විසිල් නෑ බල්ටි විතරයි

obama2

Member
Apr 18, 2012
424
30
0
විසිල් නෑ බල්ටි විතරයි

විසිල් නෑ බල්ටි විතරයි

Posted on 28 June 2012.
Rating: 0.0/7 (0 votes cast)



ලෝකයේ කමිකරු පංතිය සිය අයිතිවාසිකමි දිනා ගැනීම උදෙසා බිහිවූ වැඩ වර්ජන සහ වෘත්තීය සමිති යන්න අද වන විට නව වරප්‍රසාදිත පංතියක් විසින් සිය අරමුණු සාක්සාත් කර ගැනීම උදෙසා භාවිතාවේ යොදවන ආකාරයක් දක්නට ලැබේ.


පීඩිත පංතියේ සහ කම්කරුවන්ගේ සටන් කිරීමේ සියලුම මුලාශ්‍ර මේ වන විටත් මේ නව වරප්‍රසාදිත පංතිය විසින් සිය පෞද්ගලික අරමුණු උදෙසා භාවිතා කරනු දක්නට ලැබේ. අතීතයේ දී කරත්තකරුවන්ගේ සිට නාටාමිලා දක්වා පීඩිත කමිකරු පංතිය විසින් සිය අයිතිවාසිකම් එනම් සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම උදෙසා වූ අයිතිවාසිකම් දිනා ගැනීම උදෙසා වෘත්තීය අරගල කරණු ලැබීය.

නමුත් අදවන විට මේ අරගලයේ ස්වභාවයේ ඛණ්ඩණයක් දක්නට ලැබේ. එනම් මේ වන විටත් මේ නව වරප්‍රසාදිත පංතිය යැයි අප හදුන්වන වෛද්‍යවරුන්,ඉංජිනේරුවන්, කතිකාචාර්යවරුන් වැනි උදවිය සිය වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැනීම උදෙසා වෘත්තීය අරගල කරනු ලබයි.


මොවුන්ගේ ප්‍රධාන ඉල්ලීම් වන්නේ වැඩි වැටුප්ය. මීට අමතරව වාහන ආනයන බලපත්‍ර වසර 12 කට වරක් නොව වසර 3කට වරක් ලබා ගැනීම සිය ඉන්ධන දීමනාව වැඩිකර ගැනීම වැනි කරුණු දක්වා මේ වෘත්තීය ක්‍රියා මාර්ග පුලුල් කර තිබේ. මේ නව වරප්‍රසාදිත පංතියට අවශ්‍ය වන්නේ පවතින සමාජ ක්‍රමය වෙනස් කර මීට වඩා හොද සමාජයක් නිර්මාණය කිරීමට වෙහෙස වීම නොව පවතින කුණු වී ගඳ ගහන ධනවාදී සමාජ ක්‍රමය සමග තව තවත් අනුගත වීමට අවශ්‍ය දෑ වෙනුවෙන් සටන් කිරීමය. මෙය මේ උදවිය විසින් හදුන් වන්නේ අරගලයේ නව ස්වරූපයක් වශයෙනි.


මේ නව අරගලකරුවන්ට අමතක එක් සත්‍යයක් වන්නේ මේ රටේ පීඩිත පංතිය මීට වඩා අපහසු ජීවිතයක් ගත කරන බවයි. උදාහරණයක් කියන්නේ නම් එළවලු මිලදී ගැනීමට වෙළෙදපොලට ගිය විට වම්බටු කිලෝවක් මේ වරප්‍රසාදිත පංතියට වැඩි මිලටත් පීඩිත පංතියට අඩු මිලටත් විකුණනවාද යන්නයි. මේ නිසා මේ වන විටත් පීඩිත පංතියට වඩා ක්‍රය ශක්තියක් මේ වරප්‍රසාදීත පංතියට ඇති නමුත් ඔවුන් සිය අයිතිවාසිකම් උදෙසා අරගල කරන්නේ තමන් මේ රටේ අසාධාරණයට ලක්ව සිටින බව කියමිනි. මේ උදවියට අමතක වන්නේ මේ අයගේ ඉල්ලීමි ලබා දීමේ දී රජය අය බදු අයකර ගන්නේ මේ රටේ දුක්විදින මිනිසුන්ගෙන් බවයි. ඒ අනුව රජය විසින් පීඩිත පංතියෙන් මංකොල්ල කන අයබදු වලින් තමන්ට සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන්නට අරගල කිරීම මාක්ස්වාදයද යැයි අපි අසන්නෙමු.


