විහිළුවටවත් තට්ටු කරන්නේ බලාගෙනයි!

dhanushkact

Active member
  • Jul 31, 2008
    345
    108
    43
    Gampaha
    විහිළුවටවත් තට්ටු කරන්නේ බලාගෙනයි!

    ප්රායෝගික ජීවිතයේදී කෙතරම් නම් වැටීම්, තැලීම්, හැපීම්, සීරීම් වලින් අපගේ ශරීරය පීඩාවන්ට පත්වනවාද? එහෙත් එම සෑම සියලු අවස්ථාවකදීම ශරීරයට වන බලපෑම හෝ සිදුවන හානිය ඒකාකාරද? නැතිනම් එකිනෙකට වෙනස්ද? එය එකාකාර නොවන බව නම් අප කවුරුත් ප්රත්යක්ෂයෙන් අවබෝධ කරගෙන ඇත්තෙමු.
    ප්රතිඵලය ඒකාකාර නොවේ නම් එය වෙනස් වන්නේ කෙසේද? එය ඉතා සරල පිළිතුරක් ඇති තේරුම් ගැනීමට පහසු කරුණක් යැයි ඔබ පවසනු ඇත.පහත සිදුවීම විමසීමෙන් එය ඒසේම නොවන බවත් එය ඊට වඩා ගැඹුරු ලෙස විමර්ෂණය කල යුතු කරුණු රාශියක් එහි අන්තර්ගත බවත් ඔබට තේරුම් යනු ඇත.

    “ශරීරයේ යම් ස්ථාන දෙකකට සිදුකරන දෙයාකාර පහර දීම් සලකා බලමු. එක් අවස්ථාවකදී දැඩි ලෙස සිදුකරන පහර දීමකුත් තවත් අවස්ථාවකදී මෘදු ලෙස සිදුකරන පහර දීමකුත් සිදුකරනවා යැයි සිතමු. ශරීරයේ අහඹු ලෙස තෝරා ගත් ස්ථාන දෙකකට මේ දෙයාකාරයෙන්ම පහර දීම සිදුකරනු ලැබේ යැයි සිතන්න. එම සියළුම පහර දීම් වල ප්රතිඵල කුමන ස්වභාවයක් ගනු ඇතිද? පළමු ස්ථානයට සිදු කරනු ලැබු දැඩි පහර දිම තුළින් දැඩි වේදනාවක් එම ස්ථානයේ ඇති විය හැක. එම ස්ථානයටම සිදුවන මෘදු පහර වැදිමෙන් මද වේදනාවක් ඇති විය හැක. මෙය සමාන්යයෙන් බොහෝ විට ප්රතිඵලය ලෙස සිදු විය හැකි දෙයයි.
    දෙවන ස්ථානයට සිදු කරනු ලැබු දැඩි පහර දිමෙන් වන හානිය පළමු ස්ථානයට දැඩි පහර දිමෙන් සිදු වු හානියට සාපේක්ෂව සැලකිය යුතු අඩු එකක් විය හැක. එසේත් නැතිනම් එම දෙවන ස්ථානයට සිදු කරනු ලැබු මෘදු පහර දිමෙන් පළමු ස්ථානයට සිදු කළ කවර ආකාරයේ හෝ පහර දිමේදි ඇති වු වේදනාවට හෝ හානියට වඩා වැඩි වේදනාවක් හෝ හානියක් එයින් ඇති විමටද අවස්ථාව ඇත.”
    නිසැකයෙන්ම ඔබ ඔබගේ ජිවිත කාලය තුළදි මෙවැනි අවස්ථාවන් අත්දැක ඇතුවාට සැක නැත. එසේත් නැතිනම් දැක හෝ අසා ඇති බව සහතිකය. අප පහත පරිදි වු විස්තර කිරිම් අනන්තවත් අසා ඇත්තෙමු.

