විහිලු කතා

sweets

Banned
Jul 2, 2011
297
160
0
පුංචි නැද්ද?

අලුතින් විවාහ දිවියට පා තැබූ ඉන්දිකා සහ අල්පොන්සෝ යුවළට ලැබුණු පළමු දරුවාගේ බර රාත්තල් තුනකට වැඩි නොවී ය. ප්‍රමාණයෙන් ද දරුවා ඉතා කුඩා විය.

“අනේ… බබා හරි පුංචියිනෙ.” දරුවා බැලීමට පැමිණි ඉන්දිකාගේ කාර්යාලයීය මිතුරියක වන සූරියා කීවා ය.

“පුංචි නැද්ද අනේ. තාම අපි බැඳලා මාස පහක් වත් වුණේ නැහැනෙ” ඉන්දිකා කීවා ය.

මතක නං කමක් නැහැ

“මේ ඇහුණ ද, ඔයාට ඔයාගෙ මූණ හොඳට මතකද?”

සිරිපාල උදේ තේ එක බොමින් පුවත්පත කියවද්දී එතනට ආ වයලට් නෝනා ඉමහත් උනන්දුවකින් ඇසුවා ය.

“ඔව්” සිරිපාල පිළිතුරු දුන්නේ පුවත්පතෙන් දෙනෙත් මෑත් නොකරමිනි.

“එහෙනං කමක් නෑ… “ වයලට් නෝනා පැවසුවේ සැනසුම් සුසුමක් හෙළමිනි.

“ඇයි ඒ” සිරිපාල ඇසුවේ කුහුලකිනි.

“උදේ ම මං අතින් ඔයාගෙ රැවුල කපන කන්නාඩිය බිම වැටිලා බිඳුණා…” වයලට් නෝනා කීවා ය.

හීනෙන්වත් බැරිද?

කරුණාදාස ගෘහමූලිකයා වුණාට ගෙදර පාලනය කළේ අමරාවතී. කරුණාදාස අමරාවතීට පූස් පැටියෙක් වගෙ හීලැයි.

අමරාවතී දවසක්දා උදේ නැගිට්ට ගමන් කරුණාදාස දිහා රවා බලමින් මෙසේ ඇසුවා.

”තමුසෙ මොකද ඊයේ රෑ නිදාගෙන ඉන්නකොට මට හොඳටම බැන්නෙ? හීනෙන් මහා කැත කතා කියල බනිනවා මං හොඳට අහගෙනයි හිටියෙ.”

”ඇයි වදේ මට හීනෙන්වත් එහෙම දෙයක් කරන්ඩ බැරිද?” කරුණාදාස බුරුල් වුණු දත් ඇන්ද පෙන්වමින් ඇහැව්වා.

එයාගෙ එක තමයි

විලි වැහෙන තරමටවත් නැති නාන ඇඳුමකින් සැරසී වැල්ලේ එහෙ මෙහෙ දුව පනින තරුණියක දුටු අයෙක් ඇයගේ ඇඳුම පිළිබඳව අවවාදයක් දීමට සිතා ඇයට කතා කළේය.

”බලන්න ඔයා ඇඳගෙන ඉන්න නාන ඇඳුමෙ හැටි. ඕක ඔයා ඇඳගෙන ඉන්නවා ඔයාගේ අම්මා හෙම දැක්කොත්, ඔයාට මොනවා නොකියාවිද?

ඔහු දෙස නොරිස්සුමෙන් බැලූ තරුණිය මෙසේ ප්‍රතිඋත්තර දුන්නාය.

’අම්මා මොනවා කියන්නද? එයාගෙ නාන ඇඳුම තමයි මම මේ ඇඳගෙන ආවේ”

දන්නේ ඔයානේ

සෝමලතාට දැන් අවුරුදු 40කට කිට්ටුයි. ඔළුවේ කෙස් ගස් එක දෙක ඉදෙන්නත් පටන් අරන්. ඇගේ අතගන්න කුමාරයෙක් තවමත් නැති එක ගැන ඈ සිටියේ බලවත් විස්සෝප ගතියකින්.

දවසක්දා නින්දෙදි සෝමලතා අපූරු හීනයක් දැක්කා. සිහිනෙන් රාජ කුමාරයෙක් ඇවිත් තමා අසුපිට නංවාගෙන ගමන් අරඹනවා ඈ දුටුවා.