මේ බොහෝ උදවිය( වෛද්‍යවරු, හෙදියන්, ඉංජිනේරුවන්….) පවසන්නේ වෙනත් උදවියට වඩා මේ අය මේ රටට සේවයක් කරන නිසා ඔවුනට විශේෂ වරප්‍රසාද හිමිවිය යුතු බවයි. මේ අයට අමතක වන්නේ තමන්ගේ සේවය හා සමානවම තමන්ගේ නිවසේ කූණු ඉවත් කරන නගර සභාවේ කම්කරුවාගේ සේවයත් වැදගත් වන බවයි. යම් හෙයකින් මෙකී කම්කරුවන් උද්ඝොෂණ වැඩ වර්ජන කලහොත් තමන්ට මුහුණ දෙන්නට වන කරදරය වෛද්‍යවරුන් වැඩ වර්ජනය කිරීමෙන් ජනතාව මුහුණ දෙන කරදරයට වඩා අඩු බවද?


මොවුන් පවසන ආකාරයට මොවුන් විසින් ඉටුකරන සේවාවන් ගැන අප මදක් සලකා බලමු. මේ වන විටත් ජයවර්ධනපුර රෝහල යනු රජයේ වියදමින් වෛද්‍යවරුන්ට පෞද්ගලිකව මුදල් ඉපයිය හැකි හොර ගුහාවකි. බොහෝ විශේෂඥවද්‍යවරුන් වැඩිපුරම කැමති පෞද්ගලිකව වෙදකම් කරන්නටය. මේ වෛද්‍යවරුන් රෝගීන්ගේ ජීවිත බිල්ලට දී වැඩ වර්ජන කරන අතර පෙරළා වෛද්‍ය වෘත්තිය වෙනුවෙන් ඉටු කරන්නේ කුමන සේවාවක් ද? මේ අය නව රෝග සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන්නේද? අලුතින් ඖෂධ සොයා ගනු ලබන්නේ ද? මානසික ප්‍රතිකාර ක්‍රම දියුණු කරණු ලබන්නේ ද? මේ කිසිවක් නොකර උදේ පටන් රෑ වන තුරුම එකම දේ කුරුටුගාන මේ උදවිය සිහින දකින්නේ සිය වෘත්තිය වෙනුවෙන් තමන්ට හැකි උපරිමයෙන් සේවය සලසන්නට නොව කාර්, ගෙවල්, ලස්සන ගෑණු ගැනය. මෙවැනි වරප්‍රසාදිත නව පංතියක් විසින් වැඩ වරමින් රෝගීන් බිල්ලට දෙමින් තමන්ගේ ජීවිතය වඩාත් සුව පහසු කරගනු වස් ජනතාවගේ බදු මුදලින් අයිතිවාසිකම් උදෙසා සටන් කරන අතරම එයට මාක්ස්වාදී මුහුණුවරක් දෙමින් පීඩිත පංතිය රවටන්නටද උත්සහා කරයි.

ලංකාවේ අධ්‍යපන අර්බුදය සම්බන්ධයෙන් සලකා බලන කළ විශ්ව විද්‍යල ආචාර්යවරුන් අරගල කරන්ගේ සිය පෞද්ගලික අරමුණු වෙනුවෙනි. නමුත් මොවුන් කියන ආකාරයට මෙය අරගලයේ නව ස්වභාවයයි. මේ අචාර්යවරුන්ගෙන් අප අසන්නේ ලංකාවේ අධ්‍යපනය වෙනුවෙන් ඔවුන් කළ සේවාව කුමක්ද යන්නයි. මේ වන විටත් අධ්‍යපනය වර්ධනය කිරීම උදෙසා නව නිබන්ධන සකසනු ලැබ තිබේ ද?ශිෂ්‍ය ශිෂ්‍යවන් කී දෙනෙකුට අලුත් පරියේක්ෂණ සදහා උපකාර කර ඇත්ද? මේ කිසිවක් නොකර සිය වැටුප් අරගලය වෙනුවෙන් වසර ගණනක් රැවටෙමින් යළි අරගල කරමින් විකාර කරනු හැර වෙන යමක් කරණු දක්නට නොලැබේ.

මේ උදවියට ගමේ දී මිනිසුන්ගේ දත් ගලවන කොළඹදී හිනස්සන්ට කිතිකවන එස්.බී දිසානායක සමග සුරතල් වෙමින් ජනතාවගේ බදු මුදලින් පඩි වැඩි කර ගන්නට පුලුවන. මෙයට මාක්ස්වාදී භාවිතය යැයි කියන්නේ නම් එය අප සංජානනය කරණු ලබන්නේ කොහොමද? අනෙක් අතට රජයද මේ උදවියට දේවත්වයෙන් සලක්නේ ඇයි? වෛද්‍යවරුන්ට, කතිකාචාර්යවරුන්ට ගොඨාගේ ක්‍රමය අනුගමනය නොකරන අතර පීඩිත පංතියේ ඇන්තනිලාව, රොෂේන්ලාව ප්‍රසිද්ධියේ වෙඩි තබා ඝාතනය කරයි.

මේ වන විටත් බොහෝ උදවිය ඇපල් සමාගමේ නිෂ්පාදන සමග අනවරතව බැදී සිටින ආකාරය දක්නට පුලුවන. මේ සමහරක් අයට මේ ඇපල් සමාගමේ නිෂ්පාදන තමන්ගේම ජීවිතයේ කොටසක් බවට පත්ව තිබේ. ඇපල් වලට ආශක්ත වන බෙහෝ අයට අමතක වන්නේ මේ නිෂ්පාදන නිපදවන්නේ කෙලෙසද යන්නයි. තායිවානයේ foxconn කම්හලේ අඩු වැටුප් චීන කමිකරුවන් විසින් නිපදවන මේ ඇපල් නිෂ්පාදන නිපදවන කම්කරුවන්ගේ ජීවිත දුක්ඛිතය. අඩු වැටුප්, වැඩි වැඩ කාලයක්, සනීපාරක්ෂ පහසුකම් පවා නොමැතිව සේවය කරන මේ කමිකරුවන්ගෙන් බහුතරයක් මේ පීඩනය දරාගත නොහැකිව සිය දිවි නසා ගන්නා අවස්ථාවන් අපමණය. අපට ඇපල්ipods,iphone,ipad අතට ගත් විට අමතක වන්නේ foxconn සමාගමේ කම්කරුවාගේ ජීවිතයයි.


මේ ආකාරයට ලංකාවේ සිය පෞද්ගලික අරමුණු වෙනුවෙන් සටන් කරන නව වරප්‍රසාදිත පංතිය තමන්ට සුඛිත මුදිත ජීවිතයක් ඉල්ලා සටන් කරන විට අමතක වන්නේ මේ රටේ බදු ගෙනව පීඩිත පංතියයි. තමන්ගේ අරමුණ වෙනුනේ එනම් තමන්ට වඩාත් සැපදායි ජීවිතයක් ලබා ගන්නට ආශා කරන මිනිසුන් වෙනුවෙන් ඇපල් සමාගමට චීන කම්කරුවන් සිය ශ්‍රමය වගුරනවා හා සමානව තමන්ට වැඩි වැටුප්,ඉන්ධන දීමනා, වාහන ආනයන බලපත්‍ර ලබා ගන්නට අරගල කරන මේ වන වරප්‍රසාදිත පංතියට තමන්ට මේ පහසුකම් ලබා දෙන්නට පීඩිතයන් බදු ගෙනව බව අමතකව ඇත.


පසුගිය දා පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් කම්කරු අරගල මධ්‍යස්ථානයක් පිහිටුවනු ලැබූ අතර එහිදී ඔවුන් පවසා සිටියේ ‛‛කම්කරුවා අරගලයෙහි විෂය නොව සාරය’‛ යැයි කියායි. මාක්ස්වාදයට අනුව කම්කරුවාට නැත්තේ ද සාරයයි. මේ නිසා මේ උපුටනය මුලික වශයෙන් වැරදිය. කම්කරුවාට සාරයක් ඇති බව මාක්ස් පවසන්නේ මත්පැන් බොන තැනකදී, නිදි යහනේ දී සහ නිවසේ දීය. ඊට පරිභාහිරව සැබැවින්ම කම්කරුවාට සාරයක් නැතිබව පවසන්නේ අප නොව මාක්ස්ය.



ශ්‍රී ලංකා පෙරටුගමිී පක්ෂය