විහිලු කතා

janakaparakkuwa

Active member
  • මා වෛදය විදයාව පිලිබද ලියා ඇති පොතපත සහ සගරා කියවීමට දැඩි අකමැත්තක් දක්වන්නෙකි. එයට හේතුව මෙසේය..
    දිනක් මා නිවාඩුවක් ලබා ගැනීම සදහා වෛදය සහතිකයක් ගැනීමට මාගේ නිවස අසල පිහිටි වෛදය ශාලාවකට පිවිසිය. එහි සිටි පෝලිම අඩුවන තුරු මා එහි තිබූ සගරාවක් අතට ගත්තෙමි. එහි තිබුනේ ලොව ඇති විවිධ ආකාරයේ රෝග සහ වසංගත පිලිබදවය.
    මා එහි තිබූ රෝග අධ්‍යයනය කිරීමට පටන් ගත්තේය. මම මුලින්ම කඩා වැටුණේ විසිවන සියවසේ - බිය උපදවන, විනාශකාරී වසංගතයක් වන Covid 19 වෙතටයි. එහි පූර්ව රෝග ලක්ෂණ ලැයිස්තුවෙන් අඩක් බැලීමට පෙර, එය මට තරමක් දුරට වැලදී ඇති බව සනාත විය.
    වෙනත් වසංගත රෝග තත්වයක් මා හට වැලදී ඇද්දයි මා පිටු පෙරලා බැලුවත් වෙනත් කිසිදු වසංගත රෝග තත්වයක් මා හට නොතිබුනි. බලාපොරොත්තු සුන්වීම තුළ, මම නැවතත් පිටු පෙරළා, ටයිෆොයිඩ් උණ කොටසට පැමිණ රෝග ලක්ෂණ කියවීමට පටන් ගත්තෙමි. අරුමයකි! මට ටයිපොයිඩ් උණ වැළඳී ඇත. මා නොදැනුවත්ව එය මාස ගණනක්, මාගේ ශරීරය තුල තිබී ඇත.
    තව දුරටත් සගරාව කියවීමේදී ලොව දුර්ලබම රෝගයක් වන මයික්රොප්සියා රෝගයද මා සතුව ඇති බව සොයා ගන්නා ලදී.
    ඒත් සමගම මා සතුව ඇති වෙනත් රෝග මොනවාදැයි දැනගැනීමට උනන්දුවක් පහල වූ අතර, ඒ නිසා මා, සගරාවේ ඇති රෝග අකාරාදී ලෙස කියවීමට ආරම්භ කලෙමි.
    වයස්ගත පුද්ගලයින් හට සෑදෙන හතලිස් ඇදිරිය මා හට වයස අවුරුදු 14 පටන් තිබූ බවත්, එහි උග්‍ර අවධිය තවත් දෙසතියකින් ආරම්භ වන බවත් මා හට අවබෝධ විය.
    බ්රොන්කයිටීස් රෝගයද මා සතුව ඇති බව සොයා ගැනීමට ලැබීම සහනයක් විය, එය මා සතුව තිබුණේ නවීකරණය කරන ලද ස්වරූපයකින් පමණි. ඒ සම්බන්ධයෙන් ගත් කල, මා හට තවත් අවුරුදු ගණනාවක් ජීවත් විය හැකිය. මට කොලරාව දරුණු ලෙස වැලදී ඇති බවත් මා ඩිප්තෙරියා රෝගය උපතේ සිට රැගෙන ආ බවත් පෙනෙන්නට තිබුණි. රක්තවාතය සම්බන්ධයෙන් ගත් විට, එහි අතිශය මාරාන්තික අවධියේ මා සිටිනා බවත්, මා කුඩා කල සිට සිරෝසිස් සමඟ මම පීඩා විද ඇති බවද අවබෝධ විය.
    මම ඉංග්‍රීසි හෝඩියේ අකුරු විසි හය හරහා, හෘද සාක්ෂියට එකඟව කතා කරන කල්හි මට වැලදී නොමැති එකම ව්‍යාධිය ගෘහ සේවිකාවන් හට වැලදෙන දණහිස ඉදිමීමේ රෝගය පමණි. මුලදී මට මේ ගැන තරහක් දැනුනි. ඇයි මා හට ගෘහ සේවිකාවගේ දණහිස ඉදිමීමේ රෝගය වැලදුනේ නැත්තේ? මෙලෙස වෙනස්කම් සිදුවීම සාධාරණ නොමැති බව මා හට හැගුනි.
    කෙසේ වෙතත් ටික මොහොතකට පසු, එම දුක්බර හැඟීම් අඩු විය. අනෙක් සෑම රෝගයක්ම මා සතුව ඇති බවත් සිතා, මම ආත්මාර්ථකාමී බව අඩු කර ගැනීමට අධිෂ්ටාන කර ගතිමි. සිරෝසිස් වලින් පසු තවත් රෝග කිසිවක් නොතිබූ නිසා, මම නව නිගමනයකට එලබුනෙමි.
    වෛදය විදයාවට හට මා ඉතා වටිනා ජීවියෙකි. වෛදය සිසුන් හට රෝහල්වල ඇවිද ලෙඩ රෝග පිලිබද නිර්නය කල යුතු නැත. මා වටා දෙවරක් ඇවිද්දානම් ඔවුන්ට වෛදය උපාධිය ලබා ගැනීමට හැකි වනු ඇත.
    ඉන්පසුව මා හට මේ රෝග සමග කොපමණ කාලයක් ජීවත් විය හැකිදැයි කියා, මා ගැනම පරීක්ෂා කර බැලීමට උත්සාහ කළෙමි.
    මාගේ හදවතේ ස්පන්දනය පරීක්ෂා කිරීමේදී, මුලින් කිසිම ස්පන්දනයක් නොමැති බව දැනෙන්නට විය. නමුත් හදිසියේම එය ස්පන්දනය වීමට පටන් ගත්තෙමි. මම මගේ ඔරලෝසුව එළියට ගෙන එය කාලානුරූපව තැබුවෙමි. එය මිනිත්තුවට ස්පන්දන එකසිය හතළිස් හතක් බවට පත්ව තිබුනි. මම නැවතත් මගේ හදවතේ ස්පන්ධනය බැලීමට උත්සාහ කළෙමි. එවිට හදවතේ ස්පන්ධනය දැනෙන්නේ නැති විය. එය ස්පන්ධනය වීම නතර කර තිබුණි.
    මම මාගේ ඉණ පටන් හිස දක්වා, සෙමෙන් තද කල බැලුවෙමි. නමුත් මට කිසිවක් දැනෙන්නට නොහැකි විය. මා මාගේ දිව දෙස බැලීමට, එය වෙන කවරදාකටත් වඩා දිගු කර, එක ඇසක් වසා පරීක්ෂා කිරීමට උත්සාහ කළත් මා හට පෙනුනේ දිවෙහි අග කොටස පමණි. කෙසේ නමුත් දිවේ වර්ණයට අනූව මා හට කහ උණ වැළඳී ඇති බවද මා හට වැටහුණි.
    මා මෙම ස්ථානයට පැමිණියේ සතුටින්, නීරෝගී පුද්ගලයෙකු ලෙසින් නිවාඩුවක් ලබා ගැනීම සදහා වෛදය සහතිකයක් ගැනීමටය. නමුත් දැන් මා අවසන් දින ගණන ගෙවනා රෝගියෙකු වී අවසන්ය.
    මාගේ වාරය පැමිණ මා දොස්තර වෙත ගිය පසු, මා විගසින් පැවසූයේ, මට ඔබගේ කාලය නාස්ති කිරීමට අවශය නැත. ගෘහ සේවිකාවන් හට වැලදෙන දණහිස ඉදිමීමේ රෝගය හැර ඉතුරු සියලු රෝග මා හට ඇත. කියාය.
    දොස්තර මහතා මදක් මා දිහා බලා හිද රිසිට් පතක් ලියා දුනිමි. වියදම අධික විය හැකි නිසා මා එය දිග හැර බැලුවෙමි. " නොදන්නා දේවල් කියවීමට නොයන්න " ලෙස එහි සටහන්ව තිබුනි.
    එදන් පටන් මා වෛදය විදයාව පිලිබද ලියා ඇති පොතපත කියවීමට අකමැත්තක් දක්වන්නෙමි..
    පරිවර්ථනයකි..
    Boottu sawariya pattama pothak mama kiyawapu
     

    Assassin Galaa

    Well-known member
  • Jul 5, 2017
    634
    499
    63
    සල්ලි ගිලින බහිරවයා..
    '''''''''''''''''''''''''''''''''''''''''''''''"""""''''''''''''''''''''''''''''''''''''''"
    එදා රජයේ නිවාඩු දිනයකි.
    හිතවත් ගුරු මහතෙකු පැමිණ අම්මා සහ තාත්තා සමඟ බර කතාවකය.
    මට මහා කම්මැලිකමක් දැනිණි.
    කාමරයට ගිය මම අම්මාගේ මේසය ඇවිස්සුවෙමි.
    රුපිය⁣⁣ලේ කාසියක් මට හමුවිය.
    එය කටේ දමාගෙන අැඳෙහි දිගාවී මිහිර පත්තරය බලන්නට වූයෙමි.
    රුපියල හපන විට අමුතුම රසයක් දැනෙයි.( සමහර විට පාවිච්චි කළ මිනිසුන්ගේ දාඩිය වගේ අනම් මනම් එහෙම ගෑවිලා නිසා වෙන්නට ඇත.)
    මෙසේ ටික වේලාවක් සිටින විට නිදිමතක් දැනෙන්නට විය.
    අනෙක් පැත්තට හැරී නිදා ගන්නට සිතනවාත් සමඟම කටේ තිබූ රුපියල ' ජුග් ' ගා ගිලෙන්නට විය.
    දැන් මට මහ දවල් තරු පෙනෙයි.
    රුපියල උගුරේ හිරවෙලාය.
    මම ගේ ඉදිරිපිටට ගොස් "ග්ලක්..බ්ලක්.."ගා අතින් හා පයින් සිදුවූ අකරතැබ්බය දෙමව්පියන්ට දැන්වූයෙමි.
    සිදුවී ඇති දේ බොහෝ අමාරුවෙන් තේරුම් ගත් තාත්තා මා මිදුලට කැඳවාගෙන ගොස් කට අරවා
    මගේ උගුර පරීක්ෂා කර බලා " අර තියෙන්නේ රුපියලක් ....!" කියා කීවේය.
    ඔහු අසීරුවෙන් ඇඟිලි දමා එය ගන්නට තැත් කළද, ඇඟිල්ල කිට්ටු වෙනවාත් සමඟම කාසිය මගේ උගුරෙන් අන්නශ්‍රෝතයට රිංගා අතුරුදහන් විය.
    රුපියලක් වැනි විශාල කාසියක් ගිළුණ විට කුමක් වේදැයි අවබෝධයක් තාත්තාට හෝ එතැන සිටි වෙනත් වැඩිහිටියන්ට තිබුණේ නැත.
    සැවොම පැවසුවේ ඉක්මනින් වෛද්‍යවරයෙකු හමුවන ලෙසය.
    පැයක් තුළ තාත්තා මා කැටුව වදාකඩ ආණ්ඩුවෙ ඩිස්පැන්සරියට ගියේය.
    මා ගියේ දොස්තර මගේ බඩ කපා රුපියල ගනිතැයි මර බියෙනි.
    ඉස්කෝලෙට කොකු පණු බෙහෙත් දෙන්නට එන බැවින් දොස්තර තාත්තාගේ හිතවතෙකි.
    මා කාසිය ගිල්ල කතාව ඇසූ ඔහු මදක් කල්පනාකාරී විය.
    " මෙයාට රුපියලක් ගිලුන කියල විශ්වාස කරන්නත් අමාරුයි... සමහර ළමයි සල්ලි හොරකම් කරල බොරුවට ගිලුන කියනව... මෙයා බොරු එහෙම කියන්නේ නෑ නේද ...? එහෙම වුණොත් බඩ කපලා අපරාදෙ ...." දොස්තර තාත්තා දෙස බලා කීවේය.
    මට දැන් සිදුව ඇත්තේ වඳින්නට ආ දේවාලය හිස මතට පතබෑ වුණා වගේ වැඩකි.
    " නෑ නෑ.. දොස්තර මහත්තයා .. මෙයාගෙ උගුරෙ රුපියල තියනවා මං දැක්කා ..." තාත්තා කීවේය.
    "නෑ මං හිතුවෙ මෙයා අතින් රුපියල නැති වුණාවත්ද කියල... බඩ වැලේ නැම්මක හිර වුණොත් තමයි වැඩේ.. එහෙම නැත්නම් දවස් දෙකක් ඇතුලත එයි... බෙලි,කෙසෙල් වැඩිපුර කන්න දෙන්න.. මළ පරීක්ෂා කරල බලන්න, කාසිය ආවද කියල.. එහෙම නොආවොත් කුරුණෑගල ගිහින් එක්ස්රේ කරන්න වෙනවා..." දොස්තර කීවේය.
    එදා අප ගෙදර ගියේ බෙලි හා කෙසෙල් මල්ලක්ම රැගෙනය.
    ගිය වෙලාවේ සිට ඒවා කන්නට මට නියම කෙරිණි .
    හොඳම රැග් එක ආරම්භ වූයේ පසුදා උදේ සිටය. මට වැසිකිළිය තුළට යාම තහනම් කෙරිණි.
    ඒ වැඩේ කළ යුත්තේ එළිමහනේ තාත්තාගේ පූර්ණ අධීක්ෂණය යටතේය.⁣
    කොහොමින් හරි මේ කතාව ඉස්කෝලේටද ආරංචි විය.
    තාත්තා හා අම්මාම කියන්නට ඇත.
    දකින දකින අය මට 'සල්ලි ගිළින බහිරවයා' කියා කියන්නට විය.
    එවිට මට මතක් වන්නේ අර සමහර පන්සල්වල පිං කැටයට තිබෙන ඇරගත් කට උඩට හරවාගත් ලොකු බඩක් ඇති බහිරව රූපයකි.
    දෙදිනක් ගත විය.
    රුපියල තවමත් නැත.
    දැන් නම් ඉතින් කුරුණෑගල මහ රෝහලට ගොස් එක්ස්රේ ගෙන බඩ පලන්නට සිදුවනු ඇත.
    කුරුණෑගල යන්නට නියමිත දින මූණ කට සෝදා අවසානයේ තාත්තාගේ අධීක්ෂණය යටතේ වැසිකිළිය පිටුපසට ගියෙමි.
    වෙනදා මෙන් වැඩි වෙහෙසක් නැතිවම කටයුත්ත සිද්ධ විය.
    බෙලි හා කෙසෙල් එයට උපකාර වන්නට ඇත.
    මගේ සිත ගත දෙකම බියෙන් වෙලී යන්නට විය.
    දැන් නම් එක්ස් රේ ගෙන බඩ පලන්නට සිද්ධ වෙනවා නියතය.
    ඉතා පරීක්ෂාවෙන් අර මහා පත කක්කා ගොඩදෙස බලන තාත්තාගේ දෙතොළග සිනහ ඉරක් ඇඳෙනු මට දක්නට ලැබිණි.
    මමද ඒ දෙස බැලුවෙමි..
    මම නොබියව කියමි.
    එතෙක් මෙතෙක් මා දැක ඇති වාසනාවන්තම, ලස්සනම, ප්‍රිය ජනකම මෙන්ම වටිනාම කක්කා ගොඩ එය විය.
    දින දෙකක් පුරා කොහේදෝ ආතක් පාතක් නැතිව, මහා ඝන අන්ධකාරයේ, මගේ ආහාර ජීර්ණ පද්ධතිය සිසාරා, අධික වෙහෙසකර ගමනක යෙදුන රුපියලේ කාසි රාජයානෝ ඒ මහත්වූ කක්කා ගොඩ මත, බොහෝ ආඩම්බරයෙන් බැබලෙමින් වැඩ සිටියෝය.
    © දයානාත් ධර්මසේන








    පුංචි පවුල රත්තරන්....
    ************************
    අපේ අම්මගෙයි, තාත්තගෙයි එකම දරුවා මං ..
    ගුරු යුවලකගෙ එකම දරුවා වීම වාසනාවක් කියල ඒ කාලෙ සමහරු මට කියල තියෙනවා ..
    ඒ ඇයි කියල මට එදා තේරුනෙත් නෑ අද තේරෙන්නෙත් නෑ..
    සහෝදර සහෝදරියන් රොත්තක් හිටියනම් කොච්චර හොඳද ..? අම්මා, තාත්තා මිය යනතුරු බලා ගත්තෙ මං තනියම.. අත්තා අත්තම්මා බලාගන්න අතට පයට දෙන්න ගානෙ දූ දරුවන් හිටියා.
    ඒ කාලෙ අම්මයි තාත්තයි, මාත් එක්ක දේවාල පන්සල් ගානෙ නිතර නිතර ගිහින් තියෙනවා. අළුත්නුවර.. බෙල්ලන්විල .. අනුරාධපුර .. මහනුවර ..කතරගම .. ඔය හැම තැනම ගිහින් භාර හාර උනේ තවත් දරු පැටියෙක් බලාපොරොත්තුව බව පස්සෙ කාලෙ තමයි මට තේරුම් ගියේ..
    ඒ කාලෙ අපි ළමයි උපදින්නෙ මොන විදිහෙ ක්‍රියාවලියකින්ද කියල දැනගෙන හිටියෙ නෑ.. අම්මලට ළමයි හම්බවෙනව කියල විතරයි දැනගෙන හිටියෙ.
    අකුරු කියවන්න ඉගෙන ගත්ත මුල් කාලෙ නිසා පත්තර වල, සගරා වල තියෙන ඕනෑ දේයි එපා දේයි ඔක්කොම කියවනවා..
    ඒ කාලෙ අපේ ගෙදර පරණ ශ්‍රී සගරා ගොඩක් තිබුණා .. ඒක කාන්තාවන් ඉලක්ක කරගෙන නිකුත් කළ සගරාවක්... ඒකෙ පිටුවක් පුරා මේ විදිහෙ දැන්වීම් තිබුණා ..
    උඩින්ම තඩි අකුරෙන්
    " ඔසප්.......!..ඔසප්......!..ඔසප්......!" කියල තිබුණා .
    ඊට යටින් ඔබගේ ඔසප් කොපමණ පමා වුවත් එවේලේම ප්‍රතිඵල ..
    කියල ලියල ඊටත් යටින් තව විස්තර තිබුණා...
    මේ බෙහෙතක් ගැනයි කියල තියෙන්නේ ..
    " අම්මේ ... මොකක්ද මේ ඔසප් කියන්නෙ කියල මං අම්මගෙන් ඇහුවා ..." ( දැන් නම් විළි ලැජ්ජා හතයි..කියල හිතෙනවා ..)
    " ආ ඒ පුතේ මිනිසුන්ට හැදෙන ලෙඩක්... ඔය ඒකට තියෙන බේතක් ගැන දැන්වීමක්නෙ..." කියල අම්මා ගාණක් ගන් නැතුව කීවා..
    එදා හවස කොල්ලො කුරුට්ටෝ එක්ක සෙල්ලම් කරද්දී සමහර වෙලාවට ඔය දැන්වීම මතක් වෙනවා. එතකොට මං හයියෙන් " ඔසප්... ඔසප්... ඔසප්.." කියල කියනවා..
    කොල්ලො " ඒ මොකක්ද ...? කියල ඇහුවොත් "ඒක ලෙඩක්..." කියල කියනවා. කවුරුවත් මොකුත් කීවෙ නෑ..
    එතකොට මං ඉස්කෝලේ තුනේ..
    අපේ පංති භාරව හිටියෙ පෙරේරා කියල වයසක ටීචර් කෙනෙක් .
    මං පහුවදා ඉස්කෝලෙට ගිහින් නිකං ඉන්න වෙලාවට දැන්වීම මතක් වෙනකොට "ඔසප්.. ඔසප්.. ඔසප්.." කියල කෑ ගහනවා ..
    කොල්ලන්ට කෙල්ලන්ට ගාණක් නෑ..අපි පොඩි එවුන්නෙ.
    ඔන්න තවත් පාරක් මං "ඔසප්... ඔසප්... ඔසප්.." කියල කිව්වා විතරයි ඔලුවට " පටෝර්..." ගාල තද ටොක්කක් වැදුනා...
    බැලින්නම් පෙරේරා ටීචර් හෙමිහිට පිටිපස්සෙන් ඇවිත් ..
    " මොනවාද ඔය කියන්නෙ ...? කාඩ කොල්ලො වගේ.. කවුද ඕවා කියල දුන්නෙ ..? " කියල ටීචර් ඇහුවා .
    " අම්මා ....කියල දුන්නෙ ...."
    " මොනවා ....! එන්න යන්න අහන්න," කියල ටීචර් මගෙ අතින් ඇදගෙන අම්මා උගන්වන පංතියට ගියා ..
    මාව එළියෙන් තියල අම්මා ගාවට ගිය පෙරේරා ටීචර් මොනවද සුටු පුටු ගෑවා.. අම්මා අහගෙන ඉදල හිනාවීගෙන මා ළගට ආවා.
    "පුතේ සමහර වචන තියෙනවානෙ හැම තැනදිම කියන්න හොඳ නෑනෙ... ඒක ලොකු අයට හැදෙන ලෙඩක් නිසා ආයෙ ඒ වචනෙ කියන්න එපා..."
    අම්මා කීවා ..මං ඔළුව වනල ඒක පිලිගත්තා.
    "ඒක තමයි ඔය ලොකු පොත් වල නරක දේවල් තියෙනවා ..." පෙරේරා ටීචර් කීවා.
    ඒක එතනින් ඉවරයි .. ආයෙ මං කවදාවත් ඒ වචනෙ කීවෙ නෑ.. කවුරුවත් ඒ ගැන මගෙන් ඇහුවෙත් නෑ..
    ඒ වුණාට ඊට වඩා දෙයක් වුණා තාත්තාත් එක්ක වදාකඩ ඩිස්පෙන්සරියට බෙහෙත් ගන්න ගිය වෙලාවක...
    මේ එක්දාස් නවසිය හැත්තෑ ගනන් වල මුල් කාලෙ .
    ඉස්පිරිතාලවල , ඩිස්පෙන්සරි වල ලොකු ලොකු පෝස්ටර් ගහල තිබුණා ..තව පත්තර වල දැන්වීම් තිබුණා...
    අම්මෙකුයි , තාත්තෙකුයි,දුවෙකුයි, පුතෙකුයි ඉන්න...
    ඊට උඩින් ලොකු අකුරින් ලියල තිබුණා මෙහෙම.
    "පුංචි පවුල රත්තරන් ...!" කියල.
    දැන් ඉතින් මට හෙන ප්‍රශ්නෙ.. මේ මොකක්ද මේ මේක කියල.
    මං තාත්තගෙන් ඇහුවා මේකෙ තේරුම..
    තාත්තා කීවා පවුලකට අඩුම ගණනෙ දරුවන් දෙන්නෙක් වත් ඉන්නව නම් වටිනව කියන එක. කියල. ඒ ඇරෙන්න තාත්තා වෙන වෙනසක් පෙන්නුවේ නෑ...
    ආයෙ දවසක ඩිස්පෙන්සරියට ගිය වෙලාවක අලුත්ම ලොකු පෝස්ටරයක් ගහල තිබුණා.
    " ඔබේ පවුල සැලසුම් කරගන්න අගනා උපකරණයක් මෙහිදී ලබාගන්න. මිළ ශත පණහයි ..." කියලා.
    ශත පණහක රූපයක් ඇදල තිබුණා.
    දැන් මට අමුතු හැගීමක් ආවා ...
    ඒ කාලෙ මං හරිම ආසයි ඔය ගැජමැටික් වලට.. ඔරලෝසු , වයින් කාර්, ස්විච්, බල්බ් වයර්, බැටරි, ටෝච් වගේ දේවල් මට පෙන්නන්න බෑ...
    ඉතින් අර දැන්වීමෙ තියෙන්නේ " උපකරණයක්" කියලනෙ..
    මට හිතුනෙ දැන් මේ උපකරණය හරියටම ඔර්ලෝසුවක් වගේ ඩයල්, දැතිරෝද , ස්විච් එහෙම තියෙන ගැජමැටික් එකක් කියලමයි.
    මේ ගැජමැටික් එක ලොකු ගාණක් වෙන්නෙත් නැ. ශත පණහයි නෙ.. දැන් මට මේකක් ගන්නමයි හිත.
    මං තාත්තාට කතාකළා.
    "තාත්තේ... මට මේ දැන්වීමේ තියෙන උපකරණයක් අරන් දෙන්න ..." තාත්තා දැන්වීම බලල එකපාරටම ඇස් දෙක ලොකු ලොකු කරගත්තා . ටිකක් වෙලා සද්ද නැතුව ඉදල .. ටිකක් එහාට ගිහින් කටේ තිබුණ බුලත් කෙළ
    අයිනකට ගහල ආව.
    " ඕක පුතේ බෙහෙතක් ,,,, උපකරණයක් කීවට ,,, අරන් වැඩක් නෑ,,,," ඊට පස්සෙ ආයෙත් දැන්වීම් දිහා බලාගෙන කීවා.
    " තාත්තා දොස්තර මහත්තයා ගාවට ගිහාම අහන්නකො,,, මං කියන්නෙ බේතක් නෙවෙයි,,,,
    අපි ඉල්ලගෙන බලලා ගනිමු... ඕක උපකරණයක්නෙ,,," මං කීවා.
    තාත්තා මොකුත් කීවෙ නෑ,,
    එතකොටම කෑමට ගිහින් හිටිය දොස්තර ආවා.
    ඉස්කෝලෙ ළමයින්ට කොකු පණු බේත් දෙන්න එන නිසා ඔහු තාත්තා එක්ක හිත්වත්..
    තාත්තා මගේ බැරි අමාරුකම් කියල බේත් ගත්තා. ඊට පස්සෙ ආගිය තොරතුරු කතා කරනව..
    මං තාත්තාට කතා කරනව .. හෙමින්..
    "තාත්තෙ......!!!තාත්තෙ...!!! " කියල.
    තාත්තා මං දිහා බලන්නෙවත් නෑ.. දිගටම කතාව.. එයා දන්නව මං මේ කෙදිරි ගාන්නෙ මොකටද කියල ...
    අන්තිමට කතාව ඉවර වෙලා ආපහු එන්න නැගිටිණ කොටත් මං කතා කළා...
    "තාත්තෙ... අරක අහන්නේ නැද්ද ....?" කියල.
    " මොකක්ද ...? මොකක්ද .. ? " කියල දොස්තර අහද්දි තාත්තා " අන්න බස් එක එනවා..." කියල මාවත් ඇදගෙන එළියට ආව .
    දැන් ඉතින් මොනවා කරන්නද ..? බස් එකේ නැගල ගෙදර ඇවිත් අම්මටත් කීවා .. උපකරණෙ කතාව ..
    අම්මත් "හ්ම්- හ්ම්.." කිය කියා අහගෙන හිටිය විතරයි . වෙන මොකුත්ම කීවෙ නෑ.
    ඒක දැතිරෝද ස්විච් බල්බ් වයර් බැටරි ටෝච් එහෙම මොකුත් නැති නිකම්ම නිකං රබර් බැලුමක් කියල දැන ගත්තෙ බොහොම කාලෙකට පස්සෙ...
    විළි ලැජ්ජාවේ සන්තෝසේ බැරුවා...!
    © දයානාත් ධර්මසේන .
     

