වීරවංශ ගේ දියණිය හා කුගන් ගේ දියණිය…

kolla elakiri

Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    වීරවංශ ගේ දියණිය හා කුගන් ගේ දියණිය…

    වීරවංශ ගේ දියණිය හා කුගන් ගේ දියණිය…

    by admin · February 27, 2015
    wimals-spouse-720x340.jpg


    විරවංශ මහතාගේ දියණිය තම මව වැළඳ ගෙන හඬන අයුරු අප ඔහුගේ වෙබ් අඩවියෙන් දුටුවෙමි. දියණියන් සිටින පියකු වශයෙන් මට දැඩි කණගාටුවක් දැනුණි. දියණියකට මවකගේ උණුසුම අවශ්‍යය.

    වීරවංශ හා ඔහුගේ ජාතිවාදී ලොට්ට අකමැති සුද්දාගේ රටේ මවට දරුවන් සිටීනම් බොහෝ විට සානුකම්පිත කරුණක් වශයෙන් සලකා අධිකරණය ලිහිල් දඬුවම් ලබා දෙයි. සුළු වරදක් ලෙස මට සිතෙන ගමන් බලපත්‍ර වරදට සමහරවිට ලිහිල් දඩයක් ගෙවීම ප්‍රමාණවත් යයි සිතේ. එහෙත් මෙම බලපත්‍ර යොදවාගෙන ඇත්තේ බැංකු වලින් අයථා ලෙස මුදල් ලබා ගැනීමට නම් උගත් විනිශ්චයකාරවරු සුදුසු දඬුවම් තීරණය කරනවා ඇත.
    ඒ කෙසේ වුවත් ඔහුත් ඔහුගේ වෙබ් අඩවියත් කුගන්ගේ දියණියගේ කඳුළු ගැන කතා කරනවා මා දැක නැත. ඇය තම පියා, සොයමින්, විරෝධතාවල මහා දවල් කැකෑරෙන අව්වේ වේලි වේලි සිටිනවා දුටිමි. වීරවංශ ගේ දියණියට මෙන් සැප වාහනයකට නැගී මව බැලීමට යාමටත් වීරවංශ ගේ බිරිඳට මෙන් සැප රෝහලක නැවතී සිටීමටත්, නොව දුප්පත් නිවසක දිවි ගෙවා ගැනීමට දඟලන ගමන් කුගන්ගේ බිරිඳත් දියණියත් ඔහු වෙනුවෙන් හඬ හඬා ඇවිදිති.


    කුගන්ගේ දියණිය

    එසේම තම පියාණන්ට වූ දෙයක් සොයමින් අවුරුදු ගණනක් ඇවිදින තවත් පුතුන් දෙදෙනෙකු සිටි. ඒ මාධ්‍යවේදි එක්නැළිගොඩ ගේ පුතුන් දෙදෙනායි. ඔවුන් ගැන විරවංශ කතා කරනවා මම දැක නැත.

    එක්නැලිගොඩ පුතුන්

    අනිත් හඬන දියණිය ජෙයකුමරිගේ දියණියයි. පරිවාස භාරයේ සිටින ඇයට තම මව බැලීමට වත් වරම් නැත. පියා හා සහෝදරයන් තිදෙනෙක් අහිමි ඇයට මවත් අහිමි කල යුතුද?

    තව දරුවන් බොහෝ ගණනක් ගැන ලිවිය හැකිය. යුද්ධයෙන් අනාථ වුනු සෙබළුන්ගේ දරුවන් මෙන්ම දෙමල ජාතිකයන්ගේ ද දරුවන් බොහොමයක් සිටිති. ඒ ඛේදවාචකය තවමත් නිම වී නැත. එහෙත් විරවංශ මහතාට එය වගේ වගක් නැත. ඔහු තවමත් කියන්නේ මේ තියෙන්නේ අපායට ඉන්ටවල් එකක් කියාය.


    විරවංශ මහතාණෙනි,



    කුමාර් මහත්තයලා හා රෝහිත භාෂනලා සමග පක්ෂයක් ගොඩ නැගු කාලයේ තිබු සංවේදී හිතේ දශමයක් වත් ඉතිරිවී නැත්ද? ඔබේ දරුවාගේ වේදනාව අපේ හදවතට දැනේ. ඔබටද දැනේ.එහෙත් අපට දැනෙන මේ අනාථ වී ඇති අනිකුත් දරුවන්ගේ වේදනාව ඔබට නොදැනේ.



    තවමත් ඉදිරියට ගන්නට යත්න දරන ඔබේ වෛරී දේශපාලනය නිසා හඬන්නේ ඔබේ දියණිය පමණක්ද?




    -http://kolambagamaya.blogspot.co.uk/2015/02/blog-post_55.html


     
    Last edited: