වීර_හිපපොටේමස්

uditha224

Well-known member
  • වීර_හිපපොටේමස්




    කැලේ නීතියේදී ශක්තිවන්තයා ජයග්‍රාහකයාද වන බවයි.:yes:
    නැතහොත් ශක්තිය යුක්තියද වේ. එහෙත් මනුශ්‍ය සමාජය තුල සියළු දෙනාටම එකසේ යුක්තිය මිස ශක්තිවන්තයාට ප්‍රමුඛතාවයක් හිමිනොවන බව කියයි. වනාන්තරයේ සතුන් හා එයින් පිටත සිටින මිනිසුන් අතර ඇති වෙනස එය යයි බොහෝවිට අර්ථදැක්වේ. එහෙත් එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන්නේදැයි විමසා බැලීම ඔබට බාර කරන අතර වනන්තරයේ වැඩියෙන්ම බඩගින්නේ සිටින්නේ මාංශ භක්‍ෂකයන් බවටද සතතව විද්‍යාඥයන්ගේ මතයයි.

    කිඹුලන් වැනි මිරිදිය ජලාශ වල වෙසෙන මස්කන සතුන් සෑමවිටකම පාහේ සිය ගොදුර බවට පත්කරගන්නේ තමන් සිටින ජලයට ජලය බීම සදහා හෝ අනෙක් ඉවුරට යාම සදහා බසින සතුන්ය. ලෝකයේ වනසතුන්ගේ රජදහන වන අප්‍රිකානු මහද්වීපය පුරා මේ සංසිද්ධිය ඔබ මෙම ලිපිය කියවන මොහොතේ පවා සිදුවෙමින් පවතී.

    තිරිසන් සතුන් අතරදී තම වර්ගයා තුල මිතුරු සබදකම් ඇතත් වෙනත් වෙනත් වර්ග අතර එවැනි සබදකම් වර්තාවන්නේ අඩුවෙනි. නමුත් නැත්තේද නොවේ.

    මෙම ලිපියේදී කිඹුලන් ඇති ජලාශයකට බසින කුර සහිත සතෙකු වන ඇන්ටිලෝපයෙකු මරණයට පාත්‍රවන්නට ඔන්න මෙන්න තබා තිබියදී එම සතා ගැන මිතුරු සිතක් පහල කර ගත් හි‍පපොටේමස් සතෙකු ඇන්ටිලෝපයා මරණයෙන් ගලවාගන්නා අයුරු පියවරෙන් පියවර බලන්න.:cool:

    මෙන්න වීර හිපපොටේමස්...:cool:
    1.jpg


    දැන් ඉතින් මේ අයට අද දවසට කරන්න තියෙන ලොකුම රාජකාරිය තමයි එහි ඉවුරට යන එක.

    2.jpg




    පේනවනේ සෙනගේ තරම, මේ අය අතරට මැදිවුනොත් මොනවයින් ‍මොනව වෙයිද?:shocked:

    3.jpg



    මෙන්න දැන් එහා ඉවුරට යන්න යන්නේ. සමහරු "ජම්ප්" එකකුත් දාල තමයි වතුරට පනින්නෙත්..
    :D

    4.jpg
    ඇන්‍‍ටිලෝප් : මෙන්න කවුද වතුර යටින් එනවා වගේ පේනවා. තාම හරියට කියන්න බැහැ.:confused:

    කිඹුලා : අද නම් මරු, හොදට සප්පායම් වෙන්න පුළුවන් දවසක් වගේ. කොහොමහරි මෙතන ඉන්න පොඩි එකෙක් අල්ලගන්න ඕන. ලොකු එකෙක්වුනත් නරක නැහැ. ඒ වුනාට ඊට වඩා ලේසියි පොඩි එකෙක් අල්ලගන්න එක.
    :frown:



    5.jpg


    6.jpg


    7.jpg


    රැලෙන් එහා මෙහා වෙන ඇන්ටිලෝප් පැටවෙකු ඉලක්ක කර ගත් කිඹුලා ඔහු පසුපස ලුහුබදියි.:(

    8.jpg


    9.jpg

    ඇන්ටිලෝප් පැටවා කොටුකරගන්නා කිඹුලා ඔහුගේ කකුලෙන් අල්ලා ගනී. ඉවුරට ගොඩවූ ඇන්ටිලෝප් මව තම පැටවා මුහුණදී ඇති දුඛිංත ඉරණම දිහා බලා සිටි.:(:(

    19.jpg

    මේ අරගලය පැය කාලක් පමණ සිදුවේ. ඇන්ටිලෝප් පැටවා තවම මිය ගොස් නැතත් අසරණයා දුර්වලවෙමින් පවතී. මේ අවස්ථාවේ ගංගාවේ අශ්වයා නැතහොත් අප්‍රිකානු මිරිදිය ජලාශවල ලොක්කා වන හිපපොටේමස් සතුන් දුසිමකට අඩු ගණනක් මේ අලකලංචිය බලාසිටින අතර එය ඔවුන්ට එතරම් හිත් ගත් දෙයක් නොවේ.:rolleyes:

    10.jpg


    මුලින් ඔවුන් මේ වන දේ ගැන එතරම් අවධානයක් යොමු නොකරයි.:nerd:

    වීර හිපෝ : මොකද කරන්නේ අන්න අරූ, අර පොඩි එකාව මරන්නයි හදන්නේ. මොකද වැඩේට බහිමුද?:frown:

    හිපෝ 1 :
    මොනව වුනත් කිඹුලා අපේ වතුරෙම ඉන්න එකානේ. ඒත් මටත් පොඩි එකා ගැන දුකක් ඇතිවෙනවා.
    :P
    11.jpg

    වීර හිපෝ : මම එහෙනම් වැඩේට එන්ටර් වෙනවා. මට සයිඩ් එකෙන් සපෝට් එකක් දීපන්....:growl:
    12.jpg



    දැන් හිපෝ විසින් කිඹුලා හප කර පාගා දමන වේලාවයි.



    වීර හිපෝ : ගර්ර්ර්....හව්...හව්....:growl::growl:

    14.jpg
    කිඹුලා : *****@@@@@##### අයියෝයෝයෝ................:baffled:



    කිඹුලාව පරසක්වල ගසන අපේ වීර හිපෝ දුර්වල තත්වයට පත්ව සිටින පැටියා ඉවුර දෙසට තල්ලු කරයි.:cool:

    17.jpg



    දැන් මෙම වීර කතාවේ අවසානයයි.

    18.jpg

    ඇන්‍ටිලෝප් පැටියා : ස්තූතියි, හිපෝ මාමේ...:love:



    -----------------------------------------------------------------
    කොමෙන්ටුවකුත් දාල යන්න.....
    -----------------------------------------------------------------------


    උපුටා ගැනීමකි...
     

    Banned User

    Member
    Feb 1, 2011
    920
    159
    0
    අන්තිමට ...

    හිපෝ : මාම? :shocked: ඔන්න ඔය පණ්ඩිත කොල්ලව මෙහෙට අරගෙන වරෙන් මම දවල්ට කාලත් නෑ :frown::P
     

    Banned User

    Member
    Feb 1, 2011
    920
    159
    0
    අන්න අර කිඹුලා මං දිහා බැලුව :shocked: මං ටක් ගාල එන්නං :sorry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අන්තිමට ...

    හිපෝ : මාම? :shocked: ඔන්න ඔය පණ්ඩිත කොල්ලව මෙහෙට අරගෙන වරෙන් මම දවල්ට කාලත් නෑ :frown::P

    හී...හී.......EPIC FAIL....!!!!!:P:Pහිපෝල මස් කන්නේ නෑ......උඹ වගේ ම vegan......:yes::yes:
     

    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    niyamayio.. poto tika gaththa ekata thank you ... meka apita penna dapu ubatath thank you