විෂාදය (Depression)

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,136
    8,143
    113
    M-Town
    විෂාදය

    මිනිස් මොළයේ සතුට ගෙන දෙන රසායන ද්‍රව්‍යයන් අඩුවීමෙන් ඇතිවෙන ජීව විද්‍යාත්මක සිද්ධාන්තයේ අවසාන ප්‍රතිඵලය ලෙසට විෂාදය නැමැති මානසික රෝගය ඇතිවෙන බව මනෝවිද්‍යාත්මකව විග්‍රහ කෙරේ.

    ලොව පුරා මිලියන 350 කට වඩා වැඩි පිරිසක් විෂාදය රෝගයෙන් පෙළෙන බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තයන් පෙන්වා දේ. ලංකාවේ දැනට හඳුනාගෙන ඇති මිලියන දෙකක් (ලක්ෂ විස්සක්) පමණ වන මානසික රෝගීන්ගෙන් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේද විෂාදය රෝගයෙන් වීම විශේෂත්වයකි. පුද්ගලයන්ගෙන් 5:1 අයකුට විෂාදය ඇති බවද වාර්තා වේ.

    ඕනෑම වයසක පසුවන්නෙකුට විෂාදය රෝගය ඇති විය හැකිය. ළමා, තරුණ, වැඩිහිටි වශයෙන් ජීවිතයේ විශේෂ වයස් කාණ්ඩවලදී ඇතිවෙන විෂාදය රෝගයට බලපාන හේතූන් විවිධය.

    කුඩා අවධියේ ඇතිවෙන විෂාදයට හේතූන්

    • දරුවා කුස තුළ වැඩීමේදී මවට ඇතිවන ආතතිය, අමිහිරි අත්දැකීම්,
    • පවුල් ආරවුල්
    • පවුලේ අසමගිය
    • පාසල් අධ්‍යාපනයේදී මතුවන පීඩාවන්
    • අධික ලෙස බිය වීම
    • දරාගත නොහැකි දඬුවම්වලට ලක්වීම
    • ආදරය, කරුණාව, ආරක්ෂාව පවුල තුළ නැති වීම.
    • ජානමය හේතූන් ආදී කරුණු බලපෑ හැකිය.

    තරුණ වියේදී විෂාදය ඇති වීමට හේතූන්

    • ළඟා විය නොහැකි ඉලක්කයන්ට ළඟාවීමට උත්සාහ දැරීම
    • ශරීරය ඉක්මනින් වැඩීම, ලිංගික උත්තේජනය, හැඟීම් වෙනස්වීම් ආදී යෞවනයේදී ඇතිවන හෝමෝන ක්‍රියාකාරිත්වයන්හිදී ස්වභාවිකව සිදුවන ක්‍රියාවලියට බාධාවක් ඇතිවීම.
    • ආදර සම්බන්ධතා බිඳ වැටීම
    • අධ්‍යාපන කටයුතු අඩාළ වීම
    • විවිධ ඇබ්බැහිවීම්වලට ගොදුරු වීම
    • මව්පිය සෙනෙහස අහිමි වීම.
    • පාසලේදී මුහුණ දෙන අමිහිරි අත්දැකීම්
    • සුදුසුකම්වලට සරිලන රැකියාවක් නොලැබීම
    • පෞරුෂත්ව දුර්වලතා (සුභවාදීව නොසිතීම) ආදී කරුණු විෂාදය රෝගය ඇතිවීමට බලපා හැකිය.

    මැදිවිය වැඩිහිටි වියේදී විෂාදය ඇතිවීමට හේතූන්

    පුළුවන් කාලේ කරන්න බැරි දෙයකුත් නැහැ. බැරි වෙන කොට කරන්න පුළුවන් දෙයකුත් නැහැ. වයසට යෑමත් සමග බොහෝ පුද්ගලයන්ගේ මනසට ඇතිවන්නේ තමා දැන් සමාජයට අවශ්‍ය නොවන පුද්ගලයෙකු බවය. දරුවන්ට තමා කරදරයක් බවය. වගකීම් අන් අයට පැවරීම, හුදෙකලා බව, දරුවන් යටතේ යැපීම, ආර්ථික අපහසුතා, වයසත් සමග රෝගයන්ට ගොදුරු වීම, අන් අයගේ නොසලකා හැරීම, ආදී කරුණුද පිළිකා, හෘදයාබාධ, අධිරුධිර පීඩනය, දියවැඩියාව වැනි බෝ නොවන රෝගයන්ට ගොදුරු වීමෙන් ඇති වන මානසික පීඩනයද විෂාදයට බලපෑ හැකිය.

