විෂ ගලක අරුම

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,903
    3,244
    113
    විෂ ගලක අරුම.
    ==============
    "විෂ ගල" යනු මෙරට දේශීය පාරම්පරික වෛද්‍යවරුන් සතු මහානුභාව පෙන්වන ඖෂධයකි. ගලක් කීවාට මෙය පාෂාණයක් නොවේ. රසදිය වැනි උග්‍ර විෂ සහිත මූලද්‍රව්‍ය සහ වෙනත් පාෂාණමය ඔසු එකට අබරා ගුලිකොට සැකසූ ගුලියකි. සියළු සංස්කරණ ක්‍රියා අවසානයේ ගන්නා වූ ඖෂධ සියල්ල පාෂාණයක් මෙන් දෘඩ වන්නේය. එයට ගලක් කියන්නේ එබැවිනි. එය භාවිත කෙරෙනුයේ විෂ අවස්ථාවන්ට බැවින් එය විෂ ගල ලෙස හදුන්වන්නේය. මීට වසර බොහෝ ගණනකට පෙර ඉංග්‍රීසි පාලන සමයේ පල්ලිවල සිටි පූජකතුමන්ලා මෙම විෂ ගල් නිපදවා අප්‍රිකානු ආදි සර්ප අවදානම් බහුලව ඇති විදේශයන්හි ඇති පල්ලිවල සිටි පියතුමන්ලා වෙත යැවූ බවටද සාධක තිබේ. වරක් එසේ පල්ලියකින් විෂ ගලක් සමඟ යැවූ අත්පත්‍රිකාවක් මා කියවිමි. විෂ ගල යනු පෙර දවස එතරම්ම මිනිසුන් අතර විෂ්වාසය තිබූ ඔසුවක් විය.

    මෙරට දේශීය පාරම්පරික සර්ප විෂ වෙද මහතුන් සතුව මෙම විෂ ගල් තිබුණද වර්තමානයේ මෙම විෂගල් ඇති අය අල්පය. අළුතින් සෑදිමද අභියෝගයකි. ඒ ඇතැම් ඖෂධ මිලදීගැනීමට නොහැකි නිසාවෙනි. විෂ ගලෙහි ඖෂධ වට්ටෝරුව දිගහැර මා විසින් ඖෂධ සොයන්නේ අදක ඊයෙක සිට නොවේ. ඒම ඇතැම් අමුද්‍රව්‍ය මෙරට භාවිතයට තහනම් වීම නිසා වසර ගණනක්ම විෂගල ඇඹරීම පමා විය. තත්වය එසේ වද්දි මීට දෙදිනකට පෙර විෂ ගලක පිහිට මා හටම උවමනා විය.සුපුරුදු පරිදි උදෑසන අවදි වූ මා කාර්‍යාල කාමරයෙහි වැඩ කරමින් සිටියදි කිසියම් සතෙකුගේ දෂ්ඨයකට ලක් විය. දෂ්ඨ මුඛය ලේ ගලමින් තිබුණාට කෑ සතෙක් සොයාගන්නටද නැතිය. පෙර දින නිවසෙහි මිදුලෙහි වූ බෙහෙත් ගස් සුද්දකරන්නට යෙදි බැවින් මොකෙක් හෝ සතෙක් කාර්‍යාල කාමරයට රිංගන්නට ඇති වග සිතෙද්දි මා කකුල සෝදා සැමියා අවදි කලෙමි. ඔහුගේ නිගමනය ගෝනුසු දෂ්ඨයක් විය හැකි කියාය. දෂ්ඨ කල සතා මොකෙක් වුවද ප්‍රතිකාර නොකල සිටිය නොහැක. එහෙයින් මා මාහටම බෙහෙත් කර ගතිමි.

