විෂ ගලක අරුම.
==============
"විෂ ගල" යනු මෙරට දේශීය පාරම්පරික වෛද්‍යවරුන් සතු මහානුභාව පෙන්වන ඖෂධයකි. ගලක් කීවාට මෙය පාෂාණයක් නොවේ. රසදිය වැනි උග්‍ර විෂ සහිත මූලද්‍රව්‍ය සහ වෙනත් පාෂාණමය ඔසු එකට අබරා ගුලිකොට සැකසූ ගුලියකි. සියළු සංස්කරණ ක්‍රියා අවසානයේ ගන්නා වූ ඖෂධ සියල්ල පාෂාණයක් මෙන් දෘඩ වන්නේය. එයට ගලක් කියන්නේ එබැවිනි. එය භාවිත කෙරෙනුයේ විෂ අවස්ථාවන්ට බැවින් එය විෂ ගල ලෙස හදුන්වන්නේය. මීට වසර බොහෝ ගණනකට පෙර ඉංග්‍රීසි පාලන සමයේ පල්ලිවල සිටි පූජකතුමන්ලා මෙම විෂ ගල් නිපදවා අප්‍රිකානු ආදි සර්ප අවදානම් බහුලව ඇති විදේශයන්හි ඇති පල්ලිවල සිටි පියතුමන්ලා වෙත යැවූ බවටද සාධක තිබේ. වරක් එසේ පල්ලියකින් විෂ ගලක් සමඟ යැවූ අත්පත්‍රිකාවක් මා කියවිමි. විෂ ගල යනු පෙර දවස එතරම්ම මිනිසුන් අතර විෂ්වාසය තිබූ ඔසුවක් විය.
මෙරට දේශීය පාරම්පරික සර්ප විෂ වෙද මහතුන් සතුව මෙම විෂ ගල් තිබුණද වර්තමානයේ මෙම විෂගල් ඇති අය අල්පය. අළුතින් සෑදිමද අභියෝගයකි. ඒ ඇතැම් ඖෂධ මිලදීගැනීමට නොහැකි නිසාවෙනි. විෂ ගලෙහි ඖෂධ වට්ටෝරුව දිගහැර මා විසින් ඖෂධ සොයන්නේ අදක ඊයෙක සිට නොවේ. ඒම ඇතැම් අමුද්‍රව්‍ය මෙරට භාවිතයට තහනම් වීම නිසා වසර ගණනක්ම විෂගල ඇඹරීම පමා විය. තත්වය එසේ වද්දි මීට දෙදිනකට පෙර විෂ ගලක පිහිට මා හටම උවමනා විය.සුපුරුදු පරිදි උදෑසන අවදි වූ මා කාර්‍යාල කාමරයෙහි වැඩ කරමින් සිටියදි කිසියම් සතෙකුගේ දෂ්ඨයකට ලක් විය. දෂ්ඨ මුඛය ලේ ගලමින් තිබුණාට කෑ සතෙක් සොයාගන්නටද නැතිය. පෙර දින නිවසෙහි මිදුලෙහි වූ බෙහෙත් ගස් සුද්දකරන්නට යෙදි බැවින් මොකෙක් හෝ සතෙක් කාර්‍යාල කාමරයට රිංගන්නට ඇති වග සිතෙද්දි මා කකුල සෝදා සැමියා අවදි කලෙමි. ඔහුගේ නිගමනය ගෝනුසු දෂ්ඨයක් විය හැකි කියාය. දෂ්ඨ කල සතා මොකෙක් වුවද ප්‍රතිකාර නොකල සිටිය නොහැක. එහෙයින් මා මාහටම බෙහෙත් කර ගතිමි.
කවුරුන්දැයි නම නොදන්නා පරම්පරාවෙහි එක් මුතුන් මිත්තෙකු විසින් අඹරන ලදුව උරුමයෙන් අවසානයට මා සතු වු විෂ ගලක් තිබුනි. විෂ ගල ගෙන කෑ මුඛයේ තැබිමි. ඒ වන විටත් පා ඇඟිල්ලේ සිට වලලුකර දක්වා වේදනාව උඩු දුවා තිබුණි. තිබූ ඇසිල්ලෙන් තුවාලයේ ඇලීගිය විස ගල පාදය සෙලවුවද නොගැලවිනි. මිනිත්තු දහයක් පමණ ගතවද්දි උඩු දිවූ වේදනාව බැසගියේ ගලද තුවාලයෙන් ගැලවී වැටෙද්දීය. සර්ව විෂාදිය තෙල් ටිකක් තුවාලයේ ගා උඳුපියලිය කොල අහුරක් කොටාගත් ඉස්ම ටිකකට ගිතෙල් හැන්දක් දමා බී පඩුවේ සිටියෙමි. තවමත් කිසිඳු අපහසුවක් හෝ වේදනාවක් නොමැතිව මා සිටිමි.
සර්ප විෂ චිකිත්සාව මෙරට දේශීය වෙදුන්ට අරුමයක් නොවේ. ප්‍රතිවිෂ එන්නත් රෝහල් තුල හිඟවෙමින් පවතින තත්වයක් තුල ඔබට පිහිට පතන්නට සිටින්නේ දේශීය වෙදැදුරන්ම පමණි. එබැවින් නුවණින් විමසා බලා නිවරදි තීරණ ගැනීමට කල්පනාකාරි වන්න.
ෆ්බ්