වීදි බුරියානි සාර්ථකත්වය

dggs

Member
Apr 21, 2012
158
4
0
වීදි බුරියානි සාර්ථකත්වය

රහීමා හෝටලය – Raheema Hotel



WMIQJWOGZQXEO52NJI04JB25UM5MINJDH3UMTEECKNLVDQWL.jpg



2W4LFNPYSR0Y33EID0OSWBLABBPLWEKRTHQ11IJWEUTGO5JG.jpg



LSjfl96xnSeRlDkIsMThDteAuFF1hecD2LSYuQ5nNjU.jpg



raheema-biriyani-close.jpg


නැවතත් රන් පැහැ බත් ගැන. මුලින් ‘යමු’ දිගටම කතා කළා ලම්ප්රයිස් ගැන. දැන් බුරියානි. වීදි අද්දර බුරියානි කඩ ගැන අප කළ අධ්‍යයනයේදී අපට එතරම් ගුණාත්මක බුරියානි හමුවුණේ නැහැ. මරදානේ බුරියානි යෝධයා බුහාරි හෝ හැමදා ජනප්‍රිය බිග් බයිට්අපේ රස සටහනේ හොඳ තැනක් හිමි කරගත්තේ නැහැ. අපේ මිළඟ ඉලක්කය වුණේ තවත් බුරියානි යෝධයකු වන තර්ස්ටන් පාරේ රහීමාස්.
රහීමාස් කියන්නේ පරම්පරා ගණනක් තිස්සේම කොල්ලුපිටියට ගෝදම්බ රොටි, උම්බලකඩ සම්බල හා විශේෂ මුස්ලිම් ක්‍රමයකට පලහා කර කරන ලද චිකන් සපයා නමක් දිනාගත් ආයතනයක්. ඒත්, ඔවුන්ගේ බුරියානිය බගතලේ පාරේ මන්දිර අතරට වඩා ජනප්‍රිය ප්‍රදේශයේ කාර්යාල සේවකයන් හා අසල පිහිටි කොළඹ විශ්වවිද්‍යාලයේ හා තර්ස්ටන් විද්‍යාලයේ ශිෂයයන් අතරයි.
මල් පාරේ හා පස්වන පටුමගේ බොජුන්හල් එක්ක බැලුවාම රහීමාස් එතරම් උසස් මට්ටමක නැති තැනක්. සාමාන්‍යයෙන් එහි පහළ තට්ටුව පිරිසිදුයි. සතියේ දිනවල දිවා ආහාර වෙලාවට එය පිරී යනවා දුම් දමන බුරියානි බත් පිඟන් අසල හිඳගත් මිනිසුන්ගෙන්. අපේ දිවා ආහාර තෝරාගැනීම රස බලන තවත් මිනිසුන් දුසිම් දෙකක් පමණ එහි සිටීම සතුටට කරුණක්. බුරියානි බෙදුණේ ඒ මොහොතේම පිසින ලද බඳුනකින්. අපට තේරුණා අප ඉන්නේ නියම බුරියානි භූමියකබව. කුකුළ් මස් හා බත්වලට අමතරව එහි තිබුණා හොදි, මිංචි දැමූ පොල් සම්බල, ළූනු සම්බල හා බිත්තරයකුත්.
මුල් කටෙන්ම රෝසවතුර, මස් තැම්බූ වතුර හා කුළුබුවලින් කළ රසගැන්වුම අපට දැනුණා. අමතර රසවත් දේ නැතිවත් බත ප්‍රසන්න තෙත්, උණුසුම් ගතියෙන්, මිහිරි රසින් හා සුවඳින් යුක්ත වුණා. අමතර දේත් ඉතා රසවත්. ශ්‍රී ලාංකික මුස්ලිම් විලාසිතාවේ චිකන් ගාතය පිටත කරවුණු ගතියෙන් හා මඳ පමණ කුළුබඩුවලින් රසකරන ලද ඇතුළත මෘදුබවින්ද යුක්ත වුණා. හොද්දත් මනා රසයෙන් යුතුයි. මිංචි පොල් සම්බලය කට කැපෙන රසින් යුක්තයි. ළූනු සම්බලය පොපියනසුළුයි. බුරියානිය මත පදමට තම්බන ලද බිත්තරයකුත් තබා තිබුණා. ශ්‍රී ලාංකික වීදි බුරියානියක තිබියයුතු සියලු ලක්ෂණ සහිත එය දෛනික බත් පැකට්ටුවට හා ෆ්‍රයිඩ්රයිස්වලට කදිම විකල්පයක්.
මෙය මුස්ලිම් මඟුල්ගෙවල්වලදී ඔබට කන්නට ලැබෙන බුරියානියවගේමනම් නැහැ.බත් බාස්මතී නොවෙයි, සම්බා. කහ, කරදමුංගු අල්පයි. රයිටා ඇත්තේම නැහැ. ඒත්, රු. 330කට ඉතා වටිනවා.


source=yamu.lk


 
Last edited: