වීරයෝ මැරුණාට නොමළ වග කියාපන්...

Dewrangi

Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    වීරයෝ මැරුණාට නොමළ වග කියාපන්...

    2yvnltj.jpg


    වීරයෝ මැරුණාට නොමළ වග කියාපන්...

    සුදු හාමිනේ එතැන
    ඇත ඉද්ද මල් ගහක්
    කාල වකවානු ගැන
    නෑ මට නිච්චියක්
    රජ ගෙදර නුඹ ගිහින්
    ආ ගමන් කෝටියක්
    තවමත් නැද්ද මගෙ
    විශ්‍රාමෙ එන හැඩක්...

    ස්මාරකෙ ඉන්නෙ
    මගෙ හොඳම යාළුවා
    ඉලක්කේ ගන්න හිටි
    උන්ගෙන් දස්සයා
    ඇවිදගන්නට බැරිලු
    අම්ම ඔත්පොළ වෙලා
    ඌත් මෙහෙ ඉන්නවා
    ඔහේ අසරණ වෙලා...

    පොඩි එකී ලමිස්සී
    ඇහැ ගහගෙන ඉඳින්
    තල් වැටේ මියැදිච්චි
    මගෙ හීන බරයි බන්
    අමතක වෙයි මාව
    මතක් කරලා දියන්
    වීරයෝ මැරුණාට
    නොමළ වග කියාපන්...

    අපි ණය නෑ මැණිකෙ
    නුඹ නාඬා ඉඳින්
    අපි සේරම මලේ
    රට වෙනුවෙන් ඉතින්
    සමරනකොට අපිව
    පුරුද්දට වගේ උන්
    සුදු ඇඳගෙන නුඹත්
    ගිහින් නාඬා වරෙන්....

    ..දෙව්රංඟී..
    ජනවාරි 9, 2016
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    නුඹ නාඬා ඉඳින්
    අපි සේරම මලේ
    රට වෙනුවෙන් ඉතින්

    අම්ම ඔත්පොළ වෙලා
    ඌත් මෙහෙ ඉන්නවා
    ඔහේ අසරණ වෙලා...


    රජ ගෙදර නුඹ ගිහින්
    ආ ගමන් කෝටියක්
    තවමත් නැද්ද මගෙ
    විශ්‍රාමෙ එන හැඩක්...

    ඕක තමයිබ් යතාරත්ය. රණවිරුවන්ය්ට සලකන්නේ මාද්‍ය සංදර්ශන වලට විතරයි. ෆැන්ටසි කතා දහසකට වඩා. යථාර්තයෙන් එක වචනයක් වටින්නේය
     

    J Sparrow

    Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    අක්කේ උඹනම් සිරා! :love::love::love:

    හැබැයි You must spread some Reputation around before giving it to Dewrangi again. ලු බං :sorry::sorry::sorry:
     
    • Like
    Reactions: Dewrangi

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    අගය කල සහ අදහස් දැක්වූ, ගොඩ වැදුණු හැමෝටම මගේ ආදරණිය ස්තුතිය :love:
     
    • Like
    Reactions: thusitharhm

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    Good keep it up Akka.. ++:yes:

    Thank you very much malli



    Niyamai akka...
    Lassanai.... :yes: :yes: +11

    ගොඩක් ස්තුතියි මල්ලි :)



    lassanayi

    ගොඩක් ස්තුතියි



    නුඹ නාඬා ඉඳින්
    අපි සේරම මලේ
    රට වෙනුවෙන් ඉතින්

    අම්ම ඔත්පොළ වෙලා
    ඌත් මෙහෙ ඉන්නවා
    ඔහේ අසරණ වෙලා...


    රජ ගෙදර නුඹ ගිහින්
    ආ ගමන් කෝටියක්
    තවමත් නැද්ද මගෙ
    විශ්‍රාමෙ එන හැඩක්...

    ඕක තමයිබ් යතාරත්ය. රණවිරුවන්ය්ට සලකන්නේ මාද්‍ය සංදර්ශන වලට විතරයි. ෆැන්ටසි කතා දහසකට වඩා. යථාර්තයෙන් එක වචනයක් වටින්නේය

    ගොඩක් ස්තුතියි මල්ලි. රණ විරුවන්ගේ පවුල් වල ජීවත් වන මිනිසුන්ගේ වේදනාවන් අකුරු තුලට කැටි කල නොහැකියි. දේශපාලකයින්ගේ පටු අරමුණු වෙනුවෙන් ඉඳහිටක ඒ උතුම් මිනිසුන්ව විකුණා ගැනීම මිසක ඊට වඩා යමක් වෙන්නේ කලාතුරකින් ..
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA

    තැන්ක් යූ මල්ලි :)



    Lassani akke !

    ගොඩක් ස්තුතියි මල්ලි :)



    ගොඩක් ලස්සනයි
    17+


    බොහොමත්ම ස්තුතියි :)






    :)



    Thank you




    Thank you



    අක්කේ උඹනම් සිරා! :love::love::love:

    හැබැයි You must spread some Reputation around before giving it to Dewrangi again. ලු බං :sorry::sorry::sorry:

    හිතට වැදුන නම්.. එච්චරයි ඕනේ බං මල්ලියේ :)




    පස්ට පට පට :love:

    ගොඩක් ස්තුතියි මල්ලි...



    there are no selfless deeds after all, you are wanted as long as you can give something :D

    Sometimes not.., there are very rare situations, where you'll be unconditionally wanted :love:..



    Thank you




    Thank you:)



    Lassanai akke :)

    ගොඩක් ස්තුතියි නංගෝ :)
     
    Last edited: