඝණ වනයකිනි.

    නිසැකවම තමන් අධ්‍යනය කළ ධර්ම කරුණු පිරිසිඳ දැකීමේ අභිලාශයකින් උන්වහන්සේ වනගත වූ වා යැයි සිතමි. මිහිදු ලෙන නම් වූ ගල් ගුහාවක මිනිස් වාසයෙන් බොහෝ දුරව දුෂ්කර නමුත් සුන්දර පිළිවෙතක් එහි තිබූ බව මෑත කාලීනව උන්වහන්සේගේ වැඩසටහනක දී අපට අසන්නට ලැබුණි. යුධ හමුදාවෙන් ලබාදුන් බත් පාර්සලයකින් දිනය ගෙවා දමන ඒ සුන්දර කාලය ගැන අදත් උන්වහන්සේ වචන නොකළත් සිතින් ඒ බව ස්පර්ශ කරන බව අපි දැක ඇත.

    කොටි වලසුන් ගහණ වනය උන්වහන්සේ අතහැර දැමුවෙ එකළ පුල්මුඩය දිස්ත්‍රික්කයේ ඇති වූ අන්තවාදී මුස්ලීම් ආක්‍රමණ නිසා ය. ඒවාට එකල හැප්පුණු උන්වහන්සේගේ ලොකු ස්වාමීන් වහන්සේ වන අරිසිමලේ ලොකුහාමුදුරුවන්ට උපකාර පිණිස උන්වහන්සේ වනයෙන් නික්මුණි.

    වනයෙන් නික්මී තමන්ගේ දැනුම භාවිත කරමින් ඒ අවස්ථාවේ එම ප්‍රදේශ බේරා ගන්නට කැප වන විට උන්වහන්සේ දුටු තවත් විශාල ප්‍රශ්ණයක් වන්නේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පවතින් ස්වල්පයක් වූ සිංහල ගම්මාන වේගයෙන් මූලධර්මවාදී අන්‍යාගමිකයන් විසින් බිලි බා ගන්නා බව ය.

    ලොකු ස්වාමීන් වහන්සේලාගෙන් අවසර ගෙන උන්වහන්සේ අවසානයේ එම අන්‍යාගමීකරණය කිරීම නතර කරනු පිණිස අහින්සක මිනිසුන් ධර්මයෙන් පෝෂණය කරමින් එම ගම්මානයකට වැඩම කරන ලදී. දැන් උන්වහන්සේ වැඩ සිටින්නේ එවැනි ගම්මානයක ය. ඒ මායිම් ගම්මාන වල කෙලවරම ගම්මානයක් වන නැගෙනහිර මෙන් ම උතුරු සීමාවේ ඇති පදවි ශ්‍රී පුර ලස්සනගම නම් ගම්මානයේ ය.

    එපමණකින් සීමා නොවුණු උන්වහන්සේ අද රටෙහි බහුතරයක් බෞද්ධයන්ගේ ගෞරවයට පාත්‍රවන දක්ෂ ධර්ම කථික භික්ෂුවකි. දේශයේ පමණක් නොව, විදේශයන් වල ද එක ලෙස කීර්තී නාමයක් පතුරවන තරුණ යතිවරයෙකි.. 1993 වසරේ උපත ලබා ඇති උන්වහන්සේ තාමත් වයස අවු: 26ක තරුණ භික්ෂුන් වහන්සේ නමකි.

    වර්ථමානය වන විට සිංහල බෞද්ධයන් වෙනුවෙන් නිර්භීතව ව්‍යක්තව හඬ නගන උන්වහන්සේ අපේ කාලයේ සෝම හිමියන් වැනි ය. විකෘති මත ධාරීන්ව ප්‍රසිද්ධ නාලිකා වල දේශණා තුළ පටිභාහනය කරන දක්ෂ ධර්ම කථිකයෙකි. රැකගැනීම අප කා සතුවත් ඇති වගකීමකි.

    උන්වහන්සේගේ ධර්ම දේශනා : https://www.youtube.com/channel/UCxl8cpZDnZQGX_ywtQzFO_A/videos

    උපුටාගැනීමකි .
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පවතින් ස්වල්පයක් වූ සිංහල ගම්මාන වේගයෙන් මූලධර්මවාදී අන්‍යාගමිකයන් විසින් බිලි බා ගන්නා බව ය.....

    .. This was discussed recently from Kiriyans....
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පවතින් ස්වල්පයක් වූ සිංහල ගම්මාන වේගයෙන් මූලධර්මවාදී අන්‍යාගමිකයන් විසින් බිලි බා ගන්නා බව ය.....

    .. This was discussed recently from Kiriyans....
    මගේ අරමුණ වුණේ නම් ඒක මතුකිරීම නෙමේ.මේ හාමුදුරුවෝ අන්‍යාගමිකකරණය, දේශපාලනය වගේ දේවල් ජනප්‍රිය මාතෘකා අතහැරලා ප්‍රයෝගික ජීවිතය විතරක් බුද්ධ දේශනාව ඇසුරෙන් විග්‍රහ කරනවා.

    හමුදාවෙ හිටියෙ 2012-2015 වගේ වෙන්න ඕනා
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    කොටි වලසුන් ගහණ වනය උන්වහන්සේ අතහැර දැමුවෙ එකළ පුල්මුඩය දිස්ත්‍රික්කයේ ඇති වූ අන්තවාදී මුස්ලීම් ආක්‍රමණ නිසා ය. - allahge ammata bageta pissu kiyanne nikamda?
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    2015 දි 22 නම්
    යුධ බිමේ ඉදලා නෑනෙ
    කෙටි කාලෙකින් ඔහොම අයින් වෙද්දි ආමි එකට ගෙවන්න ඕන නැද්ද ට්රෙනින් එකට වියදම් කරපූවට
    කෝම උනත් මේ හාමුදුරුවො හාමුදුරුනමක් විදියට හැසිරෙන කෙනෙක්