    කවුරුන්දැයි නම නොදන්නා පරම්පරාවෙහි එක් මුතුන් මිත්තෙකු විසින් අඹරන ලදුව උරුමයෙන් අවසානයට මා සතු වු විෂ ගලක් තිබුනි. විෂ ගල ගෙන කෑ මුඛයේ තැබිමි. ඒ වන විටත් පා ඇඟිල්ලේ සිට වලලුකර දක්වා වේදනාව උඩු දුවා තිබුණි. තිබූ ඇසිල්ලෙන් තුවාලයේ ඇලීගිය විස ගල පාදය සෙලවුවද නොගැලවිනි. මිනිත්තු දහයක් පමණ ගතවද්දි උඩු දිවූ වේදනාව බැසගියේ ගලද තුවාලයෙන් ගැලවී වැටෙද්දීය. සර්ව විෂාදිය තෙල් ටිකක් තුවාලයේ ගා උඳුපියලිය කොල අහුරක් කොටාගත් ඉස්ම ටිකකට ගිතෙල් හැන්දක් දමා බී පඩුවේ සිටියෙමි. තවමත් කිසිඳු අපහසුවක් හෝ වේදනාවක් නොමැතිව මා සිටිමි.

    සර්ප විෂ චිකිත්සාව මෙරට දේශීය වෙදුන්ට අරුමයක් නොවේ. ප්‍රතිවිෂ එන්නත් රෝහල් තුල හිඟවෙමින් පවතින තත්වයක් තුල ඔබට පිහිට පතන්නට සිටින්නේ දේශීය වෙදැදුරන්ම පමණි. එබැවින් නුවණින් විමසා බලා නිවරදි තීරණ ගැනීමට කල්පනාකාරි වන්න.

    ෆ්බ්
    FB_IMG_1657868982010.jpg
     

    Sen-lu

    Well-known member
  • ගෝනුස්සෙක් කෑවම ඔච්චර නටන්න ඕනද?

    අනික ලේවලට එකතුවුන ප්‍රෝටීන් ඔහොම වෙන්කරල ගන්න පුළුවන් කියල හිතාගෙන ඉන්නවනම් ඊට වඩා විහිළුවක් තවත් නෑ.😂
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ගෝනුස්සෙක් කෑවම ඔච්චර නටන්න ඕනද?

    අනික ලේවලට එකතුවුන ප්‍රෝටීන් ඔහොම වෙන්කරල ගන්න පුළුවන් කියල හිතාගෙන ඉන්නවනම් ඊට වඩා විහිළුවක් තවත් නෑ.😂
    පුළුවන් තමයි, ඕක විතරක් නෙවෙයි කටු ගහල අදින්නත් පුළුවන් 😁
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,670
    113
    Stockholm
    මචන් අපේ තාත්තට පොළොන් තෙලිස්සෙක් කාලාත් ඕකෙන් විෂ බැස්සුවේ
    කොහොමද දන්නේ නෑ නේද බන් ඒක හදන්නේ
    පුදුම සීන් එකක්..විෂ ඉවර උනු ගමන් වෙන්නැති, වැටෙනවානේ බන් ගල නිකන්ම
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    පුලුවන් උනාට කොරන එකෙක් තමයි නැත්තෙ නේද :lol:
    පුරුදු කෙරුව නම් ඉස්කෝලේ යන කාලෙදි, හැමෝටම පුළුවන් 🤩
     

    Sen-lu

    Well-known member
  • පුලුවන් උනාට කොරන එකෙක් තමයි නැත්තෙ නේද :lol:
    Awaiting for the story :-
    ඉස්සර හිටිය වෙදෙක් එයා දැන් නෑ බ්ලා.. බ්ලා.. බ්ලා

    පුරුදු කෙරුව නම් ඉස්කෝලේ යන කාලෙදි, හැමෝටම පුළුවන් 🤩
    ගල් කපන්නද?
    ------ Post added on Jul 15, 2022 at 1:20 PM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,251
    100,011
    113
    මචන් අපේ තාත්තට පොළොන් තෙලිස්සෙක් කාලාත් ඕකෙන් විෂ බැස්සුවේ
    කොහොමද දන්නේ නෑ නේද බන් ඒක හදන්නේ
    පුදුම සීන් එකක්..විෂ ඉවර උනු ගමන් වෙන්නැති, වැටෙනවානේ බන් ගල නිකන්ම
    ලොජික් එක නන් දන්නෙ නෑ හැබැයි ඕක වැඩ. බොරුවට නොහදපු එකක් හොයාගන්න එක තමා ගේම.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    පුරුදු කෙරුව නම් ඉස්කෝලේ යන කාලෙදි, හැමෝටම පුළුවන් 🤩
    නයි ලඟට එන්නැති මන්තරයක් ඉස්කෝලෙ යන කාලෙ පුරුදු කරානං බෙහෙත් ඕන් නෑනෙ :lol: