වීසා නැතිව ඇමරිකා යමු

aliya

Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    වීසා නැතිව ඇමරිකා යමු

    ට්‍රම්ප්ගෙන් ශ්‍රී ලාංකිකයන්ට ලොතරැයියක්..! වීසා නොමැතිව ඇමරිකාවේ දින 180 ක් ගත කිරීමට අවසර දෙයි..!

    (ලංකා ඊ නිව්ස් -2019.මැයි.16, ප.ව.9.40) පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පසු ලෝක ත්‍රස්තවාදයට එරෙහිව සටන් කරන රටක් ලෙස ශ්‍රී ලංකාව ඇතුළු වීමත් සමග ඇමරිකානු ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකාවාසීන්ට ලොතරැයි දිනුමක් ලබා දී තිබේ. ඒ නම් කල් තබා නිශ්චිත කරුණු දැක්වීමක් අනුව ලබා ගන්නා වීසාවකින් තොරව ශ්‍රී ලාංකිකයන්ට දින 180 ක් ඇමරිකාවේ ගත කිරීමට අවස්ථාව ලැබෙන ඇමරිකාවේ ‘වීසා රහිත වැඩ සටහනට’ (Visa Waiver Program ) ශ්‍රී ලංකාව ඇතුලත් කර ගැනීමයි.

    ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු ලේකම් මයික් පොම්පියෝ අද මේ බව නිවේදනය කරමින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 10 ක් ඉහත කී ‘වීසා රහිත වැඩ සටහනට’ අලුතින් ඇතුලත් කළ බව කීය.

    මෙකී වැඩ සටහනට ඇතුළු වන රටවල වැසියන්ට ඇමරිකාවේ සංචාරය කිරීමට පැය 72 කට පෙර අන්තර් ජාලයට ගොස් ඒ සඳහා පිරවිය යුතු පෝරමය පිරැවීමෙන් පසු ඩොලර් 14 ක් වැනි සුළු මුදලක් ගෙවා ඇමරිකාවට ඇතුළුවීමේ අවසර පත්‍රයක් ලබා ගත හැකි වේ. ඉන්පසු ගුවන් ටිකට් පතක් රැගෙන ඇමරිකාවට ඇතුළු වෙද්දී පෙර කී අවසර පත්‍රය ආගමන විගමන නිලධාරීන්ට පෙන්වූ විට ඇමරිකාව තුල දින 180 ක් ගත කිරීමට අවශ්‍ය අවසරය ලබා දී රටට ඇතුළු කරනු ඇත. මෙම අවසරය ලැබෙන්නේ සංචාරක සහ ව්‍යාපාරික කටයුතු සඳහා ඇමරිකාවට එන්නන්ට පමණකි. දින 180 ට වැඩි කාලයක් ඇමරිකාවේ ගත කරන්නේ නම් වීසා අයැදුම් කළ යුතුය.

    මෙය යුරෝපීය රටවල පුරවැසියන් ඇමරිකාවට ඇතුළු වෙද්දී භුක්ති විඳින වරප්‍රසාදය හා සමාන ය.

    ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපොල සහ වරායවල් වලට ප්‍රවේශවීමට ඇමරිකානු හමුදාවන්ට ඉඩ දෙමින් ජාත්‍යන්තර ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමේ දී එක්ව වැඩ කිරීමට ශ්‍රී ලංකාව එකඟ වීම හේතුවෙන් මේ වාසිය ශ්‍රී ලංකාවට ලැබුණු බව සඳහන් වේ.

    මේ පිලිබඳ ඒපී පුවත් සේවය පළ කළ විස්තරාත්මක පුවත පහත දිගුවෙන් කියැවිය හැකිය.
    https
     
    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    මරා හිටියනම් ජීවිතේට හම්බ වෙන්නේ නෑ.දැක්කනේ අපේ ආන්ඩුව ලෝකය පිලි ගන්න හැටි:D
     
    iphone5

    Junior member
  • Sep 14, 2012
    38
    16
    8
    හම්බ උන චාන්ස් එකෙන් උපරිම ප්‍රයොජන අරගෙන පැනපල්ලා.ආය ඕක කොයි වෙලාවේ නවත්තයිද දන්නේ නෑ
     
    stufftothink

    Active member
  • Feb 21, 2013
    341
    41
    28
    Sansara

    ශ්‍රී ලංකාව මේ රටවල් ඇතුළට එකතු කිරීමට හේතුව ශ්‍රී ලංකාව තුළ ත්‍රස්තවාදයට විරුද්ධව ක්‍රියා කිරීමට ඇමෙරිකානු යුද කඳවුරක් පවත්වා ගෙන යාමට අවසර දීමයි.

    https://lk24.news/2019/05/16/%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93-%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80-%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94-%E0%B6%BB%E0%B6%A7%E0%B7%80%E0%B6%BD%E0%B7%8A-10%E0%B6%9A/
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    මරා හිටියනම් ජීවිතේට හම්බ වෙන්නේ නෑ.දැක්කනේ අපේ ආන්ඩුව ලෝකය පිලි ගන්න හැටි:D

    ISIS ලට කියල බෝම්බ ගස්සපු ඵකේ හිලව්වට වෙන්න අැති.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    හම්බ උන චාන්ස් එකෙන් උපරිම ප්‍රයොජන අරගෙන පැනපල්ලා.ආය ඕක කොයි වෙලාවේ නවත්තයිද දන්නේ නෑ

    :lol:අනේ ගොනෝ.අායෙත් නිව්ස් ඵක කියවපං.:D
     
    ranil aiya

    Active member
  • Oct 9, 2018
    302
    72
    28
    England
    අමෙරිකාව වීසා සහන වැඩසටහනට ලංකාව ඇතුළු කළේ ඇයි? කෙස් කෙලින් වෙන හෙළිදරව්ව මෙන්න

    අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැබිනට් මණ්ඩලයේ අනුමැතියකින් තොරව ඇමෙරිකාව සමග SOFA (A status of forces agreement) නම් දේශද්‍රෝහී ගිවිසුම අත්සන් කර ඇති බව රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.

    අද(16) ජාතික සමතා බලවේගය කොළඹදී කැදවාතිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

    එම ගිවිසුමට අනුව ත්‍රස්තවාදයට එරෙහිව අමෙරිකානු කඳවුරක් ස්ථාපිත කිරීමට රජය විසින් ඉඩ ලබා දීම හේතුවෙන් ශ්‍රී ලංකාව අමෙරිකානු විසා සහන වැඩසටහනටද ඇතුළු කර ගෙන ඇති බව රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පෙන්වා දෙයි.

    ශ්‍රී ලංකාවත් විසා සහන වැඩසටහනට ඇතුළත් කළ බවට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයක් නිකුත් කර ඇති බව සරත් වීරසේකර මහතා පෙන්වා දෙයි.

    මෙම විසා සහන වැඩ සටහන යටතේ ශ්‍රී ලංකිකයෙකුට දින 180ක විසා සහනයක් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ලබාදීමට පියවර ගෙන ඇති බව රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා වැඩදුරටත් පැවසීය.

    මෙම ගිවිසුම මගින් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වීමට ඇමෙරිකානු හමුදාවන්ට අවසර හිමි වන අතර, ඉන්පසුව ඔවුන් රැගෙන එන භාණ්ඩ පරීක්ෂා කිරීමට පවා ශ්‍රී ලංකා රේගුවට බලයක් හිමි නොවන බවද වීරසේකර මහතා අවධාරණය කර සිටියේය.

    ශ්‍රී ලංකාව පිහිටීම අතින් සහ ස්වභාවික සම්පත් අතින් මුලු ලෝකයේම අවදානය දිනා ගත් රටක් වන අතර ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවේ බලය තහවුරු කර ගැනීමට ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් බොහෝ කාලයක සිට උත්සාහ කරමින් සිටින බවද ඔහු සදහන්කර සිටියේය.

    මෙම මාධ්‍ය හමුවට ආචාර්ය ගුණදාස අමරසේකර, නීතිඥ කල්‍යානන්ද තිරාණගම , අනුරාධා යහම්පත් ඇතුළු ජාතික සමතා බලවේගයේ නියමුවන් සහභාගී වී සිටියහ.

    lankaleadnews.com

    Last edited:

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    Aiyo Fake news . මේක සම්පුර්ණයෙන්ම සාවද්‍ය පුවතක්. අනෙක මේ AP NEWS එකේ ඔරිජිනල් සයිට් එක නොවෙයි. news-ap.com වෙන එකක්. මේක ලංකා ඊ නිවුස් පටලවාගෙන .
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,170
    46,946
    113
    Dog Dancing GIF