වීජයග්රහණයේ තෙවන සැමරුම අදයි.
ලොව අති බිහිසුණු කොටි ත්‍රස්තවාදී සංවිධානය පරදවා තෙවසරක් ගත වේ. මේ ඝාතකයන්ව පැරදවීම ගැන මෙයට වසර ගණනාවක් ම සාකච්ඡාවට භාජනය වූයේ නැත. ප්රභාකරන් ඝාතකයා මෙන් නෝර්වේ අරමුදල් ලත් රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙරට ජනතාවගේ මතයට යොමු කර තිබුණේ කොටි කිසි දිනෙක පැරදවිය නොහැකි බවයි.
කොටි සංවිධානය විසින් ඒ සඳහා හිටපු ත්රස්තවාදියකුව ද යොදාගෙන තිබුණි. ප්ලොට් සංවිධානයේ හිටපු හමුදා ප්‍රධානියා වූ ඩී. වී. සිවරාම් නමැත්තා එම මතය මෙරට බටහිර තානාපති කාර්යාල වෙත යොමු කිරීමට ක්‍රියා කළේය.
ඔහු නොකඩවා ගෙන ගිය ප්‍රචාරය තුළ කොටි සංවිධානය දැවැන්ත ප්‍රහාරක බලයකින් යුක්ත වන බවයි. මේ සාවද්‍ය ප්‍රචාරය මෙරට ආරක්ෂක බලධාරීන් වෙතද ව්‍යාප්ත විය.
සිවරාම් හෙවත් තාරකී නමැත්තාගේ මේ කොටි ප්‍රබලයි කියන නොමග යෑවෙන ප්‍රකාශයට විදෙස් අරමුදල් ලබන රාජ්‍ය නොවන සංවිධාන ද සම්බන්ධ විය. ඊට සමගාමීව ඇනිටා ප්‍රතාප් නමැති ඉන්දීය ලේඛිකාවද ප්රභාකරන්ගේ දෑස් මකුළුදැල්වලින් පිරී නැති බවත් ඔහු යුද දක්ෂයකු බවත් ප්‍රචාරය කළේය.
2008 වසරේදී වන්නි මෙහෙයුම යන අතරේ ඇනිටා ප්‍රතාප් ප්‍රකාශයක් කරමින් තමාගේ මීළඟ ග්‍රන්ථය ප්රභාකරන්ගේ යුද්ධය යෑයි කියා සිටියේය. ඇය ඉන් අදහස් කළේ වන්නි මෙහෙයුමෙන් ශ්‍රී ලංකා හමුදාව පරාජය වන බවයි. මගේ ඉටු නොවූ එක් සිහිනයක් වන්නේ එයයි. ප්රභාකරන් හමුවී මා ඊළඟ ග්‍රන්ථය ලියනවා. එවිට ලොව පුරා සිටින ද්‍රවිඩ ජනතාව ප්රභාකරන් කවුද කියා දැනගනීවි යෑයි ඇනිටා ප්‍රතාප් තවදුරටත් පවසා තිබිණි.
එහෙත් ඇනිටා ප්‍රතාප්ගේ සිහිනය ඉටු වූයේ නැත. ඇයට ප්රභාකරන් හමුවීමටද නොහැකි විය. යුද්ධ දක්ෂයකු යෑයි අතිශයෝක්තියෙන් ප්‍රචාරය වූ ප්රභාකරන් ප්රමුඛ මිනීමරුවන් කණ්ඩායම මැයි 19 වැනිදා විනාශ විය.
ප්රභාකරන් ප්රමුඛ මිනීමරු ද්‍රවිඩ කොටි ත්‍රස්තවාදී කණ්ඩායම විනාශවීමෙන් පසු ඇනිටා ප්‍රතාප් මේවනතෙක් කොටි වෙබ් අඩවි හෝ විදේශ මාධ්‍ය අමතා කිසිදු ප්‍රකාශයක් කළේ නැත.
ඇය පමණක් නොව කොටි ඩයස්පෝරාවද අන්දමන්ද විය. සිදුවූයේ කුමක්ද යන්න තේරුම්ගැනීමටද ඔවුන්ට අපහසු විය.
2009 මැයි 19 වැනිදා කොටි විනාශවූ බව ස්විට්සර්ලන්තය වෙත වාර්තා වන අවස්ථාවේ ස්විස් කොටි සිහිවිකල්ව සිටියහ.
ප්රභාකරන් මළ පුවත යුරෝපය වෙත ද ප්‍රචාරයවීමත් සමගම එකී පුවත විශ්වාස කළ නොහැකි යෑයි ප්‍රචාරය විය. මළේ ප්රභාකරන්ගේ වෙස්ගත් තවත් අයෙක් යෑයි යුරෝපා කොටි ජාලය කියා සිටියහ. එහෙත් මෙරට ඉතහාසයේ රජයක් මුහුණ දුන් අතිශයින්ම දුෂ්කර වූ සමය වූයේ ප්රභාකරන්ට එරෙහිව දියත් වූ වන්නි මෙහෙයුමයි.
මෙහෙයුම ආරම්භවීමත් සමගම ඇමරිකානු තානාපතිව සිටි රොබට් බ්ලේක් පැවසුවේ කොටින්ව හමුදා ක්රියාමාර්ගයකින් පැරදවිය නොහැකි බවයි. එසේම කොළඹ කොටි හිතවාදී ද්‍රවිඩ මාධ්‍ය විවිධ ප්‍රකාශ පළකරමින් ප්රභාකරන් විසින් සිංහල හමුදාව ගිලගන්නා බවට වහසිබස් දෙඩීය. එම කොටි හිතවාදී ද්‍රවිඩ පුවත්පතකට ප්‍රකාශයක් කළ සන්තිරියන් නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වාගන්නා අයෙක් මෙවර සිංහල ජනතාවට කම්පනය වන දෙයක් සිදුවන බව ප්රභාකරන්ගේ උපදේශක බාලකුමාර් විසින් පැවසූ බවද කියා සිටියේය.
මේ අතර ආරක්ෂක හමුදාව කිලිනොච්චිය වට කළේය. කැනඩාවේ කොටි ඩයස්පෝරාවට සම්බන්ධ කොටි පුවත්පතක මෙලෙස පළ විය.
“උඹලා කුමක්ද කරන්නේ හමුදාව වන්නියට ඇවිල්ලා යෑයි අපි කොටි දේශපාලන නායක නඩේසන්ගෙන් විමසුවා. නඩේසන් කිව්වා බයවෙන්න එපා. අපි වාංග· වාංග මචන් වාංග කියා සතුරාව ඇතුළට කැඳවනවා කියලා.
මෙයට සමගාමීව ඉන්දීය රෝ ඔත්තුසේවා හිටපු ප්‍රධානි බී. රාමන් ප්‍රකාශයක් කරමින් ජර්මන් හමුදාව ස්ටාලින්ග්‍රාඩ් නමැති සෝවියට් නගරය අල්ලා ගැනීමට පැමිණ විනාශ වූ ආකාරයට ශ්‍රී ලංකා හමුදාවද කිලිනොච්චිය අල්ලා ගැනීමට ගොස් විනාශ වන බවද පළ කළේය.
මේ වාතාවරණය මැද විවිධ පාර්ශ්ව වන්නි මෙහෙයුම නතර කිරීමට උත්සාහ ගනු ලැබීය.
“හිටපු හමුදාපතිවරයෙක් පැවසුවේ ප්‍රදේශ අල්ලා ගැනීම පවත්වාගෙන යැම පහසු නොවන බවයි. මේ අතර වන්නි මෙහෙයුමින් ජනාධිපති, ආරක්ෂක ලේකම් හා හමුදාපති ඉල්ලාගෙන කනු ඇතැයි දේශපාලකයන් රැසක් අපේක්ෂා කළහ.
මෙම තත්ත්වය යටතේ නෝර්වේ අරමුදල් ලබන “ෙµdaරම් සේව් ද චිල්රන්” ඇතුළු එන්. ජී. ඕ. සංවිධාන වන්නි මෙහෙයුම ගැන ඔත්තු බැලීමේ යෙදී සිටියහ.
එසේම කොටින්ගේ අතිජාත මිත්‍රයා වූ එරික් සෝල්හයිම් ද ශ්‍රී ලංකා හමුදාව පරාජය වනු ඇතැයි දැඩි ලෙස අපේක්ෂා කළේය.
මෙවන් පසුබිමක් මැද වන්නි මෙහෙයුමට එරෙහිව බාධක රැසක් ක්‍රියාත්මක විය. ඉන් මුල් තැනක් ගත්තේ එකී මෙහෙයුම නතර කිරීමට උත්සාහ කිරීමය.
මේ එම පිරිසයි.
1. දෙස් විදෙස් රාජ්‍ය නොවන සංවිධාන
2. කොළඹ බටහිර තානාපතිවරු
3. කොටි හිතවාදී ද්‍රවිඩ මාධ්‍ය
4. යුද්ධය ජය ගැනීම වැළැක්වීමට උත්සාහ කළ ඇතැම් දේශපාලකයන්
5. ප්රභාකරන් නිසා යෑපුන ව්‍යාපාරික පොලිස් හා ආරක්ෂක පිරිස්.