    Assassin Galaa

    Well-known member
  • Jul 5, 2017
    634
    499
    63
    #පරණ_ජොලි_මතක
    හිනා යන ඕනෙම වෙලාවකට
    😂

    අම්මලාට ස්මාට් ෆෝන් අරන් දීලා කට්ටිය කන කටු ගැන තිබ්බ පෝස්ට් එකක් දැක්කමයි මේක ලියන්න හිතුනෙ. මගේ අම්මා ෆෝන් පාවිච්චියට කැමති නෑ. තාත්තා ලඟ නම් ස්මාට් ෆෝන් එකක් තියෙනවා වගේම එයා social media බොහොම සාමකාමීව භාවිතා කරගෙන ඉන්නවා. මගේ කථානායිකාව ආච්චි..
    තාත්තයි මමයි රැකියා කරනවා, අම්මා විශ්‍රාමිකයි. ඉතින් දවල් දවසේ ගෙදර ඉන්නෙ ආච්චියි අම්මයි විතරයි. අම්මා ෆෝන් පාවිච්චියට කැමති නැති නිසා ආච්චිට ෆෝන් එකක් අරන් දෙන්න අපි සෑහෙන උත්සාහ කලා. මොකද නැත්තම් ආයෙ රෑ වෙලා ගෙදර එනකම් ම අපිට ගෙදර එක්ක සම්බන්ධතාවක් නැති නිසා. ඒත් ඒකට එකහෙලා අකමැති වූ ආච්චි මාස දෙකකට වගේ කලින් මෙන්න බොලේ ෆෝන් එකක් ඉල්ලනවා
    😯

    "මටත් ඔබ ඔබා ඉන්න එකක් ඕන"
    සෙනසුරාදා උදේක ආං එහෙමයි ඒක ඉල්ලුවේ. ඇයත් මං වගේ ජොලිබර චරිතයක් නිසා ඉල්ලපු දේ තේරුම් ගත් වහාම මං ෆෝන් එකක් ගන්න යන්න ලෑස්ති උනා.
    "මට ඔය අතපත ගාන එව්ව හරියන් නෑ, ඔබන ෆෝන් එකක් ගේන්න පුංචි එකක්.."
    ඉතිං කියපු විදියටම 6000කට "ඔබ ඔබා ඉන්න එකක්" ගෙනාවා. පූසෙකුට අවකලනය උගන්නනවා වගේ ඊලඟට එලඹුනේ "නිවැරදිව ඔබන හැටි" කියා දීමේ අවධිය.
    මම - මේකෙන් තමයි අන්ලොක් කරන්නෙ
    ආච්චි - එව්ව කරදරයි, ලොක් කරන් නැතුව තියන්න බැරිද.. ඕකෙ අහවල් එකක් තියෙනවද ඔච්චර හංගන්න..
    මම - එහෙම බෑ අනේ.. ඔන්න මේක එබුවා, මේක ඔබාගෙන හිටියා එච්චරයි..
    ආච්චි - ඔව්ව ඔබාගෙන ඉන්න වෙලාව නැහැ දරුවො මට වැඩ තියෙනව. කමක් නෑ කොහොමද කෝල් එකක් ආවම අරගන්නෙ?
    මම - ඉන්න මුල ඉඳන් කියා දෙන්න.. මෙහෙම අංක ටික ඩයල් කරලා මේක ඔබන්න ඕන. එතකොට ඔයාගෙන් කෝල් එකක් යනවා..
    ආච්චි - හා.. ඊට පස්සෙ..
    මම - කතා කරලා මේකෙන් කට් කරන්න.. දෙන්නගෙන් එක්කෙනෙක් කට් කරාම කෝල් එක ඉවරයි.
    ආච්චි - ඒක ඕන නෑ, මං කියන්න ඕන දේ කිව්වම අනිත් පැත්තෙ එකා කට් කරාවි නෙව..
    මම -
    🙄
    🙄
    හා.. එතකොට එන කෝල් එකක් ගන්නෙ මේක ඔබලා. මේ බටන් එක ඔබන්නෙ නැතුව ඔයා කොච්චර කනේ තියන් කෑගැහුවත් අනිත් පැත්තට ඇහෙන් නෑ...
    ආච්චි - හරි.. මට වැදගත් නොම්බර ඔක්කොම ලියලා දෙන්න, මං ගාව පොඩි පොතක් ඇති ඉන්න මං ඒක දෙන්න..
    මම - අයියෝ ඒව ඕන නෑ.. ෆෝන් බුක් එකට දාන්න පුලුවන්..
    ආච්චි- ආ.. පොතක් දුන්නද ඕක ගනිද්දි..
    මම - නෑ නෑ.. ෆෝන් එකට ම දාන්න පුලුවන් අංක ටික නමත් එක්ක. මං ඒ ටික දැම්මා..
    ආච්චි - මේ ඔයාගෙ නොම්බරෙත් දාන්න.. මට තාත්තගෙ එක විතරයි මතක. තව ලෙඩට දුකට හදිස්සියකට ගෙන්නගන්න ත්‍රීවීල් එලවන සිරිපාලගෙ නොම්බරෙත් දාන්න..
    මම - ඉතිං මගෙ එක මොකටද බෑණන්ඩිට කෝල් කරලා කියන්නකෝ කියන දෙයක්..
    ආච්චි- අනේ මේ ගෙදර ඇවිත් කාලා නිදාගන්න ඩිංගෙත් ගෑනු තුන් දෙනෙක් ගෙ කච පචේ උහුලන මනුස්සයට රස්සාව කරන තැන වත් නිදහසේ ඉන්න දෙන්න එපාය.. ඔයාගෙ එක දාන්නකො..
    මම- ඉතිං අම්මයි ඔයයි නෙ කියවන්නෙ, මං පාඩුවෙ ඉන්නවනෙ.. කෝ සිරිපාල අංකල් ගෙ නම්බර් එක නමින් දාන්නද නැත්තං "මගේ ජව තුරඟා" කියලා සේව් කරන්නද..
    ආච්චි- මයෙ හුටු හුටු පොජ්ජ කියලා දාහං.. ඒකෙ යනකොට බඩවැල් කටින් එනව.
    මම -
    😂
    😂
    😂
    හරි ඔන්න ඔක්කොම දැම්මා. අංක හොයාගන්නෙ මේ ලොකු කොටුවෙ පහල පැත්ත ඔබලා යටට ගිහින් හොඳේ.. කෝ කරලා බලන්න..
    ආච්චි- මේ හින්නික්කිතර බටන් අතට අහු වෙන්නෙත් නෑනෙ.. කෝ මේක එකතැන නේ යන් නෑ පහලට..
    මම- නෑ නෑ ඔය උඩම ඉන්නෙ.. යටට යන්න, යටට යන්න..
    ආච්චි- බොලා හරි ආසාවෙන් ඇති මං උඩ ඉඳලා යටට යනවා බලන්න..එව්ව කොහෙද දැන්ම... හුහ්..
    මම -
    🙄
    🙄
    🙄
    දැං කොහොමද ලිස්ට් එකේ අන්තිමට ඉන්න කෙනෙක්ගෙ අංක ගන්නෙ?
    ආච්චි - මං ඔය කොහොම හරි ගන්නංකො..
    ඇත්තටම ඇය contact list එකෙන් අංක ගැනීමේ පුදුමාකාර ක්‍රමයක් සොයාගෙන තිබූ අතර එහි පේටන්ට් අයිතිය ආච්චිට හිමි විය යුතුය.
    ආච්චිට මතක තියෙන්නේ ඇමතූ අවසන් අංකය redial කරන ආකාරය පමණි. එමෙන්ම ඇයගේ ඇමතුම් ලැබෙන අය අතර ඉන්නේ නෑදෑ සනුහරය හා ඇගේ මිතුරු සනුහරෙන් දැනට ජීවත් ව සිටින හොඳම මිතුරියන් දෙදෙනා ය. ඒ අය එකිනකා හඳුනන අතර අපේ නෑදෑයින් ද ඔවුන් හඳුනන නිසා ආච්චිගේ මේ අරුමෝසම් ක්‍රමය ගැටලුවක් නැතුව ක්‍රියාත්මක වේ.
    ඇය හරි සරලය. අන්තිම අංකය redial කර තමන්ට කතා කලයුතු තැනැත්තාගේ නම කියා "අහවලාට කෝල් කරලා කියන්න මට කෝල් එකක් දෙන්න කියලා" යයි කියයි. කීමට ඇත්තේ පුංචි පණිවිඩයක් නම් "අහවලාට මං කිව්වා කියලා මේක කියන්න" කියයි. නමුත් වැදගත් සම්පප්‍රලාපයක් නම් අහවලාට කෝල් එකක් ගන්න ම සිදු වේ.
    මෙම ක්‍රමයට අනුව අප මුහුණ දුන් සිදුවීම් මෙසේය.
    💚
    ගෙදර එන විට රෑට කන්න පාන් ගෙන ආ යුතු බවට ඇගේ පණිවිඩය මට ලැබෙන්නේ බණ්ඩාරවෙල ලොකු නැන්දා හරහා ය. මන්ද යත් එදා ආච්චි ගේ දුරකථනයේ අවසන් අංකය හිමි කාරිය ලොකු නැන්දාය.
    💚
    ගෙදර බල්ලා අසනීපයෙන් බව තාත්තා දැනගන්නේ මහියංගනේ මාමාගෙනි. ඔහු අපේ ගෙදර බල්ලෙක් ඉන්න බව හෝ නොදනී.
    💚
    මම දිවා ආහාරය පිටතින් ගන්නා දින වල මම කෑවාද අසා ආච්චිට පණිවිඩය කියන්නේ ඇගේ මිතුරියකි.
    💚
    "කවුදෝ ගෑනු මනුස්සයෙක් කතා කරලා රුපියල් එකොලහයි පෝන් එකෙ තියෙන්න්නෙ කිව්වා" වැනි දෑ සතිය අවසානයේ ඇසේ.
    💚
    මේ තෝල්ක ක්‍රමය නිසා ඇගේ දුරකථන බිල අපට වඩා ඉතා අඩුය. ඒ ගැන ඈ ඉතා ආඩම්බරය. "අපිටත් ටැලිපෝන් තියෙනවා, අපිත් දන්නවා ටැලිපෝන් හරියට පාවිච්චි කරන්න" කීමට ඈ ආසාය.
    නමුත් ඉතින් මේ ක්‍රමය නිසා බොක්කෙ තියෙන දේත් හත්මුතු පරම්පරාවම දැන ගැනීම වැලැක්විය නොහැක..
    හරි විනෝදයි ඉතිං
     

    Assassin Galaa

    Well-known member
  • Jul 5, 2017
    634
    499
    63
    උඩ සාක්කුවේ හැන්ද
    [... කතෘ නොදනී. කව්රු වුනත් නියම කතාවකි ... ඔහුට ස්තුතිය... වට්ස් ඇප් හරහා ලැබුණු ජෝක් එකකි...] ...
    කොරෝනා කාලෙට ඉස්සර රෙස්ටෝරන්ට් වලට ගිහිලා කෑම කාපු කාලෙකුත් තිබුණා. ඒ වගේ දවසක මම යාළුවෝ එක්ක කෑම කන්න ගියා රෙස්ටොරන්ට් එකකට. අපේ වේටර්ගෙ කමිසයේ උඩ සාක්කුවේ හැන්දක් තියෙනවා. වටපිට බලන කොට හැම වේටර් කෙනෙකුගේම උඩ සාක්කුවේ ඒ විදිහට හැන්දක් තියෙන බව මම දැක්කා. වේටර් ආපහු මේසය ළගට ආවම මම ඔහුගෙන් මෙහෙම ඇහුවා.
    ”මල්ලි, මොකද මේ හැන්දක් සාක්කුවේ දාගෙන?”.
    ”රෙස්ටොරන්ට් එක අයිතිකාර කොම්පැනිය කාර්යක්ෂමතාවය වැඩි කරන්න සැලසුමක් හදන්න කන්සල්ටන්ට් කෙනෙකුට බාර දුන්නා. එයා මාස හතරක් විතර ලොකු පර්යේෂණයක් කරලා දළ වශයෙන් පැයක් තුළ එක මේසයකින් හැඳි තුනක් ගානේ බිම වැටෙනවා කියලා නිගමනය කළා. වේටර්ලා හොඳ සූදානමකින් හැන්දක් ළග තියාගෙන හිටියොත් අලූත් හැන්දක් අරගෙන එන්න කුස්සියට යන ගමන් වාර ගණන අඩු කරලා එක ෂිෆ්ට් එකකින් මිනිස් පැය 15 ක් අඩු කරගන්න පුළුවන් කියලා කන්සල්ටන්ට් හොයා ගත්තා. ඒකයි අපි කවුරුත් අමතර හැන්දක් අරං යන්නේ"
    ඒ අතරේ මගේ අතේ තිබුණ හැන්ද බිම වැටුණා. වේටර් තමන්ගේ උඩ සාක්කුවේ තිබුණ හැන්ද අරගෙන මගේ මේසෙ උඩින් තියලා මෙහෙම කිව්වා:
    ”මම ආයෙත් කුස්සියට ගියාම අලූත් හැන්දක් අරගෙන සාක්කුවට දාගන්නවා. සාක්කුවේ හැන්ද තිබුණේ නැත්නම් මම තකහනියෙන් ආයෙ කුස්සියට ගිහින් හැන්දක් අරගෙන එන්න වෙනවා. හොඳ වෙලාවට කන්සල්ටන්ට් මහත්තයා මේ ප්ලෑන් එක ගැහුවේ” කියලා.
    කතාව ඇත්ත තමයි කියලා මටත් තේරුණා.
    කෑම කාලා ඉවරවෙලා, ඩෙසට් එක ගන්න අතරේ මම දැක්කා අපේ වේටර් මල්ලිගෙ කලිසමේ සිප් එක ළග පොඩි නයිලෝන් නූලක් එල්ලෙනවා. වටපිට බැලූවාම අනිත් වේටර්ලාගෙත් කලිසමේ සිප් එක ළග ඒ වගේම නූල් එල්ලෙන බව මම දැක්කා.
    වේටර් බිල ගෙනා වෙලාවේ මම හිමින් සැරේ ඇහුවා.
    ”මල්ලි, තරහ නැතිව කියනවද මොකද මේ සිප් එක ළගින් නූලක් එල්ලෙන්නේ කියල”
    ”ආ ඒකද?” වේටර් සද්දේ අඩු කරලා මට පැහැදිලි කළා.
    ”දැන් අපි බාත්රූම් එකට ගිහින් චූ කරලා ඉවර වෙලා, අත හෝදලා වේලන්න ගියාම කාලයක් ගතවෙනවානේ. ඒ වෙනුවට පොඩි නයිලෝන් නූලක් පාව්ව්චි කළොත් ඒකෙන් ඇදලා සිප් එක පහත් කරලා අතින් අල්ලන්නේ නැතුව චූ කරලා ඉන් පස්සෙ ආපහු අන්සිප් කරන්න පුළුවන් නිසා අත හෝදන්නයි වේලන්නයි යන වේලාව අඩු කරගන්න පුළුවන් කියලා අර කන්සල්ටන්ට් මහත්තයා නිර්දේශ කළා. දැන් වේටර්ලා බාත්රූම් එකේ ගත කරන කාලය සියයට 76.39 කින් අඩු වෙලා තියෙනවා”
    ”හරි, හරි, නූලෙන් ඇදලා එළියට ගත්තා කියමුකො. කොහොමද ඉතින් ආපහු ඇතුළට දාගන්නේ” මම කුතුහලය නිසා ඇහුවා.
    ”අනේ මන්දා සර්, අනිත් අය ගැන නම් මම දන්නේ නැහැ. මම නම් මේ උඩ සාක්කුවේ තියෙන හැන්ද තමයි ඒකට පාවිච්චි කරන්නේ.”
    වේටර් කිව්වා.






    #කෙල්ලො
    1. කෑම
    කොල්ලා : – මොනවද කන්නෙ...?
    කෙල්ල :– ඔයා කැමති දෙයක්
    කොල්ලා :– එහෙනං තෝසෙ..?
    කෙල්ල :– අපෝ ඊයෙත් තෝසෙනෙ
    කොල්ලා : – එහෙනං කොත්තු...?
    කෙල්ල : – මටනං බෑ ටොයිලට් එකේ ඉන්න දවසම
    කොල්ලා : – එහෙනං බත්..?
    කෙල්ල : – මොනවද අනේ මෙච්චර එළියට ඇවිල්ලත් බත්ද කන්නෙ..?
    කොල්ලා : – එහෙනං මොනවද...?
    කෙල්ල : – ඔයා කැමති දෙයක්
    😏

    2. ළමයි
    කෙල්ල : – අපි බැඳලා ළමයින්ට දාන නම් මොනවද...?
    කොල්ලා : – තාම අපි බැඳලවත් නැහැනෙ..
    කෙල්ල : – ඉතිං එහෙම හිතන්නකො
    කොල්ලා : – කොහොමද එහෙම හිතන්නෙ...?
    කෙල්ල : – ආ… ඔයා මාව බඳින්න නෙමෙයි නේද හිතං ඉන්නෙ..?
    කොල්ලා :– මොනවද මේ කියන්නෙ...? පිස්සුද...?
    කෙල්ල : – ඔවු මට පිස්සුනෙ. ඒකනෙ මාව අතාරින්න හදන්නෙ.
    3. යාළුවා
    කෙල්ල : – ඔයා මගේ යාළුවා, ලිලානි ගැන මොකද හිතන්නෙ...?
    කොල්ලා :– කවුද..? මං දන්නෙ නෑ එයාව
    කෙල්ල : – ඇයි අනේ ඊයෙත් හම්බුනෙ. අපෙ ඔෆිස් එක ගාවදි
    කොල්ලා : – ආ.. හොඳයි එයා. ලස්සනයි
    කෙල්ල :– මං හිතුව අහපු ගමන් ඕක කියයි කියල. ඔවු ඉතිං පිම්බිලා තියෙනවනෙ
    කොල්ලා : – එහෙනං ඉතිං ඇහුවෙ...?
    කෙල්ල : – මං ඇහුවෙ ගතිගුණ ගැන..?
    කොල්ලා :– මං කොහොමද දෙයියනේ ගතිගුණ දන්නෙ...? නම දන්නෙත් දැන්.
    කෙල්ල :– ඔවු ඉතිං පිම්බිලා තියෙනවනං එච්චරයිනෙ. වෙන මොකුත් ඕන නෑ
    4. ගෙදරින්
    කෙල්ල : – අපේ තාත්තා ඔයා ගැන අහනවා
    කොල්ලා : – ඉතිං මං දැන් මොකද කරන්න ඕනෙ පැටි‍යො?
    කෙල්ල : – ඒකත් මගෙන්ද අහන්නෙ....?
    කොල්ලා : – නැතුව එයා ඔයාගෙ තාත්තනෙ.....?
    කෙල්ල : – ඇයි එයා ඔයාගෙත් තාත්තා නෙමෙයිද...?
    කොල්ලා : – එයා කොහොමද මගෙ තාත්තා වෙන්නෙ. මගෙ මාමණ්ඩි නෙ.
    කෙල්ල : – මං ඔයාගෙ තාත්තට මගේම තාත්තා ගැන හිතනව වගෙයි හිතුවෙ. ඇයි ඔයා මෙහෙම කළේ...?
    5. බීම
    කෙල්ල : – ඔයාගෙ අර යාළුවා, ශාන් බොනවද..?
    කොල්ලා : – ඔව් ඌ බොනවා
    කෙල්ල : – ආපෝ.. ඔක්කොම බේබදු යාළුවොනෙ ඉන්නෙ..?
    කොල්ලා :– බොන එවුන් ඔක්කොම බේබද්දොයැ.
    කෙල්ල : – නැතුව
    කොල්ලා : – දැන් ඔයාට මොකටද ශාන්ගේ බිවිල්ල
    කෙල්ල : – මට නෙමෙයි මගේ යාළුවෙක් අහන්න කිවුවෙ.?
    කොල්ලා : – මොනවද....?
    කෙල්ල :– ශාන් හොඳයිද කියල
    කොල්ලා : – ඉතිං...?
    කෙල්ල : – ඉතිං හොඳ නැහැනෙ. දැන් ඔයා කිවුවෙ
    කොල්ලා : – මං කිවුවද හොඳ නෑ කියල. මං කිවුවෙ බොනව කියල. ඔය මාත් බොන්නෙ
    කෙල්ල :– ඔයා හොඳ වුණාට අනිත් බොන හැම එකාම හොඳ නෑ
    6. හාට්
    කෙල්ල : – කාටද ඔයා අර ඉන්ස්ටග්‍රම් එකේ හාට් දාන්නෙ.?
    කොල්ලා : – හැමෝටම ඉතිං ඉන්ස්ටග්‍රම් එකේ හාට් තමයි වැටෙන්නෙ..?
    කෙල්ල: – මං අහන ප්‍රශ්නෙට කෙලින් උත්තර දෙන්න. පැනල යන්නෙපා
    කොල්ලා : – කෙලින් තමයි උත්තරේ දුන්නෙ
    කෙල්ල : – මං අහන්නෙ ඒ කෙල්ල කවුද...?
    කොල්ලා :– මං කොහොමද දන්නෙ...? කෙල්ලො කීයක් ඉන්නවද ඒකෙ..?
    කෙල්ල :– දෙයියනේ!
    😱

    උ.ගැ.
     

    Assassin Galaa

    Well-known member
  • Jul 5, 2017
    634
    499
    63
    හොල්මන්.. (by ධම්මික ඒකනායක)
    ==================================
    කොච්චර චන්ඩියා උනත් ගොම්මන් වෙලාවට ගුරු පාර අයිනෙ මහ නුගේ ගාවින් උපනන්ද මාමා එන්නේ නැති ය. ඒ නුග ගහේ හොල්මන් තියෙනවා කියලා උපනන්ද මාමා විශ්වාස කරන හින්දා ය. ඒකත් කොටපියා මාමා ගේ මීමා උපනන්ද මාමා ට අනින්න පන්නපු දවසේ ඉඳන් ය. ඒ උනාට එදා එතනම හිටපු ජනකයා හොල්මන් දැකලා තිබුණේ නැති ය. කොහොමත් කොටපියා මාමාගේ මීමා සැරය. සේතං මාමා මළේත් ඌ ඇනලාය. දවසක් ඌ ලණුව කඩාගෙන ගුරු පාර අයිනට ඇවිත් ඉඳලා තිබුණා ය. එදා හවස ගෙදර යන ජනකයා පිටිපස්සෙන් මීමා පන්නාගෙන ඇවිත් තිබුනා ය. ඒ හින්දා ජනකයා දුවගෙන ඇවිත් නුග ගහට නැගලා තිබුණෙමි. ඒ උනාට මීමා ඒ ළඟම නතර වෙලා හිටපු නිසා ජනකයා ගහ උඩ ම හිටියා ය. හවසට බීගෙන සිංදු කිය කියා ආපු උපනන්ද මාමා පස්සෙන් ද මීමා එලවලා තිබුණෙමි. උපනන්ද මාමා ත් දුවගෙන ඇවිත් නුග ගහට නැගලා තිබුණාය. ගොම්මනේ හින්දා උපනන්ද මාමා ජනකයා ගහේ උඩ ඉන්නවා දැකලා නැති ය. ගහ උඩ හිටපු ජනකයා "මාමා, අද ටිකක් රෑ වෙලා නේද?" කියලා අහලා තිබුණෙමු. හූ තුනක් තියපු උපනන්ද මාමා ගහෙන් බිමට වැටුණාය. ඒ පලවෙනි හූව ගහේදිත්, දෙවෙනි හූව වැටෙද්දිත්, තුන්වෙනි එක ගහ මුල වැටුනාට පස්සෙත් කියලා ජනකයා අපේ අතින් කිව්වා ය. ඒ උනාට උපනන්ද මාමා ආපහු නැගිටලා දුවලා ගිහින් නතර වෙලා තියෙන්නේ පංසලේය. දිව්වේ නැත්තං ගහෙන් වැටුණු උපනන්ද මාමා ට මීමා අනිනවා ය. හැබැයි එදා ඉඳන් නුග ගහේ හොල්මන් තියෙනවා කියලා උපනන්ද මාමා කියනවාය.
    ඔය මීමා ටිකක් හරි අදුනන්නෙ අසේලයාය. අඳුනනවා කිව්වට මීමා අසේලයාට හිනා උනේ නැති ය. බලලා පූස් ගාලා අහක බලාගන්නවාය. ඒ උනාට දවසක් අසේලයාටත් ඔය මීමා පැන්නුවාය. ඒ ඌට මී කිරි බොන්න හිතුන හින්දා ය. එදා අසේලයා මට මීකිරි බොමු කියලා යෝජනා කලාය. මම කිරි දොවන්න දන්නේ නැති බව කිව්වෙමු. කිරි දොවන්න දන්නවා කියලා පාරම්බාපු අසේලයා බාල්දියකුත් අරගෙන මාත් ඇදගෙන කොටපියා මාමාගේ හරක් ගාලට ගියෝය. එදා මීමායි, මී දෙනයි දෙන්නාම ගාලේ හිටියෙමු. බඩ යටින් බාල්දිය තියපු අසේලයා අත දමා කිරි බුරුල්ල හෙව්වාය. එක පාරටම හැරුන මීමා අසේලයාට අනින්න පැන්නෙමි. අසේලයා කිරි බුරුල්ල හොයලා තියෙන්නේ මීදෙනගෙ නෙවෙයි මීමාගේ කියලා අපි දන්නේ එතකොටය. අපි දුවලා බේරුනේ මීමාට කඹේ කඩාගන්න වෙලා ගිය හින්දා ය. හැබැයි මීමාගෙ උනත් එක කිරි බුරුල්ලක් අතට අහු උන බවත් ඒක ඇද්ද බවත් හති අරින ගමන් අසේලයා මගේ අතින් කිව්වා ය. අසේලයා බොරු කියන්නේ නැති නිසා මම ඌ විශ්වාස කරන්නෙමු.
    ඒ උනාට බුද්ධාගම ටීචර් නං කියන්නේ අසේලයා හදන්න බෑ කියලා ය. ඒ දවසක් අග සව් ලා ගැන ලියාගෙන එන්න කිව්වම ඌ "අග" කෑල්ල අතෑරලා සව් ගැන ලියාගෙන ආවා කියලාය. හැබැයි සෙල්ලං කරන්න ගියාම ඉරි අල්ලනකොට අසේලයා හොර කරනවා ය. ඒ හින්දා දැන් අපි සෙල්ලම් කරන්න ඉරි ඇල්ලුවේ නෑ ය. රංචුවම කැසිකිලියට චූ කරන්න ගිහින් උඩින්ම ඉර අඳින එකාට එක හම්බුවෙනවාය. එතකොට හොර කරන්නත් බැරි වෙනවා ය. ගොඩක් වෙලාවට එක වෙන්නේ ජනකයා ය. ඒ ඌ උස හින්දා වෙමි.
    ජනකයාගේ හැම දේටම උදව් කරන්නේත් අසේලයායි මායි ය. දවසක් ජනකයා පහල පංතියේ හිටපු උගේ බාප්පගෙ පුතාට තව කොල්ලෙක් ගහනවා කියලා අපෙන් උදව් ඉල්ලුවාය. අසේලයායි මායි දෙන්නා ඌට රිටන් එක දෙනවා කියලා පොරොන්දු වෙලා ජනකයාගේ බාප්පගෙ ගෙදරට යන පාරේ රැකලා හිටියා ය. ටික වෙලාවකින් කොල්ලො දෙන්නෙක් රණ්ඩු වෙවී ආවාය. ජනකයාගෙ බාප්පා හිටියේ අල්ලපු ගමේ හින්දා ත් ගියේ අල්ලපු ගමේ ඉස්කෝලෙ හින්දාත් අපි උගේ මල්ලි කලිං දැකලා නැති හින්දා ත් කොල්ලො දෙන්නාගෙන් ජනකයාගෙ මල්ලි කවුද කියලා අඳුනගන්න බැරි උනා ය. අසේලයා යෝජනා කලේ දෙන්නටම ගහමු කියලා ය. මම ඒ යෝජනාව ඉස්තිර කලාය. අපි උන් දෙන්නටම ගැහුවා ය. ගහන ගමන් දෙන්නටම ආයෙමත් ජනකයාගෙ මල්ලි ට ගහන්න එපා කියලා තර්ජනය කෙරුවා ය. ඊට පස්සේ උන් දෙන්නා යාළු උනා කියලා ජනකයා අපිට කිව්වා ය. හැබැයි උන් දෙන්නම ජනකයා එක්ක තරහ වෙලා තිබුණෙමු. ඒ උනාට ප්රශ්නෙ බුද්ධිමත්ව විසඳපු එකට ජනකයා අපිට ඉස්තූති කරලා අයිස් පැකට් අරං දුන්නා ය.
    - ධම්මික ඒකනායක -






    උපුටා ගැනුමකි. රී පොස්ට් නම් සොරි වෙන්ඩ ඕනි..
    ජුංඩා ලොකු කිරීම...
    ජුන්ඩා කියලා කිව්වේ අර අහවල් අංගෙටය.ඒ කිව්වේ පුරුෂ ලිංගය ගැනය.පුරුෂ ලිංගය හෙවත් ජුන්ඩාගේ සයිස් එක මදි වීම ගැන බොහෝ පුරුෂයෝ කංකෙදිරි ගාති.මැසිවිලි නගති.ඒ උං වැල බලා වැල ස්ටාර්ලාගේ ජුංඩා එක්ක තමුංගේ ජුන්ඩා සංසංදනය කොරන්නට යාම නිසාය.උං උංගේ බාරියාව හෝ පෙම්වතිය හෝ අනියම් පෙම්වතිය උගේ ජුංඩා පුංචි වීම නිසා අවුලක් ගනීවි යැයි බය වෙති.ඒ උනාට ඒ ගෑනු මනුස්සයා වැල බලන්නේ නැත්තං සහ වෙනිං ලිංගික සහකරුවෙක් ඇයට නැත්තං අරූගේ ජුංඩා පොඩිද ලොකුද කියන්ඩ දන්නේ නැත.ඒ නිසා තමුංගේ සහකාරිය "මොකක්ද අනේ ඔයාගේ ජුංඩා පොඩියි නේ" කියා චෝදනා කරනවානං පොඩ්ඩක් හොයා බලන එක වැදගත්ය.වැදගත්ම කරුණක් වන්නේ ඔබේ බිරිඳ මැදපෙරදිග රැකියාවට යැවීමෙන් වළකින්න.
    කොහොම උනත් කොච්චර කිව්වත් අපේ උංගේ ලොකු ජුංඩෙක් ලබා ගැනීම සඳහා ඇති ආශාව අඩු වෙන්නේ නැත.ඒ නිසා එහෙම ලොකු ජුංඩෙක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ශෝකභරිතව ඉන්න අසරණ "කුඩා ජුංඩාලාභීන්" වෙනුවෙන් අපිත් යමක් කළ යුතු නිසා සහ තැං තැංවල ජුංඩා ලොකු කෙරෙනවා යැයි කියා තෙල් බේත් දී අසරණයිංගේ ගාණ කඩා ගන්නා එක වැළැක්වීමේ අරමුණින් මේ ලිපිය ලියන්නට යෙදුණේය.අපගේ ආයතනයේ වෙනත් ශාඛා නොමැත.අපගේ නම කියා ජුංඩා ලොකු කිරීමටය කියා තෙල් බේත් විකුණන්නන්ට අහු නොවන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.ලිපිනයැති මුද්දර ගැසූ ලියුම් කවර එවන්නට ඕනෑ නැත.බුලත් කොලේ තබා දහසින් බැඳි පියලි හෝ රන් පවුම් දෙන්නට ඕනෑ නැත.මහජන පහන් සංවේගය උදෙසා මේ ලබා නොමිලේ ලබා දෙන නූතන කෙම් ක්‍රමයේ දැනුම ලබා ගැනීමට නම් පහත ජුංඩද කියවන්න.මෙය මුදල් බලාගෙන කරන්නාවූ ක්‍රියාවක් නොවේ.කොමෙන්ට් සහ හිට්ස් බලාගෙන කරන්නා වූ පුණ්‍යකර්මයකි.
    පළමුව ඔබ මස් මාලු කෑමෙන් වැලකී සතියක් පේ විය යුතුය.ඉන්පසු ඔබේ නිවසට ප්‍රභල වේදනා නාශකයක් වන මෝෆීන්, හෙරොයින් වැනි දෙයක් හෝ ලිග්නොකේන් වැනි ස්ථානීය වේදනා නාශකයක් හෝ අඩුම තරමේ ගල් අරක්කු බාගයක්වත් ගෙනැවිත් සඟවා තැබිය යුතුය.ඊට අමතරව ඔබට ක්ලෝරෆෝම් ස්වල්පයක් සහ තරමක් ලේන්සුවක්ද අවශ්‍ය වේ.ඉන්පසු ඔබ ඔබේ ප්‍රදේශයේ හෝ වෙනත් ප්‍රදේශයක වෙසෙන ඒසේත් නැතිනම් මේ දිනවල පහසුවෙන් සයාගත හැකි විදේශිකයෙක් ගැන හෝ විපරම් කර බැලිය යුතු වේ.එසේ විපරම් කිරීමෙන් ඔබට ජුංඩා සෑහෙන පමණ ලොකු සහ ඔබේ සමේ වර්ණයට ගැලපෙන ජුංඩෙක් සහිත එකෙක් සොයා ගත හැකි වේ.ඉන්පසු ඔහුත් සමඟ මිතුරු වීමට හැකිනම් වැඩේ වඩාත් පහසුය.එසේ නොහැකිනම් ඔහු යන එන තැන් ගැන විමසිල්ලෙන් පසු වී කාත් කවුරුත් නැති පාළු තැනකදී ඔහුගේ නාසයට ක්ලෝරෆෝම් අල්ලා සිහි නැති කරගෙන ඔහුගේ ජුංඩා කපාගත යුතුය.
    මෙසේ නර බිල්ලක් දීම කෙම් ක්‍රමයේ අත්‍යාවශ්‍යම අංගයක් නොවේ.කෙසේ වෙතත් ජුංඩා කපා ගැනීමෙන් ජීවිත හානි සිදු වීමේ අවධානම අඩුබව වෛද්‍ය මතය වන නිසා ඒ අසරණයා මිය යාවි යැයි ඔබ කළබල විය යුතු නැත.කෙසේ හෝ කපාගත් ලොකු ජුංඩා වහාම වතුර නොයන සේ පොලිතින් කවරයක දමා අයිස් දැමූ සෘජිෆෝම් පෙට්ටියක දමාගත යුතුය.දැං ඔබ පූජාවට ලෑස්තිය.දැං කළ යුත්තේ වහාම ගෙදරට ගොස් ගෙදර සඟවා තැබූ වේදනා නාශකය පාවිච්චි කොට වේදනාව දැනීම අඩුවූ පසු දහිරිය ඇතිනම් තනිවම හෝ එසේ නොමැතිනම් බිරිඳගේ උදව්වෙන් ඔබේ ජුංඩා කපා දැමීමය.ඔබේ ජුංඩා වත්තේ වලක් කපා වල දැමීම, බල්ලන්ට හෝ කපුටන්ට කන්නට දැමීම, වැසිකිළියට දමා වතුර ගැසීම වැනි කුමන හෝ ආකාරයකින් සොයා ගැනීමට නොහැකි වන සේ විනාශ කර දැමිය යුතුය.
    ඉන්පසුව ලොකු ජුංඩා සහිත අයිස් පෙට්ටියත් රැගෙන වහාම ජාතික රෝහලට පැමිණ තමුං වෙරිමතින් හෝ මානසික ආබාධයකින් පෙළෙන බැවින් ජුංඩා කපාගත් බව පැවසීමය.එවිට වෛද්‍යවරු පැය දොළහක පමණවන ශල්‍යකර්මයක් කොට ලොකු ජුංඩා ඔබට සැට් කර දෙනවා ඇත.ඉන්පසු මානසික ආබාධයකට කියා ටික දිනක් ප්‍රථිකාර ගත් පසු ඔබට ලොකු ජුංඩා සම්ඟ ගෙදර යෑමට ලැබෙනවා ඇත.ඔබගේත් බිරිඳගේත් මනදොළ සපිරෙනවා ඇත.නමුත් ඔබට ස්යිස් එකෙන් ලොකු යට ඇඳුම්නම් මිලදී ගන්නට සිද්ද වෙනවා ඇත.ලොකු ජුංඩෙක් නිකම්ම ලැබෙන්නේ නැත.ඔබත් ඒ වෙනුවෙන් යමක් කැප කළ යුතු වේ.එනිසා අකමැත්තෙන් උවද ඔබගේ පරණ යට ඇඳුම් ඉවත දමා අළුතෙන්ම යට ඇඳුම් මිල දී ගන්නට වෙනවාය.කරන්ඩ දෙයක් නැත.
    මේ නවතම කෙම් ක්‍රමය රටේ ජනප්‍රිය වීමත් සමඟම ලොකු ජුංඩන් සිටින්නවුන් ප්‍රවේසම් විය යුතුය.සුදු වෑන්වලින් පැමිණ ඉදිරියට ලොකු ජුංඩන් සහිත උන් පැහැරගෙන යෑමේ ඉඩක් ද ඇත.එනිසා පිරිමින්ටද අර ඇල්ලූ විට විදුලි සැර වදිනා ආකාරයේ යට ඇඳුම් නිර්මාණය කොට විකිණිය හැක.ඒය නව රැකියා අවස්ථා රැසක් ජනිත කරවන නිසා ඒ ගැන රජයේ අවධානය යොමු කරවිය යුතුය.ලොකු ජුංඩන් ඉන්න උං දැම්ම ගිහිල්ලා ජුංඩා රක්ෂණය කර ගන්නවානං හොඳය.VIP ඔන් ද ස්පොට් රක්ෂණයක් ගන්නවානං ඒ අය ජුංඩාට ජුංඩෙක් ජුංඩා කපාගත් ස්ථානයටම ගෙනැවිත් දෙනවාය
     

    Assassin Galaa

    Well-known member
  • Jul 5, 2017
    634
    499
    63
    (මේක මගේ පලවෙනි කතාව....
    😁
    😁
    .... වෙනත් තැනක තිබුන නම් සමාවෙන්න...කාගෙන්වත් උස්සපු එකක් නම් නෙවෙයි...)
    උත්සවයකදී වෙනත් ලස්සන ගෑණු කෙනෙක් එක්ක Dance කරල බිරිද වෙත ආපු සැමියා සහ බිරිද අතර වූ දෙබසක්....
    බිරිද : ( ආදරෙන්) නටල මහන්සිත් ඇතිනෙ... ගෙදර ගියහම මන් ඔයාගෙ තුවාල වලට බෙහෙත් දාන්නම්....
    😏

    සැමියා : බෙහෙත් දාන්න මගේ ඇගේ කොහෙවත් තුවාල නැහැනෙ...
    🤨
    🙄

    බිරිද : ( හිමින් සිනහවෙමින් ) අපි තාම ගෙදර ගියෙත් නෑනෙ...
    😊
    😊
    ☺

    සැමියා :
    😥
    😥
    😥
    😥
    😥
    😥
     
    • Haha
    • Like
    Reactions: HSW and Eranga.B

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,721
    113
    Just saw this on our community newspaper today.

    First it was, alcohol kills COVID.
    Then heat may kill COVID.
    Now, direct sunlight may kill COVID.
    So, if you see me outside in my backyard drunk, naked, laying in the sun, Mind your own business.
    I am conducting important medical experiments.
     

    Assassin Galaa

    Well-known member
  • Jul 5, 2017
    634
    499
    63
    සාමාන්‍ය ගැහැණියකට වාතයක් ගිය විටදී ඇය ...
    "වාතයක් ගියා ටොයිලට් එකට යන්න ඕන"
    බුකියේ කිවිඳියක් කියලා හිතාගෙන ඉන්න එකියෙකුට වාතයක් ගිය විටදී ඇය.....
    "වාතයක් ගියා මේ ගැන කවියක් ලියන්න ඕන"
    =================
    මෙතෙක් කලක් මගේ තුල ..
    නිදන් ව සිටි නුඹ..
    මටත් නොකියාම දොරකඩට විත්..
    දෑල ඉවුරු දෙදරවමින්..
    නික්ම ගිය බව..
    ලොවට කියන්නේ කෙලෙසකද...
    එබැවින් ලොවට සඟවමි...
    නුඹ නික්ම ගිය වග..
    පෑල දොරින්..
    එහෙත් සබඳ නුඹ ගියද..
    නුඹ ඉතිරි කර ගිය සුවඳ..
    තවමත් මා අසලමයැ...
    ==================
    ......පෝස්ට් එක දැමු පසු සෙවලයන්ගේ කමෙන්ට් ටික..
    ෂා නංගියෝ .. හැරගිය පෙමේවතා ගැන නේද ලියලා තියෙන්නේ..
    ලස්සනයි සොයුරිය...
    සුන්දරයි කිවිඳිය නූතන ගජමන් නෝනා නුඹමයැ..
    ......ටිකකින් ඉන්බොක්ස් එකට....
    නංගි කවිය පවුද්ගලික අත්දැකීමක් ගැනද ලිවුවේ..
    පුද්ගලික අත්දැකීම් දාන්න එපා මේ බුකිය විෂමයි.. හිතේ දුකක් තියනවනං කියන්න...
    දිගටම යන චැට් එක....
    නංගියෝ ලස්සන කවිය..
    ස්තුතියි අයියා...
    දිගටම ලියන්න...
    හ්ම්...
    ඔය වගේ අත්දැකීම් ගොඩක් ඇති නේද විරහව ගැන..
    ඔවු අයියා හැමදාම වගේ ...
    ඒකනේ ඒ සේරම එකතු කරලා පොතක් ගහමු...
    🤣
    පොතකට නම් එකතු කරන්න බෑ අයියා බැලුමකට වගේ නම් එකතු කරන්න පුලුවන් වෙයි...
    🤣

    නංගි හරි විහිලුනේ.. සැහැල්ලුවෙන් ඉන්නවා නේද..
    හ්ම්...
    ඇයි නංගි හ්ම් ගෑවේ.. දුකෙන්ද ඉන්නේ..
    මගෙන් අහන්න එපා අයියේ..
    ප්රශ්නද නංගියො...
    හ්ම්...
    මටත් එහෙමයි...
    අපි දෙන්නම එකම බෝට්ටුවේ නේද අයියා...
    නංගි වට්ස්ඇප් ඉන්නවද...
    ඔවු අයියා......
    ලිව්වෙ අපේ
    Dhanushka Kanchana Jayaweera සහෝදරයා






    නින්ද නොයෑමට ප්‍රතිකාර.....
    කාලයක ඉඳන් නින්ද යන්නේ නැති තරුණයෙක් දවසක් මනෝ වෛද්‍යවරයකු ලඟට ගිහින් දෙපතුලේ සිට හිස තෙක් "රිලැක්ස්." කරන ක්‍රමයක් පුහුණු උනාලූ
    .
    දැන් මෙයා ගෙදර ඇවිල්ලා රෑ වෙලා නිදාගන්න ගිහින් මේක අත් හදා බලනවාලු
    "මගේ කකුලේ ඇඟිලි නිදාගන්න...මගේ යටිපතුල් නිඳාගන්න...දැන් වළලුකර නිඳාගන්න. දැන් මගේ කෙණ්ඩා නිඳාගන්න...මගේ දනහිස නිදාගන්න. දැන් මගේ කළවා නිදාගන්න."
    මෙයා දැන් මේක සාර්ථකව කරගෙන යනවලු..මේන් එතකොට මෙයාගේ බිරිඳ දුහුල් ඇදුමකුත් ඇදගෙන සරාගී විදිහට කාමරයට එනවලු. මේක දැක්ක ගමන් අර තරුණයාට කෑගැස්සුනාලු....
    "හෝව්! හෝව්! නැගිටපල්ලා , ඔක්කොම නැගිටපල්ලා, දැම්ම නිදාගන්න වෙන්නේ නෑ" කියලා...





    කම්සැප
    ...............
    මේ කතාව කිව්වෙ යාලුවෙක්, සමහර විට කස්ටිය දන්නවත් ඇති.
    එක්තරා පන්සලක ලොකු හාමුදුරුවන්ගෙ පුරුද්දක් තිබුන හැමදාම එකවෙලාවක උන්වහන්සෙ තමන්ගෙ කුටියට වෙලා දොර වහගන්නව.දොර වහගන්න කලින් ඇබිත්තයට කතාකරල කියනව
    "කොල්ලෝ, මම කාමරේට ගිහාම තෝ කිසි සද්දයක් කොරන්නෙ නැතුව ඉන්න ඕනැ, තෝ සද්ද කරොත් එහෙම ගහන එක පිට ගිහින් මල නස්පැත්තියක් තමා වෙන්නෙ" කියල
    ඇබිත්තයත් ඉතින් පන්සලේ බල්ලටවත් බුහ් ගාන්න දෙන්නෙ නැතුව එකගෙ හොම්බත් මිරිකගෙන ඉන්න සයිස් එකටලු වැඩ.
    ඉතින් ටික වෙලාවකින් හාමුදුරුවො හෙන තෘප්තිමත් හිනා මූණක් සහිතවම එලියට වඩිනවලු
    ඇබිත්ත කොල්ලටත් දැන් හෙන ප්‍රෙහේලිකාව හාමුදුරුවො මොකද මේ කරන්නෙ කියල, ඉන්න බැරිම තැන කොල්ල හාමුදුරුවොන්ගෙන් අහනව
    "මොකක්ද අපෙ හාන්දුනේ ඔබ වහන්සෙ කුටියට ගිහින් දොර වහගෙන කොරන්නෙ?"
    හාමුදුරුවො කියනවලු
    "ඒ බොල ඒ වෙලාවට මම කම්සැප විඳිනවනෙ"
    කොල්ලට ඒ මොකක්ද කියල තේරුනේ නෑ, ඌත් ඉතිම් ඔලුව කහල
    "හූම්" කියල කිව්ව.
    එකදවසක් හාමුදුරුවො කුටියට වැදිල ඉන්නකොට පන්සලට ආව ප්‍රධාන දායිකාව, බොහොම පසිද්ද ධනපතිනියක්,
    ඇවිත් ඇබිත්තකොලුවගෙන් අහනව
    "ඈ කොල්ලො, කෝ අපෙ ලොකු හාමුදුරුවො?"
    "ෂ්....... නෝනේ කෑගහන්ට නන් එපා, ලොකුහාමුදුරුවො කුටියෙ කම්සැප විඳිනව"
    නෝන උඩ විසික්කවෙල ගියා. "ආ අද අල්ලගන්නම් හොරේ, අද බලාගන්න පුලුවන් කවුද මේකට රිංගන වල් ගෑණි කියල" එහෙම හිතපු නෝන හොරෙන්ම කිට්ටුකරල දොරේ යතුරු සිදුරෙන් එබිල බැලුව.
    එතකොට ලොකු හාමුදුරුවො, කකුල් දෙකත් උඩගහගෙන සැපට පුටුවෙ දිගාවෙල, සැපදායී හිනාවකුත් දාගෙන කණ් හැන්දෙන් කණහාරනවලු





    සයිඩ් කන්නාඩිය..
    ඉස්සර අපේ පැත්තේ පොරක් හිටියා පියසේන අයියා කියලා. මළගෙවල් වල නයිට ගහන්න එහෙම කියාපු බඩුවක්. හැබැයි ඉන්නේ පැය 2 ක් විතර. මුළු මළ ගෙදරම මඟුල් ගෙයක් ගානට පත් කරලා යන පොරක්. කකුල් දෙක ඉංගිරිසි X අකුරේ හැඩේට තියලා සරම ගේජ්ජි දෙකට පොඩ්ඩක් පහළට වෙන්න කලවා දෙකේ හිර කරගෙන තමයි හිට ගන්නේ. එහෙම හිටගෙන බීඩි කොටයක් උරණ ගමන් විදිනවා විදිල්ලක් නයි....
    😂
    😂
    😂

    ඔන්න පොර විඳපු එක නයෙක් ගැන තමයි මේ කතාව..
    බුවා දවසක් කුඹුරේ වැඩ කරගෙන ඉන්නකොට තද අව්වලු. කොහොම හරි අද දවසේ මේ වැඩ ටික ඉවර කරගන්න ඕනි කියලා හිතාගෙන එක දිගටම වැඩ කරාලු. අහසේ වලාකුළක් වත් පේන තෙක් මානෙක නැති හින්දා කවදා වහීද මන්දා කියලා හිත හිතා ඉන්නකොට ,...... එකපාරටම පොඩි අදුරක් දැනුණාලු. ඔළුව උස්සලා බලද්දී මොකක් හරි පැතලි දෙයක් අහසේ ඉදලා පහළට පාවෙලා එනවාලු... පොර දඩි බීඩි ගාලා ලගම තිබ්බ ගහ යටට පැන ගෙන. දැන් අර අහසේ පාවෙළා ආපු වස්තුව ඇවිත් කෙලින්ම වැටිලා තියෙන්නේ පොර වැඩ කර කර ඉන්න තැනටම. එහෙම වැටිලා එකෙන් ලොකු එළියක් එනවලු බලන්න බැරි තරමට. ඔහොම මොකද වෙන්නේ කියලා බලං හිටපු බුවා ටික වෙලාවකින් අර වස්තුව ලඟට කිට්ටු කරලා.
    "මොකක්ද පියසේන අයියා පිට සක්වළ යානාවක්ද?" එතන හිටපු උන් ඇස් උඩ දාගෙන ඇහුවා.
    "මොන සක්වළ වත් නෙවෙයි.... අහස් යන්තර යක සයිඩ් කණ්ණාඩියක්... ගැලවෙලා වැටිලා"
    " අප්පද බොල ඒවට සයිඩ් කණ්ණ්ඩිත් තියෙනවද?" තව එකෙක්ගෙන් තව ප්‍රශ්නයක්...
    "මොකද නැත්තේ.?"
    "ඉතින් පියසේන අයියා අහස් යන්තරේ ට මොකටද සයිඩ් කන්නාඩි"?
    "දිග වැඩි නේ. පිටිපස්සෙන් එන එක බලාගන්න අමාරුයි නේ.. ඕකෙන් බලපුවාම කිලෝමිටර් 50 ක් විතර ඇතින් එනකොටම පේනවා.. එතකොට ඩැයිවර් දන්නවා තව පොඩ්ඩක් ඉස්පීඩ් කරලා යන්න ඕනි කියලා"......
    "ඉතින් අර කන්නාඩිය ට මොකද උනේ"?
    "කන්නාඩි මේස තුනක් හැදුවා... අන්න ගෙදර තියෙනවා"
    " ඉතින් එකෙන් පේනවද කිලෝමීටර් 50 ක් විතර දුරින් එන අහස් යන්ත්ර?" එතන හිටපු එකෙක් අහපි.
    "අහස් යන්ත්ර නෙවෙයි බන් පියසේන අයියා කිලෝමිටර් 50 ක් විතර අැතින් එනකොට ගෙදර අයට පේනවා බුවා වඩිනවා කියලා..".
    ළගම හිටපු එකා කිව්වා විතරයි..
    "දැන් රෑ වෙලානේ.... ගෙදර ගියානම් හරි. "කියලා පොර මාරු උනා...
    එදා මුළු රෑම කට්ටියට මරු ආතල්..
    🤸
    🤸






    ඔහොම නයි අරින පොරක් අපිත් එක්කත් වැඩ කලා.නයි ප්‍රියන්ත තමයි නම පොරගෙ .ලිස්ට් එකේ ඉන්නවා මෙන්ශන් කරන්න බෑ හැබැයි .පොර ආමි එකේ හිටිය(ලු) දවසක් බයික් රේස් එකකට ගියාලු.පොර තමයි දැන් මුලින්ම එනව කියන්නෙ .කොහොම හරි දිනුම් කනුව ලග පේන මානෙ කන්දක් තියෙනවා ලු.කන්ද පාමුලම බයික් එකේ පෙට්‍රල් ඉවර උනාලු.මේ හාල්මැස්ස වගේ ඉන්න පොර ගත්තලු බයික් එක කරට.දිව්වලු කන්ද මුදුනටම.පස්සෙ එතන ඉදම් නැගල ගියාලු පල්ලමට.කොහොම හරි මූ එකලු..
    තව දවසක් ගමේ වෙඩින් එකක් තියෙනවා ලු.කට්ටිය රතිඤ්ඤා දාල ඉවර වෙලා කපල් එක යනකොට දාන්න රතිඤ්ඤා ඉවර උනාලු.ආමි එකේ ඉදම් එනකොට ගෙනාපු ග්‍රෙනේඩ් එකක් තිබ්බලු ගෙදර .ඒක අරන් පින් එක ගලෝල විසි කලාලු වෙලට.හතික්කේ මනමාලිගෙ ඇදුමෙ ඉදම් මඩලු.ඔන්න ඔහොමයි උගෙ නයි ඇරිල්ල.
    😆
     
    Last edited:

    Assassin Galaa

    Well-known member
  • Jul 5, 2017
    634
    499
    63
    #රසකතා
    😀

    මම කෙල්ලෙක් එක්ක යාලු උනා.. ඒ දැන් මගේ වයිෆ්.. අපි යාලු උනාට අපිට කොහේවත් හම්බවෙන්න කතා කරන්න විදියක් නෑ.. මොකද එයාගේ තාත්තා, බාප්පලා, අයියා අඳුනන්නේ නැති එකෙක් නෑ.. නිකමට හරි දැනගත්තොත් හොදි නැතුව කන්න වෙන්නේ.. එහෙමයි කියලා මට මේකිව බලන්නේ නැතුව ඉන්නත් බෑ.. යන්න තැනක් හිතා ගන්නත් බෑ..
    මම කල්පනා කරද්දී මට නියම තැනක් මතක් උනා.. අපි දෙන්නා බඳිනකම්ම හොරාට මුණගැහුනේ පොඩි කිස් එකක් එහෙම දුන්නේ එතන. ඒ තමයි මුරකාරයෙක් වත් නැති කනත්ත.
    ඔහොම දවසක් කනත්තේ ඉන්න ගමන් මේකි අහනවා.. ඔයා බොනවද කියලා..
    අම්මට සිරි.. මම හිතුවා මේකි මට ආදරේට පොඩි ශොට් එකක් ගෙනල්ලා කියලා.. සමහර විට බයිට් පොඩ්ඩකුත් ගෙනල්ලා ඇති. සෝඩා නං ඕන නෑ.. ඒකිගේ වතුර බෝතලේ තියෙනවනේ.. මගේ කට කනේ..
    මම හරි සන්තෝසෙන් ඇහුවා දැන් තියෙනවද කියලා..
    ඒ මූණ දිහා බලපු බැලිල්ලට මම හිතුවේ මේකිට පෙරේත ආත්මයක් වැහුනා කියලා. යන්තම් ශේප් කරගත්තා.
    ඔහොම ඉඳලා අපි බැන්දා.. නිකන් නෙමෙයි මම මේකිව හතර පාරක්ම දැන් බැඳලා තියෙන්නේ ඒ කතාව වෙනමම කියන්න ඕන.
    කොහොම හරි අපි බඳිනකොටම කතා වෙලා තිබ්බේ බැඳලා අවුරුදු පහක් යනකං බබාලා හදන්නේ නෑ.. හොඳට ඇවිදලා , කාලා බීලා ෆන් එකේ ඉන්නවා කියලා.
    ඒ ප්ලෑන් කරපු විදියටම අවුරුදු පහ හිටියා.. උපරිම ෆන් එකේ.. එතකොට තිබුනේ මෝටර් බයිසියලයක් විතරයි .. මේකෙන් ලංකාවේ භාගෙක විතර ඇවිද්දා අපි දෙන්නා.. හරියටම පස්වෙනි ඇනිවසරි එක දවසේ අපි දෙන්නා පොඩි එකෙක් හදන්න තීරණය කලා.
    කලින් ළමයි හදලා නෑ නේ.. මම හිතුවේ අලුත් වාහන වගේ එකපාර ගහපු ගමන් ස්ටාර්ට් වෙයි කියලා. මොන.. පළවෙනි මාසේ නෑ... දෙකේ නෑ.. තුනේ නෑ.. දැන් මේකි අඬනවා. මම ඊට වඩා බය වෙලා. කොහොම හරි මාස හයකුත් උනා නෑ..
    ඒ පාර අපි දන්න අයියා කෙනෙකුටයි ඒ අක්කටයි කිව්වම. ලේඩි ඩොක්ටර් කෙනෙක්ගේ නමක් කිව්වා මෙයාට ගිහින් පෙන්නන්න කියලා.
    අපි ගියා.. ඩොක්ටර්ට කතාව කිව්වම එයා ඇහුවා මැරි කරලා කොච්චර කල්ද කියලා.. අපි කිව්වා අවුරුදු පහක් කියලා. ඩොක්ටර්ගේ ඇස් උඩ ගියා. ඇයි මෙච්චර කල් නාවේ කියලා ඇහුවා. මම කිව්වා නෑ ඩොක්ටර් තාම ට්‍රයි කරන්න අරගෙන මාස හයයි කියලා.
    යකෝ ඩොක්ටර් අතේ තිබ්බ පෑන මේසේ උඩට දැම්මා.. කරුණාකරලා ගිහිල්ලා අවුරුද්දක්වත් ට්‍රයි කරලා ඒත් නැත්නම් එන්න කිව්වා..
    ඒ කිව්වා විතරයි ගෑනි අඬන්න ගත්තා. මම කිව්වා.. ඔන්න පේනවනේ ඩොක්ටර් ඔහොම තමයි ඉතුරු මාස හයම ඉන්න වෙන්නේ මොනවා හරි කරන්න කියලා.
    ට්‍රීට්මන්ට් මොනවත් නම් පටන් ගන්න බෑ දරුවෝ.. ඕන නම් අපි ටෙස්ට් ටිකක් කරමු කිව්වා.. මටත් හෙනම සැට .. මමත් පැනපු ගමන් හා ඩොක්ටර් කිව්වා.. ගෑනිත් කඳුලු පිහිදනවා..
    හරි අපිට ටෙස්ට් පටන් ගන්න වෙන්නේ ඔයාගෙන්.. මගේ පැත්තට හැරිලා කිව්වා..
    මට නිකං මුලු ලෝකෙම කලු වෙලා යනවා වගේ දැනුනා.. යකෝ මගේ අවුලක් උනොත්.. එහෙම උනොත් වේදනාව අඩුවෙන්ම මැරෙන්න විදියක් මම කල්පනා කරනවා...
    එදා ඩොක්ටර් ලියලා දීපු කොලෙත් අරගෙන ගෙදර ආවේ කොහොමද කියලාවත් මතක නෑ.. හවස් වෙද්දී මේකි කතා කරනවා ටෙස්ට් එක කරන්න යන්න. මරන්න ගෙනියන හරකා වගේ ගියා ආසිරි එකට. ගිහින් ලැබ් එකේ ඉන්න කෙල්ලට මේ කොලේ දුන්නා. මේකි දෙකට නැමිලා ගත්තා යෝගට් කෝප්පයක් මට දුන්නා..
    "මේකට සාම්පල් එක අරන් එන්න. වොශ් රූම් එක ඔතන දකුණු පැත්තේ" කිව්වා..
    යකෝ එහෙම කරන්න පුලුවන්ද මේ වැඩ. අනිත් එක බයත් එක්ක. මම අමාරුවෙන් මේකිගෙන් ඇහුවා මම ගෙදර ගිහින් සාම්පල් එක අරගෙන ගෙනත් දුන්නට කමක් නැද්ද කියලා. මේකි කැත හිනාවක් දැම්මා මට පොලව පලාගෙන යන්න හිතුනා.
    සාම්පල් එක විනාඩි පහලවක් ඇතුලත ගේන්න ඕන. පුලුවන්ද ?
    පුලුවන් .. ගෙවල් මේ ලඟ.. කියලා අර සාන්ත කියන බල්ලා වගේ හිනාඋනා..
    ගෙදර ගියා.. සාම්පල් ගන්න තියා බය උනාම වෙන දේ මේකේ ඉන්න උන් දන්නවනේ.. ඒ දවස් වල ස්මාර්ට් ෆෝන් එකක් වත් නෑ.. නොකියා 6300 එක රත් වෙනකං එක එක මගුල් බලලා සාම්පල් එක ගත්තා. බුදු අම්මෝ.. ආධ්‍යාත්මික සුවය ..
    පියන වැහුවා. යකා වගේ කාමරේට දුවලා කලිසමක් දාගත්තා. විනාඩි පහලවකට කලින් ගෙනියන්න ඕන නේ.. මේක සාක්කුවේ දාගත්තා මෝටර් බයික් එක ගත්තා. යනවා යෑමක් වෙඩි කාපු ඌරා වගේ..
    ගිහින් බයික් එක නැවැත්තුවා විනාඩි අටෙන් ඇවිල්ලා. කවුන්ටරේට ගියා.. අර මිස්ම ඉන්නවා..
    මිස් ගෙනාවා සාම්පල් එක..
    කවුන්ටරේ උඩතියන්න..
    සාක්කුවට අත දැම්මා පොඩි තෙත ගතියක් දැනෙනවා... හෙමින් රබර් ඇහැ දාලා බැලුවා.. අප්පට හික්කඩු යන්න ඒ මගුලේ පියන පැත්තකින් ඇරිලා භාගයක් එලියේ. වටේ ගෑවිලා තිබ්බ ටික කලිසම් සාක්කුවෙම පිහිදාලා අරක මේසේ උඩ තියලා සල්ලි ගෙවලා ගෙදරට විද්දා...
    වයිෆ්ට කිව්වේ නෑ ඒක...
    රිපෝට් එක ආවා.. ඒකත් අරගෙන ඩොක්ටර් හම්බවෙන්න ගියා. ඩොක්ටර් රිපෝට් එක බලලා ෆුල් සීරියස් මූඩ් එකක් ගත්තා. මට තරු විසි උනා..
    මේකයි දරුවෝ.. කලබල වෙන්න එපා.. අපිට ට්‍රීට්මන්ට් කරන්න පුලුවන්..
    ඇයි ඩොක්ටර් මොකද? මට දැන් ඇඬෙන්න වගේ..
    නෑ.. නෑ.. කලබල වෙන්න එපා.. ඔයාගේ කොන්ටිටි එක ටිකක් මදි. මිලි ලීටර් අඩුම මේ ගානවත් තියෙන්න ඕන..
    හම්මෝ.. දැන් තමයි ඇඟට ලේ ටිකක් ඉනුවේ.. කෝප්පේ තිබ්බේ භාගයයිනේ ... ඉතුරු භාගේ සාක්කුවේ නේ තිබුනේ..
    ලැජ්ජාව රෝල් කරලා &කේ ගහගෙන ඩොක්ටර්ට උන දේ කිව්වා.. ඩොක්ටර් එක එක විදි වලට ඉඳගෙන විනාඩි පහක් විතර හිනා උනා..
    නිකමට මගේ ප්‍රිය බිරිඳ දිහා බැලුවා .. අම්මට හුඩු.. කාලි දේවාලෙට ගියා වගේ ෆීලිං එකක් ආවේ.. ඇස් රතු වෙලා දිව එලියට දාගෙන එක අතකින් කඩුවයි අනිත් අතින් මගේ කඳ නැති ඔලුවයි එල්ලගෙන ඉන්නවා වගේ පෙනුනේ.. මම ආයෙත් ඩොක්ටර් දිහා බැලුවා..
    ලැජ්ජාවත් එක්ක මේක කරන්න බෑ දරුවෝ.. සාම්පල් එක එතනදිම අරන් දෙන්න..
    එනකම්ම කනක් ඇහෙන්න නෑ ගෑනි බනිනවා.. බයිසිකලේ වේගේ වැඩි කරා .. එතකොට බනින ඒවා ඇහෙන්නේ නෑ.. යකෝ අපි ලැජ්ජා බයට හැදිච්ච කොල්ලෝනේ..
    එහෙමම ගියා ආයෙත් ලැබ් එකට. ආයෙත් අරකි දුන්නා යෝගට් කෝප්පයක්.
    මහානුභාව සම්පන්න නොකියා 6300 ෆෝන් රාජයා එක් අතකින්ද යෝගට් කෝප්පය අනෙක් අතින්ද දරාගෙන ලැජ්ජාව නම් වූ මාරයා අලුයම ලූ කෙල පිඩක් පරිද්දෙන් ඉවතලා ඒ අඩි තුනයි තුනේ කුටියට වැදුනේ අද දෙකෙන් එකක් කරනවා යැයි වූ අදිටනිනි.
    පොඩ්ඩක් පිලිවෙලක් වේගෙන එනකොටම එකෙක් දොරට ගහනවා.. ආපහු මුල ඉඳලා දුක. ඔහොම වන්නම් දහ අටයි, කස්තිරම්, අඩවු ඔක්කොම අල්ලලා ගත් සාම්පලය සහිත ඒ යෝගට් කෝප්පය දෝතින්ම දරාගෙන ගිහිං කවුන්ටරේ නංගිගේ මූන ඉස්සරහා දකුණු අතට වට තුනක් කරකවලා අතේ ගෑවිලා තිබ්බ පොඩ්ඩකින් ඒ නංගිගේ නලලේ මොට්ටුවකුත් තියලා භාර දුන්නා..
    ඉස්කෝලේවත් කවදාවත් හොඳ රිපෝට් එකක් ලැබිලා නැති මට ඒ පාර තමයි හොඳම රිපෝට් එක ලැබුනේ..
    ඒ පාර රිපෝට් එක ගොඩ නිසා ඩොක්ටර් කැලැන්ඩරේක ලකුනු කරලා දුන්නා මේ දවස් වල ට්‍රයි කරන්න කියලා.
    යකෝ ජිම් යනවා වගේ .. දවසක් ඇර දවසක්.. හිතපංකෝ මොන කරුමෙයක්ද කියලා..
    අන්තිමේදී මට ගෑනි දකිනකොට නයාට අඳුකොල වගේ.. මගේ දනහිසුත් පණ නැතුව හිටියේ.. කොහොම හරි මම විඳින දුක දැකලද කොහෙද ඒ මාසෙම මගේ කොලු පැටියා නෝනගේ බඩට ආවා..
    ඒ මාසේ මූ බඩට නාවානං ත්‍රීපෝශ පැකට් පිටිම්ම සේලයින් වලින් අනලා දියරෙට හදලා බටේකින් දෙන්න වෙන්නේ මට..
    #උපුටාගැනීමකි කතාවේ හිමිකම් ඔහුට හිමි විය යුතුය
     

    Assassin Galaa

    Well-known member
  • Jul 5, 2017
    634
    499
    63
    පාර්සල් ඩිලිවරි
    මම සෝවියට් දේශයේ ඉගෙනගන්න කාලයේ, එක් ග්‍රීෂ්ම නිවාඩුවකට ලංකාවට ආවා, තාත්තා ඇතුලු පවුලේ අනික් අයව බැලීමට. ඉතින් කවුරු හරි ලංකාවට යනකොට ඒ යන කෙනාට මල කරදරේ ලංකාවට නොයන උංගෙන්. එක්කො මොනව හරි මෙහෙන් එහාට හරි එහෙන් මෙහාට හරි ගේන්න. මටත් ඉතිං ඔය වගේ කොන්ත්‍රාත්තු කීපයක් ලැබුනා. මමත් ඉතින් මගෙ බඩු ගෙදර දාලා එක එක්කෙනාගෙ බඩු අරං ගියා බැන බැන.
    එකෙක් දුන්නා පාර්සලයක් එයාගෙ අම්මට අවශ්‍යම බඩූවක් කියලා. මගේ අම්මා ඒ වෙනකොටත් නැති වෙලා නිසා අම්මලාගේ අගය දන්න නිසා, කැමැත්තෙන්ම ඒක අරගෙන ගියා.
    මම පාර හොයාගෙන බොහොම අමාරුවෙන් එයාගෙ ගෙදර ගියා, ඇඹුල්දෙනිය පැත්තෙ.
    එයාගෙ අම්මා මාව ආදරයෙන් පිලිගත්තා මම කිව්වම මම එයාගෙ පුතා එක්ක ඉගෙනගන්න යාලුවෙක්, එයාගේ පාර්සලයක් දෙන්න ආවෙ කිව්වම.
    මට වාඩිවෙන්න කියලා සතුටෙන් ගියා පාර්සලයත් අරගෙන. ටික වෙලාවකින් තේ එකක් අරගෙන අම්මා ආවා. තේ විතරයි, කේක් බිස්කට් නැහැ. සමහර විට දවල්ට කන්න ඉන්න කියන්න වෙන්නැති, කන්න මුකුත් ගෙනවෙ නැත්තෙ කියලා හිත හදාගෙන මමත් තේ එක ගත්තා.
    අම්මා වාඩිවෙලා එයාගෙ පුතාගෙ විස්තර එහෙම ඇහුවා. මම ඉතින් මිනිහ ඉගෙනීමට දක්ශයි, මහාචාර්යවරු මිනිහට හරිම කැමතියි, කියලා බොරු ගොඩක් කිව්වේ මට තව සලකයි කියලා. එයාගේ අම්මා කියනවා ‘හොද පුතා, Sound of Music, My Fair Lady වීඩියෝ මට එව්වනේ මේ පුතා අතේ. එංගලන්තෙ ගිය වෙලාවෙලු ගත්තෙ’
    මොනවා මේ යකා වීඩියෝද අම්මට ඕනම කරන දේවල් කියලා මගේ අතේ එව්වෙ. මූට හොද වැඩක් කරන්න ඕන කියලා හිතුනේ ආපහු උගේ ගෙදර ඉදලා එන ගමන්, මොකද වීඩියො එව්වා මදිවට නිකම් තේ එකකින් විතරක් මට සංග්‍රහ කල නිසාත්.
    නිවාඩුව ඉවර වී ආපහු ල්වෝව් ඇවිල්ලා, කවුරුත් එක්ක වොඩ්කා බොන අවස්ථාවක, මිනිහා මගෙන් ඇහුවා,
    ‘මචං, අම්මා මොනවද ඇහුවේ’
    ‘ආ! ඇන්ටි ඇහුවා, අපේ පුතා සිගරට් එහෙමත් බොනවා ඇති නේද?’
    මිනිහා ටිකක් බය වෙලා,
    ‘ඉතින් උඹ කිව්වද මම සිගරට් බොනව කියලා’
    ‘නෑ බං, මම කිව්වා එහෙම හැම වෙලේම බොන්නෙ නැහැ, ඔය වොඩ්කා බොන වෙලාවට නම් පැකට් එකක් විතර බොනව කියල’
    ‘යකෝ, අම්මා දැන ගත්තනේ මම වොඩ්කත් බොන බව. ඉතින් අම්මා මොනවද කිව්වෙ?’
    ‘බයවෙන්න එපා බං, අම්මා ඇහුවා පුතා වොඩ්කත් බොනවද කියලා, ඉතිං මම කිව්වා හැමදාම නැහැ, විභාග ෆේල් උනාම තමයි බොන්නෙ කියලා’
    ‘උඹ මාව කාලා. යකෝ අම්මට මාර අප්සෙට් ඇතිනේ ද’
    ‘අප්සෙට්දත් අහනවා. ඇස් වල කදුලු. එයා කිව්වත් එක්ක. අනේ හොදට ඉගෙනගත්තු කොල්ලා දැන් විභාගත් ෆේල් වෙනවනේ’
    ‘උඹ කිව්වද විහිලුවක් කරේ කියලා. මම විභාග ෆේල් වෙන්නෙ නැහැන බං’
    ‘නෑ බං, මම වැඩේ ශේප් කරන්න කිව්වා, නැහැ ඇන්ටි එයා එහෙම නිතරම ෆේල් වෙන්නෙ නැහැ, ඔය රුසියන් කෙල්ලො එක්ක ක්ලබිං ගිහිල්ලා, බීලා උං එක්ක නිදියගෙන එහෙම පිස්සු කෙලපු දවස් වලට තමයි එයා ෆේල් වෙන්නෙ. නැත්නම් දක්ශයා. අපි කිව්වට අහන්නෙ නැහැනේ.
    මට කලින් අම්මා කිව්ව පුතාට ගෙනියන්න දෙන්න පාර්සලේකුත් තියෙනවා කියලා. ඒත් අඩාගෙන ඇතුලට ගියා අපිට බායි කියන්නවත් ආවේ නැනේ, අවුල් වෙන්නැති මගේ විහිලුවට’
    එදා අනික් යාලුවෝ නොසිටියා නම් අද මේක ලියන්නවත් නොලැබෙන බව සහතිකයි. එයින් පස්සෙ එකෙක්වත් මට පාර්සල් නම් දුන්නෙ නැහැ අරන් යන්න.








    ඔන්න ඒ කාලෙ ගමකට තාපස තුමෙක් ආවලු.එයාගෙ තියෙන විශේෂත්වය තමයි කෙනෙක්ගෙ මූන දිහා බලල එයාගෙ හිතේ තියෙන්නේ මොනවද කියල හරියටම කියන්න පුලුවන් අපූරු හැකියාව.ඉතිං මෙයා ගැන ආරංචි වෙච්ච ගමේ මිනිස්සු විතරක් නෙවෙයි අහල පහල ගම් හත අටක ඉන්න මිනිස්සුත් රංචු පිටින් තාපස තුමාගෙ අසපුවට දින පතා එනවලු . ඒ එන අයගෙ මූන දිහා චුට්ටක් බලං ඉඳල එයාලගෙ හිතේ තියෙන්නේ මොනවද කියල හරියටම කියනව තාපස තුමා.
    හැබැයි ගමේ හිටපු සුනිමල් අයියට නම් තාපස තුමාගෙ මේ වැඩ පිලිවෙල එච්චර හිතට ඇල්ලුවේ නෑ."කොහෙ හරි යන හොරෙක් වෙන්න ඇති .මූන දිහා බලල මොනාහරි බොරුවක් කියනව ඇති . අපේ උනුත් මෝඩයො වගේ යනවනෙ ඉතිං මේවට"
    කවුරු හරි තාපස තුමා ගැන කිව්වොත් ඔය වගේ කතාවක් තමයි සුනිමල් අයියගෙ කටින් පිටවෙන්නෙ.
    මෙහෙම ටික දවසක් ගෙවිල ගියා.දිනපතාම තාපසය හම්බ වෙන්න එන පිරිස නම් ටික ටික වැඩි වෙනව.එයාලගෙ මූන බලල හිතේ තියෙන දේවලුත් හරියටම කියනව.සුනිමල් අයියත් පුරුදු විදිහටම බැන බැන ඉන්නව. හැබැයි ටික දවසක් යද්දී එයාටත් හිතුනා මේක සමහරවිට ඇත්තක් වෙන්නත් පුලුවන් . සමහරවිට තාපස තුමාට මොනා හරි බලයක් ඇති.ඕක ඇත්ත නැත්ත දැනගන්න පුලුවන් මම ගිහින් මගෙ හිතේ තියෙන්නේ මොනවද කියල ඇහුව නම්.ඒත් මෙච්චර බැනපු මං කොහොමද තාපස තුමා හම්බ වෙන්නෙ. ගමේ උන් මට දෙපැත්තෙන්ම හිනාවෙයි මං ගියොත් .බලමුකො කවද හරි චන්ස් එකක් එයිනෙ.
    මෙහෙම දවස් දෙක තුනක් ගෙවිල ගියා. සුනිමල් අයිය එදා හවස ගඟට ගියා නාගන්න. ඇඳුම් ටික ගලවල ගං ඉවුරෙ තියල "කවුරු දකින්නද කවුරු බලන්නද මා දැන් මහලු වියේ" කියල මිනිහ ගඟට බැහැල පීන පීන නානව නිර්වස්තරෙන්ම.ගඟේ ඒ පැත්තට කවුරුත් එච්චරම එන්නෙත් නෑ. මෙහෙම නනා ඉන්න අතරෙ සුනිමල් අයිය එක පාරටම දැක්ක ගං ඉවුර ලඟ තිබුන ගහක් යටට වෙලා විවේක සුවයෙන් භාවනා කරකර ඉන්න තාපස තුමාව. තාපස තුමා ඉන්නෙ තනියම. හම්බ වෙනව නම් නියම වෙලාව. කවුරුත් නෑ. ඔන්න අද තමයි මේකෙ ඇත්ත නැත්ත දෙකෙන් එකක් දැනගන්න පුලුවන් නියම දවස. සුනිමල් අයියත් ප්‍රීතියෙන් පිනා ගිහිල්ලා ජාත්‍යන්තර පිහුනුම් ශූරයෙක් වගේ තාපස තුමා හිටපු පැත්තෙ ගං ඉවුර ලඟට පීනගෙන ගිහින් ගඟෙන් ගොඩවෙන්න හදනකොට මතක් උනේ. "හත් ඉලවිවයි ඇඳුම් ටික ගඟේ අනිත් ඉවුරේ
    😥
    කියල. දැන් මොනා කරන්නද ඉතිං .ආයෙ ඒ පැත්තට පීනගෙන ගිහින් ඇඳුම් අරං එනකොට තාපස තුමා යන්න ගිහින් තියේවි. එහෙම නැත්නම් ගමේ කවුරු හරි එකෙක් ආවොත් එහෙම. මෙහෙම වට පිට බලනකොට තමයි සුනිමල් අයිය දැක්කෙ ගං ඉවුරෙ කුඹුක් මුලක රැඳිල තියෙන පරන ප්ලාස්ටික් ලොකු බේසමක්.වාසනාව තමයි ඉතිං . සුනිමල් අයිය ටක් ගාල බේසම අරං තමංගෙ අදාල ප්‍රදේසෙ කවර් කරගත්ත . දැන් හරි. දැන් වැහිල තියෙන්නේ . බය වෙන්න දෙයක් නෑ . දැන් අදාල තැන බේසමෙන් වහගෙන සුනිමල් අයිය ඉක්මනටම ගියා තාපස තුමා ලඟට..ඔන්න දැන් තමයි තාපස තුමාගෙ වැඩේ ඇත්තද බොරු ද කියල දැනගන්න පුලුවන් වෙලාව. මෙහෙම හිතල සුනිමල් අයිය ගිහින් තාපස තුමාට කතා කලා. " තාපස තුමනි. ගමේම මිනිස්සු ඔබ තුමා හම්බ වෙන්න එනව.මූන දිහා බලං ඉඳල එයාලගෙ හිතේ තියෙන්නේ මොනවද කියල කියනවලු. මට ඇත්තටම ඕක ෂුවර් නෑ. හොඳයි පුලුවන් නම් කියන්න මං දැන් හිතාගෙන ඉන්නෙ මොනවද කියල"
    තාපස තුමා පොඩි හිනාවක් එහෙම දාලා හඬ අවදි කලාලු.
    "මට පුලුවන් මහත්තයා මේ මොහොතේ හිතාගෙන ඉන්නෙ මොනවද කියල කියන්න"
    "හරි එහෙනම් කියන්න බලන්න ඔබතුමා මං මේ දැන් හිතාගෙන ඉන්න දේ. ඒක හරියටම කිව්වොත් මං ඔබ තුමා විශ්වාස කරනව"
    තාපස තුමා ආයෙත් චූටි හිනාවක් දාල කියනවලු.
    "මහත්තය දැන් හිතාගෙන ඉන්නෙ ඉතිං ඔය බේසමේ අඩිය තියෙනවා කියලනෙ"
    😁
     

    Assassin Galaa

    Well-known member
  • Jul 5, 2017
    634
    499
    63
    අසේලයයි මායි බයිසිකලෙන් වැටුණට පස්සේ බයිසිකලේ පදින්න බෑය. ඒකෙ රිම් එකයි හැඬල් එකයි ඇද වෙලා ය. අසේලයයි මායි ඒක හදන්න ටවුමට ගෙනියන්න තීරණය කලෙමුය. ටවුමට හැතැම්ම දෙක හමාරක් තියෙනවා ය. අපි දෙන්නා බයිසිකලේ කරේ තියාගෙන ටවුමට ගෙනිහින් විංකලේට බයිසිකලේ දුන්නෝ ය. විංකලේ මාමා බයිසිකලේ ඇද ඇරලා හදලා දුන්නා ය. හැදුවාට පස්සේ අසේලයයි මායි බයිසිකලේ කරේ තියාගෙන ආපහු ගෙදර ආවෝය.
    අපි ගෙදර එනකොට නයනක්කා හම්බුනා ය. හති දදා එන අපි දෙන්නා දිහා බලපු නයනක්කා,
    "ඇයි, බයිසිකලේ හදන්න බෑ කිව්වද?"
    කියලා ඇහුවා ය.
    "නෑ හදලා දුන්නා" කියලා අසේලයා කීවාය.
    "තොපි මේ හදපු බයිසිකලේ ද කරේ තියාගෙන ආවෙ?"
    කියලා අහගෙන වෙලට පැන්නා ය. වෙලට පැන්නේ නයනක්කා ගේ ගෙදර තියෙන්නේ වෙලෙන් එගොඩ හින්දා ය. ඒ ගෙදරට යන්න තියෙන්නේ නියර දිගේ ය. හැබැයි ඔය නියරේ නිතරම නයෙකුත් හිටියා ය.
    නයනක්කා යාළුවෙලා හිටියේ අපේ අයියා එක්ක ය. ඒ දවස්වල අයියා නිතරම ඔය නියරේ පියනගලා යනවාය. යන ගමන් මහ හයියෙන්
    "සදාදර නයෝ ඔබේ... මං වෙල දිගේ"
    කියලා සිංදු කියනවා ය. අයියා නං කියන්නේ නයා ඉන්න හින්දා එහෙම නයාට කලිංම මං එනවා කියලා කිව්වාම නයා යනවා කියලා ය. කොහොම හරි අයියා නිරයෙන් යනකොට නයනක්කා ගෙදරින් එළියට ඇවිත් ඉන්නවා ය.
    දැන් නං නයනක්කා අයියා එක්ක යාළු නෑය. ඒ අයියාගේ ලියුමක් අම්මාට අහු උන හින්දා ය. අයියාගේ ලියුං නයනක්කා ට ගිහින් දුන්නේ මං ය. එදා අපේ සිංහල සර් ගෙදරට දෙන්න කියලා අපිට ලියුමක් දුන්නෝය. ඒකෙ තිබුණේ
    "සාහිත්‍ය දින උත්සවය ගැන කතිකා කර ගැනීමට වහාම පාසැලට පැමිණ මා හමුවන ලෙස දන්වන වගයි.
    මීට,
    සිංහල ආචාර්ය,
    බුලත්සිංහල "
    කියලා ය.
    නයනක්කාට අයියා ලියපු ලියුම තිබ්බේ මගේ සාක්කුවේ ය. මං සර් ගේ ලියුමත් සාක්කුවේ දාගෙන ඇවිත් නයනක්කා ට අයියා ගේ ලියුම දීලා ගෙදර ඇවිත් අම්මා ට සර්ගේ ලියුම දුන්නෙමු. ලියුම කියවපු අම්මා කොස්සක් අරගෙන ගිහින් ටීවී බල බලා හිටපු අයියාට ගැහුවා ය. අයියා උඩ විසි උන පාර රිමෝට් එකත් විසික් උනාය. කොස්ස උස්සාගෙන බැන බැන ආයෙමත් ගහන්න දුවගෙන එන අම්මා දැකපු අයියා ගෙදරින් එළියට පැනලා දුවන්න පටන් ගත්තා ය. දොරකඩ හිටපු ටොමියාත් අම්මා දිහා බලලා පැනලා දිව්වේ වෙනදා වගේ කොසු පාර ඌටද කියලා ෂුවර් නැති හින්දා වෙන්ට ඕනෑය.
    අයියා නයනක්කාට ලියපු ලියුමක් අහුවුනා කියලා සද්දේ ඇහිලා දුවගෙන ආපු අප්පච්චීට අම්මා අඬ අඬා කිව්වා ය. එකත් එකටම අයියාගේ ඊ ළඟ ලියුම ලියද්දි අම්මා ට අහුවෙන්න ඇති කියලා මම හිතුවෙමු. කොහොමද ලියුම අහු උනේ කියලා අප්පච්චි අහද්දී,
    "පොඩි එකා තමයි දුන්නේ"
    කියලා අම්මා කිව්වා ය. අම්මා ට අයියාගේ ලියුම දුන්නා නං එකත් එකටම නයනක්කාට දීලා තියෙන්නේ සිංහල සර්ගේ ලියුම වෙන්න ඕනෑය.
    එතකොට ඉස්කෝලේ රැස්වීමට නයනක්කා එන්න ඉඩ තියෙනවා ය. ඒ හින්දා මාරුව ඇරගන්න කියලා අම්මා ට ලියුම දුන්නේ වැරදිලා බවත්, ඉස්කෝලෙන් දීපු ලියුම මං නයනක්කාට දීපු බවත් කියලා මාරු කරගෙන එන්න අම්මාගෙන් ලියුම ඉල්ලා සිටියෙමු.
    "දෙනවා තොට"
    කියපු අම්මා මටත් කොස්සෙන් ගහන්න පැන්නා ය. අප්පච්චී මහ හයියෙන් හිනා වෙද්දි මං එළියට පැනලා දුවලා ගිහින් නතර උනේ නයනක්කලාගේ ගෙදර ය.
    නයනක්කාට දීලා තියෙන්නේ වැරදි ලියුම බවත්, ඒක ගෙදරට දෙන්න ඕන බවත් කියලා මම ලියුම ආපහු ඉල්ලා ගත්තෙමු.
    "එතකොට මගේ ලියුම කෝ..?"
    කියලා නයනක්කා ඇහුවාය.
    "ඒක අපේ අම්මා ළඟ"
    කියලා මම ආපහු ගෙදර දිව්වාය.
    ඊට පස්සේ අයියා මට ලියුං දුන්නේ වත්, "සදාදර නයෝ" සිංදුව කිය කියා නියරේ ගියේ වත් නෑය.
    බුලත්සිංහල සර් දැන් ගෙවල් වලට ලියුං එව්වාට ආපු මුල් කාලෙ එහෙම නෑ ය. ඒ දවස්වල අපි හිතුවේ සර්ගේ නම "බුලත්" කියලා ය. සිංහල උගන්වන හින්දා බුලත් සිංහල සර් කියලා කියනවා කියලා ය. ඒක එහෙම නෙමෙයි කියලාත් සර්ගේ නම බුලත්සිංහල කියලා ත් කියලා දුන්නේ "බුලත්" සර් ආවාද බලන්න විදුහල්පති කාර්යාලයට ගිය වෙලාවක ලොකු ඉස්කෝලේ මහත්තයා ය. බුලත්සිංහල සර් කතා කලෙත් අමුතු සිංහලෙන් ය.
    ජනකයා පාඩම් වැඩට දුර්වලයි කියලා දවසක් ඌට කතා කරලා
    "තමුන්ගේ ගෙදර වැඩිහිටියො කවුද ඉන්නේ?"
    කියලා ඇහුවා ය.
    "අම්මයි, තාත්තයි සර්"
    කියලා ජනකයා කීවාය.
    "තමුන් හෙට පියාට එන්න කියන්න ඕන. මට වැදගත් දෙයක් තියෙනවා කියන්න"
    කියලා කිව්වෝය. සිංහල සර් එන්න කිව්වා කියලා ජනකයා ගිහින් කියලා තිබුණේ වඩු පියා මාමා ටය. පහුවදා ඉස්කෝලෙට ආපු වඩුපියා මාමා ට සිංහල සර් ජනකයා පාඩම් වැඩට දුර්වලයි කියලා ත් ගෙදරදී වැඩ වලට උනන්දු කරවන්න කියලා ත් කිව්වා ය.
    "හොඳමයි මහත්තයා, මං ඒක මුංගෙ මහ එවුන් ට කියන්නං"
    කියලා වඩු පියා මාමාත් කිව්වාය.
    "තමුන් මේ ළමයගේ කවුද?"
    කියලා සර් ඇහුවම
    " මූ මගේ කවුරුත් නෙවෙයි සර්"
    කියලා වඩු පියා මාමා කිව්වා ය.
    "එහෙනම් මොකටද ආවෙ?"
    කියලා සර් වඩුපියා මාමා ගෙන් ඇහුවම
    "මූ තමයි සර් මට එන්න කිව්වේ"
    කියලා ජනකයා පෙන්නුවා ය. බුලත්සිංහල සර් එක අතකින් ජනකයා කණෙනුත් අනිත් අතින් වඩු පියා මාමා ත් ඇදගෙන විදුහල්පති කාර්යාලයට ගියෝය.
    නඩුව අහපු ලොකු ඉස්කෝලේ මහත්තයා ජනකයාට පැටලිලා ඇති බවත්, පියා කියලා පියදාස මාමා ට හැමෝම කියන බවත්, ළමයින්ට ටිකක් සරල සිංහලෙන් කතා කලාම හරි බවත් කියලා තිබුණා ය.
    "ෂහ් මට මේ ළමයගෙ මවු ට එන්න කියන්න තිබුණෙ"
    කියලා බුලත්සිංහල සර් කිව්වා ය. එතකොට ලොකු ඉස්කෝලේ මහත්තයා
    "නෑ නෑ, සර් පොඩි ලියුං කෑල්ලක් යවන්නකො"
    කියලා කීවාය. බුලත්සිංහල සර් ලියුං යවන්න පටන් ගත්තේ එහෙමය.
    -(ධම්මික ඒකනායක)-
     

    Assassin Galaa

    Well-known member
  • Jul 5, 2017
    634
    499
    63
    ගුවන් කතා..
    අද කියන්නෙ උඩ ගිහින් බිමිනුත් ගියපු කතාවක් ගැන.
    අපි ඉතින් මේ හිටියට අවුරුද්දෙ දවස් තුන්සිය හැට පහේම උඩින් යන්නෙත් නෑනෙ ඉතින්.
    රායිට්.. මේකයි උනේ..
    මම ගුවන් ගත වෙන්න සමහර වෙලාවට එයාර් පෝට් එකට යන්නෙ මගේ වාහනයෙන්. වාහනේ එලවන්න කම්මැලි වගේ හිතෙයි නම් තමයි ට්‍රාන්ස්පෝට් එක ගන්නෙ.
    මෙන්න මේ කියන දවසෙත් අපිට තව රටකට ගුවන්ගත වෙන්න තිබුන නිසා මමයි මගේ යාළුවො දෙතුන් දෙනෙකුයි තම තමන්ගෙ වාහන වලින් තවත් යාළුවෙක්ගෙ අපාර්ට්මන්ට් එකකට ඇවිත් වාහන ටික එතන පාක් කරලා ට්‍රාන්ස්පෝට් එකේ එයාර්පෝට් එකට ආව..
    අපේ ප්ලෑන් එක තිබුනෙ ගුවන් ගත වෙලා කරන වැඩ ඉවර කරල ආපහු ලංකාවට ගොඩබැහැල ගෙදර එන ගමන් අර කියපු යාළුවගෙ අපාර්ට්මන්ට් එකේ සෙට් වෙලා පොඩි පාටියක් දාන්න..
    කොහොමහරි දෙයියන්ගෙ පිහිටෙන් ෆ්ලයිට් එකේ මුකුත් කරදරයක් නැතුව ආපහු ලංකාවට ගොඩ බැස්ස..
    දැන් තමයි පාටිය පටන් ගන්නේ ..
    මමයි මගේ යාලුවො ටිකයි ඔන්න දැන් අර යාළුවගේ අපාර්ට්මන්ට් එකටත් ආව කියමුකො..
    මේ යාළුවො අතර ඉන්නව පිරිමි දෙකක් සහ ගැහැනු හතරක්.
    එතකොට ඔක්කොම කීයද පාටියෙ??.
    මමත් එක්ක හතයි හතයි..
    මෙන්න මේ ගැහැනු යාළුවො අතර ඉන්නව අනිත් අයට වඩා ටිකක් වැඩියෙන් ඇහැට කනට පේන තරුණ ළඳකුත්.
    ඇහැට කනට පේන ගැටිස්සි උනාට වැඩ නම් කොල්ලෙක්ගෙ වගේ තමයි. පදින්නෙත් සුබාරු ස්පෝට් කාර් එකක්. හිතල බලන්නකො ඉතින්. කොලු වැඩම තමයි තියෙන්නේ.
    කොහොම හරි ඉතිං පාටිය පටං අරන් ටික වෙලාවක් යනකොට කෙල්ලො කොල්ලො ඔක්කොටම නාග සලං.
    හැබැයි මම විතරක් සිහියෙන්. මම ඉතින් ඔය එක එක අමුතු බිම ජාති බොන්නෙ නෑනෙ.
    කොහොමින් කොහොම හරි ඔය අස්සේ මුන්ට ගෙවල් තියනවා කියල මතක් වෙලා පාන්දර දෙකට විතර දැන් කට්ටිය ගෙවල් වල යන්න සූදානම. අර හිටපු කොල්ලො දෙන්න කෙල්ලො දෙන්නෙක්ව ගෙවල් වලට දාන්න බාර ගත්ත.
    මට ගෙදරට ගිහින් දාන්න උනේ අර කියපු ඇහැට කනට පේන කෙල්ලව.
    ඒ වෙද්දී නම් ඒ ගෑනිගෙ කන සාක්කුවේ, සාක්කුව තව කොහෙවත්..
    දැන් මෙයාව ගෙදර ගිහින් දාන්නත් ඕන නිසා මගේ වාහනේ තියෙද්දී මම අර ගෑනිව උස්සල දැම්ම එයාගේ කාර් එකට, අර සුබාරු එකට හොදේ ..
    මාත් නැග්ග අනිත් පැත්තෙං දෙන්නම ගෙදර යන්න හිතාගෙන.
    අප්පට සිරි.. මේ කාර් එක මැනුවල්නෙ..
    ලයිසන් එක ගත්තට පස්සෙ මැනුවල් එකක් එලවනවමයි මේ.
    දැන් ඉතින් මැනුවල් එලවන්න අමාරුයි කියල කාර් එකෙන් බහින්නත් ලැජ්ජයි.
    කොහොම කොහොම හරි නියුට්‍රල් කරගෙන ස්ටාට් කරගත්ත. දෙතුන් පාරක් එන්ජිම නැවති නැවති කොහොම හරි පාරටත් ගත්ත.
    හම්ම.. කෙලින් පාරට ගත්තමනෙ ආතල්..
    මේක නිකං පාවෙනව වගෙ විදිනව. සුබාරු එකක් හොඳේ..
    ජාඇල හරියෙ ඉතින් කෙලින් පාර.. වාහනත් නෑ මහා පාන්දර..
    ඒ වෙලාවේ ගියපු වේගය පැයට කිලෝමීටර් අසූවක් වගේ මතක හැටියට. ලොකු වේගයකුත් නෙමෙයි ඉතින්.
    ඉස්සරහ ඔන්න තියනව කෙලින් පාර පොඩි වංගුවකුත් එක්ක..
    අනේ මන්ද එක්කෝ මේ කාර් එක වංගුව දැක්කෙ නැතුවද නැත්තන් මම වංගුව දැක්කේ නැතුවද මන්ද, කාර් එක පාවෙලා කෙලින්ම ගියා.
    දඩාස්.. ස්‍රීස්ස්ස්ස්.. සල බලාං.. ඩොස්..
    කාර් එක ගිහින් පාර අයිනේ තිබුන ලයිට් කනුවකුත් කඩාගෙන තාප්පයක් දිගේත් ඇතිල්ලීගෙන ගිහින් යන්තන් නැවතුනා..
    ඉස්සරහ වම් පැත්ත චප්ප චොරොස්,කුඩු.. වීදුරුවත් ඉරි ගිහින්..
    උනේ මොකක්ද කියල පොඩ්ඩක් කල්පනා කරල අර කෙල්ල දිහාත් බැලුව මොකද උනේ කියල බලන්න ..
    මේ ගෑනි නින්දෙන් ඇහැරිලා වගේ දොර අරින්න හදන ගමන් මට කියනව.
    "අඩේ.. අද ඉක්මනට ගෙදර ඇවිත්, එහෙනම් මං බැස්ස, සී යූ මචං.. "







    😃
    😃
    😃
    අලුත ගෙනා මනමාලී.
    😃
    😃

    මගේ මුල් මනාලිය බලන්න ගිය කතාව පෙරදිනක සදහන් කලෙමි. ඈ අහිමිවීගිය සංවේගය මා සිතින් මැකුනේ නැත..මා දුකින් ඉන්නා බවක් කෑම පිරියක් නැති බවක් සියල්ල අහිමිවූ හැගීමෙන් ඉන්නා බවක් අම්මාට පෙනෙන්නට ඇත...
    "උඹ ගෑනු ගැන දන්නවද බත්ටික කාපන් බොටම ගැලපෙන ගෑනු දරුවෙක් ඉන්නව.ලෑස්ති වෙයන් ඉරිදට යාලගම යන්න. අක්කටයි නංගිටයි මං එන්න කිව්ව. කපුමහත්තය කිව්වෙ මේ බලන්න යන ලමය කාගෙවත් දිහා ඇහැක් ඇරල බලන ලමයෙක් නෙවේ කියල.යහපත් දෙමාපියන්ගෙ ලැජ්ජ බයට හැදුන දරුවෙක්. එහෙම ගුනයහපත් කෙනෙක් තමයි මේ ගෙදරට ගේන්න ඕනි.නැතුව බොට නාස් ලනුව දාන අර වගේ සක්කරවට්ටම් නෙමේ. අම්මාගේ හා අක්කාගේ අවවාද අනුශාසනා මැද අපි ඉරිදා දිනයෙහි දෙවෙනි වරටත් මනමාලියක් බැලීමට පිටත්උනෙමු.
    ගෙදරට ගොඩවූ මොහොතේ සිට මා මනමාලී බැලීමට මාහට ඉස්පාසුවක් නොවීය.
    "කෙල්ලට එන්න කිව්වනම් බලන්න අම්මා...
    "හිටපන් ටිකක් උඹට මං දුන්න අවවාද මතක නැද්ද?"
    හරි හරි කොනිත්තන්න එපා අම්මා..
    පෙර මනාලියට වඩා හාත්පසින්ම වෙනස් වූ චාම් සාරියකින් හැඩවූ තරුනියක් අප ඉදිරියේ පෙනී සිටියාය. මට මුහුණ බැලීමට තදබල ආසාවක් ඇතිවුනිද ඒ සදහා විනාඩි ගානක් ගතවුනේ ඈ බිම බලාගෙනම සිටි නිසාය. මුහුන වටකුරු තලෙලු, කොන්ඩය තනි කරලට ගෙතු මා හට ඇය මෙනෙහි වූයේ ඉස්කෝලේදී ගනිතය ඉගැන්වූ ගුනවතී ඉස්කෝලේ හාමිනේය.
    කලු ගුනවතී මිස් වගේ නේද අම්මා...
    මා අම්මාට කල රහස් මන්ත්‍රනය ඇයට ඇසිනි.. ඈ දෑස් පුන්චිකොට මා දිහා බලා නැවතත් බිම බලාගත්තාය.
    "අපේ පුතාලට ඉගැන්නුවා මේ වගේම ලස්සන මිස් කෙනෙක්..එයා ගැන ඔය කිව්වෙ.. "
    කෙසේ වෙතත් අම්මාගේ හා අක්කාගේ අශිර්වාදය නොවඩුව ලබමින් මගේ විවාහය සිදුවුනේය... විවාහ උත්සවය පිළිබදව වෙනම ලිපියක් ලියයුතු හෙයින් එය ගැන ලිවීම පසුවට තබමි.
    විවාහ වී පලමු සතියේම මගේ යහලු සමාගම සම්බන්ධයෙන් ඇගේ මතය යහපත් නොවීය.
    "නෝනෙ මං වෙනදත් පඩි අරන් යාලුවො එක්ක බියර් එකක් බොනවනේ.....
    "යන්න වුවමනා නෑ . ගෙදර ගෙනත් බොන්න අපේ තාත්තත් ඔය යාලුවො එක්කයැයි බිව්වේ..
    එහෙමනම් ගෙදරට ගේන්න පුලුවන්
    ඉන් මාස ගනනකට පසු එක්තරා වැටුප් ගත් දින‍යක අම්මා නිවසේ නොවීය.මා නිවසට පැමිනියේ බියර් බෝතල් දෙකක්ද සමගිනි
    "මටත් ඇගට හරි මහන්සියි..පොඩ්ඩක් මටත් දෙන්න ගෑනුත් බොන ජාතිනේ ඔය"
    "ගන්න නෝනේ."
    ගෙනා බියර් බෝතල් දෙකෙන් එකක් හිස් කල පසු ඇගේ ගතිපැවතුම් සියල්ල වෙනස්විය.
    මේ ගෑනු අපි ඉන්නෙ කුස්සියෙ උයන්න විතරක් නෙමේ.මෙහෙම කුස්සියට කොටුවෙලා ඉදපු ගෑනියෙක් නෙමේ මං. අපිටත් පිරිමින්ට වගේ අයිතිවාසිකම් තියෙනවා. අපිව කුනුමුල්ලට දාන්න හදන පිරිමිත් ඉන්නවා. ඉස්සරහ මිදුලේ තියෙන දරකොටේ දිරලා යනවා ඒක පලන්නෙ මංද. මං ගේ අතුගෑවොත් ඔයා මිදුල අතුගාන්න ඕනෙ. මේවා කියන්න වෙලාවක් එනකම් මම හිටියේ..
    මේ සිදුවීමෙන් මා අන්ද මන්ද වීමි. බියර් ගෙදරට ගෙනවිත් මා කලේ මොනතරම් ගොන් වැඩක්ද. එකෙනෙහිම මාගේ නංගීද අපගේ නිවසට පැමිනියේය.
    "බලන්න අයියේ අල්ලපු ගෙදර එකී අදත් මං ඉන්දපු මල්වැට ගලෝල වීසිකරානේ. උන්ගෙ වත්තෙයි කියල හැමදාම රංඩු මේ වැට මායිමට කිසිම නිදහසක් නෑ මේ ගෑනිගෙන්.මං පොලීසියට යන්න හදන්නෙ මේක කියන්න පුදුම අසාදාරනයක්නේ
    එකෙනෙහිම මගේ නෝනේ හඩ අවදි කලාය. ඇය බියර් බී ඇති බවක් නංගී නොදන්නේය
    එහෙම කොහොමද නංගී... ඕවට දැම්ම පියවර නොගත්තොත් ඕකුන් ඔලුවෙ අතහෝදනව. එන්න යන්න.බේරුමක් කරගන්න.මේ ඔයත් එන්න මා එක්ක යන්න.
    අපි පස්සෙ යමුද නෝනේ..ඕව කලබලෙන් කරන්න හොද වැඩ නෙමේ.
    මේ එනවා ..එනවා ..යමු නංගී
    අහෝ මං කුමක් කරන්නද? මාද පසුපසින් යමි.මා එක් අඩියක් ඉදිරියටත් ඊලග අඩි දෙක පසුපසටත් තබමින් පිටුපසින් යමි.දැන් ඔවුන් මට වඩා බොහෝ ඉදිරියෙන්ය. එම නිවස කිට්ටුවේදී මා පොල්ගසකට මුවාවිය. ගැහැනු හුටපට වලට මැදිවීම පිරිමි අපට ඒහැටි හොද දෙයක් නොවේ..
    "ඒයි සුනීතා මොකද්ද මේ නංගිගෙ වැට ගලෝලා"
    "ඒපාර අද ඊයෙ ආව තෝත් ආවද මට හයිරං දාන්න.කොහෙ තියෙන අයිතියක්ද යකෝ තොට"
    සුනීතාගේ හඩ ඉවරවීමට ලැබුනේ නැත.නෝනේ ඈ බදාගෙන කෙස්වැටියෙන් අල්ලා පහරදෙයි. ඊලගට නෝනේට අහුවුනේ සුනීතාගේ හැට්ටයයි. ඈ හැට්ටය ඉරා වීසිකර දැම්මාය.
    ඇගේ තනපටත් දැන් ඉරා වීසිකරාවිදෝ සැකයක් මගේ සිතට ඇතුල්විය. කෙනෙකුට කලාතුරකින් දකින්නට ලැබෙනා මෙවන් දර්ශනයක් තව තවත් ලංකොට බැලීමට මගේ යටිසිත මා පෙලඹීය. මා මුවාවූ පොල්ගසෙන් මෑත්ව තවත් ලංවුනෙමි.
    සුනීතා මා දැකීමෙන් දැඩි අපහසුතාවයකට පත්ව වහා නෝනේගේ ග්‍රහනයෙන් මිදී ලැජ්ජාවෙන් ගෙට පැන්නාය.
    "ඔහොම කරල මදි ඔය ගෑනිට තනපටත් ගලවන්න තිබුනේ"මම පැවසීමි.
    නෝනේ ඇස් කොනින් බලා ඇස් යටකොට මට රැව්වාය..
    පසුදා අම්මා නිවසට පැමිනීමෙන් අනතුරුව මා පැවසූවේ..
    "මුලින් මනමාලි බලන්න ගියවෙලාවෙ අම්මයි අක්කයි කියපු දේ හරි..
    "ගෑනු ගැන මං දන්නෙත් නෑ..අම්ම දන්නෙත් නෑ අක්ක දන්නෙත් නෑ..
    නැවත බියර් නම් ගෙය හතර මායිමේ නොගෙනීමට මම වගබලාගතිමි.
     
    Last edited:

    Assassin Galaa

    Well-known member
  • Jul 5, 2017
    634
    499
    63
    ඔන්න ඉතින් දවසක් ව් ජ මු මහත්තය ගියාලු ස්කෝලෙකට සිංහල බස ගැන කියල දෙන්න ,පටන් ගත්තේ අපි මේ කතා කරන මුලකුරු scene 1න්
    ඔන්න ඉතින් දේශනය පටන් ගත්ත
    ව් ජ මු: ලමයා ඔයාගේ නම කියන්න .
    ළමය : "මම L. B. රත්නායක ".
    ව් ජ මු : පුතා L. B. කියන්නේ මොකද්ද ?.
    ළමය : ලොකු බණ්ඩා.
    ව් ජ මු : මීට පස්සේ ඔයා L.B. රත්නායක නෙමෙයි , ඔයා ලො. බ. රත්නායක
    ඔන්න ගිය ඊලග ළමය ලගට
    ව් ජ මු : පුතා කියන්න ඔයාගේ සම්පූර්ණ නම .
    2වෙනි ළමය : මගේ නම පුලස්ති කන්කානම්ගේ කපිල ලුචාස් ෆර්නැන්ඩෝ
    ව් ජ මු : පුතා , අද ඉඳල ඔයාගේ නම . පු . ක. ක. ලු. ෆර්නැන්ඩෝ.
    ඊලග එකා ව් ජ මු කතා කරන්නත් කලින් නැගිට්ට
    3 ළමය : සර් මගේ නම K. N. අබේරත්න . K කියන්න "කුමුදු ", N කියන්නේ "නුවන් ". කුමුදු නුවන් අබේරත්න
    ව් ජ මු: බොහොම හොදයි පුතා, මීට පස්සේ ඔයා කු නු අබේරත්න
    .ඔන්න මේක අස්සේ 1 කොල්ලෙක් අඩනවා , ව් ජ මු ඉතින් ඇහුව මුගේ නම
    අඩන බබා :සර් මගේ නම යසිත කෝසල මාරසිංහ .යාලුවෝ මීට පස්සේ ! මට කියවී ය කෝ මාරසිංහ කියල .
    ඔන්න ඉතින් ඔහොම පන්තියේ හිටපු හැමෝගෙම නම හෙළුවෙන් ලිව්වා ,එකා සැරේම ව් ජ මු දැක්ක පන්ති බාර ගුරුතුමිය
    ව් ජ මු : ආහ්හ් , ගුරුතුමිය ගේ නම අහන්න බැරිවුණා නේ .
    ගුරුතුමිය : H. K. M. D. සිරියාවතී .
    ව් ජ මු : නැහැ , එහෙම නෙවෙයි , සම්පූර්ණ නම කියන්න .
    ගුරුතුමිය : හුන්නස්ගිරිය කන්කනම් මුදියන්සේලගේ දමයන්ති සිරියාවතී .
    ඔන්න ඉතින් , ව් ජ මු ත් විනාඩි 2 ක් විතර කල්පනා කරලා කිව්වා
    "ගුරුතුමිගේ නම පරණ විදියට තියමු "....කියල









    ඔන්න දවසක් මගී බස් රථයකට ගොඩ වැදුන කෙල්ලෙකු හා කොල්ලෙක් අතර සිදුවු දෙපසක්........
    බස් රථයේ උන්නා ලස්සන කෙල්ලක් ඉතිං කොල්ලට හිතුන පොඩ් (line) එකක් දාන්න කොල්ල කෙල්ල ලගට ගියා කෙල්ල අහංකාර කමෙන් අහක බලාගෙන උන්නා කොල්ලට කෙල්ල කථාවට අල්ල ගන්න ඕනෑ උනා ඒ නිසා කෙල්ලගෙ කකුල පෑගුව කෙල්ල පොඩ්ඩක් ඉවතට ගියා ..නැවත කොල්ලා කකුල පෑගුව එතන සිට දෙබස් හුවමාරු විය.
    (කොල්ලා කෙල්ලගෙ කකුල පාගයි )
    කෙල්ල----> ශබ්දනගා "මොකද කරන්නේ " (බසයේ සිටින අනිත් මගීන් ඔවුන් දෙස බලයි )
    කොල්ලා---> "වෙන මොනව කරන්නද නංගි මම (A/L) කරනව"
    කෙල්ලට මල ,(නැවත කොල්ලා කකුල පාගයි )
    කෙල්ල........> "නිකන් ඉන්න බැරිද..?"
    කොල්ලා......>" නිකන් ඉන්නේ කොහොමද 8යි 7ක් තියාගෙන"
    (දැන් කෙල්ලට හොඳටම මල )(කොල්ලා නැවත කකුල පාගයි )
    කෙල්ල....(කුඩෙන් පාරක් කොල්ලට ගහන්න හදයි,) ඔන්න දැන් කොල්ලට මල )
    කොල්ලා......> "නංගි ඕවා තියා ගන්න එපා හරිද"..?
    කෙල්ල ......>"අයියේ අපි ඒවා තියා ගන්නේ නෑ , මාසෙන් මාසෙට මාරු කරනව, දන්නේ නැත්තම් ගිහින් අම්මගෙන් අහ ගන්න"
    (කොල්ලට කර ගන්න දෙයක් නැති උන මාර ලැජ්ජාව කොල්ලට හොඳටම මල )
    කොල්ලා......> හොඳටම කේන්තියෙන් " නංගි ඔයා මාසෙන් මාසෙට මාරු කරන එක, මම මාස 10 කට නවත්වනව දන්නේ නැත්තම් ගිහින් තාත්තගෙන් අහ ගන්න..."
    කෙල්ල සුටුස් ගාලා බස් එකෙන් බැස්සා





    ඔන්න බැඳපු අලුත ජෝඩුවක් නිවාඩු පාඩු වෙලාවක ගියාලු කෘෂිකාර්මික ප්‍රදර්ශනයක් බලන්න. ටිකක් ගම්බද පලාතක් නිසා ගව සම්පත ගැනත් වැඩි පැහැදිලි කිරීමක් තිබුණාලු. එහිදී ගව පාලනය ප්‍රචලිත කරන බලාපොරොත්තුවෙන් ‍ජවසම්පන්න ගොනුන් කිහිපදෙනෙකු වෙන්දේසියේ විකුණන අවස්ථාවක්ද වූයෙන් එතැනට මෙම නව යුවළද එබී බලන්නට වූහ.
    වෙන්දේසිය ඇරඹිණි. වෙන්දේසිය මෙහෙයවන පුද්ගලයා විසින් එක් එක් ගොන් වස්සා දක්කාගෙන විත් ඒ සතා පිළිබඳ පැහැදිලි කිරීමක් කර ලන්සු තැබීමට ආරාධනා කරයි.
    "බලන්න මේ ගොනා දිහා මූව අවුරුද්දකට 60 පාරක් විතර පට්ටි දානවා" කියලා
    ඕක අහපු අර ගැනිට මාර චූන්ලු, ගෑනි මිනිහගේ කණට කරලා "බලන්නකෝ ඒයි මාසෙකට 5 සැරයක්නේ" කියලා.
    ඊට පස්සේ වෙන්දේසිකාරයා තව ඊට වඩා ලොකු ගොන් තඩියෙක් ගෙනල්ලා පෙන්නල කියනවලු "බලන්න මූ දිහා මූ ගෙන් අවුරුද්දකට 120 සැරයක් පට්ටි දාන්න පුලුවන් " කියලා
    ඕක ඇහිච්ච ගමන් මේ ගැනී ඒ පාර කියනවලු "ඒයියි.................. බලන්නකෝ මාසෙකට 10 පාරක්නේ අනේ....... හරි ස්වීට්නේ............."කියලා
    දැන් දැන් ඇහෙන දේවල් වලට මෑන්ස් ගේ චැනල් මාරු වෙන්න පටන් ගත්තලු.
    ඔන්න තව හෙන සයිස් ගොන් තඩියෙක් දක්කගෙන ආපු වෙන්දේසිකාරයා කියනවලු "මූගෙන් අපි අවුරුද්දකට 365 පාරක් පට්ටි දම්මනවා " කියලා....
    ඔක් ඇහිච්ච ගමන් මේ අවලං ගෑනි නොතෙරිච්ච විදිහට මිනිහගේ අතටත් පාරක් ගහලා කියනවලු "365 ක් නේ අනේ.... ඒ කියන්නේ දවසකට එක පාරක්, අවුරුද්දේ හැමදාම... අයියෝ බලන්නකෝ අනේ, ඒකටත් එක්ක ඔයා, මොනාද ඒයි........"
    මාරාවේශ වෙච්ච මිනිහා බෙරිහන් දුන්නලු
    "ඇයි යාකෝ ගිහින් අහපියකෝ අරූගෙන් ඕකුන් හැමදාම හිටියේ එක වැස්සියෙක් එක්කද කියලා???"






    වැකේසම්
    අපිට එක පාරටම උණක් හැදුනා සතියක් විතර නිවාඩු දාලා නිවාඩු පාඩුවේ වැකේශන් එකක් ගත කරන්න යන්න. ඉන්න පුලුවන් හැම ඉරියව්වෙන්ම කල්පනා කරලා, ලංකා සිතියම් ලෝක සිතියම්, පුරාණ මිසර සහ මෙතපොතේමියානු සිතියම් සේරම බලලා කියවලා අපි හැදුවා ප්ලෑනක්. නිවාඩුවට යන්න තැනක්. කොටින්ම පැපිරස් පත්‍රිකා විතරයි බැලුවේ නැත්තේ මොකද ඒවා හොයා ගන්න අපහසු නිසා. හරි ඕං දැන් රූට් එක මෙහෙමයි. කෝච්චියෙන් අනුරාධපුරයට, එතනින් ත්‍රිකුණාමලේට. දවස් හතක්.
    ගමන ප්ලෑන් කරද්දි තුන්සීයක් විතර සෙනඟ හිටියට අන්තිමේ උන්නේ හතර දෙනයි. කට්ටියකගේ ආච්චි ලොකු ලමයෙක් වෙලා තිබුණා, තව කට්ටියකගේ අක්කා එක්බිලියන දෙමිලියන අසු පස් වෙනි වතාවට කසාඳ බඳිනව කිව්ව. සමහරුන්ගේ සීයට අකුරු කියවන දවස, මුත්තට ඉඳුල් කටගාන දවස වගේ ඒව යෙදිලා තිබ්බ.
    අපි සැලුණද... නෑ අපි කෝච්චියෙන් ගියා අනුරාජපුරේට. ඊට පස්සෙ නිවාඩුව ගත කරන්න අවශ්‍ය කලමනා දැල් කඩේකින් අරගෙන, එකී නොකී මෙකී සේරෝමත් එක්ක අපි ආවා තවත් ඇතුලකට.
    අවංකවම කියන්න ඕන ලංකාවේ ඉන්න සුන්දරම ලස්සනම මිනිස්සු තාමත් ඉන්නේ ඒ ගම්තුලානවල් වල. අපිව පිලිගන්න තොරණ ගහලා නැතුව විතරයි. අපේ කාන්ඩේ එක යාලුවෙක් ගේ උපන් ගම.මිනිහගේ මහ ගෙදරට අපි පලවෙනි දවසේ දවල් සම්ප්‍රාප්ත උනා. ලඟ තිබ්බ ඇනිකට් එහෙකට පැනලා ඇති පදම් නාලා, බුරිය උල් වෙන්න කාලා අපි ලෑස්ති උනා පලවෙනි දවසේ රෑ ගත කරන්ඩ.
    කොහෙද
    හේනක.
    හේන අපේ මිත්‍රයාගේ මස්සිනා කෙනෙක්ගෙ. මනුස්සයත් ආයේ නෑ දේවාලයක් වගේ මනුස්සයා මල් සුවඳ දුම් අල්ලනවා කොයි වෙලෙත්. හේනෙනේ... ආයේ මොකා එනවද.
    හවස හතරට විතර හේනට ගාටල, මඤ්ඤොක්කා පඳුරු දහයක් විතර ගලවලා කොටහක් පුච්චලා, තම්බලා කොච්චි පොල් තලලා දාලා හැදුව මතකයි.... කවිදෝ ගිනි මැලයක් ගැහුවා මතකයි, තවත් කෙනෙක් කාපං කාපං කියලා මොනාද කැව්ව මතකයි ....
    මිත්‍රවරුනි මේං ඊලඟ දවසේ උදේ පාන්දර හයට විතර ඇහුරුණාම හේනේ අයිති අයියා ඔලුවේ අත්දෙක ගහන් ගිනිමැලේ ලඟ ඉන්නවා .උදේම සුවඳ දුම් පූජාවක් මැද්දෙන් මිනිහා සාන්ත දාන්තව කල්පනා කරනවා.
    අයියා මොකුත් අවුලක්ද?
    අයියා බලාපු බැල්මට් එකට තව පොඩ්ඩෙන් මං දැවී අලූ වී යනව.
    "නෑ මල්ලි මං මේ කල්පනා කලේ.... ගිනිමැලේට දර දාපං කිව්වම ,උදලු ටිකයි කැති දෙකයි, හිරමණෙයි දාපු වල් pකයා කවුද කියලා ..."
    හත්තිලව්වකි ....ගිනිමැලේ වටේට ලස්සනට අහුරලා වගේ උදලු තල හතරයි, කැති තල දෙකයි තඩි හිරමණ තලේකුයි අහුරලා වගේ තියනව... ඒ විතරක් යෑ ඒවගේ ලීමිටවල් පිච්චිලා අඟුරුවෙලා ගිය පාරත් ලස්සනට තියනවා.
    හැබයි අදවෙනකන් දාපු එකෙක් නෑ....
    උදේ එහෙම උනාට හවස් අතේ අපි ගියා යාලුවගේ ලොකු මාමගේ ගෙදර. එයා පාරම්පරික සිංහල වෙදමහත්තයා. හරි නිවිච්ච මනුස්සය ඒ වගේම ප්‍රසිද්ධ කෙනෙක්. අපි එහෙට ගියා. ඒ යද්දි බයිසිකලේ හප්පගෙන එක්තැන් වෙච්ච කොල්ලෙක් අර ඉස්පිරිතාලෙන් දාන ගල් ප්ලාස්ටර් පිටින්ම ඇඳක බාවලා බේත් ගානවා.
    හැම ගැන්සියකම වගේ අපේ එකෙත් හිටියා ඕනම ගෙදරකට ගියාම කුස්සියට පැනලා පොල් ගාණ, බෝංචි කඩන, මකුලු දැල් කඩන. කොටින්ම් ගෙදර පුතෙක් වහේ ඇක්ටිං එක දාන ඩයල් එකක්. මේ යකත් අර වෙද මහත්තයා ලඟට සෙට්වෙලා අර කොල්ලට බේත් කරන තැනට හොට දාං ඉන්නවා. අපි එලියේ මිදුලේ තිබ්බ පැණි දොඩම් ගහකට වග කියන්න කල්පනා කර කරා එහෙට මෙහෙට වෙවී ඉන්නවා. ඒ අස්සෙ උණු හැලපයි, මහසොහොන් ගුලි වගේකුයි පත කෝලිකුට්ටු ඇවරියකුයි එක්ක අරන් ආවා වෙදමහත්තයා මාමගේ එකම දුව. අපි විනීතකමෙන් පෙරලා තේ බොනවා. කොච්චර විනීත උනාද කියනවා නම් එකෙක් කෙහෙල් ලෙල්ලයි හැලප කොලෙයි දෙකත් සාක්කුවේ දාගත්ත. අර ලමයට පේන්න.
    විනාඩි දහයක් ගියේ නෑ මිත්‍රවරුනි ගේ අස්සෙන් මහ බයානක ඇඟකිලිපොලා යන විලාපයක් ඇහෙන්න ගත්තා. අපි කඩාගෙන දිව්වා ගේ අස්සට.
    මේං යකෝ අර ඇඳේ බාවලා ගල් ප්ලාස්ටර් දාං හිටිය එකා ඉන්නවා දෙපයින් හිටගෙන වැනි වැනී....
    බලන්න වෙදකමේ හාස්කම්...නේද.... නෑ හිතවතුනි... වෙද මහත්තයා ලෙඩා තවන්න කීවම අපේ අර පණ්ඩිතයා
    ලිපේ උණු උණුවෙන් තිබ්බ තැවිලි පොට්‍ටනි දෙක උණු උණුවෙන්ම අරූහේ පිටේ තියලා....
    ලෙඩා නැඟිටලා....වෙදමහත්තයා එකතැන් වෙලා
    එඤ්ඤං
    කුෂාන් ප්‍රේමසිරි
     
    Last edited:

    Assassin Galaa

    Well-known member
  • Jul 5, 2017
    634
    499
    63
    මේක මේ අන්තර්ජාලය අස්සෙ තිබිලා හම්බවුනු එකක්. සියලුම ගව්රව මුල් කතුවරයා වෙතය.
    ඔන්න ඔය පිටකොටුවෙ බස් ස්ටෑන්ඩ් එකේ දුර ගමන් යන බස් පෝලිමකට ඇවිල්ලා ගැහැව්වලු බස් එකක්. ඉතින් අර සිමෙන්තියෙන් දෙපැත්තෙ බිත්ති හදලා තියෙන පෝලිමේ එක් කෙනෙකුට විතරක් එකපාරකට ඇවිල්ල නගින්න පුලුවන් විදිහේ බස් ස්ටෑන්ඩ් එකක් තමයි ඒක. ඔන්න දැන් බස් එකට පෝලිමේ ඇවිත් මිනිස්සු පිරෙනවලු. ටිකවෙලාවකින් ඔය මොඩ් ඔෆිස් එහෙක වගේ වැඩකරනවැයි කියලා හිතන්න පුළුවන් ගෑනු ළමයෙක් පෝලිමේ ආවලු.. කිව්වත් වගේ මෙයා ඇඳගෙන ඉඳලාතියෙන්නෙ හෙනම හෙන ටයිට්ම ටයිට්, දනහිසටත් වඩා දිග සායක්ලු. ඊට හරියන අඩි උසම උස සපත්තු දෙකකුත් දාගෙන තමයි මෙයා ඉඳලා තියෙන්නෙ. ඔන්න ඉතින් මෙයා දැන් ට්‍රයි කරනවලු බස් එකට නගින්න. ඒත් කකුල උස්සන්න බැහැ මොකද සාය එච්චරටම තදයි. ඔන්න ට්‍රයි කරල කකුල උස්සන්න හදනවා, ඒත් බැහැ. ඔන්න ඒ පාර මෙයා මොකද කරන්නෙ, සාය පිටි පස්සට අත යවලා සායේ සිප් එක පොඩ්ඩක් විතර පල්ලෙහාට දැම්මලු. ඔන්න ආයෙත් කකුල උස්සන්න හදනවලු, ඒත් බැහැල්ලු. ඒ පාර ආයෙමත් අත පිටිපස්සට දාලා සායෙ සිප් එක තව ටිකක් පල්ලෙහාට දැම්මලු. ඒත් නගින්න බැහැල්ලු. ආපහු සිප් එක තව ටිකක් පල්ලෙහට දැම්මලු. එතකොටම මේ ගෑනු ළමයගේ පිටිපස්සෙන් හිටපු හීනියට දාගත්ත අන්කල් කෙනෙක් එකපාරටම මෙයාගේ ඉනෙන් අල්ලලා උස්සලා බස් එකේ පඩිය උඩින් තිබ්බලු.
    ඔන්න බොලේ මේ වෙච්ච වැඩෙන් මල පැනපු කෙල්ල අනිත් පැත්ත හැරිලා අර අංකල් කාරයට දෙනවලු දැන් බැෂ්ටිය.
    "වනචරයා..... කවුරු කියලා හිතාගෙනද මාව ඇල්ලුවේ....? අපිට පාරෙ බැහැලා යන්න බැහැ මුන් වගේ මිනිස්සු නිසා...." කියල අරින්නෙමනැතුව දිගටම දෙනවලු ..
    ඔන්න ඒ පාර අර අංකල් ඉඳන් කිව්වලු,
    "අනේ නංගි, මමනම් හිතුවෙ ඔය නංගි මාව හොඳට අඳුරනවා ඇති කියලනෙ. මොකද ඔයා තුන්පාරක්ම මගේ කලිසමේ සිප් එක පල්ලෙහාටදැම්මනේ ...........!"









    ඔන්න දවසක් එක ගැහැණු කෙනෙක් ගියාලු පල්ලියේ පූජකවරය හම්බවෙන්න. ගිහින් කිව්වලු පූජකතුමනි ” මගෙ ලඟ ඉන්නව ගැහැණු ගිරව් දෙන්නෙක් ” උන්ට හොඳට කතාකරන්න පුලුවන්. උන් කාව හරි දැක්කම ” හලෝ මේ අපි හොඳ ගොන් බඩු, ගමුද ආතල් එකක්” කියලා අහනවා. මේක මට හරිම ප්‍රශ්නයක්. ඒ වගේම හරිම ලැජ්ජාවට කාරනයක්, මුන් දෙන්නව හදා ගන්න ක්‍රමයක් කියන්නකෝ පූජක තුමනි කියල කිව්වලු,
    පූජක තුමා ටිකක් කල්පනා කරල කිව්වලු කිව්වලු ” හ්ම්ම්ම්ම්ම් පල්ලියේ මගේ ලඟ ඉන්නව පිරිමි ගිරව් දෙන්නෙක්. මම උන් දෙන්නට කොයි වෙලාවෙත් යාඥා කරන්න උගන්වලයි තියෙන්නෙ. අපි ඒ දෙන්නත් එක්ක ඔයාගෙ ගිරව් දෙන්නව ටික දවසකට තියමු. එහෙම තිබ්බම ඔයාගෙ ගිරව් දෙන්නත් මෙහෙම කියන එක නවත්තල අර විදිහට යාඥා කරන්න පුරුදු වෙයි..
    මේ ගැහැණු කෙනා හිතුවලු ෂා…. ඒක නම් හොඳ අයිඩියා එකක් තමා කියලා පූජක තුමාටත් ඉස්තූති කරල , එයාගෙ ගිරව් දෙන්නව පල්ලියට ගෙනත් දෙන්නම් කියල පොරොන්දු වෙලා ගියාලු.
    එක දවසක් මේ ගැහැණු කෙනා ගිරව් දෙන්නවත් අරගෙන පල්ලියට එනවලු අර පල්ලියේ ඉන්න ගිරවුන්ගෙ කූඩුවට ටික දවසකට දාල මුන් දෙන්නව හදල ගන්න හිතාගෙන. එනකොට දැක්කලු අර පල්ලියේ ඉන්න ගිරව් දෙන්න යාඥා පොත් අතේ තියාගෙන හරිම භක්තියකින් තමන්ගෙ කූඩුව ඇතුලට වෙලා යාඥා කර කර ඉන්නවා. මේක දැක්කම ගැණිටත් හරි සතුටුයි.
    පූජක තුමා අර කූඩුව ඇරල මේ ගැහැණු කෙනාගෙ ගිරව් දෙන්නව ඇතුලට දැම්මලු
    දාපු ගමන් ගැහැණු ගිරවියො දෙන්න කියන්න පටන් ගත්තලු ” හලෝ මේ අපි හොඳ ගොන් බඩු, ගමුද ආතල් එකක්” කියලා.
    එතකොට මෙච්චර වෙලා හරිම භක්තියෙන් යාඥා කර කර හිටපු එක ගිරවෙක් අනිත් එකා දිහා බලලා කිව්වලු
    ” ඕයි ඔය පොත විසි කරල මෙන්න මෙහාට වරෙන් අපි මෙච්චර කල් කරපු යාඥාව දෙවියන්ට ඇහිල කොහෙද , දෙවියො අපිට එළකිරි බඩු දෙකක් එවලා”





    එක්තරා මහතෙක් බඩේ අමාරුවකට ප්‍රතිකාර ගන්න දොස්තර මහතෙක් හමුවෙන්න ඔහුගේ බෙහෙත් ශාලවට ගියා.මේ ඩොක්ටර් මේ මහතාට දුන්න බෙහෙත් එකක්.
    මේ බෙහෙත් එක බොන එකක් නෙවෙයි. මේ බෙහෙත ඔහුගේ අධෝ මාර්ගයට ඇතුල් කර ගත යුතුයි.මේක අධෝ මාර්ගයේ සෑහෙන්න ඇතුලට දැම්මොත් තමයි හොඳම ප්‍රතිපල ගන්න පුලුවන් කියලා මේ දොස්තර ඔහුට කියලා දුන්නා.
    ඉතින් දොස්තර ග්ලවුස් එකක් දාගෙන මේක ඉස්සෙල්ලාම මේ මහතාට නැමෙන්න කියලා,අධෝ මාර්ගයේ ඇතුලටම දැම්මා.මේ මහතාට තරම වේදනවක් දැනුනා.ඊට පස්සේ ඔහුට කීව "ඉතිරි එක ගෙදර ගිහිල්ලා පැය 6කට පස්සේ දාන්න".
    මේ මහතා ගෙදර ගිහිල්ලා පැය 6කට පස්සේ තමාම දාගන්න උත්සහකලා.ඒ වුනාට එච්චර දුර දා ගන්න බෑ.පස්සේ බිරිඳට කතා කරා.බිරිඳ ඔහුට නැමෙන්න කියලා දාන්න උත්සහ කලා .ටිකක් අමාරුයි.ඊට පස්සේ ආපහු ඔහුට නැමෙන්න කියලා බිරින්ද එක අතක් ඔහුගේ කර උඩ තියාගෙන අනික් අත අධෝ මාර්ගයට දාලා මේක කොහොම හරි ඇතුල් කලා.
    ඔන්න එක පාරම මේ මහත්තයා කේන්තියෙන් කෑ ගහනවා " වල් පරයා.... " කියලා.බිරිඳ අහනවා "මේ මොකද ඔයාට තද වෙලා මට බනින්නේ".
    මේ මහත්තයා කියනවා " ඔයාට නෙවෙයි අර දොස්තරයා ඔය බෙහෙත දාන කොට උගේ අත් දෙකම තිබුනේ මගේ කර උඩ .දැන් තමයි මට මතක් වුනේ"






    'දත් ගැලවීම'
    අපේ පැත්තේ දන්ත වෛද්‍යවරුන් හරි හිඟයි ඒ කාලේ. ඉන්න සේරමත් ඉන්නෙ සති අන්තේ. ඔහොම කාලෙක එක බුරහස්පතින්දාවක මට දත් කැක්කුමක් හැදුනා.
    කරාබු නැටි හැපුවා, කුරුඳු කෑවා, සිද්ධාලේප ගෑවා, අම්මා ඒ අස්සෙ පුලුං කෑල්ලක පොඟවලා ඇක්ස් ඔයිල් ටිකක් දුන්න ඒකත් කට අස්සෙන් තියා ගත්තා.. ම්හූ... ඉවසන්නම බෑ... කුස්සියේ තියන සේරම තුනපහ මාදුරු සූදුරු ජාති කෑවා,ගොරකා විතරයි නොකෑවේ, පරිප්පු පොඩ්ඩකුයි කිරි ටිකකුයි කටට දාගත්ත නං ශෝක් පරිප්පුවක් හදාගන්න ගානට. ඒ මදිවට එක එක එව්වා කටේ ගාලා නිකං මඤ්ඤං වගේ කට අස්ස.
    ඔය අස්සෙ තාත්තා ගෙදර ආවා... විස්තරේ අහලා ආපහු හන්දියට ගිහින් පෙත්තක් ගෙනත් දුන්නා.
    බෲෆන්... අම්මේ ඒ වෙලාවේ උහුලපු වේදනාවේ හැටියට ඒක දිව්‍ය ඖසදයක් වගේ. ඉතිං පහුවදා මං මුලින්ම ගියේ කහවත්ත ටවුමේ දත් දොස්තර මහත්තයා ලඟට.
    පරණ බිල්ඩිමක උඩු මහලේ , ගියාම , ඒක බලන්නම වටින බෙහෙත් සාප්පුවක්. ඒකේ මැසින් තිබ්බේ කකුලෙන් පාඟන එව්වා. පුටුව උස්සන්න බෑ. මගේ හිතේ වස්කෝද ගාමගේ දත් සුද්ද කරපු මැසිම ද කොහෙද ඒක. කොහොම උනත් බස් කොන්දොස්තර කෙනෙක්ට හරි කියලා දත ගලවගන්නවාමයි කියන ඒකායන පරමාර්ථයෙන් උන්න මට ඒක අඳාල උනේ නෑ.
    ලෙඩ්ඩු නැති වෙලාවට දොස්තර මහත්තයා මැනික් ගල් කපන මැසිමක් තියන් ගල් කපනවා..ඉතිං දත් ගලවන එක කජ්ජක් ද
    ඔන්න මහත්තයා දත් පරීක්ෂා කරලා මෙහෙම කිව්වා.
    "පුරවන්නත් පුලුවන් , ගලවන්නත් පුලුවන්."
    "කීයක් යනවද සර්?"
    "පුරවන්ඩ එක්දාස් පන්සීයක් , ගලවන්න දාහයි"
    ඒ කාලේ දතක් වගේ නෙමෙයි පන්සීයක් කියන්නෙ...මං එක හඬින් කිව්වා...අනික එක දතක් අඩු උනාට තව තිස් එකක් ම තියෙනවනේ.
    "ගලවන්න ගලවන්න " කියලා මං කීව පාර ඔන්න ඉන්ජෙක්ශන් එක ගැහුවා විතරයි ලයිට් ගියා.
    "මල කෙලියයි....ආයේ එන්නෙ හවස හතරට"
    "දැන් කොහොමද සර් ගලවන්නෙ"
    කට අස්සෙ කෙල පුරෝගෙන මං ඇහුවා.
    කලුවරේ ගලවන්න බෑ.. පේන්නෙ නෑ... පොඩ්ඩක් ඉන්න මං කවුරු හරි ටෝච් එකක් එක්ක අඩඟහන් එන්නං කියලා මේකා එලියට ගියා..
    මට හීන් දාඩිය දැන්මා... ටෝච් ගහන් දත් ගලවන්න ගිහින් වැරදි එකක් ගැලෙව්වොත්, නිකං බන්දු සමරසිංහ වගේ මැද දත නැතුව තමා ඉන්න වෙන්නෙ. මං දඩ බඩ ගාල එලියට පැනලා මාරු උනා.
    ඊලඟට ඩෙන්ටල් එකක් තියෙන්නෙ රත්නපුර පොලි ක්ලිනික් එකේ. නැඟ්ගා බස් එකට. ඔන්න දැන් හිරි වැටිලා කට. ලේන්සුවෙන් කට වහන් මං ඉන්නවා ඔටුවා මැරිච්ච සුල්තාන් වගේ....
    ටික දුරක් යද්දි කොන්දොස්තර අයියා ආවා ටිකට් කඩන්න....
    ආ,ගන්න සල්ලි ගන්න පස්සෙන් සල්ලි ගන්න පස්සෙ සල්ලි ගන්න....කෝ....
    "හහ්හපුලට හෙකක් හෙන්න?"
    "කොහාටද ?????"
    මාත් කට ඇරලා පුලුවන් ඩම් එක දාලා ආයෙත් කිව්වා
    "හහ්හපුලට හෙකක් හෙන්න "
    කියන්න සංතෝසයි ඉස්සරහා සීට් එකේ උන්න නංඟි කෙනෙක් ගේ ඔලුවේ කෙල එකයි....
    " ඉඳා... මේ මොන සමයමක්ද.... කෙලත් ඇඟපුරාම ඊයා "
    කියාගෙන නංඟී වෙන සීට් එකකට ගියේ හිරි වැටෙන්න ගහපු ඉන්ජෙක්ශන් එකේ හිරිඔතප් බිඳින ගමන්...
    ඒත් මං නිදහස කාරණා කිව්වා
    "හකක් හලවන්න හෙහෙක් හිඳලා "
    තමුසේ බාබුල් කාලද ඕයී ? කව්ද නොසණ්ඩාල බමුණෙක් එහෙම අහනවා ඒ අස්සේ....මාත් මී හරකා වගේ අහන හැමඑකටම උත්තර දෙන්න යනවා...
    "හාහුල් හෑවේ හෑ හෝයී...හතක් හලවන්න හෙහෙත් හිද්ද , හයිට් හියා "
    මට කිව්වේ බාබුල් කෑවේ නෑ ඕයී, දතක් ගලවන්න බේත් විද්ද ,ලයිට් ගියා කියලා උනාට ඒක පිටවුනේ ඉහත ආකාරයට. ඌ මූණ හපුටු කරන් අහක බලා ගත්තා..
    බස් එක පැල්මඩුල්ලට ලං වෙද්දි මට හිතුනා මේ විදියට රත්නපුරට ගියොත් ගුටි කාලා මැරෙන්න වෙන්නෙ අන්තිමට
    කන්නත් නෑ බොන්නත් නෑ හුස්ම ගන්නත් නෑ වගේ කරගන්නෙ මොටද කියලා මඟින් බැහැලා ගෙදර ගියා. මඟදි ඕං අපේ බාප්පා එනවා ඉස්සරහට... මොකද්දි එකකට මල පැනලා
    "ගැලෙව්වද දත.... කොහෙන්ද ගැලෙව්වේ?""
    "හැලෙව්වෙ හෑ...හයිට් හියා , හස්සෙ හලෝනවා"
    මං කිව්වා. ටිකක් වෙලා මූන දිහා බලන් ඉදලා බාප්පා මට මෙහම කිව්වා
    " මොන රෙද්දක් කියවනවඩ්ජ මන්දා....හා හා හොල හොල ගාන්නෙ නැතුව ගිහින් බුදිය ගන්නවා.... "
    අන්තිමේ පහුවදා රත්නපුරට ගිහින් දත ගැලෙව්වා.
    කුෂාන් ප්‍රේමසිරි




    පෙරේරගේ විවාහ සන්වස්තරයට වසර 10 ක් පිරෙන නිසාත්..ඔහු ඉතාම හොද සෑමියෙකු නිසාත් ඇයගේ යහලුවෙකු සමගවත් ඔලුව ඔසවා කතානොකරන නිසාත් හැම පෝයටම සිල් ගන්නා නිසාත් ඔහු සමග රාත්‍රි සමාජශාලාවකට ගොස් ආහාර ගැනීමට ඔහුගේ බිරිද තීරනය කලා,,,
    පසුව ඔවුන රත්‍රියෙ නගරයේ තියන සමාජ ශාලාවකට ගියා.මෙමෙ සමාජ ශාලාව දුටු පමනින්ම පෙරේරා සිය බිරිදට
    පෙරේරා-අනේ මට ඔකට යන්න බෑ….ඔතන ගොන් කෙල්ලො හෙලුවෙන් ඉන්න තෑනක්…
    බිරිද- ඔයා කොහොමද දන්නේ?
    පෙරෙරා- මට යාලුවෙක් කියුවා…
    බිරිද — ආ…ඒක මිසක්…කමක් නෑ අද විතරයි නේ,,,ආපු එකෙ යමු…
    පෙරේරා සහ බිරිද ඈතුල් වෙනවත් එක්කම දොර ලග හිටපු සිකියුරිටි කාරයා
    හලො මිස්ටර් පෙරේරා ..කොහොමදෑයි ඈසීය
    බිරිද- ඒ මිනිහා කොහොමද ඔයාව දන්නේ?
    පෙරෙරා-ආ…..එයා අපිත් එක්ක ක්‍රිකට් ගහනව ඉරිදට
    ඉන්පසු දෙන්නා ඈතුලට ගිහින් වාඩිවෙනවත් එක්කම උඩුකය නිරුවත් වෙටර් කෙල්ලෙක් පෑමින
    ”ආ පෙරෙරා අය්යේ වෙනදා බොන ගල් අරක්කු බොනවද නෑත්තම් විසෙශ දවස් වලට බොන ජින්,බකාඩි.. වගේ මොනව හරි ගෙන්නදෑයි ඈසීය….
    බිරිද- කොහොමද අර කෙල්ල ඔයා බකාඩි බොනව කියල දන්නේ
    පෙරේරා- ආ…… ඒ නන්ගි මම එන බස් එකේ තමයි වෑඩට යන්නේ
    ඉන්පසු සමාජ ශාලා කලමනාකරු මේ දෙන්නා ලගට පෑමින
    ”ආ…මිස්ටර් පේරෙරා” මොකද ඔයා වෙනදා වඩි වෙන මෙසෙට ගියේ නෑත්තේ?
    බිරිදට නහුතෙට නෑග්ගේය….. ඈය පෙරේරාට බලු බෑනුම් බනිමින් සිටි…
    පෙරෙරා- අනේ ඒ මිනිහට වෑරදිලා..මම වගේ තව මිනිහෙක් ඈති මෙකට එන….
    බිරිදගේ බෑනුම් දෑන් හුගක්ම දරුනුය…
    සමාජ ශලාවෙ සියල්ලන්ම ඔවුන් දෙස බලා සිටි
    පේරේරා වහාම ඈය එලියට ඈදගෙන ඈවිත් ලගම තිබුන ටෑක්සියට දාගත්තේය…
    දෑන් බිරිද පෙරේරාට අතින් අයින් පහර දෙමින් කුනු හරපෙන් බනිමින් සිටි
    ටෑක්සි ඩ්‍රයිවරයා පිටිපස සීට් එකේ ඉන්න පෙරේර දෙස බලා
    ”ආ ….පෙරේරා….උබ අද මාර කෑල්ලක් නේ උස්සල තියන්නේ… ඒක නෙවෙයි අද කොහාටද යන්නේ? වෙනදා යන හෝටලේටමදෑයි ඈසිය
    ඉන්පසු සිදුවූදෑ කෙසේ වේදැයි කොමෙන්ට්ටුවකට ගාල් කරන්නකො කස්ටිය
     
    Last edited:

    Assassin Galaa

    Well-known member
  • Jul 5, 2017
    634
    499
    63
    "මේ ෂටර් එක පාත් කරනවා"
    මහ රාත්‍රියේ සිය වාහනය නැවත්වූ පොලිස් නිලධාරියා කියූ සැනින් සදරුවන් වාහනයේ වීදුරුව පාත් කළේය.
    "ඇයි සර් මාව නැවැත්තුවේ?" සදරුවන් ඇසුවේ දෙගෙඩියාවෙන්...
    " ඈයි.. තමුසේ බීලා නේද??"
    පොලිස් නිලධාරියා අසද්දී පිටවුණු වාෂ්පයේ ඇල්කොහොල් පිරී තිබුණි.
    මං නෙමේ ඔහේනේ බීලා තියෙන්නේ කියා අසන්න සිතුනත් සදරුවන්
    "අනේ නෑ සර්"
    කියා කිව්වේ ය.
    "ඔහොම තමයි ඕයි බීපු හැම එකාම කියන්නේ" බීමත් නිලධාරියා කීවේය.
    "බහිනවා බිමට" විධානය දුන් සැනින් සදරුවන් වාහනයෙන් බැස්සේය.
    "දැන් අර ඉර දිගේ හරි කෙලින් හරි කෙලින් යනවා.." වැටෙන්න ඔන්න මෙන්න සිටින පොලිස් නිලධාරියා කීවේය.
    "මං බීලා නෑ සර්"
    ඉර උඩ ඇවිදින ගමන් සදරුවන් කීවේය.
    "හරි වෙන්න පුළුවන් ඒත් අපිට ඒක හරියට ම දැනගන්න ඕන"
    පදික වේදිකාවේ වාඩි වී සිටින හොඳටම වෙරි වුණු අනිත් නිලධාරියගේ කටහඩින් සදරුවන් තිගැස්සුණි.
    "ආ දැන් මේක පිඹිනවා"
    පලමු පොලිස් නිලධාරියා මද්‍යසාර පරීක්ෂා කිරීම සඳහා දුන් බැලුම අතට ගත් සදරුවන්
    "අනේ සර් මං බීලා නෑ" නැවත කීවේය.
    "හරි වෙන්න පුළුවන් ඒත් අපිට ඒක හරියට ම දැනගන්න ඕන" බිම සිටි නිලධාරියා නැවත කීවේය.
    බැලුම් පරීක්ෂාවෙන් ද සදරුවන්ගේ නිර්දෝෂී භාවය තහවුරු විය.
    සදරුවන් වාහනයට නගිද්දි පොලිස් නිලධාරීන් දෙදෙනාම වාහනය අසලට පැමිණ තිබුණි.
    "ඒකනේ සර් මං කිව්වේ... මං බීල නෑ" සදරුවන් කීවේය.
    "තමුසේ කියපු පලියට අපිට ජීවිත අවදානමක් ගන්න බෑ අයිසේ"
    එසේ කියමින් සදරුවන්ගේ වාහනයට නැග වාඩි වූ පොලිස් නිළධාරීන් දෙදෙනා
    "අපිව ඉස්සරහ පොලිසිය ගාවින් බස්සගෙන යනවා"
    කීවේ සදරුවන් තුෂ්නිම්භූත කරමිනි.
    නුවන් සී රුද්‍රිගු
    (පිටරටක වෙච්ච දෙයක්..)




    අග්නි පුත්‍ර...
    දවසක් මට ආව නිකන් ආතල් අදහසක්... එක එක ජාති විදිහට රතිඥ්ඥා පත්තු කරල අත්හදා බලල තියන නිසා මේකත් ඒ වගේ කරපු අත්හදා බැලීමක්..
    අපේ ගෙට අල්ලපු වත්ත පාලු ඉඩම් කෑල්ලක් බව හූනියම කතාවෙන් හැමෝම දන්නව ඇතිනෙ. ඔය ඉඩමෙ තිබ්බා කුඹුරුදළු කියල වැල් වගයක්... මතකද අර බිම අතුල්ලල අතුල්ලල කාගෙ හරි ඇගේ තිබ්බම පිච්චිලා යන හයිය ඇටයක් තියෙන්නෙ. ආන් ඒ වැල්.. සමහරු ඔය වැඩේට ගත්තෙ රඹර් ඇටේ ඒත් හරිම ඇටේ කුඹුරුඇටේ රත්වෙනව ගිනිගන්න... ඉතිං ඔය වැල් කාලෙකට මැරිලා වගේ කොළ හැලිල අකුල විතරක් ඉතුරු වෙනවා.. රිංගන්න හිතන්නවත් බැරි තරම් පුදුම කටු තොගයක් තියෙන්නෙ ඒවෑ..
    ඔය වැල වැටමාර කියල අපි කියන ලංකාව වටේම ගිනිසීරියා,ඇල්බීසියා, පෝරගස්,ලාඩප්පා, වගේ එක එක නම් කියන ගහක් වහගෙන තමා පැතිරිලා තිබ්බෙ.. කොල හැලිලා කටු පඳුර විතරක් වාහනේක වයර් හනස්ස වගේ ඉතුරු වෙලා තිබ්බා.. මම දවසක් අර තුන්හුලස් බට්ටා කියන රතිඥ්ඥා කරලක් ගලවල බැලුවා ජොනීබට්ටා ඩිමෝබට්ටා නෙමෙයි බට්ටා රතිඥ්ඥා.... ඒ කාලෙ හැටියට රුපියල් 100ක් එකක්.. මතකනෙ තාත්තට කඩයක් තිබ්බ නිසා මට පින්ගොනා පුපුරන ද්‍රව්‍ය බලපත්‍රයක් තිබ්බා.. ඉතිං මට බට්ටෙක් ගන්නෙක මහ දෙයක් නෙමෙයි...
    ඕක ඇතුලෙ තිබ්බෙ වෙඩි නූලයි වෙඩිබෙහෙත් ටිකකුයි විතරයි තනිකරම කොල ගොඩ.. "යකෝ ⁣කොල ටිකක් ඔතලා මෙහෙමනම් තව එතුවනම් තව හොදට සද්දෙ එයි " කියල මට හිතුනා. මාත් ඔය ජාතියෙ තුනක් අරන් එකපිට තියලා කොල ඔතලා ඔතලා ඔතලා බයින්ඩින් ගම් වලින් අලවලා මාළුපාන් ගෙඩියක් වගේ හැඩේට පත සයිස් තනි බට්ටෙක් හැදුවා..
    "දැන් මේක පත්තු කරන්නෙ කොහෙද..?" හිත හිතා ඉද්දි මට කල්පනාවට ආව අර කටු පදුර.. ලොකුවට පිපිරුවත් අව්ලක් නෑනෙ ගහ උඩ නිසා අනතුරකුත් නැති වෙන්න ඔය බට්ට පත්තු කරල ගහ උඩ කටු පඳුරට විසික් කරලා බිම දිගා උනා..
    දිඩ්ඩී...න්න්න්න්........ගාල සද්දයක් ආවා. තුනක් එකට තිබ්බට අනිත් දෙක වෙන වෙනම විසික් වෙලා පඳුරෙම වෙන තැන් දෙකක දිඩිං..දිඩි..න්න්න්.. ගාල පිපිරුවා.. තුනක් එකතු කලත් එකට පුපුරන්නෑ වෙන වෙනම සද්දෙ එන්නෙ කියලා මං දැනගත්තා... පරීක්ෂණ අසාර්ථකයි... ඒත් මට අළුත් අදහසක් ගන්න තරම් ප්‍රථිපලයක් ලැබුනා.. මාත් ගෙට ගියා..
    අපේ ගෙවල් ගාව ගෙවල් ලග ලග තිබ්බ නිසා ගොඩක් අය කඩේට අහල පහලට ගියේ සෙරෙප්පු දෙකක්වත් නොදා..ගොඩක් අය උඩට ටීෂර්ට් එකක්වත් නැතුව තමා ඉන්නෙ..ඔය පඳුර තිබ්බෙ පාර අයිනෙ මම ටිකකින් ඇවිත් බලද්දි මෙන්න බොලේ පාරයන මිනිස්සු කතරගම දේවාලෙ ගිනි පාගන උත්සවේ වගේ උඩ පැන පැන "අම්මටඃ @%%*" ගගා පාරෙ යනවා...
    බලද්දි වැඩේ වෙලා තියෙන්නෙ මම දාපු බට්ට පුපුරලා කටු පඳුරෙ වැල් කෑලි පොඩි පොඩියට කැඩිල පාරෙ හැමතැනම විසිවෙලා පාරෙ යන උන්ගෙ කකුල් වල ඇනෙනවා... කොහොම හරි දවස් දෙකක් විතර යද්දි නිකන් අළුත් චාරිත්‍රයක් වගේ ඒ කටු සේරම ඉවරෙනකම් සෙරෙප්පු නැතුව පාරෙ ගිය උන් ගියේ උඩ පැන පැන සුපර් මාරියෝ වගේ....
    කන නෑසුනා මෙන් සිටින විට හු@@පුත්‍ර ලෙසත් මළ පැන්න විට @$සිගේ පුත්‍ර ලෙසත් විටෙක සුනඛදේනුවකගේ පුතා ලෙසත් අමතන සමාජයේ ගිනිකෙලියට ගිය ගින්නෙන් උපන් පුතා අග්නිපුත්‍ර වේ...





    එදා මමයි මා නොවන මමයි දෙන්නම බත්තරමුල්ලේ ඉඳන් කඩුවෙල දිහාවට එන ගමන්. පූර්ණිමා ගේ යාලුවෙක් ට ජීවිතේ පලවෙනි පාරට බබෙක් හම්බවෙලා. හැබයි අපි ඌව බලන්න යද්දි ඒ ළමයට අවුරුදු තුනයි. අපේ එක්කෙනා කියන විදියට ඒ ජෝඩුව ඒ ළමයා හම්බවෙන්න කලින් සෑහෙන මහන්සි උනාලු ලමයෙක් හදන්න. කෑමක් බීමක් රැයක් දවාලක් බලන්නේ නැතුව , ඒ ව්තරක් නෙමේ ඇඟට හරියාකාර වස්තරයක්වත් නැතුව ඒ දෙන්නා මහන්සිවෙලා තමා ඒ බබා ලැබිලා තියෙන්නෙ..
    ඇස්වහක් කටවහක් නෑ සීදේවි කොලු පැටියා. ඒ ජෝඩුවෙන් කොල්ලගේ මහ ගෙදර තමා එයාල ඉන්නෙ. කොල්ලගේ අම්මයි තාත්තයි මල්ලියිත් ඉන්නෙ ඒ ගෙදර. අපි යන දවසේ නිවාඩු නිසා සේරම ගෙදර. මාත් ඉතින් උඩදාං ගියා නිකං හරි ගෙදර පැත්තක ටීපෝ එකක් උඩ පොඩියට ලෑස්ති කරලා තිබුණොත් එහෙම කියලා.
    ඕං අපි ගියා. ළමයි බලන්න යන්නේ උන් ඇඳේ ඉන්න හුච්චං කාලේ උනාට අපි මේ බලන්න යද්දි ඒ පොඩි එකා ඇවිදිනවා. ඕං ගිහිල්ලා ආචාර සමාචාර විදිවලින් පස්සෙ මූලික රාජකාරිය...
    "බබා.... පැටියෝ..... මේ එන්නකෝ... "
    කියලා පූර්ණිමා ගේ යාලුවත් කතා කලා. අපි දෑස් දල්වා උළ උලා ෂොරි උල උලා නෙමේ පුලපුලා බලාගෙන හිටියා පොඩි එකා සබාවට එනකන්. හම්මටසිරි මේං එක පාරටම ඇඟ පුරාම මයිල් පිරිච්ච තඹුත්තේගම යෝදයගේ ජාතියේ එකෙක් මතු උනා. ඌ අපිට හිනාවක් එහෙම දාලා... ආපහු කෙල්ලවත් එක්කන් කාමරේකට ගියා...
    " ඒ ළමයා සෑහෙන ඉක්මනට ලොකු වෙලානේ.... බලන්ඩ නේද ...?"
    "නෑ අනේ... ඒ මානි ගේ හස්බන්ඩ්.... රුචිර... ඒකවත් මතක නැද්ද අනේ අර වෙඩින් එක දවසේ ඇවිල්ල හිටියේ..."
    ඕං බලමු ගෑණු මොලේ. වෙඩින් එක බඳින දවසේ කීදාහක් නං සෙනඟද. ඊටත් එන හැම එකාම සැලුන් වලින් අන්දලා එන ගෑණු මතකත් නෑ උන්ගේ මිනිස්සු මතකත් නෑ. කොහොමින් හරි ඕං ජෝඩුවම ආපහු ආවේ පොඩි එකා පෙරටු කරගෙන.
    අපරාදේ කියන්න බෑ පොඩි එකා නම් ආපු විදියෙන්ම මගේ හිතට ඇල්ලුවා. ඌ එලියට ආවේම පී.සී.ආර් එකක් කරන ගමන්... ඒ කිව්වේ මේ නහය අස්සෙ ඇඟිල්ල ගහන් හාර හාර. ආං නියම ළමාකාලේ විඳින පොඩිඋන්...
    අපේ මනුස්සයත් පොඩි එකා බැරිබැරි ගාතේ උස්සගෙන... එක විජ්ජුම්බරයයි.... ඌව මුරුංගා ගහක දල්ලක තියලා වගේ... ඇස් අරයගේ වගේලු .... කකුල අරූගේ වගේලු.... ඇඟිලි නියපොතු අන්න එයාගේ වගේලු.... පොඩි එකාගේ පුක කොරියන් නලුවෙක් ගේ වගේලු.... බැලින්නම් ඌට උගේ මහ උන්ගෙන් කියලා මොකක්වත්ම නෑ.... ඒ කියන එව්වට පොඩි එකාට වඩා සංතෝස මහ ජෝඩුවට. අනේ අනිච්චං කනේ මැලේ අච්චාරු කිව්වලු.
    මාත් කතාවට සහබාගී වෙන්න ඕන නිසා මාත් පොඩි එකාගේ මූණට එබිලා බලලා මට ඒ මූණ දැක්කම මතක් උන කෙනාව කිව්ව.
    "ඒ උනාට පුතා බාප්පා වගේමයි නේද ?"
    සේරම ඇහෙන්නෙ නෑ වගේ ඉන්නවා.. මං කීව එක.. මං සැලුනද... මං ආයෙමත් කිව්වා ටිකක් හයියෙන්....
    "තාත්තා ට වඩා පුතාට පිහිටලා තියෙන්නේ බාප්පගේ හැඩරුව නේද .....?"
    හත්තිලව්වකි ,කලාබරයකි. මූණ අකුලගත්ත ජෝඩුව
    අපි එහෙනං තේ ටිකක් බොමු නේද කියාගෙන කුස්සිය පැත්තට වාෂ්ප උනා.. කොල්ලගේ අම්ම තාත්තා මල්ලි අසමෝදගම් ගැහුව මල් කොහාලා වගේ... කොහේ ගියාද නෑ...
    "මොකද්ද මිනිහෝ අර කිව්ව කතාව ?"
    "ඇයි මොකද්ද?"
    "අර බබා පෙන්නලා බාප්පේක් ගේ හැඩයක් ගාන්නේ...පිස්සුද ඇත්තටම ...අපරාදේ තනියම එන්න හිතාගෙන ඉඳලත් පව් ගෙදර තනියම කියලා අඩගහන් ආවේ...."
    පූර්ණිමා ට ඌරු ජුවල්. මටත් යකාම නැග්ගා ඇයි යකෝ අම්මපා මුන් කන්න නයි නෑනේ...මං සුමාන ගාණක් කෝල් කරලා මැසෙජ් කරලා අද යන්තං පරණ යාලුවො දෙන්නෙක් එක්ක කයියක් ගහලා මොනවහරි කරන්න සෙට් වෙන්න සේරම ලෑස්ති කරන් හිටියේ. එහෙම තියෙද්දි ගහෙන් ගෙඩි එන්න වගේ මේක දාගෙන
    මං ආවෙ නැත්නම් බෑය.... බැන්දාම ගමන් යන්නේ එකටය.... නැත්නම් මිනිස්සු පද හදනවාය....පද හදලා විකුණනවාය..... මේක යන්න නාවොත් කසාදේ කටුගානවය.... බුදු අම්මේ මේං එහෙම කිව්ව මනුස්සය දැන් කියනවා මං පව් හින්දා එක්කරන් ආවලු.
    මාත් ඇරියේ නෑ.... දුන්නා පිලිතුරු සැර ටෝන් එකක් දාලම.
    "ඇයි බාප්පා කීවම හෙණ ගහනවද.... යකෝ තාත්තා මොකද තාත්තා ගේ මල්ලි මොකද.... අනික ජාන කියන ඒවා වර්ණදේහ ප්‍රතිදේහ අග්න්‍යාසය කපාල පුණ්ඩය කියන ඒවගෙන් ඔය පෙනුම කොණ්ඩේ එන්නෙ එහෙම තමයි.... දැන් ඔයාලගේ අර මාමා කෙනෙක්ගේ පුතෙක් ඉන්නේ... ඔයාලගේ මුත්තා කෙනෙක්ගේ ෆේස්කට් එකම තියන.... මේකත් එහෙම වෙන්න බැරිද.... ?"
    ඇස් දෙක ගූස්බෙරි සයිස් කරගත්ත පූර්ණිමා මගේ අතත් මස් ගැලවෙන ගාණට කොනින්තලා... කියපි
    "මේ....මනුස්සයෝ.... ඒ රුචිරගෙම මල්ලි නෙමෙයි..... ඒ ලමයා අරන් හදාගන්න ලමයෙක් කොහෙද තැනක් නොතැනක් නෑ...කියවන්න ගියාම .... ශිට්... මමම නිසා හොඳයි.... ඇත්තට.විලිලැජ්ජැවේ බෑ...ඩීසන්ට් මනුස්සයෙක් නේද මේ...??."
    ඒ අස්සේ නිකං පරණ ඇරියස් එහෙකුත් කවර් වෙනවද මන්දා.... කෙල්ලො ඔහොමමයි. මං අහිංසක පාට් එකක් දාලා මෙහෙම කිව්ව
    කවුද ඕවා දන්නේ... අනික අත්වැරදීමකින් ඕක ඔච්චර සීරියස් ගන්න මේ මිනිස්සු බබ්බුද ? අපරාදේ කලින් කිව්ව නම් ආපු ගමන් උප්පැන්න ඉල්ලන් බලලා කතා කරන්න තිබුණ ...අපි කරන විහිලුවක් ඇහුනොත් ඔයාගේ යාලුවට බබාලා හම්බවෙයි නෙමේ දෙයියෝ නිකං දීලා යයි...පුහ්"
    මට එච්චරයි කියන්න හම්බුණේ...ඒ එක්කම තේ බන්දේසියක් අරන් මූණ කුණ්ඩහට්ටියක් සයිස් කරගත්ත යාලුවත් ආව... අපි බොරු හිනාවක් මවං තේ බොනවා. කට්ටිය පොඩ්ඩක් එහා මෙහා වෙනකන් ඉඳලා මං
    "මේ.... ඇහුණද....?"
    "හ්ම්ම්.... මොකද්ද ?"
    "නෑ ඉතිං ඔය කිව්වට ලමයා බාප්පා වගේ වෙන්නත් පුලිවන් නේද?"
    තව පොඩ්ඩ්න් රෝයල් සෙරමික් මාක් එක හිටින්ඩ කනවා පීරිසි පාරක්... මිත්‍රවරුනි
    එදා ඉඳන් මං ලමයි බලන්න ගියාම කටයි ෆුකයි දෙකම වහං ඉන්නව. ඇහුවොත් මොකක් හරි හූම්... ගාණවා එච්චරයි.
    එඤ්ඤං
    කුෂාන් ප්‍රේමසිරි
     

    Assassin Galaa

    Well-known member
  • Jul 5, 2017
    634
    499
    63
    සදුන් බාලසුරිය
    ඉස්පිරිතාලේ හදිසි අනතුරු වාට්ටුවට ඉතාමත්ම අසාධ්‍ය තත්වයේ පසුවන රෝගියකු ඇතුලත් කරනලදී.
    පෙනුමෙන් ඉතා දරුණු තුවාල වලින් පසුවූ මෙම පුද්ගලයාගේ මුහුණ හඳුණා ගත නොහැකි පරිදි විකෘති වී තිබූ අතර
    අස්ථි කිහිපයක්ද බිඳි ගොස් ඇති බවක් දක්නට ලැබුනි...
    වහාම ඔහු වෙත පැමිණි වාට්ටු භාර වෛද්‍යවරයා සුපුරුදු ප්‍රශ්නය ඔහුගෙන් ඇසීය..
    "මොකක්ද ඔහේට උනේ..???"
    "අනේ ඩොක්ටර් මායි මගේ නෝනයි ගොල්ෆ් සෙල්ලම් කර කර හිටියේ...
    ටිකක් ඈත වලකට අපි දෙන්නම ට්‍රයි කරා..
    ඒත් හරි ගියේ නෑ...
    අපි ගහපු බෝල දෙකම පිට්ටනියෙන් එලියට විසි වෙලාලඟ තිබ්බ ෆාම් එකක් ඇතුලට ගියා..
    අපි දෙන්නම ගිහින් බෝල දෙක හෙව්වා...
    පොඩි අය ඉතිරි ටික බලන්නේ පරිස්සමට හොදේ...හී...හී..හී...
    ඔහොම හොයද්දි මම දැක්කා ටිකක් එහායින් උන්නු එළදෙනෙක්ගේ පස්ස පැත්තේ අමුතු දෙයක්..
    ළං වෙලා බලද්දි තමා දෙයියනේ දැක්කේ අපි ගහපු බෝලයක් එළදෙනගේ පස්ස පැත්තේ හිර වෙලා කියල...
    මං ළං වෙලා එළදෙනගේ නැට්ට පොඩ්ඩක් එහාට කරල බලද්දි තමා දැක්කේ
    ඒ බෝලෙ මගේ නෝනගේ නමේ මුල අකුරු කොටලා තියෙනවා කියලා...
    මට බෝලේ හොයාගත්ත සතුටටත් එක්ක නැට්ටත් අල්ලගෙනම හයියෙන් කෑ ගහලා නෝනට කිව්ව.."
    "මේ ඒයි... මේකනම් ඔහේගෙ එක වගෙ කියලා..."
    "අනේ ඩොක්ටර් මට මතක එච්චරයි.."






    සදුන් බාලසුරිය
    තාරාවන් දඩයම් කර ගෙයින් ගෙට ගොස් වෙළෙඳාම් කරන්නෙක් දිනක් සිය සුපුරුදු වෙළෙඳාමෙහි යෙදෙමින් ගෙයකට ගොඩවිය. එම නිවසේ සිටියේ විශ්‍රාමික පොලිස් නිලධාරියෙකි. අලුත මැරු තාරාවන් දෙස කෑදර බැල්මක් බැලූ හේ වෙළෙන්දා බියකර නොමිලේම තාරාවෙක් ඩැහැගැනීමේ අදහසක් පහලවී.....
    පො. නිලධාරියා - "තමුන් ඇතිකරන තාරාවන්ද ?"
    වෙළෙන්දා - "නෑ ස... ර්... මම කැලේ ගිහින් මරන්නේ."
    එක් තාරාවෙක් ඉහලට ඔසවා බැලූ පොලිස් නිලධාරියා උගේ පස්සා පැත්තේ ඇඟිල්ල ගසා නහයට ලංකල
    පො. නිලධාරියා - "ම්....මූ අහවල් කැලේ තාරාවෙක්. ඒ පලාතේ සතුන් දඩයමට තමුන්ට ලයිෂන් තියෙනවද ?"
    වෙළෙන්දා - "ඔව් ස... ර්..."
    තවත් තාරාවෙක් ඔසවා පෙර පරිදිම පරීක්ෂා කරබලා "මූ... අහවල් කැලේ තාරාවෙක් ඒ පලාතේ සතුන් දඩයමට තමුන්ට ලයිෂන් තියෙනවද ?"
    වෙළෙන්දා - "ඔව් ස... ර්...., ඇහුවට තරහ වෙන්න එපා ස.ර්..ට මාර දැනුමක්නේ තියෙන්නේ. සර් කව්ද ?"
    පො. නිලධාරියා - "මම පොලීසියේ !! අයිසේ ..... "
    සියලුම තාරාවන් පරීක්ෂා කලද වෙළෙන්දා නීතියේ පරිදි ඕනෑම කැලයක තාරාවකු මරා වෙලෙඳාම් කිරීමට බලපත්‍ර ලබා ඇත. උත්සාහය ව්‍යවර්තවූ පොලිස් නිලධාරියා..
    "තමුසේ කොයි පලාතෙද ?"
    සරම උස්සා සිය පස්සා පැත්ත පොලිස් නිලධාරියා වෙත දිගුකල තාරා වෙළෙන්දා....
    හා සර් එ එහෙනම් කියන්න බලන්න. මම කොයි පලාතෙද කියලා







    අතුල අබේරත්න
    #තණ්හාව.
    ගමේ ඉන්න පොහොසතා පොරෝලිස් මුදලාලි හරිම මසුරෙක්. කිසි දෙයක් කිසිම කෙනෙකුට දෙන්නෙ නැහැ. අනිත් අයගෙන් පුළුවන් තරම් කඩා වඩා ගන්නවා. ඒ හන්දම ම්ල මුදල්, වස්තු සම්පත් බොහොමයි.
    මිනිහා දවල් කෑමට තම්බා ගන්න නෙලුම් අලයක් ගලවා ගන්න කියලා ගමේ තියෙන පොකුණට බැහැලා. පොකුණ ගොඩක් ගැඹුරුයි. එක පාරටම ම්නිහව පොකුණ මැද තිබුණ වලකට ලිස්සලා ගියා. එයා දැන් ඒ වලෙන් ගොඩට එන්න විදියක් නැතුව පොකුණෙම ජබු ගගහා ඉන්නවා.
    ඒක දැකපු ගමේම මිනිසුන් එතෙන්ට එකතු වුණා. ඒ හැමෝම ඔහුව බේරා ගන්න උත්සාහ කළා.
    "මුදලාලිගෙ අත දෙන්න. අපි අතින් ඇදලා ගොඩට ගන්නම්"..
    කොයි තරම් ඉල්ලුවත් මෙයා අත දෙන්නෙම නැහැ.
    ගමේම හිටපු දානපතියා කිරිබණ්ඩා ආතා. එයා බොහොම වයසයි. එයත් පොරෝලිස් ගොයියා පොකුණ ඇතුලෙ කරන අරගලය දැක්කා.
    ලෝබයෙක් උනත් පොරෝලිසුත් මනුස්සයෙක්නේ. කිරිබණ්ඩා ආතා පොකුණ ලඟට ගිහිල්ලා පොරෝලිස් මුදලාලිට මොකක්ද කිව්වා විතරයි මිනිහා එසැනින්ම කිරිබණ්ඩා ආතගෙ අතේ එල්ලිලා ගොඩට ආවා. ගොඩට ආව ගමන්ම "මට විගැහින් කඩේ අරින්නත් තියෙනවා" කියලා බොහොම වේගයෙන් කඩේට දිව්වා.
    එතෙන්ට රැස් උන අයට තරහයි , පුදුමයි දෙකම. ඇයි එයාලත් බොහොම සද්භාවයෙන් පොරෝලිස් මුදලාලිව ගොඩට ගන්න උදව් කරන්න ඇහුවට මිනිහා ඒවා ඔක්කොම ප්‍රතික්ෂේප කළානෙ.
    එයාලා කිරිබණ්ඩා ආතගෙන් ඇහුවා ඒකට හේතුව මොකක්ද කියලා. ඒකට එයාලා කවුරුවත්ම නොදන්න විශේෂ හේතුවක් තියෙන්නත් පුළුවන්නෙ.
    කිරිබණ්ඩා ආතා දුන්න උත්තරේට කට්ටියටම තරු පෙනුනා.
    "උඹලා හැමෝම එයාව ගොඩට ඇදලා ගන්න ඉල්ලුවේ එයාගෙ අත දෙන්න කියලනෙ. මම එයාගෙන් ඉල්ලුවේ ගොඩට ඇදලා අරගන්න නම් මගේ අත ගන්න කියලයි. අන්න එතකොට තමයි මිනිහා මගේ අතින් අල්ලා ගත්තෙ".
    "ඕක තණ්හාකාරයින්ගේ හැටියක්මනේ. තන්නාසෙ වැඩි එකා මැරෙන්න යන කොටත් මොනවාම හරි උප්පරවැට්ටියක් කරලා හරි අනුන්ගේ දෙයක් බදාගන්නවා ඇරෙන්න කාටවත් කිසිම දෙයක් නිකම් දෙන්න නම් කැමති නැහැ බොලල්ලා... "