වෘද්ධයාගේ ප්‍රේමාරාධනාව

*~*Kaushi*~*

Member
Nov 4, 2009
615
50
0
~ නුගේගොඩ ~
සරළ නිර්මාණයක් උනත් ඒ නිර්මාණය තුල ගෑබ් වෙලා තියෙන දේ, මදකට හරි අපේ සිතට වදින්න තරම්, ඒ නිර්මාණය සාර්ථක වෙලා තියෙනවා..
මෙවන් නිර්මාණ තවදුරටත් ලියන්න හෑකි වෙන්න කියලා මං සහොදරිට ප්‍රාර්ථනා කරනවා..

ගොඩාක් ස්තූතියි අයියේ දැක්වූ ප්‍රතිචාරයට

LASSANAI + NIYAMAI

ස්තූතියි යාලු

හරිම අපූරු නිර්මානයක්..
වයසට ගිහින් තනි වුනාම මරණය හැර වෙන සැපක් කොයින්ද...

ස්තූතියි යාලු


Apuru nirmanayak sis...digatama liyanna...obata jaya..:)

ස්තූතියි සහෝ
 

*~*Kaushi*~*

Member
Nov 4, 2009
615
50
0
~ නුගේගොඩ ~
මේ නිර්මනය කියවද්දී මට සිංහල ෆිල්ම් එකකුත් මතක් උනා.....ඒත් නම නම් හරියටම මතක නෑ.............
සමජයේ සිදුවන සමහර සිද්දීන් තුල්ලින් නිර්මාන කරනයට මග පෑදෙනවා.මං හිතන්නේ මේ ඒ වගේ දෙයක් කියලයි.........(මහල්ල හා සෙවිකාව වස්තුබීජයක් වෙන්න පුලුවන්)

අපූරු.එහෙත් හිතට වදින,.ලෙංගතු පෙතුමක සොකී ආරධනවක්......


මෙහෙමයි සහෝ මේ නිර්මාණය කරන වෙලාවේ මගේ හිතේ නිර්මාණය වුනු කථා නායකයා තමන්ගේ තරුණ කාලය සම්පූර්ණයෙන්ම තම පවුල වෙනුවෙන්ම කැප කරලා අවසානයේ කාගේවත් පිටිවහලක් නැතිව තනි වුනු මහල්ලෙක්. දු දරුවො ලොකු මහත් වෙලා තමන්ගේ ජීවිත හොයාගෙන ගිහින්. සමහරු පිටරට වල වෙන්න ඇති. සමහරු හිත් අමනාප කම් ඇති කරගෙන ඈත් වෙලා වෙන්න ඇති (ගොඩක් දරුවන්ට දෙමාපියන්ට වඩා වටින්නේ දේපල මිල මුදල්නේ). සමහර විට හැම මොහොතම තමන් ළගම උන්නු පිය බිරිදත් අවසන් ගමන් ගිහින් වෙන්න ඇති.

ඔය හැම‍ දේමත් අතරෙ බොහෝ වෘද්ධයන්ට වගේම නින්ද නොයන රෝගයකුත් තිබුනා කථා නායකයාට. ඉතින් දැනෙන මානසික පිඩාව අසහනය මෙතෙකැයි කියල කියන්න බෑනේ. අවසානයේ ඔහුට තියන එකම බලාපොරොත්තුව මරණය. ඔහු ප්‍රේම කරන්නේ මරණයට.

නමුත් සහෝ ඔබ කියන දේත් බහුලව දැකිය හැකියි සමාජයේ. බොහොමත්ම ස්තූතියි පළ කල ප්‍රතිචාරයට
 

*~*Kaushi*~*

Member
Nov 4, 2009
615
50
0
~ නුගේගොඩ ~
Everyone is seeking for their inner peace in somewhere, somehow & we can get it easily as we want. Finding peace within is a wonderful but also a difficult thing :)
Nice poem Kasushi ...!

Thank you very much sis

සියල්ල අවසානයේදී උරුමව ඇති එකම දෙයත් ලැබෙනතුරු බලා ඉන්නට සිදුවෙනවා. ලස්සන නිර්මාණයක්..

ස්තූතියි සහෝදරී
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
හුදී ජනයා එක එක කාල වකවානුවලදී මරණය ගැන සිතනා අයුර එකිනෙකට වෙනස්.

තරුණ පරපුරට මරණයක් තියෙනවද කියලවත් නිනව්වක් නෑ..මොකක් හෝ ඔවුන් මුහුණ පානා ප්‍රේම වියෝවකදී තමයි ඔය මරණය වචනය හොඳට ඔප දාලා කරල එලියට අරන් දිවග මතුරක් කරගන්නේ..


බලු පොරයකම ආතුර වෙලා සිහි විකල්ලෙන් හැමදා දුවන සල්ලි දේපල වස්තුව අනෙකාට වඩා සොයනා තරඟය තුල මිනිස්සු අමනුස්සයෝ වෙලා එතනදී මේරූ වැඩිහිටියන්ටත් මැරෙන බව අමතක වෙලා...


ඊට පස්සේ අවතිර්ණ වෙන ජීවිතයේ සැදෑ සමය කාත් කවුරුත් නැති සංක්‍රාන්ති සමය ඔන්න ඔතනදී තමයි අපි මරණය එක්ක හරි ලඟින් ඇසුරුකම් පවත්වන්න හාද වෙන්න ලොල් බඳින්නේ හා ආශක්ත වෙන්නේ...


ඉතා ගැඹුරු මනෝමුල සිද්ධාන්තයක් පද පෙලකින් සරලව පාඨකයා වෙත ලබා දීම ගැන ඔබට මගේ සහෝදර ප්‍රණාමය..


ඔබ හීයක වේගෙන් ඉදිරියට ආ සංඛ්‍යාවට වඩා ගුණාත්මක බවින් පිරුණු නිර්මාන අප වෙත දායාද කල තවත් එක් කිවිඳියක්...



දිගටම සමාජ භාවාත්මක ආඛ්‍යානයන් හා විමසුමට බඳුන් කල යුතු වස්තු බීජයන් ගැන වඩ වඩා ඔබේ හිත යොමු කරන්න..එතුලින් ඔබේ පන්හිඳ උණු වී ගිනි පුපුරු මෙන් පිටකරනා අදහස් අනාගතය යම් තරමකට හෝ වෙනසකට, හැඩ ගැස්වීමකට පෙලඹිය හැක......


ඔබට ජය.......