    රෝග ලක්ෂණ

    කුඩා කාලයේදී

    • බොහෝ කුඩා දරුවන් විෂාදයෙහි රෝගී ලක්ෂණ පෙන්වනුයේ කායික රෝගයක් ලෙසටය. බඩ රිදීම, හිසරදය, හේතුවක් නොමැතිව ප්‍රකාශ කිරීම.
    • මව සමග හෝ තම ආදරණීයන් සමග සිනා නොවීම.
    • නිතර දුක්මුසු ස්වරූපයෙන් සිටීම.
    • නිතර මුත්‍රා පිටකිරීම (රෝගය උත්සන්න වීමෙන් රාත්‍රියේදී ඇඳ තෙමිය හැකිය)
    • නින්ද නොයෑම
    • කෑම බීම ගැනීම ප්‍රතික්ෂේප කිරීම
    • පාසල් යෑමට, බාහිර පන්තිවලට යෑමට මැළිකමක් දැක්වීම
    • අලස බව
    • වැඩිහිටි සහෝදරයන් සමග සම වයසේ යහළුවන් සමග පවා කතා බහ කිරීම, සෙල්ලම් කිරීම ප්‍රතික්ෂේප කිරීම.

    තරුණ

    • තමා ප්‍රශ්නයකින් සිටිනා බව අන් පාර්ශ්වයන්ට ප්‍රකාශ කරයි.
    • කෑම ගැනීමට මැළිවීම
    • නින්ද නොයෑම
    • ආශාවෙන් කළ කිසිම ක්‍රියාවක් උනන්දුවෙන් නොකරයි.
    • මට කිසිම වැඩක් කරන්න බැහැ කියා අශුභවාදීව සිතීම.
    • දුක්මුසුව සිතයි
    • මටමයි ප්‍රශ්න මේ ප්‍රශ්න කවදාවත් ඉවරවෙන්නෑ යනුවෙන් නිතර සිතයි.
    • අධික ලෙස තරහා යෑම
    • නොසන්සුන් බව
    • කලහකාරී හැසිරීම
    • හේතු රහිතව බාහිර පාර්ශ්වයන් සැක කිරීම
    • ජීවිතය හානිකර ගන්නා බවට ප්‍රකාශ කිරීම හෝ ජීවිතය හානි කර ගැනීමට උත්සාහ දැරීම.

    වැඩිහිටියන්ට

    • ශරීරයේ තැනින් තැන දැවිල්ලක් ඇතිවීම
    • හේතුවක් නොමැතිව කායිකව ඇතිවෙන රෝග පීඩාවන් ගැන ප්‍රකාශ කිරීම
    • උදාසීන බව
    • ශාරීරික ශක්තිය හීන වීම
    • නිතර අසුබවාදීව සිතීම
    • බාහිර පාර්ශ්ව සැක කිරීම
    ප්‍රතිකාර

    විෂාදය රෝගය මානසික රෝගයක් බැවින්, කායික රෝගයක් හඳුනාගෙන ප්‍රතිකාර සඳහා යොමුවන තරම් ඉක්මනින් මෙම රෝගීන් ප්‍රතිකාර සඳහා යොමු නොවේ.