6. නෝර්වේ රජය
7. රජය තුළම සිටි ඇතැම් දේශපාලකයන්
8. රජයට පක්ෂපාතී යෑයි හඳුන්වමින් සිටි සතුරන්
9. මෙරට ඇතැම් මාධ්‍ය සංවිධාන
10. විදේශ රටවල කොටි ඩයස්පෝරාව
මෙලෙස වන්නි මෙහෙයුම නතරකරලීම සඳහා විදෙශ් රටවල් අති විශාල මුදල් සම්භාරයක් වැය කෙරුණි. පාර්ශ්ව දහයක් එක්ව වන්නි මෙහෙයුම ද නතර කිරීමට දැරූ දැඩි උත්සාහය මුළුමනින්ම පරාජය විය. මෙය එසේ මෙසේ පරාජයක් නොවේ.
මේ අතර ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් රොබට් බ්ලේක් කොටි නායකයන්ව බේරාගැනීමේ අරමුණින් මුල්ලිවයික්කාල් මෙහෙයුම දියත් කළේය.
මේ මෙහෙයුම ගැන මෙරට ජනතාව දැනසිටියේ නැත. මෙහෙයුමට අදාළ උපකාරක කටයුතු සඳහා ඇමරිකානු නාවික මැරයන් සහ ගුවන් භට පිරිසක් මෙරටට පැමිණියහ.
හවායි දූපතේ පිහිටි ඇමරිකානු ශාන්තිකර කලාපීය අණදෙන මධ්‍යස්ථානයේ සිට හර්කියුලිස් ගුවන් යානාවක් මෙරටට පැමිණෙන බව දැනුම්දෙනු ලැබුවේ එම යානාව ගුවන් ගත වීමෙන් පසුවයි.
මේ අතරේ චන්ද්‍රිකා හතරක් මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ කටයුතු ද නිරීක්ෂණය කෙරුණි. කෙසේ වෙතත් කොටින්ට එරෙහිව දියත් කළ යුද්ධය ජයගනු ඇතැයි මෙරට කිසිම දේශපාලකයෙක් විශ්වාස කළේ නැත. එහෙත් යුද්ධය ජයගත හැකි බවත් ප්‍රභාකරන්ව විනාශ කළ යුතු බවත් අපි කියා සිටියෙමු.
2009 මැයි 19 වැනිදා කොටි ඝාතක සමාගම විනාශ විය.
වියට්කොං ජනරාල් වෝ ගියෙප්ට සමකළ ප්රභාකරන් මිනීමරුවා සමග ද්‍රවිඩ කොටි ත්රස්තවාදීහු හමුදා නායකයෝ මරුමුවට පත් වූහ.
එහෙත් ඒ වනවිට අපේ හමුදා නිලධාරීන් ඇතුළු 6000 ක් ජීවිතක්ෂයට පත්වී තිබිණි.
තවත් 30,000 කට අධික පිරිසක් තුවාල ලැබූහ.
තිස් වසරක් තිස්සේ ක්‍රියාත්මක වූ කොටි ත්‍රස්තවාදය පරාජය වීමත් සමගම එන්. ජී. ඕ. සංවිධාන බලවත් කම්පනයකට පත් වූහ. ශ්‍රී ලංකාවලත් ජයග්‍රහණය නිසා ත්රස්තවාදීන් සමග සටන් කරන රාජ්‍ය කීපයක්ද නොසතුටට පත් වූහ.
කොළඹට සැතපුම් 250 ක් ඈත බංකරයක සිට මෙරට දේශපාලකයන්ගේ ඉරණම තීන්දු කළ ප්රභාකරන් විනාශවූ බව ශ්‍රවණය වූ විගස මෙතෙක් ප්රභාකරන්ට බියේ වචනයක්වත් නොකී පිරිස් හා යුද්ධය දිනිය නොහැකි යෑයි පැවසූ පාර්ශ්වයන් එකවරම රජය වෙත සමීපවූහ. ඒ අතර චරපුරුෂයන් හා ද්‍රෝහියකු ද විය.
එසේම එන්. ජී. ඕ. ක්‍රියාකාරීහු නිහඬ විය.
එහෙත් වන්නි මෙහෙයුමේ තෙවන සංවත්සරය එළැඹෙන අවස්ථාවේ 2 වැනි කොටි මෙහෙයුම ආරම්භ විය.
