විෂබිජ...

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,698
    7,892
    113
    මෙන්න මෙතන...
    ඔබේ වැසිකිලිය අපිරිසිදුයි කියා ඔබ හිතනවාද ?

    අපි හිතන්නේ මේ ලෝකයේ තියෙන අපිරිසිදුම ස්ථානය වැසිකිළිය කියලානේ එත් ඔයාලා දන්නවාද වැසිකිළියට වඩා බැක්ටිරියා විෂබිජ වලින් පිරිලා තියෙන අපිරිසිදු දේවල් අපි ඔන තරම් එදිනදා ජිවිතයෙදි භාවිතා කරනවා. ඒ මොනවාද කියලා ලිපිය කියවලාම බලන්න ඔබ විශ්වාස කරන එකකුත් නෑ අපි මෙච්චර බැක්ටිීරියා අතපත ගානවා කියලා.

    1) ඔබේ ජංගම දුරකතනය හා ටැබ්

    ඔබ කවද්ද අන්තිමට ඔබේ ජංගම දුරකථනය පිරිසිදු කරේ කවදාවත්ම නෑ නේද සාමාන්‍ය වැසිකිළියක අඩංගු විෂබිජ ප්‍රමාණයට වඩා 10 ගුණයක් විෂබිජ ජංගම දුරකථනය මත තිබෙනවා. Staphylococcus වගේ දරුණු ගනයේ විෂබිජත් ඒ අතරේ වෙනවා. ටැබ් වල ජංගම දුරකථනවලට ඉන්නවාට වඩා 3 ගුණයක් බැක්ටිරියා ඉන්නවා.

    Blackberry_2204094c.jpg


    2) ඔබේ පරිගණකයේ යතුරු පුවරුව Computer Key board

    ලන්ඩන් නුවර කරපු සමික්ෂනයකින් හොයා ගෙන තිියෙනවා එම නගරයේ කාර්යාල වල තියෙන Computer Key boards සාමාන්‍ය වැසිකිළියක් මෙන් පස් ගුණයකින් අපිරිසිදුයි කියලා දවස තිස්ෙසම විවිධ පුද්ගලයන්ගෙ ස්පර්ෂ කිරිම්වලට ලක්වන නිසාත් Keyboard වල විෂබිජ වර්ග අල්ලාගෙන සිටිම සදහා අවශ්‍ය උණූසුම සහා පුංචි විවිර තියෙන නිසාත් තමයි මෙහෙම පරිගණක යතුරු පුවරු අපිරිසිදු වෙලා තියෙන්නේ.

    a151ab2cc11f4fbede486244ac90832b.jpg


    3) තෙත තුවා.

    අහිත කර බැක්ටිරියා වර්ධනය වෙන්න අවශ්‍ය කරන දේවල් තුනක් තියෙනවා. ඒවා තමයි මාධ්‍යක් - උණූසුම - තෙතමනය මේ තුනම එකවරක් මුහුණ පිය දාලා තෙත්ගතිය තියෙන තුවා වල තියෙනවා. ඒ නිසා කරන්න තියෙන්නේ නිතරම මුහුණ පිහිදාලා තුවාය ගුලිවෙන්න දාලා තියන්නේ නැතුව හොදට හුලන් වැදිලා ඉක්මනට වෙලෙන විදිහකට දාන එක. දවස ගානේ තුවාය මාරු කරන්න පුලුවන්නම් ගොඩාක් හොදයි.

    images


    4) ඔබේ දත් බුරුසුව Your tooth brush

    නිව්යොර්ක් නුවර කරන ලද සමික්ෂණයකින් හෙළිවෙලා තියෙනවා සාමාන්‍යයෙන් toilat එකක් flush කරාට පස්සේ වේගයෙන් එන ජල පහරෙන් නිර්මාණය වෙන කුඩා ජල බිදිති මිටර් 6ක් පමණ දුරක‍ට විසි වෙනවා කියලා ඉතින් අනිවාර්යෙන් ඔබේ දත් බුරුසුව තියෙන්න ඔනා ඔය සිමාවේ එහා ඒ වගේම ඔබ භාවිතා කරන තවත් වැදගත් දේත් මේ සිමාවේ තියෙන්න පුලුවන්. දත් බුරුසුවල තියෙන කෙදි සහගත බව නිසා විෂබිජ රැදෙන්න තියෙන ඉඩ කඩ වැඩියි අනිත් එවාට වඩා මේ දෙයින් ඔබේ දත් බුරුසුව බේරා ගන්න නම් එක ටිකක් ආවර්ණය කරපු තැනක තියන්න.

    images


    5) කුස්සියේ තියෙන මේස පිහිදාන රෙදි කැල්ල.

    ඇමරිකාවේ පරියේෂක කණ්ඩායමක් සිදුකරන ලද සමික්ෂණයකින් හොයා ගත්තා සාමාන්‍යයෙන් කුස්සිවල පාවිච්චි කරන රෙදි කැලි හා sponge 10% පමණ salmonella වැනි භායානක බැක්ටිරියා වර්ග ජිවත් වෙනවා කියලා හරියටම කිව්වොත් මේ දෙවල් සාමාන්‍යය වැසිකිළියක් මෙන් 400 ගුණයක් අපිරිසිදුයි.

    images


    6) මුදල් නොට්ටු.

    මුදල් නොට්ටු කියන්නේ ඉතාමත් අපිරිසිදුයි එත් අපිට එදිනදා ජිවිතයේ කටයුතු සදහා නැතුවම බැරි දෙයක් සාමාන්‍යයෙන් මුදල් නොට්ටුවක විෂබිජ බැක්ටිරියා 20000ක් පමණ අඩංගු වෙනවා.

    ss-money-counting.jpg


    7) ATM Machines

    සාමාන්‍යයෙන් ATM Machines වල එක බටන් එකක අහිතකර විෂබිජ වර්ග 1200ක් පමණ ජිවත් වෙනවා. ඔබ ඔබන අංක ගාන අනුව ඔබේ ඇගට එන්න පුලුවන් බැක්ටිරියා ප්‍රමාණය ගණන් හදලා බලන්නකෝ.

    images


    8) Steering Wheel එක

    මේකත් බැක්ටිරියා බිෂබිජ නිදහසේ වර්ධනය වෙන්න හොදම ස්ථානයක්. නිතර නිතර ස්පර්ශ වෙන නිසාත් නිතරම විවිධ ස්ථාන වලට ගමන් කරන නිසාත් සාමාන්‍ය වැසිකිළියකට වඩා 5 ගුණයක් අපිරිසිදුයි.

    steering_wheel_hands.jpg


    9) කෙල්ලොන්ගේ hand bags

    මේක ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඔනා නෑනේ ඔය කෙල්ලෝ පට්ට ලස්සන hand bags ගෙනවාට ඔවා ඇතුලේ ගන්න දෙයක් නෑ නයි පොළොන්ගු විතරයි අඩු කුණු ගොඩාක් makeup set, ලේන්සු, පනා වගේ විවිධ දේවල් ගොඩාක් කාලාන්තරයක් එක දිගට තියෙන තැනක් තමයි ඔක මේ නිසා හැමදාම භාවිතා කරන hand bags එකක් වැසිකිළියක් මෙන් 10 ගුණයක් අපිරිසිදුයි.:lol::lol::lol::lol::lol::lol:

    IM5100open_8567-850.jpg


    10) Restroom එකක වර්ග අඩියක තියෙන බැක්ටිරියා ප්‍රමාණය මිලියන 2ක් විතර වෙනවා ගෙදර bathroom එකේ මේ ප්‍රමාණය 1/ 50ක්

    RestroomWeb.JPG


    11) කාර්යාල මේසයක තියෙන බැක්ටිරියා ප්‍රමාණය සාමාන්‍ය වැසිකිළියක තියෙන බැක්ටිරියා මෙන් 400 ගුණයක් වෙනවා. Computer Keyboard එකේ මේ ප්‍රමාණය 200 ගුණයක් විතර වෙනවා.

    ar123818499770652.jpg


    ඒ වගේම T.V reomte එකේ, දොර අගුලේ, ලයිට් ස්විච් එකේ, කුස්සියේ සින්ක් එකේ තියෙන බැක්ටිරියා ප්‍රමාණය 200 ගුණයක් වෙනවා.

    තව මේ ලිස්ට් එකේ ගොඩාක් දෙවල් තියෙනවා ලිපිය දිග වැඩි වෙන නිසා මෙතනින් නවතිනවා. හැකි තරම් ඔබේ ජංගම දුරකථනය විෂබිජ නාශක වර්ගයකින් පුළුන් කැල්ලක් වගේ දෙයක් භාවිතා කරලා පිරිසිදු කර ගන්න. දවසක් ඇර දවසක්වත්. ඒ වගේම alcohol hand wash එකක් ලග තියාගෙන නිතරම අත් පිරිසිදුව තියා ගන්න.


    බම්පියක්වත් දාගෙන යන්නෝ