    ‘ වැදිලා තියෙන පාරේ හැටියට මිනිහා ජිවත් වෙන එක පුදුමයි’
    ‘හයියෙන් හැප්පුනෙත් නැහැ, හැබැයි බලද්දි මිනිහා මැරිලා’
    ඔබ මෙවැනි දෙබස් මගතොට යන විටදි අනන්තවත් අසා ඇතුවාට සැක නැත. මෙයින් අපට පැමිණිය හැකි එක් නිරික්ෂණයක් වන්නේ සිදුවන අනතුරේ බලවත් කම මත පමණක් ප්රතිඵලයේ ප්රබලතාවය තීරණය නොවන බවයි.
    ශරිරයට වන යම් පහර දිමකදි සිදුවන හෝ ඇතිවන හානියේ බරපතලකම තිරණය විමට සිදුවන පහර දිමේ ප්රබලත්වයට අමතරව පහර වදින ස්ථානයේ සම්බන්ධයක් තිබේද? එය තේරුම් ගැනීමට පහත ක්රියාකාරකම ඔබ විසින්ම අත්හදා බලන්න.(බොහෝ දෙනා මෙය තම ළමා කාලයේදි අත්හදා බලා තිබේ.)

    ඔබ ඔබගේ එක් අතක වැලමිට අංශක 90ට නවා එහි ඇතුල් පැත්තට අනෙක් අතේ ඇගිල්ලකින් පහර දෙන්න. එසේ ඔබ කරගෙන යන විට එක් අවස්ථාවකදි ඔබ ශරිරය සම්පූර්ණයෙන්ම ගැස්සි යනු ඇත.මෙය අනිච්ඡානුගව සිදුවන්නකි. ඔබගේ පහර කෑ අත එකවරම සම්පුර්ණයෙන්ම හිරිවැටි යන අවස්ථාවක් උදාවනු ඇත.
    සුළු පහර දිමකදි එතරම් තදබල ප්රතික්රියාවක්/ ප්රතිඵලයක් ලැබිය හැකිද? එයට දියහැකි පිළිතුර වන්නේ “ඔව්, එසේ විය හැකිය” යන්නයි. ඒ අනූව සිදුවන අනතුරකදි ඇතිවිය හැකි හානියේ ප්රබල තාවය තීරණය වීමට අනතුර බලපෑමට යටත් වන ශරීර ස්ථානයත් බලපාන බව නිගමනයක් ලෙස පිලිගැනිමට සිදුවේ.
    මේ පිළිබඳව ආයුර්වේද මූල ග්රන්ථ තුල කිසිවක් අඩංගු වේද?

    සුශ්රැත සංහිතාවේ මේ පිළිබඳව පැහැදිලි විස්තරයක් අඩංගුය.(සුශ්රැත සංහිතා ශරීරස්ථාන හයවැනි අධ්යායය වනප්රත්යෙඛමර්ම නිර්දේශ ශාරීර අධ්යායය) ආයුර්වේදයේ දැක්වෙන්නේ අපගේ ශරීරයේ ප්රාරණ ශක්තිය රඳා පවතින විශේෂිත ස්ථානයන් පවතින බවයි. එම ස්ථාන හැදින්වීමට “මර්ම” යන විශේෂ නාමය යොදා ගනී. මර්ම යන්නෙහි තේරුම නම් මරණය ගෙන දිය හැකි අධිෂ්ඨානයෝ(ස්ථාන) යන්නයි. ආයුවේදයට අනූව මාංස, සිරා, ස්නායු,අස්ථි හා සන්ධි යන උපදාන එකක් හෝ වැඩි ගණනක් එක්වූ/සංයෝග වු ස්ථාන වල මර්ම පිහිටා ඇති බව පිළිගැනේ. බටහිර වෛද්ය විද්යාවට හෝ නූතන තාක්ෂණික මෙවලම් වලට තවමත් සොයාගැනීමට නොහැකි වී ඇති මර්ම පිළිබද සිද්ධාන්තය ආයුර්වේදයට ආවේනික වූවකි.
    හදිසි අනතුරකදි බරපතල බාහිර තුවාල සිදුවු රෝගියකු නොමැරී සිටියදී සුළු තුවාල සිදුවු රෝගියෙකු මිය යා හැක. ඒසේ වන්නේ රෝගියාගේ ශරීරයේ මරණය සිදුවිය හැකි මර්මස්ථාන වලට හානි නොවිමේ ප්රතිඵල වශයෙනි. සුළු තුවාල සිදුවු රෝගියාගේ බරපතල බාහිර තුවාල නොවූවත් ශරීරයේ ඇති මරණය සිදුවිය හැකි එක් මර්මයකට හෝ හානි වි තිබිය හැක. එමගින් එම රෝගියාගේ මරණය සිදුවිම වැලැක්විමට හැකිනොවේ.
    ආයුර්වේදයට අනූව ශරීරයේ මර්ම එකසිය හතක්(107) ඇතිබව පිළිගැනීමයි. මේ එකසිය හතම පිඩා වීමෙන් ප්රතිඵල ලෙස මරණය ගෙනදෙන්නේ නැත. මරණය හෝ සිදුවන හානියේ ස්වභාවය අනූව මර්ම වර්ගීකරණයක් දක්වා ඇත.
    • සධ්ය: ප්රාණහර මර්ම – ක්ෂණයකින්/ ඒමොහොතේදීම මරණය සිදුවන මර්ම දහනමයකි(19).
    • කාලාන්තර ප්රාණහර මර්ම -කල් ගතවී මරණය සිදුවන මර්ම තිස් තුනකි(33).
    • විශල්යඝ්න මර්ම -ශල්ය ගැලවීමෙන් පසු මිය යන මර්ම තුනකි(03).
    • වෛකල්යකර මර්ම – අංග විකලත්වය ඇති කරන මර්ම හතලිස් හතරකි(44).
    • රුජාකර මර්ම – වේදනාව ඇතිවීම පමණක් සිදුවන මර්ම අටකි(08).
    සුශ්රැත සංහිතාවේ ඉහත මර්මයන් පිහිටි ස්ථානයන් දක්වා ඇත. එසේම මීට අමතරව ශරීරයේ මර්මයන් පිහිටන ස්ථන අනූවද වර්ගීකරණයක් කර ඇත.
    • බාහු හතරෙහි මර්ම( පාද දෙකෙහි සහ දෙඅත් වල) හතලිස් හතරකි(44). එකක එකොළහ(11) බැගිනි.
    • උදරය හා උරස ප්රදේශය මර්ම දොළහකි(12).
    • පිට පැත්ත මර්ම තුදුසකි(14).
    • බෙල්ල සහ හිස ප්රදේශය මර්ම සත්තිසක්(37) ඇත.
    මර්ම යනු මාංස, සිරා, ස්නායු, සන්ධි හා අස්ථි යන ඒවා එකතු වන තැන් බව පෙරින් සදහන් වුනි. ඒවා අනූවද නැවත බෙදීමක් සිදු කර ඇත.
    • මාංස මර්ම -11
    • සිරා මර්ම -41
    • ස්නායු මර්ම -27
    • අස්ථි මර්ම -08
    • සන්ධි මර්ම -20
    දැනට ටික කලකට පෙර විකාශය වු ජනප්රිය රූපවාහිනි ටෙලි නාට්යක තම කථා තේමාව කර ගත්තේ ශරීරයේ තෝරා ගත් ස්ථාන වලට පහර දෙන එක්තරා පෞරාණික සටන් ක්රමයකි. එහිදි ආයුධ රහිතව සටන් වදින ප්රතිමල්ලවයන් පහර දෙන්නේ ප්රතිවාදියාගේ ශරීරයේ තෝරාගත් ස්ථාන වලටය. සමහර ප්රහාරයන් මාරාන්තික වන අතර සමහර ප්රහාරයන් ප්රතිවාදියා අඩපන කිරිමට සමත්වේ. එය හැදින්වූයේ “අංගම්පොර නිල සටන් ක්රමය” ලෙසයි. ආයුර්වේදයේ මර්ම යනුවෙන් හැදින්වු දෙය දේශියව “නිල” යන්නෙන් හැදින්වු බව පෙනේ. එයට හොදම උදාහරණයක් වන්නේ දේශිය නිල වෙදකමයි. යම් යම් රෝගාබාධයන් හේතුවෙන් පිඩිත වු රෝගියාට ස්ථානික සුවයක් ලබාදීමටත්, වේදනාව සමනය කිරීමටත් නිල තෙරපීම දක්ෂ හා පලපුරුදු දේශිය වෛද්යාවරුන් විසින් සිදුකර ඇත. මෙය සියළු දෙනාටම කල නොහැක්කක් වන්නේ තෙරපිය යුතු නිලය හා එය ශරීරයේ පිහිටි ස්ථානය නිවැරදිවම දැන සිටිය යුතු බැවිනි. සුළු ප්රමාද දෝෂයකින් අප්රතිවර්තී බලවත් හානියක් සිදුවිය හැකිය. එනිසා මෙය නිසිපරිදි දැන ගෙන කල යුතු කාර්යයකි. වෛද්යවරයා මර්ම, නිල පිළිබද යම් අවබෝදයක් සහිත නම් තමා හමුවට පැමිනෙන රෝගීන්ගේ රෝගි තත්වය පිළිබද යම් නිශ්චිත අදහසක් ගැනීමටද එම දැනූම උපකාරි වනු ඇත.

    සාමාන්ය පුද්ගලයන් වශයෙන් මර්ම හෝ නිල ගැන දැනගතයුත්තේ කුමක් නිසාදැයි දැන් විමසා බලමු. අප සමාජයේ බොහෝ පුද්ගලයේ තම හිතවතුන්ට මිතුරන්ට විහිළුවට කරණා සමහර දේ වලින් ඇස් රතු වන ප්රතිඵල ඇතිවන අවස්ථා අනන්තවත් අප දැක ඇත්තෙමු. විහිළුවට කරනා කෙනිත්තීමක්, පහර දීමක්, අත පය ඇඹරීමක්, තල්ලු කිරීමක් හෝ මොනයම් හෝ සරල ක්රියාවකින් ශරීරයේ මර්මස්ථානයක් පීඩාවට පත්විය හැක. එහිදි අප තුන් සිතකින් වත් නොසිතන නොපතන ප්රතිඵලයක් ඇති විය හැක. එය ක්ෂණික මරණයේ සිට පූර්ණ අකර්මණ්යතාවයක් දක්වා වු පරසයේ හානියක් විය හැක. ස්වභාවධර්මයාගේ අනගිතම නිර්මාණයක් වන මිනිසා ගැන තවමත් සමාජය සොයාදැනගෙන සිටින්නේ සුළු කොටසක් පමණි. එම නොදන්නා දේ අප ඉගෙන ගන්නේ අත්දැකිම් ඇසුරෙනි. එම අත්දැකිම් විටෙක සුන්දර වන අතර විටෙක මාරාන්තික වේ.
    ආයුර්වේදයේ අරමුණු වු රෝගි බව නැතිකිරීමත් නිරෝගී බව ආරක්ෂා කර ගැනීමත් යන දෙකටම මෙම මර්ම පිළිබද අවබෝධය තුලින් ලැබෙන්නේ මහගු උපකාරකි. ආයුර්වේදයේ ශ්රේෂ්ඨත්වය එයයි. අප කල යුත්තේ කුමක්ද නොකල යුත්තේ කුමක්ද යන්න ගැන අවබෝධය ආයුර්වේදය ලබා දේ. බටහිර විද්යාවන් හිස්මුදුනින් පිළිගෙන එයින් පරිබාහිර දෙයක් නොපිළිගන්නා මට්ටමට අන්තගාමි වීම කාගේවත් ශරීර සෞඛ්යයට යහපත් වන්නේ නැත. වර්තමාන බටහිර විද්යා වන්ට හිතන්නටවත් බැරි දේවල් පෙරදිග විද්යාවන් විසින් සිදුකර පෙන්නා ඇත්තේ බටහිර විද්යාවන් ලොව ඇතිවන්නටත් පෙරදීය.
    එනිසා ශරීරයේ ඇති මර්මස්ථාන පිළිබද ආයුර්වේද ඉගැන්වීම කිසිවෙකුටවත් බැහැර කල හැකි දෙයක් නොවේ. දීර්ඝ සහ සැපවත් ජීවිතයකට සිහින දකින මිනිසුන් වශයෙන් මෙම මර්ම පිළිබද යම් අදහසක් සිතෙහි තැන්පත් කරගෙන එදිනෙදා කටයුතු සම්පාදනය කර ගැනීම කාගෙත් ශරීර සෞඛ්යටය හිතකර වනු ඇත. විහිළුවටවත් තට්ටු කරන්නේ බලාගෙනයි යනුවෙන් අප ආරම්භයේදීම ලියුවේ එබැවිනි.