විස්මයජනක_ධාවකයා | Niki Lauda
මුලින්ම කියන්න ඕනේ Rush Film එක බලපු කෙනෙක්ට නම් Niki Lauda කියන්නේ අලුත් කෙනෙක් නෙවෙයි
,
මේක මම බලපු සුපිරිම ෆිල්ම් එකක්
, මේකේ දි Niki Lauda vs James Huntගේ fight එක ලස්සනට පෙන්නලා තියෙනවා, ඒ වගේම මේකේ Chris Hemsworth පට්ට act එකක් දෙනවා Daniel Brühl එක්ක එකතු වෙලා.
ඉතින් මේ ඒ සුපිරි ධාවකයා ගැන පලවුනු ලිපියක්.
කතෲ - තරිදු උඩුවරගෙදර
ලංකාවට එතරම් හුරුපුරුදු නොවුණත් ලෝකය පුරා ජනප්‍රියම ක්‍රීඩාවක් වන ෆෝමියුලා වන් ගෝන් ෆ්‍රී තරඟ ඉතිහාසයේ දැවැන්තයෙක් ගැනයි. ඔහු නිකී ලෝඩා.
නිකී ලෝඩා ඔහුගේ නම සමඟ ගැටගැහුණු ජනප්‍රිය එදිරිවාදියා සහ මිත්‍රයා වන ජේම්ස් හන්ට් අතර තරඟ ඇසුරෙන් රොන් හොවාර්ඩ් විසින් 2013 දී රෂ් නමින් චිත්‍රපටියක් නිර්මාණය කළා. IMDB දර්ශකයේ 8.1 ක අගයක් ලැබුණු රෂ් චිත්‍රපටිය ලොවපුරා ජනප්‍රිය වුණා. ජේම්ස් හන්ට්ගේ චරිතය රඟපෑවේ ජනප්‍රිය ක්‍රිස් හෙම්ස්වර්ත් විසින්. ඩැනියෙල් බ්‍රහ්ල් විසින් නිකී ලෝඩාගේ චරිතය රඟපෑවා. නිකී ලෝඩා පවසා තිබුණේ රෂ් චිත්‍රපටියේ ඇති කතාවෙන් 80%ක් සැබෑ සිදුවීම් බවයි. ඒ සමඟ ඔහුගේ ජනප්‍රියත්වයත් වර්ධනය වුණා. මේ සටහන චිත්‍රපටිය ගැන නොවෙයි. ජේම්ස් හන්ට් ගැනත් නොවෙයි. නිකී ලෝඩා නම් අපූරු මෝටර් රථ ධාවකයා ගැනයි.
නිකී ලෝඩා
නිකී ලෝඩා උපත ලබන්නේ 1949 දී ඔස්ට්‍රියාවේ වියානාහිදීයි. ඒ දැවැන්ත ව්‍යාපාරික පවුලක පුතෙක් ලෙස. ව්‍යාපාර සියල්ලෙහි අනාගත උරුමකරුවෙක් ලෙස. එහෙත් පවුලේ සියල්ලන් නියැළුණු ක්ෂේත්‍රය වෙනුවට නිකීට වුවමනා වී තිබුණේ තමන්ට හැකියාවක් ඇතැයි ඔහු විශ්වාස කළ ක්ෂේත්‍රයට යොමුවීමටයි. ඒ නිසාම ඔහු පවුල සමඟ ගැටුම් ඇතිකරගෙන ෆෝමියුලා 3 තරඟ වෙත තරුණ වියේදීම යොමුවෙනවා. ඉන්පසුව අවුරුදු 22 දී, එනම් 1971 දී ඔහු මාර්ච් නම් වූ ගෝන් ෆ්‍රී කණ්ඩායම සමඟ එක්වෙනවා. ඒ බ්‍රිතාන්‍ය පවුම් 30 000ක බැංකු ණයක් ලබාගෙන ඒ මුදල් වැයකරමින්. ඔහු මාර්ච් සමඟ එක්වෙන්නේ ෆෝමියුලා 2 ගෝන් ෆ්‍රී ධාවකයෙකු ලෙසයි.
lauda | 1973
පවුලේ අකැමැත්ත පිට ගෝන් ෆ්‍රී වෙත පැමිණි ඔහුට ඒ නිසාම විශාල මුදලක් තිබුණේ නැහැ.
ව්‍යාපාරිකයෙක් ලෙස ඉතිහාසයේ සැඟව යෑම වෙනුවට ඔහු තෝරාගත්තේ තමන්ට හැකි ක්ෂේත්‍රයේ කටයුතු කොට සාර්ථකත්වය සොයාගැනීමේ මාවතයි. බාධා තිබියදී තමන් ආශා කරන දේ කිරීම අසීරු වුණත් එය කෙනෙකුගේ ජීවිතයක් ගත කිරීමට සුදුසුම මාවතයි.
ඔහු පෙන්වූ දක්ෂතා සමඟ ඔහුව ෆෝමියුලා 1 තරඟ වෙත යොමු කරන්නට මාර්ච් කණ්ඩායම තීරණය කරනවා. එහෙත් ටික කාලයකින් ඔහු මාර්ච් කණ්ඩායමෙන් ඉවත්ව තවත් විශාල බැංකු ණයක් ලබාගෙන බී.ආර්.එම්. කණ්ඩායම වෙත දොරටුව විවෘත කරගන්නවා. ඒ 1973 දීයි. එහෙත් සාර්ථකත්වයේ රස බලාගන්නට ඔහුට හැකිවුණේ ඉන් පසුව ඔහුට ලැබුණු අවස්ථාව නිසායි.
ෆෙරාරි කණ්ඩායමට
බී.ආර්.එම්. කණ්ඩායමේ සිටි ඔහුගේ හැකියාවන් ගැන ෆෙරාරි කණ්ඩායමේ එවකට හිමිකරු සහ ෆෙරාරි නිර්මාතෘ එන්සෝ ෆෙරාරිගේ අවධානය යොමුවෙනවා. මේ පුංචි තරුණයාගේ හැකියාව දකින්නට මෝටර් ධාවන තරඟ ගැන හැකියාවෙන් අත්දැකීම් පිරි ෆෙරාරි හඳුනාගන්නවා. එ් නිසාම ඕනෑම මෝටර් ධාවකයෙකුගේ සිහිනය වන ෆෙරාරි කණ්ඩායමට එක්වීමේ අවස්ථාව වයස අවුරුදු 25 දී නිකී ලෝඩාට හිමිවෙනවා. පුංචි මෝටර් රථ දෙකකින් ඔහු පෙන්වූ විස්කම් එයට හේතුව වෙන්නට අැති. ජයග්‍රහණයේ රස සැබවින්ම විඳින්නට නිකී ලෝඩාට හැකිවුණේ ෆෙරාරි සමඟ ඔහු තරඟ වැදුණු 1975 ගෝන් ෆ්‍රී තරඟාවලියේදීයි. ඒ වෙද්දී ඔහු ෆෙරාරි කණ්ඩායමේ නායකත්වයට නම් කරලා තිබුණා. 1964න් පසු ෆෝමියුලා 1 ජයග්‍රහණයක් ෆෙරාරි කණ්ඩායම ලබා තිබුණේ නැහැ. ඉතින් ෆෙරාරි කණ්ඩායම බලාපොරොත්තුවෙන් සිටි ජයග්‍රහණය නිකී ලෝඩා 1975 තරඟවාරයේදී ලබාදෙනවා. ඒ තරඟ 65 ක ජයග්‍රහණයෙන් පසුව වාර්ෂික ශූරතාවය දිනාගනිමින්.
ටොප් ටෙන්ස් වෙබ් අඩවියේ ෆෝමියුලා වන් ඉතිහාසයේ හොඳම රියැදුරන්ගේ ලැයිස්තුවෙහි නිකී ලෝඩාට හිමිව ඇත්තේ හයවැනි ස්ථානයයි. බී.බී.සී. වෙබ් අඩවිය නිකී ලෝඩාව තමන්ගේ ශ්‍රේෂ්ඨතම ෆෝමියුලා වන් රියැදුරන්ගේ ලැයිස්තුවෙහි නවවැනි ස්ථානයෙහි තබා තියෙනවා.