6000 ක් දිවි පුදා බේරාගත් උතුරු නැගෙනහිර පාලනය බන්දේසියක තබා තමන් වෙත බාරදෙන්නැයි ද්‍රවිඩ සංධානය ඉල්ලා ඇත.
ඒ අතර කොටි නායකයන් විනාශ කිරීම යුද අපරාධ බවට ප්‍රචාරය විය.
කොළඹ කොටි හිතවාදීහු අළු ගසා දමා යළි මතුවී මානව හිමිකම් ගැන හඬනගන්නට වූහ. මේ හැර කොටි පරාජය කළ නොහැකි යෑයි පැවසූ සිංගප්පූර් ව්‍යාජ යුද මහාචාර්යවරයා විගස ශ්‍රී ලංකාවට පැමිණ වන්නි මෙහෙයුම වෙනුවෙන් ලකුණු දමා ගැනීමට උත්සාහ කළේය.
එදා ප්රභාකරන්ට හෝ කොටින්ට එරෙහිව මුව විවර නොකළ පිරිස් තොගපිටින් විවෘත වේදිකාවට පැමිණ යුද්ධය ජයගත්තේ තමන් දුන් උපදෙස් නිසා බවට වහසිබස් දෙඩූහ. මේ අතරේ කොටි ඩයස්පෝරාව මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ප්‍රසන්න සිල්වා, ජගත් ඩයස්ට එරෙහි සාවද්‍ය යුද අපරාධ චෝදනා ගෙනඒමට දැරූ උත්සාහය ද අසාර්ථක විය.
එහෙත් කොටින්ට එරෙහි යුද්ධය නිමක් නැත. තම වර්තමානය හා අනාගතය රටේ ඒකීය භාවය වෙනුවෙන් පුද කළ 6000 ක් වූ රණවිරුවන් සැමරෙන මේ අවස්ථාවේ මියගිය කොටි ත්‍රස්තයන්ව සැමරිය යුතු බවට ද රාජ්‍ය නොවන සංවිධානයක් විසින් ඉල්ලා ඇත.
ප්රභාකරන් ප්රමුඛ මිනීමරුවන් මියගියත් සැඟවුණ ත්රස්තවාදීහු තවදුරටත් සිටී. ඔව්හු කිසිවිටෙක වෙනස් නොවේ. ආරක්ෂක හමුදා තවදුරටත් අවි ආයුධ සොයාගන්නා බව හෙළි වී තිබේ. එහෙත් බොහෝදෙනකුට ප්රභාකරන්ගේ භීෂණය අමතක වී ඇත. ප්රභාකරන් සිටියා නම් මෙයට වඩා හොඳයි යෑයි කියන පිරිස්ද සිටී.
රැකියා නිමවී ප්රභාකරන් බෝම්බ පුපුරුවයිද යන දෙගිඩියාවෙන් බියෙන් සැලෙමින් සිටි පිsරිස් දැන් නිදහසේ නිවසට යති.
අද අපි සමරන්නේ සෙබලුන් නිලධාරීන් ද්‍රවිඩ කොටි ත්‍රස්තවාදයෙන් රට බේරාගැනීමට ගත් උදාර ක්‍රියාමාර්ගයයි. ඒ අතරේ යුද ජයග්‍රහණයේ තෙවැනි සැමරුම නතර කිරීමටද ඇතැම් මාධ්‍ය පාර්ශ්ව උත්සාහ කරනු ලැබීය. ඇමරිකානු ජෙනරාල්වරයෙක් ජනතාව අමතා මෙසේ පවසා තිබිණි.
“ඔබලා රටේ අනිකුත් අයට පවසන්න. ඔබලාගේ අනාගතය වෙනුවෙන් මේ සෙබලුන් දිවිදුන් බව.”
මේ නිසා හිරු නඟිනවිටත් හිරු බසින විටත් අපි කොටි ත්‍රස්තවාදය පැරදවූ රණවිරුවන් සැමරිය යුතුය.

Last edited:

දේවල් කිව යුතුය.
පෝස්ට් එක පිළිබදව සෑබෑ අගය කිරීම, මේ පෝස්ටුව ලියන ලද කතෘ හට හිමිවිය යුතුය......!!

පට්ට කතාව..... මහින්දයා මෙච්චරටම ජනතාව තලා පෙලා දාන්නේ... කවුරු නොදන්නවා උනත්, මහින්දගේ හිත දන්නවා, ජන්දේ දිනුවේ ජිල්මාට් එකෙන් කියලා..... ඉතින් බහුතරය මහින්දට අකමැති නිසා, මූ කරන්නේ බහුතරය තලා පෙලා දාන එක...... නොදකින් ........!!