    • මොළයේ රසායන සමතුලිතතාව රඳවා ගැනීමට ඖෂධ ලබාදීම.
    • මනෝචිකිත්සක ප්‍රතිකාර ක්‍රම
    • මනෝචර්යාත්මක ප්‍රතිකාර
    • පෞරුෂය වැඩිදියුණු කර ගැනීමට උපකාරී වීම
    • විශ්ලේෂනාත්මක චින්තනය
    • ස්වයං අවබෝධයට හුරුවීම
    • ප්‍රශ්න ඇතිවීම ජීවිතයට අභියෝගයක් විනා, පසුබෑමට හේතුවක් නොවනා බව රෝගීන්ට පහදාදීමට උත්සාහ දැරිය යුතුය.
    • විෂාදය රෝගයට ගොදුරු වූ කුඩා දරුවන් රෝගයෙන් මුදවා ගැනීමට පහත කරුණු අනුගමනය කළ හැකිය.
    • ආදරයෙන්, සෙනෙහසින්, කරුණාවෙන් දරුවන් හදාවඩා ගැනීම.
    • දරුවන්ට නිතර සවන් දීම
    • මුරණ්ඩු ලෙස හැසිරෙන දරුවන්ගේ ක්‍රියාවන් උපේක්ෂාවෙන් විඳදරා ගැනීම
    • දරුවා ආතතියෙන් මුදවා ගැනීමට ආසා දෙයකට යොදවන්න
    • චිත්‍ර ඇඳීම, සංගීතයට සවන්දීම, කාටුන් නැරඹීම, නර්තනයේ යෙදීම, සම වයසේ දරුවන් සමග විනෝදවීම ආදී.

    ලෝකයේ බහුලව වාර්තාවෙන විෂාදය රෝගය පුරුෂ පාර්ශ්වයට වඩා දෙගුණයකින් කාන්තාවන්ට වැලඳෙන බව ඔප්පු වී තිබේ. ඊට හේතුන් ලෙස වෛද්‍ය විද්‍යාත්මකව පෙන්වා දී ඇත්තේ කාන්තාවන් මසකට වරක් හෝමෝන වෙනස් වීම්වලට ලක්වීමය.
     

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    1. මට කිසිම වැඩක් කරන්න බැහැ කියා අශුභවාදීව සිතීම.
    2. දුක්මුසුව සිතයි
    3. මටමයි ප්‍රශ්න මේ ප්‍රශ්න කවදාවත් ඉවරවෙන්නෑ යනුවෙන් නිතර සිතයි.



    මේ ටික විෂාදය නිසාම වෙන්න බෑ!

    1. කරන කරන වැඩේ හබක් වීම නිසා මෙහෙම හිතෙනවා ගොඩවෙලාවට :dull:

    2. ජීවිතේ දුක කාටත් පොදුයි. දුක්මුසුව සිතීමට වෙන කාරනා එමට ඇත. :rolleyes: නිතරම හිතනවනම් ලෙඩේ :dull:

    3. දිගටම ප්‍රශ්න නම් මෙහෙම හිතෙන එක ස්වභාවිකයි! :rolleyes: අන් අය දිහා බැලුවම ඊරිසියාවටත් හිතෙනවා :P

    ඔය තුනම මට අදාලයි! :baffled:
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,627
    16,847
    113

    විෂාදය ?

    tenor.gif
     
    • Like
    Reactions: chathura414

    chantel123

    Well-known member
  • Jan 8, 2010
    503
    268
    63
    තරුණ වියේදී විෂාදය ඇති වීමට හේතූන්

    • ළඟා විය නොහැකි ඉලක්කයන්ට ළඟාවීමට උත්සාහ දැරීම
    • ශරීරය ඉක්මනින් වැඩීම, ලිංගික උත්තේජනය, හැඟීම් වෙනස්වීම් ආදී යෞවනයේදී ඇතිවන හෝමෝන ක්‍රියාකාරිත්වයන්හිදී ස්වභාවිකව සිදුවන ක්‍රියාවලියට බාධාවක් ඇතිවීම.
    • ආදර සම්බන්ධතා බිඳ වැටීම
    • අධ්‍යාපන කටයුතු අඩාළ වීම
    • විවිධ ඇබ්බැහිවීම්වලට ගොදුරු වීම
    • මව්පිය සෙනෙහස අහිමි වීම.
    • පාසලේදී මුහුණ දෙන අමිහිරි අත්දැකීම්
    • සුදුසුකම්වලට සරිලන රැකියාවක් නොලැබීම
    • පෞරුෂත්ව දුර්වලතා (සුභවාදීව නොසිතීම) ආදී කරුණු විෂාදය රෝගය ඇතිවීමට බලපා හැකිය

    මේ ටික මටත් තියෙනවා ...
     
    • Like
    Reactions: chathura414