නියෝබර්ග්‍රින්
නිකී ලෝඩා ශ්‍රේෂ්ඨත්වයේ ලැයිස්තුවල මේ තරම් ඉහළ රැඳෙන්නට හේතුව හෝ ඔහුට මීටත් ඉහළට යන්නට තිබුණු අවස්ථාව අහිමිවෙන්නට හේතුව වුණේ 1976 ලෝක ශූරතාවලියේදී සිදුවූ ඒ අවාසනාවන්ත සිදුවීම. 1976 තරඟවාරයේදීද තරුව වුණේ නිකී ලෝඩා. ඒ වෙද්දී නිකී ලෝඩා සිටි පළමු තරඟකරුවා වන ජේම්ස් හන්ට් මැක්ලරන් කණ්ඩායම සමඟ එක්ව සිටියා. එහෙත් ජේම්ස් හන්ට් පළමු වතාවට මැක්ලරන් කණ්ඩායමෙන් තරඟ වදිද්දී නිකී ලෝඩා තරඟ කළේ තමන්ට හුරුපුරුදු ෆෙරාරි රථයෙන්. තරඟාවලියේ මුල් තරඟ රැසක ජයග්‍රහණය නිකී ලෝඩා ලබාගන්නවා. ලකුණු සටහනේ අංක එකෙහි ඔහු වැජඹෙනවා.
එහෙත් නොසිතූ ලෙස නිකී ලෝඩා නියෝබර්ග්‍රින් හි තෙත් හි තෙත් ධාවන පථයක තරඟ කරද්දී බරපතල අනතුරකට මුහුණදෙනවා. සම්පූර්ණ මෝටර් රිය ගිනිගනිද්දී ඔහුගේ මුහුණට සහ පෙණහළුවලට බරපතල හානි සිදුවෙනවා. හෙල්මටය උණුවීම නිසා ඔහුගේ මුහුණ පිළිස්සෙද්දී එක් කණක් සම්පූර්ණයෙන්ම පාහේ විනාශ වෙලා. මේ අනතුර නිසා සැණෙකින් ඔහුව රෝහලට රැගෙන යනවා.
real Footage of the scene -
chk the same scene from Rush Movie,
ලෝඩා මියයන්නට ඉඩ ඇතැයි බොහෝදෙනෙක් කියනවා. පසුකාලයක ලෝඩා පවසන ආකාරයට ඔහුටම ඒ මොහොතේ මරණය දැනෙනවා. ‘මට නිදිමතක් දැනුණා. මුළු සිරුරම හොලවන්නට බැහැ. හැබැයි මට තේරුණා මම නිදාගන්නවා කියන්නෙ නින්දට එහා වෙනත් දෙයක් කියලා. ඒ නිසා නින්ද කඩාගන්න මම උත්සාහ කළා. ඒත් ඇඟ හොලවන්න බැහැ. ඉතින් මම ඔළුව පණපිටින් තියාගන්න උපරිම උත්සාහය ගත්තා. වටේ පිටේ වෙන දෙවල්වලට ඇහුම්කන් දුන්නා. ඒව ගැනම කල්පනා කළා.’ ජීවිතය සහ මරණය අතර සටන ගැන ලෝඩා එසේ පවසනවා. එහෙත් විස්මයජනකම සිදුවීම සිදුවෙන්නේ ඉන් පසුවයි.
ඔහු ජීවිතය හා මරණය අතර සටනක නියැලී අවසානයේදී යළි පිටියට පැමිණෙනවා. ඒ වසර කිහිපයකින් නෙවෙයි. අඩු තරමේ ඊළඟ වර්ෂයේදීවත් නෙවෙයි. ඒ ශූරතාවලියේදීම. හරියටම දින 42කට පසුව ඔහු හෙල්මටය පැළඳ අනතුරුදායක ෆෝමියුලා වන් මෝටර් රියට නඟිනවා. ඊට පෙර තමන්ගේ විකෘති වූ මුහුණ වෙළුම්පටි වලින් වෙලාගෙන ඔහු මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙනවා. තරඟයට සහභාගී වෙන බව කියනවා. ඒ වෙද්දීත් ඔහු ලකුණු ලැයිස්තුවේ පළමුවැනි තැන සිටියා. ලෝඩාට වඩා ලකුණු කිහිපයක් පසුපසින් ජේම්ස් හන්ට් සිටියා. දැඩි වේදනාව සමඟ යළි තරඟාවලියට එක්වෙන ඔහු අවසාන තරඟය වන ජපන් ගෝන් ෆ්‍රී තරඟයටත් එක්වෙනවා. එහෙත් ඒ දිනයේ කාලගුණය එතරම් සුභදායක වී තිබුණේ නැහැ. දැඩි වර්ෂාව ඇදහැලුණා. වෙළුම්පටි වලින් හිස වෙලාගත් ලෝඩාට මෝටර් රියේ සිට තරඟවැදීම අසීරු කාරණයක්ව තිබුණා. එමෙන්ම එය දැඩි අවදානමක්ද වුණා. ඔහු තරඟයේදී ලකුණු කිහිපයක් හෝ වාර්තා කළේ නම් ඔහු තරඟාවලියේම ජයග්‍රාහකයා වෙන්නට ඉඩ තිබුණා. එහෙත් ඔහු තරඟය මැදදී ඉවත්වුණා. තරඟාවලිය ජයග්‍රහණය කරන්නේ ජේම්ස් හන්ට් විසින්.
James Hunt | 1976 Championship
වසරකින් පසුව 1977 යළිත් ෆෝමියුලා වන් තරඟාවලියට එකතුවෙන නිකී ලෝඩා ලෝක ශූරතාවය යළි ජයග්‍රහණය කරනවා. එහෙත් ඔහු ඒ වෙද්දී ෆෙරාරි කණ්ඩායම සමඟ ගැටුම් ඇතිකරගෙන තිබුණා. ඔහුගේ අනතුරින් පසුව ෆෙරාරි කණ්ඩායම නව ධාවකයෙකු එකතුකරගැනීම නිකී ලෝඩාගේ විරෝධයට හේතුවී තිබුණා. ඒ නිසාම ඔහු අතිදැවැන්ත ෆෙරාරි කණ්ඩායමෙන් ඉවත්ව 1978 දී Brabham කණ්ඩායම සමඟ එක්වෙනවා. ‘ජයග්‍රාහකයෙක් වෙන්න බොහෝ වෙහෙස විය යුතුයි. එහෙත් ඒ විදියට වෙහෙස වෙන්න නම් ලොකු අභිප්‍රේරණයක් (මෝටිවේෂන් එකක්) ඕනෙ. ඒ වෙද්දී ෆෙරාරි ආයතනය මට ඒ හැඟීම ගෙනාවේ නැහැ.’ ෆෙරාරි ආයතනයෙන් ඉවත්වීම ගැන ඔහුගේ අදහස එයයි.
තමන්ට ගැලපෙන ලෙස නිර්මාණය නොකළ අලුත් මෝටර් රථයකින් තරඟ වදින ඔහු ඒ වසරේ අසාර්ථක වෙනවා. යළි 1979 තරඟවාරයේදීද අසාර්ථක වෙන ඔහු ඒ වසරේදී ගෝන් ෆ්‍රී තරඟවලින් විශ්‍රාම ලබන්නට තීරණය කරනවා.
‘මේ වගේ ක්‍රීඩාවක් කරද්දී ඔබට සිදුවෙනවා මොළයෙන් මෙන්ම හදවතින්ද වැඩ කරන්න. හදවතේත් මේ වැඩේ ගැන උනන්දුවක් තියෙන්න ඕනෙ. ආදරයක් තියෙන්න ඕනෙ. මෝටර් රථයෙ ඉඳගත්තාම ආහ්! අදත් ධාවනය කරන්න වෙනවා නේද? කියන කම්මැලි හැඟීම එනවානම් ඔබ මේ ක්‍රීඩාවට සුදුසු නැහැ. මටත් ඒ හැඟීම එන්න පටන් අරන්.’ ඔහු එසේ කියනවා.
යළි පැමිණීම
ඔහු සමුගත්තේ වයස අවුරුදු 30ක්ව තිබියදීයි. නිකී ලෝඩාට යා හැකිව තිබුණු දුර බොහෝයි. ඔහුට හොඳම වසර කිහිපයක් ඉන්පසුව මඟහැරෙනවා. එහෙත් ඔහු නැවතත් ධාවත පථයට පැමිණෙන්නට තීරණය කරන්නේ ක්ෂේත්‍රයම කලඹවමින්. 1982 දී ඔහු මැක්ලරන් සමඟ පුහුණු ධාවන පථවල ධාවනය අරඹනවා. ඒ වෙද්දී මැක්ලරන් හිමිකරු මාල්බරෝ මහතාට නිකී ලෝඩා තුළ තවමත් ශූරයා සිටින බව ඒත්තු ගැන්වීම ඉතා අසීරු වී ඇතැයි කියනවා. කෙසේ වෙතත් ඔහුට මැක්ලරන් කණ්ඩායමේ අවස්ථාව හිමිවෙනවා. තමා කවුදැයි යළි ලොවට පෙන්වමින් ඔහු 1982 තරඟවාරයේදී ඔහු පස්වැනි ස්ථානය දිනාගන්නවා. 1983 දී මඳක් පසුබැස 10 වැනි ස්ථානය දිනාගත් නිකී ලෝඩා 1984 දී යළිත් දිග්විජය කරනවා. ඒ ලෝක ශූරතාවය යළි දිනාගනිමින්. 1985 දී 10 වැනි ස්ථානය ලබන ඔහු ගෝන් ෆ්‍රී ක්‍රීඩාවෙන් දෙවැනි වරට සමුගන්නවා.
Niki Lauda | 1984 Championship
විශ්‍රාම ගැනීමෙන් පසුවත් ඔහු ක්ෂේත්‍රයේ ජනප්‍රියම විශ්‍රාමික තරුවක්ව සිටියා. පුහුණුකරුවෙකු, නිවේදකයෙකු, ගුවන්සේවා සපයන්නෙකු මෙන්ම ලේඛකයෙකු ලෙසද ඔහු ජනප්‍රිය වුණා.
ලෝඩා තමන්ගේ හැකියාවන් සහ දුර්වලතාවයන් ගැන දැඩි විශ්වාසයක් තැබූ අයෙක් බව කියැවෙනවා. ඔහුගේ කතාව තුළ ඇති වැදගත්ම ලක්ෂණය එයයි. ඔහුට ව්‍යාපාරික පවුලක ‘ආරක්ෂිත’ ජීවිතයක් උරුම වී තිබුණා. ඒ සියල්ල අත්හැර ඔහු පැමිණෙන්නේ අවදානම් රැකියාවකට. වචනාර්ථයෙන් මෙන්ම ධ්වනිතාර්ථයෙන්ද අවදානම් රැකියාවකට. එක් අතකින් ජීවිත අවධානම. අනෙක් අතින් ඔහු අසාර්ථක වුණේ නම් ණය තුරුස් සමඟ ඔහුට මුහුණදෙන්නට වෙන ගැටලු කන්දරාව. මේ සියල්ල තිබියදී ඔහු තමන්ගේ හැකියාව ගැන දැඩි විශ්වාසය තබමින් ධාවන පිටියට පිවිසුණා. දරුණු ජීවිත අනතුරකින් පසුව පවා ඒ පිටියටම පෙම් බැන්දා.
ක්‍රීඩා ජීවිතයේදී ඔහු ගත් තීරණද අසාමාන්‍යයි. විවිධ කණ්ඩායම් වලින් සමුගැනීම, අවදානමක් ගැනීමට බිය නොවීම මෙන්ම ඕනෑම අවධානමකට සීමාවක් තබාගැනීම ඔහුගේ ජීවිතයෙන් ඉගෙනගත හැකි වැදගත් පාඩම්. ඔහු ජපන් ගෝන් ෆ්‍රී තරඟයෙන් අවදානම නිසා ඉවත්වීම මෙන්ම ෆෙරාරි කණ්ඩායමෙන් ඉවත්වීමද විස්මයජනක තීරණ. මේ අපූරු මිනිසාගේ ජීවිතයෙන් බිඳක් අත්විඳින්නට රෂ් චිත්‍රපටිය නැරඹුවොත් ඔබටත් හැකිවේවි.

Chk RUSH trailer-
මුලින්ම කියන්න ඕනේ Rush Film එක බලපු කෙනෙක්ට නම් Niki Lauda කියන්නේ අලුත් කෙනෙක් නෙවෙයි
,
මේක මම බලපු සුපිරිම ෆිල්ම් එකක්
, මේකේ දි Niki Lauda vs James Huntගේ fight එක ලස්සනට පෙන්නලා තියෙනවා, ඒ වගේම මේකේ Chris Hemsworth පට්ට act එකක් දෙනවා Daniel Brühl එක්ක එකතු වෙලා. ඉතින් මේ ඒ සුපිරි ධාවකයා ගැන පලවුනු ලිපියක්.

Last edited: