වූහාන් සිසුන් ලංකාවට ගෙන්වීමට ඉඩ නොදේ

Emoney_Help

Member
May 3, 2017
1,586
103
0
Standered widiyta thiynwanm aulak na
SAITAM wage Gu ewa nathiwa :yes:




reputation_neg.gif
වූහාන් සිසුන් ලංකාවට... 01-27-2020 06:10 PM අල්ලාහ් දෙවියන්ගේ කැමැත්ත මත රෙප් කපන ලද
 

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    චීනයේ සිට ව්‍යාප්ත වන කොරෝනා වෛරසය පැතිරීම සම්බන්ධයෙන් අද (27) සවස 3.30 දක්වා චීනයේ මාධ්‍ය වාර්තා කරන තොරතුරු එකතුව පහත පරිදිය.
    චීනයේ අවම වශයෙන් 2,804 ක් හා විදේශයන්හි 59 ක් වෛරසය ආසාදනය වී ඇත.
    චීනයේ පමණක් මරණ වාර්තාවන අතර මියගිය ගණන මේ වනවිට 81 කි. රෝහල්ගතවී සුවය ලද පිරිස 51 කි.මේ අතර 461 ක් බරපතල තත්වයෙන් මරණය අභියස සිටින බවට
    සෞඛ්‍ය අංශ දන්වා ඇත.
    දැනට සිදුකරගෙන යන පර්යේෂණ අනුව මිනිසාගෙන් මිනිසාට සම්ප්‍රේෂණය තහවුරු වි ඇති අතර විශේෂඥ මතයක් ලෙස වෛරසයට විකෘති වීමේ හැකියාව ඇති බව දන්වා ඇත.
    මෙම වසංගත තත්වය නිසා චීනයේ නගර සහ පළාත් 30 ක් පළමු මට්ටමේ හදිසි ප්‍රතිචාරය දියත් කර ඇති අතර හොංකොං රටපුරා හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කළේය.
    අද (27) උදෑසන නව කොරොන වයිරස් රෝගීන් 371 ක් හුබෙයිහි තහවුරු කරන ලද අතර මරණ 24 ක් සිදුවිය.
    බීජිං හි නව කොරොන වයිරස් රෝගීන් 4 දෙනෙකු සනාථ කරන ලද අතර,

    නගරයේ තහවුරු වූ රෝගීන් සංඛ්‍යාව 72 ක් දක්වා ඉහළ ගොස් ඇත.
    නව කොරෝනා වයිරසයේ 5 වැනියා හමුවූ බව ඕස්ට්‍රේලියාව සනාථ කරන ලද්දේ අද උදේය. දකුණු කොරියාව සිය 4 වැනියා අද සොයාගනු ලැබිණි.
    දැනට රෝගීන් 6 ක් වාර්තාවී ඇති මැකාවූ රාජ්‍යයේ කොරෝනා රෝගයට සැකසහිත පිරිස් වෙන්කර තැබීමේ ඉඩකඩ ප්‍රශ්නයට විසදුමක් ලෙස ඔවුනගේ විනෝදාස්වාද කඳවුරු පවත්වන ස්ථානවල තාවකාලික නවාතැන් කාමර යොදාගැනීම අරඹා තිබේ.

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් බීජිං නුවරට ගොස් කොරෝනා වයිරස් පැතිරීම පිළිබඳව අද (27) සාකච්ඡා කළේය. මේ අතර චීනයේ වාර්ෂික වසන්ත නිවාඩුව ඊයේ අවසන් වීමට නියමිතව තිබුණද කොරෝනා වයිරස්පැතිර යාමේ නව පියවරක් ලෙස චීනයේ රාජ්‍ය කවුන්සිලයේ මහ කාර්යාලය සඳුදා නිවේදනය කළේ වසන්ත උත්සව නිවාඩු දිනය පෙබරවාරි 2 දක්වා දීර්ඝ කරන බවයි.
    ජනවාරි 28 ට පෙර ටිකට්පත් මිලදී ගත් මගීන්ට කිසිදු ගාස්තුවක් අය නොකර රටපුරා දුම්රිය ප්‍රවේශ පත්‍ර අවලංගු කළ හැකි බව චීනයේ දුම්රිය ක්‍රියාකරු නිවේදනය කළේය.

    මේ අතර වඩාත් කතාබහට ලක්වූ වුහාන් නගරය චීන පුරවැසියන් සඳහා පිටවීම හා ඇතුළුවීම තහනම් කර ඇති අතර මුළුමනින්ම නිවාස අඩස්සියක රටවැසියන් තබා ඇත. මෙම නීතිය ජනවාරි 26 සිට ජනවාරි 30 දක්වා තදින් බලපවත්වන බවට නිවේදනය කර ඇත.
    සඳුදා පැවති මාධ්‍ය හමුවකදී ෂැංහයි නාගරික රජය නිවේදනය කළේ කලාපයේ ව්‍යවසායන්හි කම්කරුවන් පෙබරවාරි 9 වනදා මධ්‍යම රාත්‍රිය වන තෙක් නැවත සේවයට නොපැමිණිය යුතු බවත්, පෙබරවාරි 17 වනදා දක්වා දේශීය පාසල් විවෘත නොකළ යුතු බවත්ය.

    වුහාන් මහජන ආරක්ෂක කාර්යාංශයේ පිටවීමේ හා ප්‍රවේශ පරිපාලන දෙපාර්තමේන්තුව

    මෙම නීතිය අකුරට ක්‍රියාත්මකවීම ගැන සොයා බලයි.
    චීනයේ ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව (එන්ඩීආර්සී) ඉරිදා කියා සිටියේ මධ්‍යම අයවැය යටතේ ආයෝජනය කිරීමෙන් යුවාන් මිලියන 300 ක් (එක්සත් ජනපද ඩොලර් මිලියන 43.25 ක් පමණ) කලාපයේ කොරෝනා වෛරස් පැතිරීම් නැවතීමට සහාය වීම සඳහා මධ්‍යම චීනයේ හුබෙයි පළාතේ වුහාන් නගරයට යවන බවයි.

    වුහාන් හි නව කොරොන වයිරස් රෝගීන් සඳහා විශේෂිත රෝහල් දෙකක් ඉදිකිරීමට ආධාර කිරීම සඳහා මෙම අරමුදල භාවිතා කරනු ඇත - හුඕෂෙන්ෂාන් රෝහල සහ ලයිෂෙන්ෂාන් රෝහල. වැදගත් වෛද්‍ය උපකරණ මිලදී ගැනීම සඳහා ද මෙම අරමුදල යොදා ගැනේ.

    දින 6 කින් ඉතා වේගයෙන් මෙම රෝහල් ඉදිකර නිමකරන්නට සැලසුම් යොදා ඇත.
    චීනයේ ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාව සඳුදා කොරෝනා වයිරස් පැතිරීම වැළැක්වීම සහ පාලනය කිරීම පිළිබඳව මාධ්‍ය හමුවක් පවත්වා තිබේ.
    පිරිස් පාලනය, සංක්‍රමණිකයන් විශේෂයෙන් මධ්‍යම චීනයේ වුහාන් වෙත ගිය අය සොයා ගැනීම, කොරෝනා වෛරස් ආසාදිත රෝගීන් සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයින්ගේ කළමනාකරණය , පාරිසරික සනීපාරක්ෂාව වැඩිදියුණු කිරීම සහ මහජන සෞඛ්‍ය අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම ඇතුළු නව ක්‍රියාමාර්ග රාශියක් පිළිබඳව නිලධාරීන් එහිදී සාකච්ඡා පවත්වා ඇත.
    චීන අගමැති ලී කෙකියැන්ග් සඳුදා හුබෙයි පළාතේ වුහාන් වෙත පැමිණියේ නව කොරොනා වයිරස් පැතිරීම වැළැක්වීමට සහ පාලනය කිරීමට ගන්නා උත්සාහයන් පරීක්ෂා කර මග පෙන්වීම සඳහා ය. ඔහු රෝගීන් සහ වෛද්‍ය කාර්ය මණ්ඩලය ද හමුවිය.

    වුහාන් වලින් සෙට් එක ආපු ගමන් ලංකාවත් ඔය ලිස්ට් එකට :yes::yes::yes:
     

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    වුහාන් වලින් සෙට් එක ආපු ගමන් ලංකාවත් ඔය ලිස්ට් එකට :yes::yes::yes:
    ෂුවර් නෑ බන් දැනටමත් ලිස්ට් එකට වැටෙන්න ඕන දේවල් වෙලා ඇති...:sorry:මෙහාට අවොත් අපි ඉවරයි...දන්නවනේ ලංකාවේ ලොකු පුටුවල ඉන්න මරිසිපාලලාගේ වැඩ...:sorry:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    gena sisun okkoma anura kumarath ekka jvp promote karana wada stahanak hadanna daws 14 ka newasika puhunuwak denna oni baduhetti th inna nisa warthawak dei anthimata:D:D:yes::yes:;):D:D
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,074
    8,406
    113
    Kotahena
    මුං සෙට් එකම එකට එක පෑනෙන් කොලේ sign කරනවා :lol: ඊට පස්සේ ඒ පෑන ගිනි තියන්න ඇති නේද?