වීසා රිෆියුස් උනොත් ???

Mahesh_Perera

Member
Mar 20, 2014
174
29
0
වීසා රිෆියුස් උනොත් ???

වීසා රිෆියුස් උනොත් ???

ලංකාවේ විශාල පිරිසක් විදේශ ගත වෙන්න අසාවෙන් හිටියත් , විස අයදුම් කරන හැටි ගැන සහ ඒ හා සම්බන්ද තියෙන්නේ අල්ප දැනුමක් .ඒවගේම සාර්ථකව විස අරගෙන රට යන ගොඩක් අයත් මේවා ගැන හරියටම දන්නේ නෑ .ගොඩක් වෙලාවට විස කන්ස්ලටන්ට් කෙනෙක්ගේ උපෙදෙස් ගන්නවා ,එයාලම තමයි විස ඇප්ලිකේෂන් ෆිල් කරන්නෙත් ,අදාළ ඩොකියුමන්ට් එහෙමත් පිළිවෙලට හදල දෙන්නෙත් .එහෙම
යට කිසිම අවබෝධයක් නෑ ඇයි විස එකක් රිෆියුස් වෙන්නේ කියල .මෙතැනදී රිෆියු වෙනවා කියන්නේ කෙලින්ම අයදුම්කරුවගේ විස අයදුම්පත්‍රය ප්‍රතික්ෂේප කිරීමයි .එහෙම උනාම වෙච්ච අඩු පාඩු හදාගෙන ආයේ ඇප්ලයි කරන්න ඕන ,එකට ගයිඩ් එකක් විදියට වගේ අදාල රටේ එම්බසියෙන් දෙනවා අපිට විස රිෆුසල් ලෙටර් එකක් .එකේ විස්තර කරලා තියනව ඇයි අපේ විස රිෆුයුස් කලේ කියල .මෙතන වැදගත්ම කොටස එක නෙමෙයි .අපිට වෙන මුල්‍යමය පාඩුව .ඒක විස කැටගරි එක අනුව වෙනස් වෙනවා .රට යන්න ඉන්න ඕනෑම කෙනෙක් මේවා ගැන දන ගන්න ඕන . එක එක විස කැටගරි වලදී විස රිෆියුස් උනාම ඊළගට වෙන්නේ මොකද්ද කියල ඊළගට බලමු
 
Last edited:

Mahesh_Perera

Member
Mar 20, 2014
174
29
0
විස වර්ග ප්‍රදාන වශයෙන්ම දෙකකට බෙදන්න පුළුවන් .ස්ටුඩන්ට් විස සහ විසිට් විස .මේ දෙක ගැන අවබෝධයක් ඇති කියල මම හිතනවා .මාස තුනකට වඩා වැඩි කාලයකට ඉගෙන ගන්නවා නම් ,ඒ කියන්නේ තමන් තෝරගත්තු පාටමාලාව මාස තුනකට වඩා වැඩි කාලයක් තියනවා නම් කැනඩාව ,ඉංග්ලන්ඩ් ,ඔස්ට්‍රේලිය ,නිව් සිලන්ඩ් සහ යුරෝප රටවල් සේරගේම වගේ එක තමයි රුල් එක .නිකන් හරි විසිට් විස එකක් රිෆියුස් උනොත් වෙන්නේ ඒ සදහා වැය කරපු විස ෆී එක (අපි විස ඇප්ලිකේෂන් එක බාර දෙද්දී එම්බසියට ගෙවන මුදල ) අපිට නැති වෙනවා එක අපිට අයේ කවදාවත්ම හම්බ වෙන්නේ නෑ .සාමාන්‍යයෙන් ඔය මම කලින් කියපු රටවල් වල විස ෆි එක රුපියල් 60,000 - 70,000 අතර අගයක් වෙන්න පුළුවන් ගොඩක් වෙලාවට .
 

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
බම්ප්
මං මුකුත් කියන්නෙ නෑ, මං යුරෝප් රටවල් ගැන නොදන්න නිසා
දන්න දෙයක් උනත් කියන්න බෑ, උබට තද වෙනවනෙ වැරදි පෙන්නුවහම :P
 

Mahesh_Perera

Member
Mar 20, 2014
174
29
0
බරපතලම කාරණාව තමයි ස්ටුඩන්ට් විස එකක් රිෆියුස් වෙන එක .මේකට හේතුව තමයි ගොඩක් රටවල් විස අයදුම් කරන්න කලින් අදාළ පාටමලා ගාස්තු ගෙවන්න නියම කරලා තියන එක .ඒ අනුව අපි විස අයදුම් කරන්න සුදුසුකම් ලබන්නේ අපි අපේ කෝස් ෆි එක ගෙවල නම් විතරයි .මෙහෙම උනාම නිකන් හරි විස එක රිෆියුස් උනොත් අපි සල්ලි ගන්නේ කොහොමද ?? මේ සම්බන්දයෙන් නීතිමය පසුබිම මොකද්ද ?? සල්ලි අපහු දුන්නේ නැත්තම් මොනවාද අපිට කරන්න පුළුවන් ???ආයේ ඇප්ලයි කරනවා නම් අයෙත් සල්ලි ගෙවන්න ඕනද ???
 

Mahesh_Perera

Member
Mar 20, 2014
174
29
0
බම්ප්
මං මුකුත් කියන්නෙ නෑ, මං යුරෝප් රටවල් ගැන නොදන්න නිසා
දන්න දෙයක් උනත් කියන්න බෑ, උබට තද වෙනවනෙ වැරදි පෙන්නුවහම :P

කිසිම තරහක් නෑ :P :P