’ඔබ කොහෙද මාව මේ අරන් යන්නෙ?’ සෝමලතා සතුටින් ඉපිලෙමින් කුමරාගෙන් ඇහැව්වා.

’මං කොහොමද ඒක දන්නෙ. ඒක ඔයා දැනගන්න එපායැ. ඔයානෙ හීනෙ දකින්නෙ.” කුමාරයා කිව්වා.

මදූෂිකා නංගිගෙන් ගත්තේ
 

sweets

Banned
Jul 2, 2011
297
160
0
විහිලු කතාවක්
ඕං දවසක් පල්ලියෙ පූජාව පටන් ගන්න ටිකකට කලින් මිනිස්සු පල්ලියට වෙලා ඉඳගෙන ඉද්දි... එකපාරම පල්ලියෙ අල්තාරෙ ගාවින් සාතන්( යක්ශයා ) පෙනී හිටියලු..

සාතන් ව දැක්ක ගමන් බයවෙච්ච මිනිස්සු සීසීකඩ දිව්වලු..


ඔක්කොම කට්ටිය දිව්වට එක වයසක අන්කල් කෙනෙක් ඉඳගෙන ඉන්නවලු කිසි කලබලයක් නැතුව.

සාතන්ට මේකට මාර අප්සෙට් ගියාලු.
cidimage001.jpg%254001CBCD1C.jpg

සාතන් : උඹ දන්නවද මම කව්ද කියල ?
අන්කල් : ඔව්

සාතන් : උඹ මට බය නැද්ද ?
අන්කල් : නෑ..

සාතන් : උඹ දන්නවද මට උඹව සදාකාලිකවම නරකාදියේ දුක්විඳ විඳ ඉන්න සලස්සන්න පුලුවන් කියල ?
අංකල් : ඔව්.

සාතන් : උඹ තාමත් මට බය නැද්ද ?
අංකල් : නෑ..

දැන් සාතන් ට මාර අප්සෙට් ලු...

සාතන් : ඇයි උඹ මට බය නැත්තෙ ?
අංකල් : මම අව් රුදු 40 ක් තිස්සෙ කසාදබැඳන් ඉන්නෙ උඹේ නංගිව..

http://www.arawamewa.com/forum/showthread.php?t=14266

 
  • Like
Reactions: රෝප්

මේවාට කියන්නේ මොකක්ද දන්නවද උඹ බබා වෙන්න හදනවා කියලා මම උඹත් එක්ක මෙච්චර දවස් කතා කරෙත් ලින්ක් දැමීම නොදැමීම ගැනමමත් නෙවෙයි. අනුංගෙ ඒවා ලියපු එකාගේ නම් ගම් ඉවත් කරලා අයිතිකාරයාගේ සියළු අනන්‍යතාවයන් සෝදා හැරලා උඹ ලියපුවා වගේ මෙහේ පෝස්ට් කරපු එක ගැන. ලින්ක් පැත්තකට දාමු ඇයි ලියපු එකාගෙ නම දාන්න බැරි ඇයි අනුංගෙ නිර්මාණ කියලා කියන්න බැරි කියලා ඇහුවා මතකනේ ?? උඹ කරපු බලු වැඩේට අපි විරුදධ උනාම. මේක දාලා මොඩ් මේක අයින් කරාම ගතු කියලා බබා වෙන්නයි උඹෙ අදහස ! මේක හිතා මතාම කරපු දෙයක් කියලා තේරෙනවා මොකද උඹ මේකට කලින් දාපු ත්‍රෙඩ් දෙකේම ගත්තේ බුන්ඩියාගේ බ්ලොග් එකෙන් සහ ගත්තේ ලොවෙත් නැහැ බ්ලොග් එකෙන් කියලා දාලා තියෙනවා. ලින්ක් දාලා ස්පෑම් නොකර මේකට විතරක් උඹ ලින්ක් දාලා ස්පෑම් කරලා තියෙනවානේ. උඹට මේකට විතරයි ලින්ක් එක වැටිලා තියෙන්නෙ! ඒ නිසා ගොං පාට් දාන්න එපා . ඒක තේරෙනවා
ගත්තේ ලොවෙට් නෑ බ්ලොග් එකෙන්

වැරැද්දක් කරලා ඒකට මොඩ් ඇක්ෂන් ගත්තාම අපි කිව්වා කියලා ඒක දඩමීමා කරන් වැරැද්ද වහගන්නයි අදහස. අපි කිව්වා නම් කලින් බ්ලොග් දෙකටත් ලින්ක් වැටෙන්න ඕනේ නේ මේකට විතරක් මොකද වෙනසක් මෝඩයෝ කියලා හිතන්න එපා. මේවා ඇවිත් එළකිරියට අභියෝගයක් කියලා හිතං ඉන්න වෙබ් අඩවි. බ්ලොග් අඩවි එහෙම නෙවෙයි. ඇරත් මම ඇහුවා මේ ලින්ක් දැමීම ගැන ඒගොල්ලන්ගෙන් ගැන මට ලැබුන උත්තරේ තමයි ලින්ක් දාන්න එපා ! අනුංගේ බ්ලොග්වලින් උස්සන ඒවා දානකොට ඒක අයිතිකාරයාන් දාන්න අර කෝඩ් එක විදිහට බ්ලොග් එකේ නම දාන්න කියන එක උදාහරණයක් විදිහට බ්ලොග් එකේ නම සිංහලයා නම් උඹට දාන්න පුළුවං අරගත්තේ මෙතනින්
Code:
[SIZE="4"][COLOR="Blue"] Code:- සිංහලයා[/COLOR][/SIZE]
ඒක යූසර්ස්ලා දන්න නොදන්න එක අදාල නැහැ කිව්වා ඩේලි මිරර් එකෙන් ගත්තානම් උඹට කෝඩ් එක විදිහට ඩේලි මිරර් කියලා ලියන්න පුළුවං නැත්තං ඩී එම් කියලා ලියයන්න පුළුළුං. උඹ ඒ උපදෙසේ විදිහට කලින් ත්‍රෙඩ් දෙකේම බ්ලොග් එකේ නම දාලා ලින්ක් දාන්න එපා කිව් නිසා. මේකට විතරක් ලින්ක් දාලා. අන්න ඒකයි කියන්නේ මේකේ ඉන්නේ මෝඩයෝ නෙවෙයි. සයිට් එකේ හිතා මතාම ස්පෑම් කරලා අනුංගේ දේවල් තමංගෙ වගේ දාගෙන වංචාව කරන්න ඉඩ පාදගන්න හිතන්න එපා. ඒක නිසා උඹට පුළුවනි අනුංගේ ඒවා ගන්නකොට ගත්තේ මෙතනින් කියලා කෝඩ් එක ඇතුලේ බ්ලොගයේ නම හො ලියපු කෙනාගේ අනන්‍යතාවය සදහන් කරන්න. මේකත් එක්කම දාපු අනික් ත්‍රෙඩ්වල කෝඩ් එක දාන්න පුළුවං මේකට විතරක් ලින්ක් එක දැමෙනවා නේද? හහ් . ඕවා බ්ලොග් අඩවි නෙමෙයි වාණිජ පරමාර්ථ උඩ පවත්වාගෙන යන වෙබ් අඩවි ඇරත් උඹටයි මටයි මේ ගැන කියවන්න දෙයක් නැහැ තවත්. ඒක පැහැදිලියි .මොකද ඒ ගැන සෘජු උත්තරයක් දුන්න නිසා. ඒක නිසා ලින්ක් දාන්න එපා. ඒක සිංහල බ්ලොග්වලට වගේම ඕප දූප කේලං නිවුස් සයිට්වලටත් අදාලයි ඒවායේ ලින්ක් දාන්නත් බැහැ. :lol: දැං බලපං මේකෙම උඹ උඩ පෝස්ට් එකේ දාලා තියෙනවා මධුෂිකා නංගිගෙන් ගත්තේ කියලා මං ඒක දැක්කේ දැං ඒත් පහල පෝස්ට් එකට විතරක් ලින්ක් එක දැමෙනවා ඇයි ඒකටත් උඹට බැරි දාන්න පෝස්ට් එකේ අයිතිකාරයාගේ යූසර්නේම් එක.? ඇයි උඹට මේකටත් දාන්න බැරි උනේ ගත්තේ sandamal ගෙන් කියලා rofl
 
Last edited: