ලෝක 31කට යන්න වීසා එකක්
වීසා එකක්
අපි හැමෝම බොහෝම වටිනා දෙයක් ලබලා තියෙනවා... ඒ තමයි අපේ මේ මිනිස් ජීවිතය... ඉතින් සැබෑ මිනිසෙකු ලෙසින් ඔබේ ජීවිතයේ නව පිටුවක් පෙරලපු ඔබට තවත් වැදගත් කරුණු කාරණා කොටසක් පෙන්වා දෙන්නට තමයි මේ උත්සාහ කරන්නේ.
මිනිස් අත්බැවයෙන් ලැබෙන ලොකුම වාසිය කුමක්ද? මිනිස් අත්බැවයේ තිබෙන ලොකුම වාසිය තමයි දෙව් සැප හෝ වේවා අපායේ දුක් විඳින එක හෝ වේවා එසේත් නැත්නම් පැවැත්ම ඉවර කර දැමීම හෝ වේවා ඒ සියලු දේට අවස්ථාවක් ලැබෙන සන්ධිස්ථානයක් වීම! උදාහරණයකින් තෝරා ගනිමුද?
ඔබ වීසා ගැන අහලා තියෙනවා නේද? වීසා කියලා කියන්නේ ඔබ සිටින රටේ සිට ඔබට වෙනත් රටකට යන්නට වුවමනාවක් තිබෙනවා නම් එහි යන්නට ලැබෙන අවසර පත. ඔබට හැකියාවක් තිබෙනවා ටික කාලෙකට විනෝද වෙන්නට යන්න අවසරයක් හෝ ඒ රටේ අධ්‍යාපනය ලබන්නට හෝ ඒ රටේ රැකියාවක් කරන්නට ආදී වශයෙන් නොයෙක් කරුණු මත අවසරපතක් ලැබෙනවා. ඉතින් මේ විදියට ඔබටත් දැනට වීසා එකක් හෙවත් අවසර පතක් ලැබිලා තියෙනවා. ඒ තමයි මිනිස් අත්බැවය. ඒ වීසා එකෙන් ඔබට පුළුවන් ඔබ යන්න කැමති ලෝකයකට යන්න එසේත් නැත්නම් කිසිවකට නොගොස් පැවැත්ම අවසන් කරගන්නට.
ඉතින් ඔබට ලෝක 31කට යන්න අවස්ථාව මේ වීසා එකෙන් ලැබෙනවා. මිනිස් අත්බැවයේ සිට ඔබ කැමති ස්වභාවයක් තෝරාගෙන ඒ අනුව හේතු නිපදෙව්වොත් ඔබට මේ කියන අවස්ථා 31න් ඔබ කැමති අවස්ථාවක් ඵලය විදියට ඔබට ලැබෙනවා. මිනිස් අත්බැවය යොදාගනිමින් ඔබ කියන කරන සිතන දේ අනුව ඔබට යහපත් හෝ අයහපත් අවස්ථාවකට පත්වෙන්නට හෙවත් යහපත් හෝ අයහපත් ලෝකයක් ලැබෙන්නට හේතු නිපදවෙනවා.
http://www.nirvanadhamma.com/lk/dam-asura/sasaraka-sagawunu-anathura!/sasara-pawathma/visa-ekak/

Last edited: